
එම්. ඒ. එස්. කාංචනා ගුණවර්ධන මිය
සම්බන්ධිකරණ නිලධාරියා
දුරකථන අංකය : 011 2369136
Whatsapp අංකය : 070 7369136
විද්යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
කොළඹ දිස්ත්රික්කය තුළ සහ කොළඹ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 13 තුළ මහජනතාවට සපයනු ලබන සේවාවන් පිළිබඳ නොවිසඳුණු පැමිණිලි, අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමසීම් සඳහා විසඳුම් ලබා දීමේ අරමුණින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධීක්ෂණය සහ මග පෙන්වීම යටතේ අභ්යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කර ඇත.

රසායනික, ජීව විද්යාත්මක, විකිරණ හා න්යශ්ටික උපද්රව අවධානම් අවම කිරිම සම්බන්ධයෙන් දිස්ත්රික් පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණ සාකච්ජාවක් (CBRN – District Coordination Platform) අද (19) දින කොළඹ දිස්ත්රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්රසන්න ජනක කුමාර මහතාගේ ප්රධානත්වයෙන් දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හත්වන මහළ කුඩා ශ්රවණාගාරයේදී පැවැත්විණ.
ආපදා කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ජාමය වැඩසටහනේදී රසායනික ජීව විද්යාත්මක විකිරණ හා න්යශ්ටික උපද්රව පිළිබඳව ජාතික මට්ටමේ සැලසුම් ක්රියාත්මක කිරීම හා දිස්ත්රික් මට්ටමින් සිදුකළ යුතු සැලසුම් හා කාර්යයන් පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම, රසායනික ජීව විදයාත්මක විකිරණ හා න්යශ්ටික උපද්රව ආශ්රිත ආපදා අනතුරු පිලිබඳව දැනුවත් කිරීම, ශ්රී ලංකා යුධ, නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්යය බලකාය, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව යන ආයතන වල CBRN ප්රතිචාර දැක්වීමේ ඒකකයන්හි සූදානම හා ධාරිතාවයන් පිළිබඳ දැනුවත් කිරිම සිදුකෙරිණ.
මේ සඳහා ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ (පුහුණු හා දැනුවත් කිරිම), සහකාර අධ්යක්ෂ සහ ආපදා කළමනාකරණ ඒකකය - කොළඹ නියෝජ්ය සහකාර අධ්යක්ෂ, ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ (කොළඹ), සියලුම ප්රාදේශීය ලේකම්වරුන් හා නාගරික කොමසාරිසවරුන්, ප්රාදේශීය සභා ලේකම්වරුන්, ජාතික සම්බන්ධිකාරක ආපදා කළමනාකරණ හා ප්රතිචාර දැක්වීමේ ඒකකය සෞඛ්ය අමාත්යාංශය, මධ්යම පරිසර අධිකාරිය, කර්මාන්ත දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් ජාතික රෝහල, කළුබෝවිල රෝහල, මුල්ලේරියාව රෝහල, රිජ්වේ ළමා රෝහල, ශ්රී ජයවර්ධනපුර රෝහල, අපේක්ෂා රෝහල ඇතුළු කොළඹ දිස්ත්රික්කයේ පුද්ගලික රෝහල්හි රෝහල් අධ්යක්ෂවරුන්, ගිනි නිවීමි ඒකක භාර ප්රධානින්, ඇතුළු රාජ්ය ආයතන ප්රධානින් සහභාගි විය.





ජුරි සභික නාමලේඛනය සකස් කිරීම- 2024 වර්ෂය
ජුරි සභාවක් කැඳවිම මඟින් විභාග වන නඩු සඳහා අවශ්ය වන ජුරි සභිකයින් තෝරා ගැනිමට වාර්ෂිකව ජුරි සභික නාමලේඛනය ත්රෛභාෂාවෙන් සකස් කර ගැසට් පත්රයේ පල කරනු ලබයි.
- කොළඹ දිස්ත්රික්කය සඳහා 2024 වර්ෂයට අදාළව මෙම ජුරි සභික නාමලේඛනය සකස් කිරිම සඳහා ඔබ කාර්යාලයෙන් ඉදිරිපත් විමට කැමති (කනිෂ්ඨ සේවක නොවන) නිලධාරින්ගේ තොරතුරු පහත සඳහන් ආකෘතියට අනුව සකස් කර, 2023.12.15 දිනට පෙර PDF නොකල මෘදු පිටපත පමණක් සිංහල සහ ඉංග්රීසි භාෂා මාධ්ය දෙකෙන්ම ලබාදෙන මෙන් කාරුණිකව දැනුම් දෙමි.
|
-නම- |
-තනතුර- |
-කාර්යාලයිය ලිපිනය හා දුරකථන අංකය- |
-නිවසේ ලිපිනය හා දුරකථන අංකය- |
-ජාතික හැඳුනුම්පත් අංකය- |
- ඉහත ආකෘතිය සැකසීමේදි පහත නිර්ණායකද අනුගමනය කරන ලෙස වැඩි දුරටත් කාරුණිකව දන්වමි.
- I. සිංහල අකුරු මෝස්තරය ඉස්කෝල පොත 12 ප්රමාණය
- II. ඉංග්රීසි අකුරු මෝස්තරය ටයිම්ස් නිව් රෝමන් (Times New Roman)
- සාරානුකූලව සැකසූ තොරතුරු This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්යුත් තැපැල් ලිපිනය වෙත යොමු කිරීම ප්රමාණවත් වන අතර, මේ පිළිබඳ වැඩිමනත් විස්තරයක් දැන ගැනීමට අවශ්ය වෙතොත් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි ඩබ්.සි.එස්. පිරිස් මිය, වෙතින් දුරකතන අංක 0112369138 අමතා තොරතුරු විමසන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
ජුරි සභික නාමලේඛනය සකස් කිරීම- 2024 වර්ෂය
ජුරි සභාවක් කැඳවිම මඟින් විභාග වන නඩු සඳහා අවශ්ය වන ජුරි සභිකයින් තෝරා ගැනිමට වාර්ෂිකව ජුරි සභික නාමලේඛනය ත්රෛභාෂාවෙන් සකස් කර ගැසට් පත්රයේ පල කරනු ලබයි.
- කොළඹ දිස්ත්රික්කය සඳහා 2024 වර්ෂයට අදාළව මෙම ජුරි සභික නාමලේඛනය සකස් කිරිම සඳහා ඔබ කාර්යාලයෙන් ඉදිරිපත් විමට කැමති (කනිෂ්ඨ සේවක නොවන) නිලධාරින්ගේ තොරතුරු පහත සඳහන් ආකෘතියට අනුව සකස් කර, 2023.12.15 දිනට පෙර PDF නොකල මෘදු පිටපත පමණක් සිංහල සහ ඉංග්රීසි භාෂා මාධ්ය දෙකෙන්ම ලබාදෙන මෙන් කාරුණිකව දැනුම් දෙමි.
|
නම |
තනතුර |
කාර්යාලයිය ලිපිනය හා දුරකථන අංකය |
නිවසේ ලිපිනය හා දුරකථන අංකය |
ජාතික හැඳුනුම්පත් අංකය |
- ඉහත ආකෘතිය සැකසීමේදි පහත නිර්ණායකද අනුගමනය කරන ලෙස වැඩි දුරටත් කාරුණිකව දන්වමි.
- I. සිංහල අකුරු මෝස්තරය ඉස්කෝල පොත 12 ප්රමාණය
- II. ඉංග්රීසි අකුරු මෝස්තරය ටයිම්ස් නිව් රෝමන් (Times New Roman)
- සාරානුකූලව සැකසූ තොරතුරු This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්යුත් තැපැල් ලිපිනය වෙත යොමු කිරීම ප්රමාණවත් වන අතර, මේ පිළිබඳ වැඩිමනත් විස්තරයක් දැන ගැනීමට අවශ්ය වෙතොත් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි ඩබ්.සි.එස්. පිරිස් මිය, වෙතින් දුරකතන අංක 0112369138 අමතා තොරතුරු විමසන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
ජුරි සභික නාමලේඛනය සකස් කිරීම- 2024 වර්ෂය
ජුරි සභාවක් කැඳවිම මඟින් විභාග වන නඩු සඳහා අවශ්ය වන ජුරි සභිකයින් තෝරා ගැනිමට වාර්ෂිකව ජුරි සභික නාමලේඛනය ත්රෛභාෂාවෙන් සකස් කර ගැසට් පත්රයේ පල කරනු ලබයි.
- කොළඹ දිස්ත්රික්කය සඳහා 2024 වර්ෂයට අදාළව මෙම ජුරි සභික නාමලේඛනය සකස් කිරිම සඳහා ඔබ කාර්යාලයෙන් ඉදිරිපත් විමට කැමති (කනිෂ්ඨ සේවක නොවන) නිලධාරින්ගේ තොරතුරු පහත සඳහන් ආකෘතියට අනුව සකස් කර, 2023.12.15 දිනට පෙර PDF නොකල මෘදු පිටපත පමණක් සිංහල සහ ඉංග්රීසි භාෂා මාධ්ය දෙකෙන්ම ලබාදෙන මෙන් කාරුණිකව දැනුම් දෙමි.
|
නම |
තනතුර |
කාර්යාලයිය ලිපිනය හා දුරකථන අංකය |
නිවසේ ලිපිනය හා දුරකථන අංකය |
ජාතික හැඳුනුම්පත් අංකය |
- ඉහත ආකෘතිය සැකසීමේදි පහත නිර්ණායකද අනුගමනය කරන ලෙස වැඩි දුරටත් කාරුණිකව දන්වමි.
- I. සිංහල අකුරු මෝස්තරය ඉස්කෝල පොත 12 ප්රමාණය
- II. ඉංග්රීසි අකුරු මෝස්තරය ටයිම්ස් නිව් රෝමන් (Times New Roman)
- සාරානුකූලව සැකසූ තොරතුරු This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්යුත් තැපැල් ලිපිනය වෙත යොමු කිරීම ප්රමාණවත් වන අතර, මේ පිළිබඳ වැඩිමනත් විස්තරයක් දැන ගැනීමට අවශ්ය වෙතොත් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි ඩබ්.සි.එස්. පිරිස් මිය, වෙතින් දුරකතන අංක 0112369138 අමතා තොරතුරු විමසන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
From October 31st, 2025 - 9.00 am to December 15th, 2025 - 4.00 pm

Supplier Registration- Details (Click Here)
Suplier Registration - Application (Click Here)

- More Details - Ms. Harshani ( 075 833 2330 ) / ( 011 2368153 )
අධිකරණ අමාත්යාංශය
රාජකාරි විස්තර
1.කොළඹ දිස්ත්රික්කය තුළ සමථ මූල මණ්ඩල 13 හි වසර 03න් 03ට නව සාමාජිකයන් තෝරාපත්කර ගැනීමට පෙර දින 5ක සමථකරණ දක්ෂතා සහ ශිල්පීය උපක්රම සහිත පුහුණුව ඉටුකිරිම.
එහිදී,
ස.ම.කො සභාව වෙතින් ප්රතිපාදන වෙන් කරවා ගැනීම.
අදාල ප්රා.ලේ.කා සමඟ සාකච්ඡාකර ප්රධාන ශාලාව වෙන් කර දින වෙන් කර පුහුණුව සංවිධානය කර ගැනීම.
පුහුණුවේදී සම්පත් දායකත්වය ලබාදීම.
පුහුණුකරුවන් ඇගැයීම සහ ප්රශ්න පත්ර පරීක්ෂා කිරීම හා අගැයීම් ලේඛන සකසා සමථකරුවන් ලෙස නිර්දේශ ලබාදීම
2.කොළඹ දිස්ත්රික්කය තුළ පවතින සමථ මූල මණ්ඩල සති අන්තයේදී අධීක්ෂණය කිරීම.
3.සමථ මූල මණ්ඩල 13හි සභාපතිවරුන් මඟින් ආරවුල් පිළිබඳ දත්ත නිවැරිදි කර ලබාගෙන මාසිකව දිස්ත්රික් වාර්තාව සකස් කිරීම.
4.සමථකාරවන් තෝරාපත් කර ගැනීමට වන පුහුණුව සදහා යොමු කිරීමට පෙර පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයන්ට සාමාජිකයෙක් ලෙස සම්බන්ධවීම.
5.සමථකරුවන් සදහා වැඩිදුර එක් දින දැනුම්වත්කිරීම.
විශේෂ සමථකරණ ක්ෂෙත්ර පිළිබඳ දැනුම ලබාදීම.
සභාපතිවරුන් සදහා ආරවුල්වල දත්ත සටහන් කිරීම හා එහිදී ඇතිවන ගැටළු පිළිබඳ වන වැඩමුළු ඉටුකිරීම.
6.සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් සමථකරුවන් පිළිබඳ යොමුකරනු ලබන පෙත්සම් පිළිබඳ වාර්තා ලබාදීම.
7.සමථ වැඩසටහන් නිලධාරී සහ සංවර්ධන නිලධාරී (සමථ) සහභාගිකරවා ගෙන ප්රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ප්රගතිය සමාලෝචනය කිරීම හා සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන මාසික ප්රගති සමාලෝචන රැස්වීම්වලට සම්බන්ධවී කොළඹ දිස්ත්රික්කයේ ප්රගතිය පිළිබඳ විස්තර ඉදිරිපත්කිරීම.
- 8. සමථකරණ කටයුතු සම්බන්ධව කොළඹ දිස්ත්රික්කය තුළ පොලිස්ස්ථාන, උසාවි, ප්රාදේශීය ලේකම් කාර්යාල හා වෙනත් රාජ්ය සහ රාජ්ය නොවන ආයතන සමඟ අවස්ථානුකූල ලෙස සම්බන්ධීකරණය සිදුකිරීම.
- 9. කොළඹ දිස්ත්රික්කය තුල පාසැල් තුළට සමථකරණය හදුන්වාදීම.
10.නීති විද්යාල අවසන් වසර සිසුන්ට සමථකරණය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළු පැවැත්වීම සහ එහි සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම.
ඉඩම් සමථ මණ්ඩල පිහිටුවීම - කොළඹ
කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී අභ්යාසලාභීන් ඇමතීමේ ආරම්භක දිනය
හැදින්වීම
දිස්ත්රික් ලේකම් කාර්යාල වලට අනුයුක්තව ජාතික ඒකාබද්ධතා , සංහිඳියා හා රාජ්ය භාෂා අමාත්යංශයේ ක්ෂේත්ර කාර්ය මණ්ඩලය ලෙස ක්රියාකරමින් අමාත්යංශය වෙත පැවරී ඇති කාර්ය භාරයට අදාළ රාජකාරි ජාතික ඒකාබද්ධතා , සංහිඳියා හා රාජ්ය භාෂා අමාත්යංශයේ විවිධ අංශ , පළාත් මධ්යස්ථාන හා පුද්ගලයන් සම්බන්ධීකරණය කරමින් ඉටු කිරීම.
ක්රියාකාරකම්
- මහජනයා සේවාවන් ලබාගැනීමේදී භාෂාව හේතුවෙන් සමාජයේ පීඩාවට පත්වන ජන කොටස් මුහුණ පාන ගැටළු නිරාකරණය සඳහා දිස්ත්රික් මට්ටමින් සහය වීම.
- භාෂා සැලසුම් සකස්කිරීම හා ක්රියාත්මක කිරීමට පහසුකම් සැපයීම.
- ද්විභාෂා සහන කවුළු ස්ථාපිත කිරීම ඒවායේ තත්වය ඉහලනිංවීම ,කළමනාකරණය හා සේවා සැපයීම සම්බන්ධීකරණය.
- දැනුවත් කිරීම් වැඩසටහන් සිදුකිරීම හා සම්බන්ධීකරණය .
- රාජ්ය ආයතන හා අනිකුත් ආයතන සම්බන්ධිකරණය හා නියමුකරණය .
- වැඩසටහන් ,ව්යාපෘති හා ක්රියාකාරකම් හදුනාගැනීම
- භාෂා පුහුණු වැඩසටයන් සංවිධානය හා නියාමනය.
- නිලධාරි බලගැන්වීමට ධාරිතා ප්රවර්ධනයට අදාල කටයුතු සිදුකිරීම.
ජාතික ඒකාබද්ධතාවය හා සංහිදියාව ප්රවර්ධනය පිණිස.
- ප්රාදේශීය මට්ටමේ ජනතාව ,රාජ්ය නිලධාරීන් හා සිවිල් සංවිධාන බලගැන්වීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම.
- ග්රාමීය මට්ටමේ ජනතාව ඉලක්ක කරගනිමින් නව වැඩසටහන් හා ව්යාපෘති හඳුනාගැනීම.
- ප්රජා පාදක සංවිධාන සමඟ කටයුතු කිරීම
- ග්රාමීය මටිටමේ ජනතාව ඉලක්ක කරගනිමින් අමාත්යංශය විසින් හදුනාගත් ව්යාපෘති දිස්ත්රික් මට්ටමින් සම්බන්ධීකරණය .
- නීති අධාර මධ්යස්ථාන සමග සම්බන්ධවී පවත්නා නීති ආධාර පිළිබඳව ප්රෙද්ශයේ ජනතාව දැනුවත් කිරීම හා නීති ආධාර මධ්යස්තානවෙත යොමුකිරීම.
- ග්රාම නිලධාරි කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තම අමාත්යංශ මගින් පිහිටුවා ඇති සංගම් ලියාපදිංචි කිරීම සහ එම සංගම්ව කටයුතු වලට සහය වීම , සංගම් හරහා ව්යාපෘති ඉදිරිපත් කිරීම හා නව සංගම් පිහිටුවීම සම්බන්ධව අධීක්ෂණය.
ජාතික ඒකාබද්ධතා ප්රවර්ධන සහකාර - දිස්ත්රික් නිලධාරි
ඩී.එම්.ආර්.එස්. දසනායක මැණිකේ
071-9628315
විදාතා කාර්යභාරය
විදාතා මුලික පරමාර්ථය ලෙස ගමට තාක්ෂණය තේමාව යටතේ ග්රාමීය ජනතාවට තාක්ෂණය ලබා දීම සිදු කරන අතර මෙහිදී තාක්ෂණය ලබාදීම තුන් ආකාරයකින් සිදුවන අතර
- ප්රජාවට තාක්ෂණය
- ගමට තාක්ෂණය
- ව්යවසායකයන්ට තාක්ෂණය යනාදී ලෙසයි.
මෙමගින් නව තාක්ෂණය ලබා දීම තුලින් ව්යවසායකයින් හට නව ව්යවසායකයින් බිහි කිරීම හා පවතින කර්මාන්ත වල ගැටළු විසදීම සිදු කරනු ලබයි ප්රජාවට තාක්ෂණය මගින් විද්යාත්මක දැනුම සහිත ප්රජාවක් සමාජයට දායාද කිරිම අනාගත පරපුර සදහා තාක්ෂණය මගින් අනාගතයේ විද්යත්මක දැක්මක් සහිත පරපුරක් බිහි කිරිම සිදුවේ.
තාක්ෂණික සායන සත්කාර වැඩසටහන
තාක්ෂණිය සායන සත්කාර වැඩසටහන මගින් ව්යවසායකයන්ගේ ගැටළු හදුනා ගැනීම හා ඒ සඳහා අවශ්ය තාක්ෂණික උපදෙස් ලබා දීම නිවැරිදිව අවශ්යතා සම්බන්ධිකරණය සිදු කරයි
අලෙවි ප්රවර්ධන වැඩසටහන්
අලෙවි ප්රවර්ධන වැඩසටහන් යටතේ හරිත කඩමණ්ඩිය වෙළඳපොල හා රජවාසල වැනි විශේෂ අලෙවි පොලවල් පැවැත්වීම මගින් විදාතා ව්යවසායකයින්ගේ නිස්පාදන අලෙවිය වැඩි කරණු ලැබේ.
අපනයන අගයදාම වැඩසටහන ක්රියාත්මක කිරීම
ව්යවසායකයන් හා අපනයනකරුවන් සම්බන්ධ කිරීමෙන් අපනයන වෙළඳපොල වෙත ප්රවිශ්ඨ වීමට ව්යවසායකයන් හට අවස්ථාව සලසා දීම
තත්ව හා ප්රමිති සහතික ලබා දීම
ව්යවසායකයන්ගේ නිෂ්පාදන සඳහා තත්ව හා ප්රමිති සහතික ලබා දීම, ඒ සඳහා කාර්මික තාක්ෂණ ආයතනය හා ශ්රී ලංකා ප්රමිති ආයතනය සහය ලබා දේ
පරිගණක පුහුණු පාඨමාලා පැවැත්වීම
ප්රදේශයේ වෙසෙන ව්යවසායකයන් හා ඔවුන්ගේ දරු දැරියන් වෙත අවශ්ය තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීම ග්ාමීය ජනතාවගේ පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීම.
අධ්යාපන අමාත්යාංශය
(නිපුණතා සංවර්ධන, වෘත්තීය හා කාර්මික අධ්යාපන අංශය)
දිස්ත්රික් නිලධාරී - අනුෂා කුමාරි මුම්මුල්ලගේ
071-7009340
කාර්මික හා තාක්ෂණික නිපුණතාවය වර්ධනය කිරීම තුලින් දේශීය හා ගෝලීය අවශ්යතාවලට මුහුණ දිය හැකි නිපුණතා හා හැකියාවන්ගෙන් පිරිපුන් ශ්රම බලකායක් බිහි කිරීම අපගේ මූලික පරමාර්ථයි.
- දේශිය හා ජාත්යන්තර රැකියා වෙළඳ පොළ ඉලක්ක කර ගනිමින් පුහුණු පාඨමාලා රාශියක් පවත්වනු ලබන ආයතන ජාලයකින් සමන්විත වේ.
- ජාතික වෘත්තීය සුදුසුකම් ( NVQ ) අනුව ප්රමිතිගත කර ඇති පාඨමාලා සඳහා දෙස් විදෙස් රැකියා වෙළඳ පොළ තුළ රැකියා අවස්ථා රාශියක් ඇත.
අපගේ සේවාවන්,
- වෘත්තීය මාර්ගෝපදේශනය.
- ආධුනිකයන් සුදුසු පුහුණු ආයතන සහ පාඨමාලා සඳහා යොමු කිරීම.
- රැතියාගත පුහුණුව සඳහා යොමු කිරීම.
- RPL මගින් NVQ සඳහා යොමු කිරීම.
- රජයේ හා පෞද්ගලික පුහුණු ආයතන TVEC ලියාපදිංචිය සඳහා අයදුම් කර ඇති අවස්ථාවන්හිදී ආයතන පරීක්ෂා කොට අවශ්ය නිර්දේශ ලබාදීම.
- වෘත්තීය පුහුණුව අවසන් කර ව්යවසායකයකු වීමට අපේක්ෂා කරන ආධුනිකයන්ට SEPI ණය පහසුකම් ලබා ගැනීමට අවශ්ය මාර්ගෝපදේශ සැපයීම.
ඔබ,
- සා.පෙළ විභාගයට පෙර පාසල හැර ගිය අයෙක් ද?
- සා.පෙළ අසමත්ද?
- සා.පෙළ සමත්ව උ.පෙළ අසමත්ද?
- උ.පෙළ සමත්ව විශ්ව විද්යාලයට සුදුසුකම් ප්රමාණවත් නොවී ද?
- කිසියම් වෘත්තීය ක්ෂේත්රයක නිපුණතාවයක් සහිතව විදෙස් රැකියාවක් සඳහා යොමු වීමට අපේක්ෂාවෙන් සිටීද?
- වෘත්තීය ක්ෂේත්රයක පළපුරුද්ද ඇතත් ඒ සඳහා පිළිගත් සහතිකයක් ලබා ගැනීමට අවශ්ය ද?
ඔබේ හැකියාවන්ට දක්ෂතාවයන්ට ගැලපෙන වෘත්තීය පුහුණු පාඨමාලා පහත සඳහන් ආයතන තුලින් හැදෑරීමට ඉඩ ප්රස්ථා විවරව ඇත.
- ශ්රී ලංකා තාක්ෂණ විද්යාලය ( COT)- මරදාන ,011-2423653
- කාර්මික විද්යාලය (Technical collage) - රත්මලාන 011-23334479
- කාර්මික විද්යාලය (Technical collage -හෝමාගම,011-2857133
- ජාතික වෘත්තීය පුහුණු මධ්යස්ථානය (NVTA) - නාරාහේන්පිට ,011-2952233
- ජාතික වෘත්තීය පුහුණු මධ්යස්ථානය (NVTA) - රත්මලාන, 011-2638850
- වෘත්තීය පුහුණු මධ්යස්ථාන (VTA Centers) - රාජගිරිය/ෙගාතටුව/වැල්ලවත්ත/කඵබෝවිල/පන්නිපිටිය/ මහරගම/හෝමාගම/හොන්නන්තර/ සීතාවක/ පාදුක්ක
- ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA) - රාජගිරිය/ හැව්ලොක් පෙදෙස -011-28887882-85
- ලංකා ජර්මානු කාර්මික අභ්යාස ආයතනය (CGTTI)-ගල්කිස්ස .011-2605625
- කර්මාන්ත ඉංජිනේරු තාක්ෂණ ආයතනය,- මොරටුව 011-2888782
- කොරියානු වෘත්තීය පුහුණු ආයතනය (K- Tech) - ඔරුගොඩවත්ත.011-22072850
- මෝටර් රථ ඉංජිනේරු අභ්යාස ආයතනය ( Japan Tec)- ඔරුගොඩවත්ත .011-2572977
- සමුද්ර විශ්ව විද්යාලය (Ocean University)- මට්ටක්කුලිය011-4246990
- ජාතික ව්යාපාර කළමණාකරන ආයතනය (NIBM)-කොළඹ 07,011-5321000
- ජාතික ව්යාපාර කළමණාකරන විද්යායතනය (NSBM) -හෝමාගම, 011-5445000
- විශ්වවිද්යාල විද්යායතනය ( University Collage) - රත්මලාන,011-2626297
- වෘත්තීය තාක්ෂණ විශ්ව විද්යාලය ( UNIVO Tec) - රත්මලාන. 011-2630706
NVQ සහතිකයක් ලබා ගත් පසු අදාල ක්ෂේත්රයේ ඉදිරි පියවර සම්පූර්ණ කර වෘත්තීය තාක්ෂණ විශ්ව විද්යාලය මගින් තාක්ෂණවේදී උපාධිය ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත.
කාර්ය භාරය:-
- දිස්ත්රික්කය තුළ සමාජ සේවා නිළධාරීන්ගේ, සංවර්ධන නිළධාරීන්ගේ රාජකාරී කටයුතු අධික්ෂණය හා සම්බන්ධිකරණය
- දිස්ත්රික්කයට අදාල සංවර්ධන ව්යාපෘති/වැඩසටහන් හඳුනා ගැනීම, සකස් කිරීම හා අනුමැතියෙන් පසු මෙහෙයවීම , අධීක්ෂණය.
- වැදගත් සමාජ සංවර්ධන තොරතුරු එක්රැස් කිරීම, තොරතුරු එක්රැස් කිරීමට සම්බන්ධ කටයුතු දිස්ත්රික්කය තුළ මෙහෙයවීම.
- දෙපාර්තමේන්තු ප්රකාශන සඳහා අවශ්ය ප්රවෘත්ති හා තොරතුරුසම්පාදන කටයුතුදිස්ත්රික්කය තුළ මෙහෙයවීම හා අධීක්ෂණය.
- දිස්ත්රික්කයේ රාජ්ය සංවිධාන /ආයතන, රාජ්ය නොවන සංවිධාන/ආයතන සමග සමාජ සේවා කටයුතු උදෙසා සංවිධානය හා සම්බන්ධීකරණය.
කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල 13 සමාජ සේවා නිළධාරීන්,සංවර්ධන නිළධාරීන් සිදුකරනු ලබන බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවට අදාල සේවාවන්
- අඩු ආදායම් ලාභීන් සඳහා මහජනාධාර ලබා දීම. (මාසිකව)
- තනි පුද්ගලයකු සඳහා රු.250
- 1වන යැපෙන්නා සඳහා රු.300
- 2වන යැපෙන්නා සඳහා රු.350
- 3වන යැපෙන්නා සඳහා රු.400
- 4වන යැපෙන්නා සඳහා රු.450
- 5වන යැපෙන්නා සඳහා රු.500
- අඩු ආදායම් ලාභීන් සඳහා පිළිකාධාර, ක්ෂයරෝගාධාර, තැලසීමියා රෝගාධාර හා ලාදුරු රෝගාධාර ලබා දීම.
- රු.1000 බැගින් මාසිකව
- පියා මිය ගිය, පියා හැර ගිය, පියා රැකියාවක් කර ගත නොහැකි ලෙස ආබාධ සහිත තත්වයට පත් වූ හෝ පියා බන්ධනාගාර ගත වූ පවුල් වල අධ්යාපනය ලබන අධ්යාපන ආධාර ලැබීමට සුදුසු දරුවන් සඳහා අධ්යාපන ආධාර ලබා දීම.
- අ.පො.ස. (සා.පෙළ) දක්වා මාසිකව රු.1,000
- අ.පො.ස. (උ.පෙළ) දරුවන් සඳහා මාසිකව රු.1,500
- පවුලක් සඳහා උපරිමව මසකට රු.2,500
- අඩු ආදායම් ලාභී ආබාධ සහිත වූවන් සඳහා උපකරණ ලබා දීම.
- රෝද පුටු
- කොමඩ් සහිත රෝද පුටු
- ත්රෛයිසිකල්
- ඇස් කණ්නාඩි
- ශ්රවණ උපකරණ
- අත් වාරු
- කිහිළි කරු
- ඇවිදීමේ ආධාරක
- ජල/වායු මෙට්ට
- බස්තම්
- සුදු සැරයටි
- අඩු ආදායම් ලාභී ආබාධ සහිත වූවන් හා තනි මවුවරුන් සඳහා ස්වයං රැකියා ආධාර හෝ උපකරණ ලබා දීම.(පළාත් සංවර්ධන ප්රධාන මගින්)
- අඩු ආදායම් ලාභී ආබාධ සහිත වූවන් හා තනි මවු වරුන්ගේ නිවාස ආධාර ලබා දීම. (පළාත් සංවර්ධන ප්රධාන මගින්)
- ප්රදේශයේ ලියාපදිංචි වැඩිහිටි නිවාස / ආබාධ සහිත වූවන්ගේ නිවාස සඳහා නඩත්තු ආධාර/යථායෝග්යාධාර ලබා දීම.
- අඩු ආදායම් ලාභී, හෘද සැත්කම් සිදු කිරීමට නියමිත ,ආධාර ලබා දිය යුතු පුද්ගලයන් සඳහා සැත්කම් ආධාර ලබා දීම. (රු.50,000)
- අඩු ආදායම් ලාභී, වකුගඩු රෝගයෙන් පෙලෙන රුධිරකාන්දුකරණය කරමින් පවතින හෝ රුධිරකාන්දුකරණය කිරීමට නියමිත පුද්ගලයන් සඳහා රු.50,000 ක ආධාර ලබා දීම.
- අඩු ආදායම් ලාභී ආබාධ සහිත වූවන් සඳහා කොමඩ් වැසිකිලි අවශ්යතා සඳහා රු15,000 ආධාර ලබා දීම.
- බස්නාහිර පළාත් මන්ත්රී ප්රතිපාදන යටතේ වැඩිහිටියන්, ආබාධ සහිත වූවන් හා රෝගාධාර ලබන්නන් සඳහා විවිධ වැඩසටහන් ක්රියාත්මක කිරීම.
යූ.දුෂ්මන්ති ප්රියන්ගිකා ධර්මසිරි - ජ්යෙෂ්ඨ සමාජ සේවා නිළධාරී -කොළඹ
071-8541008
පරිසර අමාත්යාංශය පිලිබඳ හැඳින්විම.
1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්රී ලංකාවේ සංවර්ධන ක්රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්යාංශය විසින් මධ්යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 සහ 2000 අංක 53 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත් යටතේ පුළුල් කරන ලදී.
දැක්ම
විශිෂ්ට සේවාවක් තුලින් පිවිතුරු හරිත පරිසරයක්
මෙහෙවර
මනා සම්බන්ධිකරණය, ප්රවර්ධනය, මහජන සහභාගීත්වය, නීති ක්රියාත්මක කිරිම,නිසි තාක්ෂණික මැදිහත්විම් සහ පරිසර අධ්යාපනය හා දැනුවත්කිරීම් මගින් පරිසරයේ ගුණාත්මක බව සුරකින සහ හසුරුවන ජාතියේ පෙර ගමන්කරු
අරමුණු
- පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ සංවර්ධනය කිරීම
- පාරිසරික තත්ත්වය පවත්වාගැනීම සහ පාලනය කිරීම සම්බන්ධ රෙගුලාසි පැනවීම
- පරිසර දූෂණය වැළැක්වීම, අවම කිරීම සහ පාලනය කිරිම
රාජකාරි කටයුතු සටහන
- පරිසර අමාත්යාංශයෙන් ක්රියාත්මක කරනු ලබන ව්යාපෘති සම්බන්ධව දිස්ත්රික් ලේකම් කාර්යාලය සම්බන්ධීකරණ කටයුතු කිරිම හා ඒම ව්යාපෘති ක්රියාත්මක කිරිමට අවශ්ය කටයුතු කිරිම.
- දිස්ත්රික්කයේ ඇතිවන පාරිසරික ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබාදිමට අවශ්ය සම්බන්ධීකරණ කටයුතු කිරිම.
- පරිසර සංරක්ෂණ කටයුතු වලදී හා පරිසර ගැටලු විසඳීමේ දී පරිසර අමාත්යාංශය යටතේ ඇති ආයතන වන මධ්යම පරිසර අධිකාරිය හා භූ විද්යා පතල් කැනීම් කාර්යාංශය අවශ්ය අවස්ථාවලදී ප්රාදේශීය මට්ටමින් සම්බන්ධීකරණය කිරිමට අවශ්ය කටයුතු සිදු කිරීම හා ජාතික පාරිසරික පනත හා පතල් හා ඛනිජ ද්රව්ය පනතට අදාල විධි විධාන ක්රියාත්මක කිරිමට අවශ්ය කටයුතු සඳහා මධ්යම පරිසර අධිකාරියේ හා භූ විද්යා හා පතල් කාර්යංශයේ අදාල නිලධාරීන් වෙත යොමු කිරීම.
- දිස්ත්රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි දිස්ත්රික් පරිසර කමිටුව පරිසර අධිකාරියේ නිලධාරින් සමඟ ඒකාබද්ධ වෙමින් සම්බන්ධීකරණ කටයුතු කිරිම එහි දී ගනු ලබන තිරණ ක්රියාවට නැංවිමට අදාල ආයතන දැනුවත් කිරිම.
- පරිසර සංරක්ෂණ කටයුතු සඳහා අදාල රාජ්ය හා රාජ්ය නොවන ආයතන සම්බන්ධිකරණ හා ක්රියාකාරී දායකත්වය ලබා දිම.
- රාජ්ය ආයතන පරිශ්රයන් තුල පරිසර වැඩසටහන් ක්රියාත්මක කිරිමට සහාය විම.
- පරිසර අමාත්යාංශයේ ලේකම් විසින් පවරනු ලබන පරිසර විෂයට අදාල වෙනත් රාජකාරි ඉටුකිරිම.
හැදින්වීම
ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානය 1996 දී සමාජ සේවා සහ සමාජ ශුභසාධන අමාත්යාංශය යටතේ පිහිටුවන ලදී. එය 2005/12/08 වැනි දින අංක 1422/22 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ආපදා සහන සේවා අමාත්යාංශය යටතට පත් කරන ලද්දේ සහන කටයුතු පුනරුත්ථාපන කටයුතු සහ ප්රතිසංස්කරණ කටයුතු සැලසුම් කොට ක්රියාත්මක කරනු පිණිසය. එය 2007/01/09 වැනි දින 1482/9 දරන ගැසට් නිවේදනයෙන් ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානය යනුවෙන් නැවත නම් කොට නැවත පදිංචි කරවීමේ සහ ආපදා සහන සේවා අමාත්යාංශයට මාරු කරන ලදී. අංක 1651/20 දරන ගැසට් නිවේදනය ප්රකාර එය 2010/04 දින සිට ක්රියාත්මක වන පරිදි ආපදා කළමනාකරණ අමාත්යාංශය යටතේ ක්රියාත්මක වේ.
එය කොළම 7 විද්යා මාවතේ හි පිහිටා තිබේ. ආපදා කළමනාකරණ අමාත්යාංශයේ ගරු අමාත්යවරයා සහ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනු ලබන ප්රතිපත්තිමය මාර්ගෝපදේශ යටතේ එය ක්රියාත්මක වේ. එහි ව්යාපෘති සහ වැඩ සටහන්, ආපදා කළමනාකරණ අමාත්යංශය ලබා දෙන ප්රතිපත්තිය මාර්ගෝපදේශ අනුව අදාළ දිස්ත්රික් ලේකම් කාර්යාල සහ ප්රාදේශීය ලේකම් කාර්යාල විසින් ක්රියාවට නංවනු ලැබේ. ඒ හැරුණු විට ආපදා සහන සම්බන්ධීකාරකවරු දිස්ත්රික් මට්ටමෙන් අදාළ දිස්ත්රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ කටයුතු කරති.
දැක්ම
ආපදා සහන සේවා මගින් සුරක්ෂිතකර ශ්රී ලංකාවක් කරා.
මෙහෙවර
අවබෝධය, වැළැක්වීම, සූදානම්භාවය, ලිහිල් කිරීම සහ සම්බන්ධීකරණය යන මේවා මගින් ස්වාභාවික වූත් මිනිසා විසින් ඇති කරනු ලබන්නාවූත් යන දෙආකාරයේම ආපදාවලින් මිනිස් ජීවිත, දේපළ, පරිසරය සහ වන ජීවීන් ආරක්ෂා කර ගැනීම.
පරමාර්ථ
ආපදා සහන සැලසීම සඳහා අවශ්ය කරන ජාතික ශක්යතා ප්රවර්ධනය කොට ශක්තිමත් කිරීම මගින් මානව දුක්පීඩා සහ දේපල අලාභහානි අවම කර ගැනීම මගින් තිරසාර සංවර්ධනයක් ගොඩනගා ගැනීමේ ජාතික පරමාර්ථයට දායක වීම.
ක්රියාකාරකම්
- පීඩාවට පත්වන ජනතාවට කෙටි කාලීන සහ දිගු කාලීන සහන පියවරවල් සැපයීම.
- ස්වාභාවික වූත් මිනිසා විසින් ඇති කරනු ලබන්නා වූත් යන දෙවර්ගයේම ආපදා වලින් ජනතාව බේරා ගැනීමට වැඩසටහන් සම්පාදනය කොට ක්රියාත්මක කිරීම.
- ආපදා බලපෑම් අවම කිරීමට ඉවහල් වන ව්යාපෘති සැලසුම් කොට ක්රියාත්මක කිරීම (වගා ළිං තැනීම, වර්ෂා ජලය එක් රැස් කර තැබීම ආදිය)
- ප්රතිසංස්කරණ සහ පුනරුත්ථාපන කටයුතු ක්රියාත්මක කරන බවට සහතික වනු පිණිස අදාළ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධීකරණයට වී අවශ්ය විධාන දීම.
- ස්වාභාවික වූත් මිනිසා විසින් ඇති කරනු ලබන්නාවූත් යන දෙවර්ගයේම ආපදාවලින් පීඩාවට පත්වන ජනතාවගේ ජීවනෝපායවල් සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරනු වස් පුනරුත්ථාපන සහ ප්රතිසංස්කරණ වැඩ සටහන් ක්රියාත්මක කිරීම.
- ආපදා තත්ත්ව පිළිබඳ තොරතුරු සකස් කොට බෙදා හැරීම.
- ආපදා තත්ත්වයන්ට සහ සහන සැලසීමේ උපායමාර්ගවලට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ රාජ්යනිලධාරීන් සහ පොදු ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීම.
- හදිසි අවස්ථාවලදී සහන මෙහෙයුම් කටයුතු සම්බන්ධීකරණය.
- හදිසි අවස්ථාවලදී සහන
සුනාමියෙන් සිදු වූ පීඩා වෙනුවෙන් සහන භාණ්ඩ පවත්වා ගෙන යාම සඳහා බඩු ගබඩාවක් 2005 දී සමාජ සේවා අමාත්යාංශය යටතේ පිහිටුවන ලදී. මෙය ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානය අඛණ්ඩව පවත්වා ගෙන යන අතර හදිසි අවස්ථාවලදී සහන සැලසීම සඳහා අවශ්ය කරන වියළි ආහාර, ජලය, නිවාස / කූඩාරම, සනීපාරක්ෂක උපකරණ, සෞඛ්ය උපකරණ, මුළුතැන්ගෙයි භාජන, බෝට්ටු ඇන්ජිම සහ ඇඳුම් මෙහි ගබඩා කර තබනු ලැබේ. මීට අමතරව වතුර පොම්ප, වතුර ටැංකි සහ වතුර පිරිසිදු කිරීමේ උපකරණ ආදිය ද ගබඩා කොට තබා නියං ප්රදේශවලට බෙදා දෙනු ලැබේ. ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානය මෙම සහන භාණ්ඩ ආපදාවලින් පීඩාවට පත් ප්රදේශවලට බෙදා දෙනු ලබන්නේ අදාළ දිස්ත්රික් ලේකම්වරයා මාර්ගයෙනි.
එසේ බෙදා දෙනු ලබන භාණ්ඩ :
- ආහාර
- ජලය
- වාසස්ථාන / කූඩාරම්
- සනීපාරක්ෂක උපකරණ
- සෞඛ්ය උපකරණ
- වෙනත් දේවල්
සම්බන්ධීකරණ නිලධාරී - අයි.කේ.ඒ. නන්නසිරි - ජංගම දූ.ක.අංකය - 076 - 9901202 / 077 - 8819389
සචිත්රා සම්මානි දළුවත්ත - ජංගම දූ.ක.අංකය - 0715316561
- වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව - 2024 - Download
- කාර්ය සාධන වාර්තාව 2024 - Download
- කාර්ය සාධන වාර්තාව 2021 - බාගත කරන්න
- කාර්ය සාධන වාර්තාව 2022 - බාගත කරන්න
|
ආපදා කළමණාකරණ මධ්යස්ථානය |
117 |
|
පොලිස් හදිසි සේවා |
119 |
|
ළමයින් හා කාන්තාවන් සම්බන්ධ හදිසි අවස්ථා |
1929 |
|
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව |
1933 |
|
ලංකා විදුලිබල මණ්ඩලය |
1987 |
|
ශ්රී ලංකා ගුවන් හමුදාව |
116 |
|
සංචාරක අමාත්යාංශය |
1912 |
|
ජාතික උපකාරකය (ආරක්ෂක අමාත්යාංශය) |
118 |
|
හදිසි ගිනි නිවීම හා හදිසි අනතුරු ගිලන් රථ සේවාවන් |
110 |
|
පොලිස් හදිසි සේවා (ජංගම) |
112 |
|
විදුලි බල හා බල ශක්ති අමාත්යාංශය |
1901 |
|
රාජ්ය පරිපාලන අමාත්යාංශය |
1905 |
|
ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම |
1900 |
|
අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම |
1954 |
|
රාජ්ය තොරතුරු කේන්ද්රය |
1919 |
|
විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව |
1970 |
කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය
දිස්ත්රික් නිලධාරී - නාමල් බණ්ඩාර - 0702845301
විදේශ රැකියා අංශයේ කාර්යභාරය
- විදේශ ගත වීමෙිදි දරුවන්ගේ රැකවරණය සහ පවුල් පසුබිම් තොරතුරැ වාර්තාව නිර්දේශ සම්බන්ධ කාර්යයන් සහ රැකවරණ සැලසුම් ක්රියාවට නැංවීමේ කාර්යන් අධීක්ෂණය.
- ශ්රමික සුරැකුම වැඩසටහනට ක්රියාවට නැංවීම.
- ශ්රමික සුරැකුම වැඩසටහනට විගමනික පවුල් වල සමාජිකයන් බඳවා ගැනීම හා සමාජවාර්තා සැකසීම.
- මැදිහත්වීමට අවශ්යය පවුල් වලට පවුල් සංවර්ධන සැලසුම් සැකසීම, ක්රියාත්මක කිරීම අධීක්ෂණය කිරිම.
- අවධානම් සහගත දරුවන් සඳහා රැකවරණ සැලසුම් සැකසීම.
3. විගමනික පවුල් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් ක්රියාත්මක කරන පහත සඳහන් ක්ෂේත්රයන් යටතේ වැඩසටහන් සඳහා සහය දැක්වීම.
- විගමනික පවුල් වලට හා දරුවන් වෙනුවෙන් සුභසාධනය/අධ්යාපනය/ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්.
- විදේශ රැකියා සිදුකර මෙරටට පැමිණි ශ්රමිකයන් නැවත සමාජගත කිරීම.
4. විගමනික ශ්රමිකයන්, ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් හා ප්රජාව සඳහා සුරක්ෂිත ශ්රමික විගමනය ප්රවර්ධනය, දරුවන්ගේ සුභසාධනය, අධ්යාපනය රැකවරණයට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විම.
5. අමාත්යාංශය මඟින් හා විගමණික පවුල් සාමාජින් මගින් යොමු කරන පැමිනිලි සඳහා අදාල අංශ සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකිරිම.
6. විදේශ ගත රැකියා සඳහා යාමට අපේක්ෂිත පුද්ගලයන් වෘත්තීය පුහුණු සඳහා යොමු කිරිම.
7. පවතින විදේශ ගත රැකියා රැකියා අවස්ථාවන් ප්රවර්ධනය කිරිම සඳහා අවශ්ය දැනුවත් කීරීම සහ රැකියා පොල සංවිධානය කිරිම.
සේවාවන් සහ තොරතුරු ලබාගැනීම සදහා
- දිස්ත්රික් සබන්ධීකාරක - 070-2845301
- විදේශ සේවා නියුක්ති කර්යාංශය - 1989
වෙබ් අඩවිය - slbfe.lk
ජපන් රැකියා තොරතුරු - slbfe.lk - OTIT/TITP සහ SSW JAPAN
වෙනත් රටවල් වල රැකියා - slbfe.lk - HOT JOBS/ FOREIGN JOB VACANCIESHOT JOBS/ FOREIGN JOB VACANCIES
පැමිණිලි සදහා - slbfe.lk - ONLINE COMPLAIN
විදේශ සේවා නියුක්ති කර්යාංශය මගින් පවත්පවත්වන පුහුණු පාඨමාලා පිළිබඳ තොරතුරු සදහා
පන්නිපිටිය පුහුණු මධ්යස්ථානය - 011-2 846904
මතුගම බස්නාහිර පළාත් කාර්යාලය - 034 -2 247188
| කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය මගින් රැකියා සඳහා විදේශගතවීමට වීමට බලපොරොත්තු වන කාන්තාවන් සදහා බාලවයස්කාර දරුවන්ගේ රැකවරණ වැඩපිළිවල පවුල් පසුබිම් තොරතුරු ලබාගැනීම සඳහ නිකුත් කල නව උපදෙස් මාලාව රැකියා සදහා විදේශගත වීමට බලාපොරොත්තු වන කාන්තාවන්ගේ පවුල් පසුබිම පිළිබඳ ලබාදිය යුතු වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් නිකුත් කරන ලද සියලුම චක්රලේඛ සහ ලිපි මඟින් ලබා දෙන ලද උපදෙස් සියල්ල මෙයින් අවලංගු කරන අතර 2022 ජුනි මස 27 දින පැවති අමාත්ය මණ්ඩල තීරණ ක්රියාත්මක කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශ ලේකම් විසින් 01/2002 චක්රලේඛ අංක යටතේ පහත උපදෙස් නිකුත් කරන ලද අතර මෙහි විධි විධාන 2022 ජූලි මාස 12 දින සිට ක්රියාත්මක වේ. 01 රැකියාවක් සදහා විදේශගත වීමට අපේක්ෂිත සියලුම කාන්තාවන් විසින් තමන්ගේ සිටින/ නොසිටින බව හා වයස අවුරුදු දෙක හෝ ඊට වැඩි වයසැති දරුවන් සිටින කාන්තාවන් විසින් එම දරුවන්ගේ රැකවරණය හා අධ්යාපනය සැලසීම අදාළ වැඩපිළිවෙල දිවුරුම් ප්රකාශ මගින් තහවුරු කළ යුතු වේ. 02 එහිදී දරුවන් නොමැති කාන්තාවන් විසින් තමන්ට දරුවන් නොමැති බව ඇමුණුම 1 හි සඳහන් ආකෘති පත්රය ප්රකාරව ද , වයස අවුරුදු දෙක හෝ ඊට වැඩි වයසැති දරුවන් සිටින කාන්තාවන් විසින් එම දරුවන්ගේ රැකවරණය හා අධ්යාපනය සැලසීමට අදාල වැඩපිළිවෙළ සහ දිවුරුම් ප්රකාශ ඇමුණුම දෙකේ හි සඳහන් ආකෘති පත්රය ප්රකාරව ද ලබා දිය යුතු වේ. 03 මෙම චක්රලේඛය ක්රියාත්මක කිරීමේ කාර්යන් සඳහා දරුවා යන්නෙන් අදහස් කරනුයේ වයස අවුරුදු 18 ට අඩු අවිවාහක දරුවන් පමණි. 04 වයස අවුරුදු 2 ට අඩු දරුවන් සිටින කාන්තාවන්ට රැකියාවක් සඳහා විදේශගත වීමට අවසර දෙනු නොලැබේ. 05 තාව ද , ඉහත ඇමුණුම් 1 හා 2 හි සඳහන් කැරුණු වල නිරවද්යතාවය අයදුකාරිය පදිංචි වසමෙහි ග්රාම නිලධාරී ලව සහතික කර , අදාළ ප්රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දිය යුතුය. 06 විදේශගත වීමට අපේක්ෂිත සියලුම කාන්තාවන්ගෙන් මෙම ලියකියවිලි ලද පසුව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර සිටින විදේශ රැකියා සංවර්ධන නිලධාරී විසින් එය ලද බවට කෙටි පණිවුඩයක් (SMS) මඟින් විදේශ සේවා නියුක්ති කර්යාංශයයෙහි දුරකථන අංක 071- 4757070 ට වාර්තා කල යුතු වේ. තවද , මෙම SMS පණිවුඩය අදාළ ලියකියවිලි ලද දිනයේදීම එවීම අනිවාර්ය වේ. 07 අදාළ කාන්තාව විදේශ ගතවන කාල සීමාව තුලදී දරුවන්ගේ රැකවරණය හා අධ්යාපනය පිළිබඳ වගකීම දරණ පුද්ගලයා විසින් තමන් එහි වගකීම දරණ බවට දිවුරුම් ප්රකාශයක් ලබා දිය යුතු වේ. 08 අදාල කාන්තාව විදේශ රැකියාව අවසන් කර මෙරටට පැමිණෙන තුරු දරුවන්ගේ රැකවරණය දරන තැනැත්තා රැකියාවක් සඳහා විදේශගත වීමට ඉල්ලුම් කරන්නේ නම් දරුවෙඅන්ගේ රැකවරණය වෙනුවෙන් විකල්ප සැලැස්මක් ඉදිරීපත් කල යුතු වේ. 09 එක් අයෙක් සඳහා ඉදිරීපත් කරන ලද වර්තාවක වලංගු කාලය SMS පණිවුඩය යොමු කල දිනයේ සිට මාස 9 ක කාලයකි. එම කාලය තුල විදේශ ගත වීමට අපොහොසත් වුවහොත් අයදුම්කාරිය විසින් නව අයදුම් පත්රයක් ලබා දිය යුතු අතර එය පදනම් කරගෙන SMS පණිවුඩය නැවත යොමු කිරීම අවශ්ය වේ. 10 වයස අවුරුදු 2 ට අඩු දරුවන් සිටින මවුවරුන් එකී දරුවා/ දරුවන් රැගෙන විදේශගත වන්නේ න ම් දරුවා/ දරුවන්ගේ ගමන් බලපත්ර සහ වලංගු වීසා පිටපත් ඉදිරීපත් කල යුතු අතර එහි නිරවද්යතාවය පරීක්ෂා කිරීමෙන් පසු ප්රාදේශීය ලේකම් හෝ ප්රාදේශීය ලේකම් විසින් බලය පවරන ලද මාණ්ඩලික නිධාරියකුට ඒ සඳහා අවසර ලබා දීමේ හැකියාව පවතී. ඒ පිළිබඳ අදාළ දරුවා/ දරුවන්ගේ තොරතුරු ද ඇතුලත්කර විදේශ සේවා නියුක්ති කර්යාංශය වෙත ලිඛිතව දැනුම් දිය යුතු වේ. |
||
ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්යාංශය
සමාජ ආරක්ෂණ අංශය
දිස්ත්රික් ලේකම් කාර්යාලය - කොළඹ
අප ගැන........
ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව මගින් වර්ෂ 1996 අංක 17 දරණ පනත මගින් ස්ථාපිත කරන ලදුව, වර්ෂ 1999 අංක 33 දරණ පනත මගින් එම මුල් පනත සංශෝධනය කර ඇත. මෙම පනත මගින් ස්වයං රැකියාවල නියුතවූවන්, අවිධිමත් අංශයන්හි නියුතු අය, සහ අනෙකුත් අංශවල සේවයේ නියුතු රාජ්ය විශ්රාම වැටුපක හිමිකම් නොමැති අය සඳහා විශ්රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්රතිලාභ ලබා දීම සඳහා ස්ථාපනය කර ඇත.
දැක්ම
සමාජ ආරක්ෂණයෙන් සුරක්ෂිත වූ අභිමානවත් ජාතියක්
මෙහෙවර
අභිමානවත් ජාතියක් ගොඩනැගිම උදෙසා සමාජ ආරක්ෂණ ප්රතිපත්තීන් සම්පාදනය,ක්රියාත්මක කිරීම හා නියාමනය තුලින් යහ පාලන ප්රතිපත්ති වලට අනුගත වෙමින් ශ්රී ලාංකීය පුරවැසියන්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික සුරක්ෂිතභාවය වෙනුවෙන් රාජ්ය හා රාජ්ය නොවන ආයතන සමග උපය මාර්ගික සම්බන්ධතා ගොඩ නගමින් තිරසාර සංවර්ධනයක් කරා…
අරමුණු
-
- ස්වයංරැකියාවල නියුතු තැනැත්තන්ට ඔවුන් වයෝවෘධ කාලයේදි හෝ ඔවුන් යම් බෙලහීනතාවයට පත්වු විට,එම කාලයේදි ඔවුන්ට සමාජ ආරක්ෂණ ප්රතිලාභ සැලසීම.
- ස්වයං රැකියාවල නියුතු තැනැත්තන් මියගිය විට, ඔවුන්ගේ යැපෙන්නන්ට සහන සැලසීම
- ස්වයං රැකියාවල නියුතු තැනැත්තන්ට ඔවුන්ගේ අදාළ වෘත්තීයවල යෙදෙන ලෙස දිරිමත් කිරීම හා ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතා වැඩිදියුණු කිරීම
- ස්වයං රැකියාවල යෙදෙන ලෙස තරුණයන් දිරිමත් කිරීම හා ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතා වැඩිදියුණු කිරීම
- සකසුරුවම් වීම හා සම්පත් කළමනාකරණයේ ප්රතිලාභ පිළිබඳව ස්වයං රැකියාවල නියුතු තැනැත්තන් දැනුවත් කිරීම
- සාමාන්යයෙන් ස්වයං රැකියාවල නියුතු ජීවන තත්වය වැඩිදියුණු කිරීම
විශ්රාම වැටුප් යෝජනා ක්රම ........
|
යෝජනා ක්රමය |
සාමාජිකත්වය ලබාගත හැකි වයස් සීමාව |
ප්රතිලාභ |
|
ආරස්සාව |
අවු. 0 - 17 |
|
|
සුරැකුම |
අවු. 18 - 59 |
|
|
කලාකරු |
අවු. 23 - 55 |
|
යෝජනා ක්රමයන් සඳහා බඳවා ගැනීම.......
සාමාජිකත්වය ලබා ගත හැකි ස්ථාන
- ග්රාම නිලධාරීන් මගින්
- සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මගින්
- ප්රාදේශීය ලේකම් කාර්යාල මගින්
- ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්රික් කාර්යාලය - දිස්ත්රික් ලේකම් කාර්යාලය
- ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්රධාන කාර්යාලය මගින්
වාරික ගෙවීම් කළ හැකි ස්ථාන
- ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව
- ප්රාදේශීය ලේකම් කාර්යාලය
- තැපැල් කාර්යාල
- ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්රික් කාර්යාල
- ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්රධාන කාර්යාලය
සේවයේ නියුතු කාර්යයමණ්ඩලය
![]() |
ඩී.එම්.එස්.කේ. දසනායක මයා ජ්යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී (බස්නාහිර පලාත හා විශේෂ ව්යාපෘති- 3) - 011-2369250 Tel : 071 288 4180 / 076 140 4675 E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
![]() |
එච්.ඒ.අයි.බී. පෙරේරා මෙය සම්බන්ධීකරණ නිලධාරී Tel : 011-2369250/ 077 5109128 E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
![]() |
එම්.කේ.එස්.පීරිස් මෙය සම්බන්ධීකරණ නිලධාරී Tel : 011-2369250/ 077 8769265 E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
![]() |
ඩබ්.ආර්. නන්දනී ප්රේමලතා මිය කළමනාකරණ සහකාර (වැ.බ) Tel : 011-2369250 E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |

1. Cultural Division
Duties and Responsibilities:
Promotion of all activities related to cultural field is the objective of this division. All these activities being carried out by keeping the District Secretariat as the focal point in the district of Colombo. Cultural Officers for each divisional secretariat divisions have been appointed to streamline these activities.
Cultural Officers are responsible for uplifting cultural affairs within the district and ensuring the welfare of Artists residing in the Colombo district. Usually programmes being functioned by coordinating District Secretariat with the Divisional Secretariat Divisions concerned on the directives of the Department of Cultural Affairs. Cultural Division is responsible to meet the demand of tasks entrusted to it by the District Secretary and Divisional Secretaries as well as to deal with “Dolosmahe Pahana” programme of the Department of Cultural Affairs, several programmes implemented through district and divisional cultural boards and duties entrusted by both the District Secretary and the Divisional Secretary, as well.
Functions to be dealt with:
• Registration of Art Galleries and provision of aids.
• Provision of aids for various events with cultural value and respective personnel.
Aids for needy artists
Aids for processions
Aids for various festivals
Funeral aids
Medical aids
• Registration of Cultural Societies.
• Recommendation for artists’ identity cards
• Artists Insurance
• Pensions Scheme for Artists
• “Kalabhushana” award ceremony
• Preparation of National Artists Data- base
• Organization of annual district and divisional cultural events
• Having conducted annual district and divisional cultural competitions and directing such works for national competitions.
• Making aware of public service art competition.
• Making aware of State Children’s Art Competition and State Art & Sculpture festival.
• Implementation of the project aid for writers.
• National script competition.
Required information could be download by the website www.culturaldept.gov.lk
September Job fair

රැකියා පොළ සඳහා සම්බන්ධ වන ඔබට .
පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සඳහා යොමු වීමට
විදේශීය රැකියා අවස්ථාවන් පිලිබඳව දැනුවත් වීමට
රැකියා අවස්ථාවන් සඳහා මූලික සම්මුඛ පරීක්ෂණ
වෘත්තීය පුහුණු පාඨමාලාවන් වෙත යොමු වීමට
උසස් අධ්යාපන අවස්ථාවන් වෙත යොමු වීමට
ස්වයං රැකියා , ව්යවසායකත්ව අවස්ථාවන් සඳහා යොමු වීම, මඟ පෙන්විම
වෘත්තීය මාර්ගෝපදේශ සේවා ලබා ගැනිම
යනාදී සේවාවන් රැසක් එකම දිනයක් තුළ ලබා ගත හැකිවේ.
විවිධ ක්ෂේත්රයන්හි රැකියා සපයන ආයතන 25 ක් සහ වෘත්තීය පුහුණු හා උසස් අධ්යාපන ආයතන 10 ක් එදිනට සහභාගී වීමට නියමිත වේ.
ඔබගේ සුදුසුකම් අනුව ගැලපෙන රැකියා අවස්ථාවක් , රජයේ පිලිගත් වෘත්තිය පුහුණු පාඨමාවක් , උසස් අධ්යාපන අවස්ථාවක් සොයන ඔබ සඳහාම නොම්ලේ සංවිධානය වන මෙම වැඩසටහනට මඟ නොහැර සම්බන්ධ වන්න.
රැකියා පොල වැඩසටහන සඳහා සහභාගි වන පෞද්ගලික අංශයේ ආයතන
ඩර්ඩන්ස් පෞද්ගලික රෝහල
රිචඩ් පිරිස්
Pan asia bank
නිල් කමල්
සිධාලේප
හේමාස් ෆාමසිටියුකල්
Dominos
tokyo superix pvt Ltd
DFCC bank
Pizza hut
Keels
ශ්රි ලංකා ගුවන් හමුදාව
යුධ හමුදා සංඥා බලකාය
ඇතුළු ප්රමුඛ පෙලේ දේශිය රැකියා ආයතන සහ විදේශීය රැකියා නියෝජිත ආයතන රැසක් සහභාගි වේ.
*රැකියා පොල වැඩසටහන සඳහා සහභාගි වන වෘත්තීය පුහුණු හා උසස් අධ්යාපන ආයතන*
කාර්මික විදුහල
වෘත්තීය පුහුණු අධිකාරිය
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය
ශ්රි ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය
විවෘත විශ්ව විද්යාලය
සාගර විශ්ව විද්යාලය
හොරයිසන් කැම්පස්
Saegis campus
aat
CA
කුඩා ව්යාපාර අංශය
තරුණ සේවා සභාව
විදේශ රැකියා අංශය
රැකියා පොළ වැඩසටහනට සහභාගි වන ඔබ දැන්ම ඔබගේ ලියා පදිංචිය තහවුරු කරන්න.
පහත ලින්කුව මඟින් ලියා පදිංචි වීමේදි , එහි 18 වන ප්රශ්ණය සඳහා job seeker ලෙසත්, 18.1 සඳහා ප්රාදේශීය රැකියා පොළ යන්න තෝරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSdNRp26EMzSHBrmja3hBvKih5jvms5V2JURlFQtF4QjBreG9w/viewform
ලියා පදිංචි වීමෙන් අනතුරුව පහත ලින්කුව මඟින්, රැකියා පොළ whats app සමූහයට එකතු වන්න
Whats app Group - https://chat.whatsapp.com/HienUFYAC71LBqDujf4POK?mode=ac_t

රජයේ ප්රතිපත්තිමය තීරණයකට අනුව "සෞභාග්යා නිෂ්පාදන ගම්මාන" ඇති කිරීමේ කොළඹ දිස්ත්රික් වැඩසටහන යටතේ නිෂ්පාදන ගම්මාන වැඩසටහනේ සමාරම්භය ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් මුල් කර ගෙන ආරම්භ කෙරුණා.
ඒ සමෘද්ධි, ගෘහ ආරථික, ක්ෂුද්ර මූල්ය, ස්වයං රැකියා හා ව්යාපාර සංවර්ධන අමාත්යාංශය මගින් ජූලි මස 01 දින සිට 07 වන දින දක්වා ප්රකාශයට පත් කර ඇති "සෞභාග්යා - සමෘද්ධි" සතියට සමගාමීව.

හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ඉදිවෙමින් පවතින නව සිව් මහල් ගොඩනැගිල්ලෙහි ඉදි කිරීම් කටයුතු නිරීක්ෂණය , එහි ප්රගතිය සොයා බැලීම හා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද (2021ජූනි 30 ) කොළඹ දිස්ත්රික් ලේකම් / දිසාපති ප්රදීප් යසරත්න මහතාගේ ප්රදනත්වයෙන් පැවත්වුණා.
VISION - Entrepreneurship and Small Enterprises Development for sustainable growth.
MISSION – Provide maximum contribution for the National Development in Sri Lanka
- Motivate unemployed youth to access field of enterprises
- Enhance entrepreneurial capabilities in youth
- Improve efficiency and productivity of enterprises
- Provide supportive services for development of enterprises
OBJECTIVE
- To create “Local Entrepreneurial Culture” through the development of entrepreneurial capabilities in youth
- To generate job opportunities and uplift living standards of youth through identification of new enterprise opportunities and guide to start enterprises
- To generate more job opportunities and increase income level in youth through improving the efficiency and productivity of youth’s enterprises.
- To provide active contribution to ensure the effectiveness and consistency of micro and small enterprises
Road Map
Small Enterprises Development Division was established in the year 1982 with the objective of implementing suitable programs to assist generation of enterprises in the sectors with potential for economic development of the country and to assist development of already existing small enterprises originally. At present it is functioning as a separate division under the Ministry of Youth & Sports. It runs offices in each district and these offices are located within the premises of District Secretariats and Divisional Secretariats in the respective districts in order to facilitate the entrepreneurs to obtain their required services.
Main Duty of Colombo District Small Enterprises Development Division.
- Assisting young people in the district to start new businesses in potential areas.
- Provide necessary services and facilities for the development of existing business in the district.
Main Units of Colombo District Small Enterprises Development Division
To deliver Entrepreneurship oriented services SED Colombo has formed following six units recently
ටෙන්ඩර් දැන්වීම්
මිල නියම කිරීමේ කමිටු වාර්තාව
Colombo Price Fixing committee report 2026 July
Colombo Price Fixing committee report 2026 January
Colombo Price Fixing committee report 2025 July
Colombo Price Fixing committee report 2025 January
Colombo Price Fixing committee report 2024 September
Colombo Price Fixing committee report 2024 January
Colombo Price Fixing committee report 2023 November
Colombo Price Fixing Committee report 2023 April
Colombo Price Fixing Committee report 2022 November
Colombo_Price_Fixing_Committee_report2022_September
Sale Rate of Quality Logs Prices (Standard Logs) Per dm3 - 2022
Pricing Committee Report 2022 - (August)
Pricing Committee Report 2022 - (MAY)
**Sawn Timber Prices 2022 (MAY)
Pricing Committee Report 2022 - (APRIL)
**Pricing Committee Report 1st half 2022 - (SPECIAL-MARCH)
**Pricing Committee Report 1st half 2022 - (TIPPING TRUCK PRICES)
**Pricing Committee Report 1st half 2022 - (CLASSIFICATION OF TIMBER)
Pricing Committee Report 1st half 2022
Pricing Committee Report 2nd half 2021.
Pricing Committee Report 1st half 2021.
- Documents required for issuance of licences /බලපත්රයන් නිකුත් කිරිම සඳහා අවශ්ය ලේඛනයන්

- Export licences./අපනයන බලපත්ර
- Import licences./ආනයනික අයදුම්පත
- Permit of explosive materials (Usage of explosive materials for commercial purposes)./පුපුරන ද්රව්ය අවසරපත්ර /ව්යාපාරිකව වශයෙන් සිදුකරනු ලබන පුපුරන ද්රව්ය භාවිතය (ගල් වලවල්)
- Permits of Explosives (Non-Commercial purposes)./පුපුරන ද්රව්ය අවසරපත්ර - ව්යාපාරික නොවන මට්ටමින් පුපුරන ද්රව්ය භාවිතය
- Gunpowder manufacturing licences. /ගල්වෙඩි බෙහෙත් නිෂ්පාදන බලපත්ර
- Licences for manufacturing of Firework. /ගිණිකෙලි නිෂ්පාදන සඳහා බලපත්ර
- Licences for sale of Fireworks. /ගිණිකෙලි භාණ්ඩ අලෙවිය සඳහා බලපත්ර
- Licences for manufacturing of match lox. /ගිනිපෙට්ට් නිෂ්පාදන බලපත්ර
- Licences for manufacturing of gloves. /අත්මේස් නිෂ්පාදන සඳහා ප්රාදේශිය ලේකම් වාර්තාව
- පතරොම් නිකුත් කිරිම
- Licences for manufacturing of Explosive Products. /පුපුරන ද්රව්ය නිෂ්පාදන බලපත්ර
- Licences for manufacturing of water jel /වෝටර් ජෙල් නිෂ්පාදන බලපත්ර
- Supplier’s licences. /සපයන්නා අයදුම්පත
- Other Functions. /අමතර කාර්යයන්
2022 වර්ෂයේදී ක්රියාත්මක කරන ලද සංවර්ධන ව්යාපෘති..
2022 වර්ෂයේ ක්රියාත්මක වැඩසටහන්
Citizen Charter of Colombo District Secretariat
| අනු අංකය | සපයනු ලබන සේවාව | ඉදිරිපත් කල යුතු ප්රධාන ලියවිල්ල | සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය | වගකිවයුතු ප්රධාන නිලධාරියා |
| 01 | පදිංචි සහතිකයක් නිකුත් කිරීම | ජාතික හැඳුනුම්පත් අංකය | විනාඩි 03කි | සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්රාදේශීය ලේකම් |
| 02 | තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම | සම්පූර්ණ කරන ලද සහතිකපත | පැය ½ කි | ප්රාදේශීය ලේකම් |
| 03 | ආදායම් සහතික නිකුත් කිරීම | ප්රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත | පැය ½ කි | සහකාර ප්රාදේශීය ලේකම්/ ප්රාදේශීය ලේකම් |
| 04 | උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම | Formless process | විනාඩි 05කි | අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර් |
| 05 | Approval to release of compulsory savings | Respective application form | විනාඩි 05කි | ප්රාදේශීය ලේකම්/සහකාර ප්රාදේශීය ලේකම් |
| 06 | වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම | Relevant application | විනාඩි 10කි | සහකාර ප්රාදේශීය ලේකම් |
| 07 | Issuing of Income certificate | Application with the documents | පැය 01කි | ගණකාධිකාරි |
| 08 | Issuing of assessment certificate | Assets deed with recommendation from GN | පැය ½ කි | ප්රාදේශීය ලේකම් |
| 09 | Issuing of land license after approval | Approved Application | දින 01කි | ප්රාදේශීය ලේකම් |
| 10 | Recommendation of miscellaneous subsidies | Prescribe from with recommendation from social services officer | සති 01 කි | ප්රාදේශීය ලේකම්/සහකාර ප්රාදේශීය ලේකම් |
| 11 | Approval of public donations | Prescribe from with recommendation from social services officer | දින 04කි | ප්රාදේශීය ලේකම්/සහකාර ප්රාදේශීය ලේකම් |
| 12 | Payments of samurdhi grants | Application with written supporting documents | දින 03කි | ප්රාදේශීය ලේකම්/සහකාර ප්රාදේශීය ලේකම් |
| 13 | Subsidies paid by Social Development Fund | Application with recommendation | දින 01කි | ප්රාදේශීය ලේකම් |
| 14 | Provision of solutions for electricity objections | Electricity objections summons letter | සති 01 කි | ප්රාදේශීය ලේකම්/සහකාර ප්රාදේශීය ලේකම් |
| 15 | Approval of loans mortgages on land title deed | Land title deed | දින 01කි | ප්රාදේශීය ලේකම් |
| 16 | Recommending Electricity Application | Recommended application with deed | පැය ½ කි | පරිපාලන නිලධාරි/සහකාර ප්රාදේශීය ලේකම් |
| 17 | Issuing of license to transport animals | Application approved by veterinary surgeon | පැය ½ කි | සහකාර ප්රාදේශීය ලේකම් |
| 18 | Issuing of timber permit | Recommended Application | දින 02කි | ප්රාදේශීය ලේකම් |
| 19 | Issuing of senior citizenship Identity Card | Birth Certificate or Identity card | දින 01කි | සහකාර ප්රාදේශීය ලේකම් |
| 20 | Transferring of ownership of gift of land | Deed of land and application | සති 01 කි | ප්රාදේශීය ලේකම් |
| 21 | Naming of succession for gifted land | Common 155 application with recommendation | සති 01 කි | ප්රාදේශීය ලේකම් |
| 22 | කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම | Application together with documentary evidence | සති 04 කි | අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර් |
| 23 | ආපදා ණය ලබාදීම | ග්රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්රය | සති 02 කි | සහකාර ප්රාදේශීය ලේකම් |
| 24 | දැව ප්රවාහන බලපත්රයක් නිකුත් කිරීම | අයදුම්පත | සති 04 කි | ප්රාදේශීය ලේකම් |
| 25 | බලපත්ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම | බලපත්රය හා ග්රාම නිලධාරී වාර්තාව | දින 01කි | ප්රාදේශීය ලේකම් |
| 26 | මත්පැන් බලපත්රයක් නිකුත් කිරීම | සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව | පැය 02කි | ප්රාදේශීය ලේකම් |
| 27 | රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම | ග්රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්රය | දින 03කි | පරිපාලන නිලධාරී/සහකාර ප්රාදේශීය ලේකම් |


Information Officer
Mrs. K. N. Kaushalya Kumari
Additional District Secretary
Tel - 0112055715
Email - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Application to receive Information (RTI-01)
Register of Information Requests (RTI-03)
Decision to Provide Information (RTI-04)
Rejection of Information Request (RTI-05)
Extension of time period to provide information (RTI-06)
In accordance with the Right to Information Act, No. 12 of 2016 (RTI-07)
In accordance with the Right to Information Act, No. 12 of 2016 (RTI-08)
In accordance with the Right to Information Act No. 12 of 2016 (RTI-09)
Appeal to the Designated Officer (RTI-10)
Register of Rejection of Requests (RTI-11)
Details of the Information Officers (RTI-12)
Right to Information, Sri Lanka - Click here >>
Government Information Centre - Click here >>
1.දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පිහිටීම
- උප්පැන්න/ විවාහ/මරණ සහතික ලබා ගැනීම
මෙම සහතික දිස්ත්රික් ලේකම් කාර්යාලයෙන් නිකුත් නොකරන අතර ඒ සඳහා ඔබ අයත් වන ප්රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ටාර් අංශය වෙත යා යුතු වේ.
- උප්පැන්න සහතිකයෙහි නම වෙනස් කරගන්නේ කෙසේ ද?
උප්පැන්නයේ නම් වෙනස් කිරීම කර ගැනීමට නම් උපන් රෝහල අයත් ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙතම යායුතුවේ.
- ගිනි අවි බලපත්රය අළුත් කරගන්නේ කෙසේ ද?
පෙර සූදානම් සැලසුම් කිහිපයක් -
![]() |
![]() |
![]() |
![]() |
![]() |
|
කොළඹ දිස්ත්රික්කයේ වර්ෂාපතනය
|
![]() |
|
කොළඹ දිස්ත්රික්කයේ ගං වතුර අවදානම් කලාපය
|
![]() |
|
කොළඹ දිස්ත්රික්කයේ ඉඩම් නායයෑමේ අවදානම් කලාපය
|
![]() |
|
කොළඹ දිස්ත්රික්කයේ නියඟ අවදානම සිතියම
|
![]() |
|
|
![]() |




























































































































