හැදින්වීම

දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට අනුයුක්තව  ජාතික ඒකාබද්ධතා , සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යංශයේ ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය ලෙස  ක්‍රියාකරමින් අමාත්‍යංශය වෙත පැවරී ඇති කාර්ය භාරයට අදාළ රාජකාරි  ජාතික ඒකාබද්ධතා , සංහිඳියා හා  රාජ්‍ය භාෂා අමාත්‍යංශයේ  විවිධ අංශ , පළාත් මධ්‍යස්ථාන හා පුද්ගලයන් සම්බන්ධීකරණය කරමින් ඉටු කිරීම.

 ක්‍රියාකාරකම් 

  1. මහජනයා සේවාවන් ලබාගැනීමේදී භාෂාව හේතුවෙන් සමාජයේ  පීඩාවට පත්වන ජන කොටස්  මුහුණ පාන ගැටළු නිරාකරණය සඳහා දිස්ත්‍රික් මට්ටමින් සහය වීම.
  2. භාෂා සැලසුම් සකස්කිරීම හා ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැපයීම.
  3. ද්විභාෂා සහන කවුළු ස්ථාපිත කිරීම ඒවායේ තත්වය ඉහලනිංවීම ,කළමනාකරණය හා සේවා සැපයීම සම්බන්ධීකරණය.
  4. දැනුවත් කිරීම් වැඩසටහන් සිදුකිරීම හා සම්බන්ධීකරණය .
  5. රාජ්‍ය ආයතන හා අනිකුත් ආයතන සම්බන්ධිකරණය හා නියමුකරණය .
  6. වැඩසටහන් ,ව්‍යාපෘති හා ක්‍රියාකාරකම් හදුනාගැනීම
  7. භාෂා පුහුණු වැඩසටයන් සංවිධානය හා නියාමනය.
  8. නිලධාරි බලගැන්වීමට ධාරිතා ප්‍රවර්ධනයට අදාල කටයුතු සිදුකිරීම.

 ජාතික ඒකාබද්ධතාවය  හා සංහිදියාව ප්‍රවර්ධනය පිණිස.

  1. ප්‍රාදේශීය මට්ටමේ ජනතාව ,රාජ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධාන බලගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  2. ග්‍රාමීය මට්ටමේ ජනතාව ඉලක්ක කරගනිමින් නව වැඩසටහන් හා   ව්‍යාපෘති හඳුනාගැනීම.
  3. ප්‍රජා පාදක සංවිධාන සමඟ කටයුතු කිරීම
  4. ග්‍රාමීය මටිටමේ ජනතාව ඉලක්ක කරගනිමින් අමාත්‍යංශය විසින් හදුනාගත් ව්‍යාපෘති  දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධීකරණය .
  5. නීති අධාර මධ්‍යස්ථාන සමග සම්බන්ධවී පවත්නා නීති ආධාර පිළිබඳව ප්‍රෙද්ශයේ ජනතාව දැනුවත් කිරීම හා නීති ආධාර මධ්‍යස්තානවෙත යොමුකිරීම.
  6. ග්‍රාම නිලධාරි කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තම අමාත්‍යංශ මගින් පිහිටුවා ඇති සංගම්  ලියාපදිංචි කිරීම  සහ  එම සංගම්ව කටයුතු  වලට සහය  වීම , සංගම් හරහා ව්‍යාපෘති  ඉදිරිපත් කිරීම  හා නව සංගම්  පිහිටුවීම  සම්බන්ධව අධීක්ෂණය.

 

ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර - දිස්ත්‍රික්  නිලධාරි

ඩී.එම්.ආර්.එස්. දසනායක මැණිකේ

071-9628315