කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

2023 නොවැම්බර් මාසය සදහා වන ප්‍රාදේශීය ලේකම් සමුළු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කුඩා ශ්‍රවණාගාරයේදී නොවැම්බර් 30 දින පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.එන්.කෞශල්‍යා කුමාරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ, සහකාර දිස්ත්‍රික් ලේකම් එස්.ඒ. නදීෂා දර්ශනී, ප්‍රධාන ගණකාධිකාරී ජී .ජයවීර යන මහත්ම මහත්මීන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

- කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -

prN1  prN2  prN3  prN4

කොළඹ දිස්ත්‍රික් සිල් මාතා නිලවරණය පිලිටුවිම අමරපුර සිරි සුමන පාර්ශවයේ මහානායක විද්‍යා විශාරද පණ්ඩිත ශාස්ත්‍රවේදී ත්‍රිපිටක විභූෂණ අතිපූජ්‍ය ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල මහ නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ කොළඹ දිස්ත්‍රික් සිල්මාතා සංගමයේ ප්‍රධාන සංවිධායක කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පසුගිය 22 දා සිදුකෙරිණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය ගොඩපිටියේ ඉන්ද්‍රානන්ද හිමි, කොළඹ දිස්ත්‍රික් සිල්මාතා සංගමයේ ගරු සභාපති මෑණියන්, ගරු ලේකම් මෑණියන් ඇතුළු සිල්මතා සංගමයේ මෑණිවරුන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

Sil1  Sil2  Sil3  Sil4

 

Sil5   Sil6   Sil7

කොළඹ දිස්ත්‍රික් සංගණන ක්ෂේත්‍ර වැඩසටහන...

ශ්‍රී ලංකාවේ වර්ෂ 10කට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනයේ, ගොඩනැගිලි ලැයිස්තුගත කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී 2023 වර්ෂයේ නොවැම්බර් මස 01 දින නිල වශයෙන් ආරම්භ කෙරිණි.

මෙහිදී සටහන් වූ පලමු වෙනි ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත විය. මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම්, මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල නියෝජනය කරමින් එහි නිලධාරින් හා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී විය.

මෙයට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ සංගණන ක්ෂේත්‍ර වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් 11/18 දින සිදු කරන ලදී. අනෙකුත් දිස්ත්‍රික්ක වල ද ලැයිස්තුගත කිරීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

සම්ප්‍රදායික මුද්‍රණ ලේඛන වෙනුවට නව තාක්ෂණය අනුව යමින් ටැබ්ලට් පරිගණක භාවිතයෙන් තොරතුරු රැස් කිරීමට මෙවර සංගණනයේ දී කටයුතු කිරීම සුවිශේෂී වේ. මෙම ලැයිස්තුගත කිරීමේ කටයුතු සදහා විධිමත් ලෙස පුහුණුව ලබා ඇති ග්‍රාම නිලධාරීවරුන් ඇතුලු රජයේ නිලධාරින් යෙදවෙනු ඇත.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

   stat100  stat200  stat300  stat400

 

stat500  stat600  stat700  stat900

 

stat12  stat1000  stat1300

         

2023 වර්ෂය සිව්වන කාර්තුව සදහා වන විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා රවණාගාරයේදී ඊයේ (22) පැවැත්විණි.
 
ඒ දිස්ත්රික් ලේකම් කාර්යාලය ප්රධාන ගණකාධිකාරී ජී. ජයවීර, කළ. විග. දෙපාර්තමේන්තුව අතිරේක අධ්යක්ෂ ජනරාල් චම්පිකා පතිරණ, ස්වදේශ කටයුතු අංශය ප්රධාන අභ්යන්තර විගණක එස්.ඒ.එන්.ආර් සුබසිංහ, ජාතික විග. උප කාර්යාලය ජ්යෙෂ්ඨ සහකාර විගණකාධිපති ආර්.පී හෙට්ටිආරච්චි, ජාතික විගණන කාර්යාලය විගණන අධිකාරී ඩබ්.ඒ.පී.එස් ෆොන්සේකා, දිස්ත්රික් ලේකම් කාර්යාලය ප්රධාන අභ්යන්තර විගණක පී.කේ.ඩි.එම් ගුණසේන යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙනි.
 
කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය නියෝජනය කරන නිලධාරීන්, කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් වරුන් ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
- කොළඹ දිස්ත්‍රික් මාධ්ය ඒකකය -
 
aDT3 aDT2 aDT4
 
aDT1 aDT5 aDT6
කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රවනාබාධ සහිත  වැඩිහිටියන් 98  දෙනෙකු සදහා ශ්‍රවණ උපකරණ ලබාදීම 2023.11.24 දින ජාතික  වැඩිහිටි මහ ලේකම් කාර්යාල පරිශ්‍රයේ දි සිදු කරන ලදී.
 
ඒ සදහා දිස්ත්‍රික් වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සහ මොරටූව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ඉයර් මාස්ටර් ස් රයිගම  ආයතනයේ නිලධාරීන් සහභාගී විය.
 
eLD1  eLD2  eLD7
 
eLD8  eLD9
 
 

කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම...

කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී ඊයේ (16) දින පැවැත්විණි.

2023 යල කන්නය වී වගාවේ ප්‍රගතිය, 2023/24 මහ කන්නය වී වගාව, වගා ඉඩම් ප්‍රමාණය, මහ කන්නයේ පොහොර අවශ්‍යතාවය, රසායනික පොහොර බෙදාදීමේ ප්‍රගතිය, දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදනය හා ඒවායේ ගුණාත්මක භාවය යන කරුණු පිළිබඳ දිසාපතිතුමන්ගේ අවදානය මෙහිදී යොමුවිය.

ඊට අමතරව ආරක්‍ෂිත පොලිතින් ගෘහ (polytunnel) තුල සිදුකෙරෙන වගා ව්‍යපෘති, සොජන් වගාව හා ඒ ආශ්‍රිත ගැටළු, දිස්ත්‍රික්කයේ පලතුරු වගාවන්, 2023 මධ්‍යම රජය මඟින් ක්‍රියාත්මක කෘෂි කාර්මික වැඩසටහන්, කුඩා පරිමාණ හා ගෙවතු වගා ප්‍රවර්ධන වැඩ සටහන, ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්, පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ 2023 වර්ෂයේදී අස්වැද්දීමට සැලසුම්කර ඇති පුරන් කුඹුරු ව්‍යාපෘතියේ තොරතුරු, කොළඹ දිස්ත්‍රික්කයේ බිම්මල් වගා ප්‍රවර්ධන වැඩසටහන, කොළඹ දිස්ත්‍රික්කයේ සත්ව නිෂ්පාදන ප්‍රගතිය, අපනයනය කේන්ද්‍ර කර ගත් දේශීය අල බෝග වගාව හා අගය එකතු කල දේශීය අල ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහන ආදී දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වන වැඩසටහන් හා ඒවායේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කළේය.

අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය, දිස්ත්‍රික් පොහොර අංශය, නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව, පශු සම්පත් දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් වගා කිරීමේ මණ්ඩලය, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, කෘෂි රක්ෂණ මණ්ඩලය නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවිය.

- කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -

 

AgriN1   AgriN2  AgriN3   AgriN4

 

AgriN5  AgriN6   AgriN7   AgriN8

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සමගාමීව අනු කමිටු රැස්වීම් කිහිපයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී...
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සමගාමීව පැවැත්වූ විශේෂ අනු කමිටු රැස්වීම් කිහිපයක් දිස්ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු සම සභාපති, කොළඹ දිස්ත්‍රික්‌ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ප්‍රදීප්‌ උඳුගොඩ මහතා සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී 11/08 දින පැවැත්විණි.
- කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -
 
Dcc1  Dcc2  Dcc3  Dcc4
 
Dcc5  Dcc7  Dcc8  Dcc10

ප්‍රාදේශීය ලේකම් සමුළුව...
- කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -

2023 ඔක්තෝබර් මාසය සදහා වන ප්‍රාදේශීය ලේකම් සමුළුව කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී ඔත්තෝබර් (27) දින පැවැත්විණි.

- කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -

WhatsApp Image 2023 11 10 at 9.29.23 AM   WhatsApp Image 2023 11 10 at 9.29.24 AM  WhatsApp Image 2023 11 10 at 9.29.24 AM 1  WhatsApp Image 2023 11 10 at 9.29.24 AM 2

 

WhatsApp Image 2023 11 10 at 9.29.24 AM 3  WhatsApp Image 2023 11 10 at 9.29.24 AM 4  WhatsApp Image 2023 11 10 at 9.29.24 AM 5  WhatsApp Image 2023 11 10 at 9.29.24 AM 6

 

WhatsApp Image 2023 10 16 at 2.05.15 PM 8 කළමනාකරණ සේවා නිලධාරි සේවයේ I පන්තියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතාව කඩයිම නිදහස් කිරීමේ පාඨමාලාව 2023 ඔක්තොම්බර් මස 16 වන දින සිට 27 දින දක්වා දින 10 ක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන 75ක නිලධාරීන් 231ක් පුහුණුව සඳහා සහභාගී විය.

පාඨමාලාවේ ආරම්භක දිනය වූ අද(16) දින කාර්යාල විනය පිළිබඳව දේශනය කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි සහකාර අධ්‍යක්ෂ ඒ.ෆිලික්ස් ප්‍රනාන්දු මහතා විසින් සිදුකරන ලදී.

පුහුණු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජි. විජේසිරි, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කෞශල්‍ය කුමාරි, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

 

WhatsApp Image 2023 10 16 at 2.05.15 PM 5   WhatsApp Image 2023 10 16 at 2.05.15 PM 4   WhatsApp Image 2023 10 16 at 2.05.15 PM 12   WhatsApp Image 2023 10 16 at 2.05.16 PM 1

 

 

AdAu1     2023 වර්ෂයේ තෙවන කාර්තුව සදහා වන විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම කොළඹ දිස්ත්රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්රවණාගාරයේදී ඊයේ (13) පැවැත්විණි.
විගණන හා කළමනාකරණ කමිටු මගින් ඇතිවූ ගැටළු, රාජය ගිණුම් කටයුතු පිළිබඳ කාරක සභා නොවිසඳුනු ගැටලු ඇතුළු කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුකෙරිණි.
කොළඹ දිස්ත්රික් ප්රධාන ගණකාධිකාරී ජි. ජයවීර මහතා විසින් කරුණු දැක්වීමක් සිදුකල අතර කොළඹ දිස්ත්රික්කයේ සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීමේ ප්රගතිය හා ඒ සම්බන්ද කරුණු පැහැදිලි කිරීම කොළඹ දිස්ත්රික් ක්රමසම්පාදන අධ්යක්ෂ සේනක සිල්වා මහතා විසින් සිදුකරන ලදී.
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්යාංශය අභ්යන්තර විගණකතුමන්, කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය අතිරේක දිස්ත්රික් ලේකම් කාංචනා ගුණවර්ධන, සහකාර දිස්ත්රික් ලේකම් නදීශා දර්ශනී, දිස්ත්රික් සමෘද්ධි අධ්යක්ෂ ඒ.පී.එස්. අශෝක කුමාර, කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ විවිධ අංශ නියෝජනය කරන නිලධාරීන්, කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් සහභාගීවුහ.
- කොළඹ දිස්ත්රික් මාධ්ය ඒකකය -
AdAu2   AdAu3   AdAu6
 
 

Rg2 උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර් ලෙස 2023.08.21 වන දින සිට පත්වීම් ලද ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන් සඳහා වන සේවාරම්භක පුහුණුව කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී. විජේසිරී මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 9 වන මහලේ පිහිටි කුඩා ශ්‍රවනාගාරයේදී අද(01) දින පැවැත්වුණි.

එහිදී ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන් වශයෙන් ජනතාවට සේවය කිරීමේදී සුහද ලෙස කටයුතු කිරීමත් උප්පැන්න, මරණ හා විවාහ ලේඛණ නිවැරදි පැහැදිලි අත් අකුරින් ලිවීමේ වැදගත්කම කේ.ජී. විජේසිරී මහතා තම වසර ගණනක අත්දැකීම් වලින් පත්වීම් ලද ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන් හට පෙන්වා දුනි.

උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරුන් වශයෙන් නෛතික කටයුතු වලට මුහුණ දීමේදී ලිපි ලේඛන නිරවද්‍ය ලෙස පවත්වාගෙන යෑමත් නිතියනුකුල නොවන අකාරයෙන් කටයුතු කිරීමෙන් ඇතිවිය හැකි අගතිදායක තත්වය පිළිබඳවත් කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කෞශල්‍යා කුමාරි මහත්මිය දේශනයක් සිදුකළේය.

එමෙන්ම රාජකාරි කටයුතු පිළිබඳව හා රෙජිස්ට්‍රාර් ධූරයට අදාළ නෛතික පසුබිම පිළිබඳව දැනුවත් කිරීම පිලිබඳ ආරාධිත දේශනය ජේෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ටර් ජනරාල් නීතිඥ ජේ. ඒ. එල්. ඩි. ගනේපොල මහත්මිය විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට කොළඹ සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

 Rg1   Rg4  Rg5

 

Rg2     Rg3

          

dc83   කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු සම සභාපති, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක, දිස්ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු සම සභාපති, කොළඹ දිස්ත්‍රික්‌ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ප්‍රදීප්‌ උඳුගොඩ, කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අගෝස්තු 29 දින පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික් පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. එච්. එම්. ෆවුසි, මධුර විතානගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දිස්ත්‍රික්කය තුල දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන වැඩසටහන් වන අලුත් ගමක් - අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සංවර්ධන වැඩසටහන, ආහාර සුරක්‍ෂිතතාවය හා පෝෂණය සහතික කිරීමේ වඩසටහන, සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩ සටහනේ මෙහෙයුම් කටයුතු, ආපදා අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන, කුකුළු පැටවුන් බෙදා දීමේ වැඩසටහන, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඇස් පරීක්ෂා කිරීමේ වැඩසටහන, විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන, ග්‍රාමශක්ති වැඩසටහනේ මෙහෙයුම් කටයුතු යන වැඩසටහන් වල ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඩෙංගු, ජල භීතිකාව සහ ලාදුරු රෝගයන්හි වර්තමාන තත්වය, එම රෝග පාලනය සහ ජනතාව දැනුවත් කලයුතු ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවිය.

CResMPA -දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහුඅදියර වැඩසටහන යටතේ දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර එම ව්‍යපෘති සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගනිමින් කඩිනමින් ඒවා ක්‍රියාත්මක කලයුතු බවටත් නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.

දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශය මඟින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කල අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවිය.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

dc81   dc82   dc83   dc84

 

dc85   dc86   dc87   dc88

So9 තරුණ ව්‍යවසායක්තව සහභාගිත්වයෙන් සොජාන් ක්‍රමය යටතේ පුරන් කුඹුරුවල කෘෂි බෝග ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කල වැඩසටහන් පසුගිය 19 වනදා කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ. ජී. විජේසිරි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.තරුණ ව්‍යවසායක්තව සහභාගිත්වයෙන් සොජාන් ක්‍රමය යටතේ පුරන් කුඹුරුවල කෘෂි බෝග ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කල වැඩසටහන් පසුගිය 19 වනදා කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ. ජී. විජේසිරි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.


එහිදී කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බටකැත්තර උතුර ග්‍රාම නිලධාරී වසමේ තට්ටගේ ලියැද්ද ප්‍රදේශයේ  2022 වසරේ දෙසැම්බර් මස අක්කර භාගයක භුමි ප්‍රමාණයක ආරම්භ කරන ලද, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යානය මගින් පවත්වාගෙන යන සොජාන් වගා ව්‍යාපෘතියේ කේෂ්ත්‍ර නිරීක්ෂණයට දිස්ත්‍රික් ලේකම්තුමන් සමග කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ.පී. පේමදාස මහතා හා දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතාද එක්විය.


- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

So1   So2   So4   So5

 

So7   So9   So12   So16

 

Ah2 ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබද කොළඹ දිස්ත්‍රික් රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී 08/16 දින පැවැත්විණි.

මතුවිය හැකි ඕනෑම අවස්ථාවක වුවද ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් තහවුරු කිරීම, කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබීම සහ කිසිදු දරුවෙක් මන්ද පෝෂණ තත්වයට ගොදුරු නොවිය යුතුය යන්න මෙම යාන්ත්‍රණය පිහිටුවිමේ මුලික අරමුණ විය. ඒ අනුව මෙමගින් කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කල වැඩසටහන් වල ප්‍රගතිය පිළිබඳවත් ඉදිරි වැඩසටහන් සැලසුම් කලයුතු ආකාරය පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.

දිස්ත්‍රික් ආහාර නිෂ්පාදනයේ ප්‍රගතිය, දිස්ත්‍රික්කයේ පශු සම්පත් හා ධීවර නිෂ්පාදන ප්‍රගතිය, දිස්ත්‍රික්කයේ පාසැල් ළමුන්ගේ පෝෂණ තත්වය, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය හා පෝෂණය උදෙසා ආයුර්වේදය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සම්බන්ධව ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ඇතුළු විවිධ කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡා කළේය.

මෙම වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශය මගින් සිදු කරනු ලබන අතර කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා වැඩසටහන මෙහෙයවනු ලැබිය.

දිස්ත්‍රික් කෘෂි කර්ම අංශය නියෝජනය කරන නිලධාරීන්, බස්නාහිර පළාත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුව, සහකාර ගොවිජන සේවා කොමසාරිස්, දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ධීවර සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යපෘති නිලධාරී, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, (කොළඹ,කෝට්ටේ,හෝමාගම,පිළියන්දල), ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, පළාත් අයුර්වේද කොමසාරිස්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

Ah1   Ah2   Ah0   Ah3

 

Ah4   Ah8   Ah5   

 

na2 කොළඹ දිස්ත්‍රික් අතිරේක ලේකම් ලෙස කේ. එන්. කෞශල්‍යා කුමාරි මහත්මිය තම වැඩ බාරගැනීම අද(17) දින සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය. මෙම ධුරයට පත් වීමට පෙරාතුව ඇය මාතර ප්‍රාදේශීය ලේකම් ධුරය දැරුවේ ය.

 

කොළඹ දිස්ත්‍රික් අතිරේක ලේකම් ලෙස කටයුතු කළ සම්පත් ඉඩම්ගොඩගේ මහතා ස්ථානමාරු ලබාගැනීමෙන් පසු කේ. එන්. කෞශල්‍යා කුමාරි මහත්මිය මෙම තනතුරට පත්කරන ලදි. කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක වන කෞශල්‍යා මහත්මිය, විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ද ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය පිළිබඳව ද හදාරා 2002 වසරේ දී නීතිඥවරියක ලෙස දිවුරුම් දුන්නාය.

 

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී කලමණාකරණ රාජ්‍ය උපාධිය ද රුහුණ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද කෞශල්‍යා මහත්මිය විසින් ලබා ගෙන තිබේ.1996 වසරේ රාජ්‍ය සේවයට එක්වු කෞශල්‍යා මහත්මිය රාජ්‍ය සේවයේ වසර 27 කට ආසන්න අත්දැකීම් බහුල දක්ෂ රාජ්‍ය නිලධාරිනියකි. 2006 වසරේ විවෘත කණ්ඩායම් විභාගයෙන් පරිපාලන සේවයට එක්වන කෞශල්‍යා මහත්මිය භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂිකාවක ලෙස පරිපාලන සේවයේ පළමු පත්වීම ලැබුවාය.

 

ඉන් අනතුරුව කිරින්ද පුහුල්වැල්ල සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය, පස්ගොඩ, මුලටියන හා මාතර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස සේවය කරමින් සිටියදී තම කළමනාකරණ දක්ෂතාව පෙන්නුම් කිරීම හේතුවෙන් ඉතා කෙටි කලක් තුල අතිරේක දිස්ත්‍රික් ලේකම් ධුරයට පත්වීමට තරම් වාසනාවන්ත වූවාය. කෞශල්‍යා මහත්මියගේ පියා කඹුරුපිටියේ වතු අධිකාරීවරයෙකු වන අතර මව විදුහල්පතිනියකි.

 

na0   na1   na3   na4

 

na5   na6   

 

na7   na8   na9

කොළඹ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී...

කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී අද (14) පැවැත්විණි.

දේශගුණික අවබලපෑම් අවමකිරීමේ බහු අදියර වැඩසටහන, නොමිලේ කුකුළු පැටවුන් ලබාදීමේ වැඩසටහන, සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන - 2021, විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන - 2023, පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඇස් පරික්ෂා කිරීමේ වැඩසටහන, ව්‍යවසායකයින් බල ගැන්වීමේ වැඩසටහන ආදී කොළඹ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කෙරෙන විවිධ වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශය මඟින් වැඩසටහන මෙහෙයවනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

WhatsApp Image 2023 07 27 at 1.02.34 PM 1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ අග්‍රාමාත්‍ය ධූරයෙහි ප්‍රථම වර්ෂ පූර්ණය නිමිත්තෙන් පැවැත්වූ ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ(26) දින නාරාහේන්පිට, නිල මැදුර කාර්යාල සංකීර්ණ පරිශ්‍රයේදී පැවැත්වුනි.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභ සාධක සංගමයේ සංවිධාන ශක්තියෙන් පැවැත්වූ ලේ දන්දීමේ වැඩසටහන නිරීක්ෂණය සඳහා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් එක්විය.
මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මහතා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු අශෝක ප්‍රියන්ත මහතා,  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු යදාමිණී ගුණවර්ධන මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති කේ.පී. විජේසිරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභ සාධක සංගමයේ ගරු සභාපති සැලසුම් අධ්‍යක්ෂ සේනක සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
WhatsApp Image 2023 07 27 at 12.53.58 PM 18   WhatsApp Image 2023 07 27 at 12.53.58 PM 13   WhatsApp Image 2023 07 27 at 12.53.58 PM 12   WhatsApp Image 2023 07 27 at 12.53.58 PM 7
 
WhatsApp Image 2023 07 27 at 12.53.58 PM 4   WhatsApp Image 2023 07 27 at 12.53.58 PM 2   WhatsApp Image 2023 07 27 at 1.02.10 PM 8   

A6  කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (20) දින පැවැත්වුණි.

එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී වගාවේ ප්‍රගතිය 84.5% වන බව අනාවරණය වූ අතර ඉතුරු වගා නොකළ කුඹුරු ඉඩම් වගා කටයුතු සඳහා යොමුකිරිම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

යල කන්නයේ වී වගාවට යොමුව ඇති ගොවි ජනතාව වෙත ප්‍රමාදයකින් තොරව පොහොර ලබාදීමට අවශ්‍ය නිර්දේශය හා පොහොර අවශ්‍යතාවය පිළිබඳව සොයා බැලීමත් එම කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමේ වැදගත්කමත් දිස්ත්‍රික් ලේකම් කේ.ජි. විජේසිරි මහතා පෙන්වා දුනි. එසේම පොහොර වල ගුණාත්මකභාවය සොයා බැලීම සඳහා වැඩි පොහොර නියැදි ප්‍රමාණයක් ලබා ගැනීම සිදුකරන ලෙස සහකාර අධ්‍යක්ෂ (පොහොර) වෙත උපදෙස් ලබාදුනි.

මෙම වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව කමිටුවේ වැඩි අවධානයක් යොමුවිය.

එහිදී අපනයනය කේන්ද්‍ර කරගත් දේශීය අල බෝග වගාව හා අගය එකතු කළ දේශීය අල ආශ්‍රිත නිෂ්පාදන වැඩසටහන, ආරක්ෂිත ගෘහ (Polytunnel) තුළ අපනයනය සදහා එළවළු වගා කිරීම, කොළඹ දිස්ත්‍රික්කයේ බිම්මල් වගා ප්‍රවර්ධන වැඩසටහන, සෝජාන් ක්‍රමය යටතේ පුරන් කුඹුරුවල කෘෂි බෝග ව්‍යාප්ත කිරීමේ වැඩසටහන, E-agriculture කෘෂිකාර්මික වෘත්තිකයින් හා ගොවින් සඳහා ඩිජිටල් සාක්ෂරතාවය යන වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන 22.5 වැය කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, කෘෂිකාර්මික අධ්‍යක්ෂ එස්.එම් නාගහවත්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

A1  A3  A4  

 

A5   A6

 

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් සඳහා ජංගම පුස්තකාලයක් ගෙන්වා පොත් පරිහරණය කිරීම සඳහා අවස්ථාව සලසාදීමේ වැඩසටහනේ පළමු දිනය කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (17) පැවැත්විණි.කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් සඳහා ජංගම පුස්තකාලයක් ගෙන්වා පොත් පරිහරණය කිරීම සඳහා අවස්ථාව සලසාදීමේ වැඩසටහනේ පළමු දිනය කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (17) පැවැත්විණි.


නිලධාරිගේ මානසික සුවතාවය නගාසිටුවම, දැණුම වර්ධනය කරගැනීමට අවස්ථාව සලසාදීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. කොළඹ මහජන පුස්තකාලයට අයත් ජංගම පුස්තකාල රථයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත සතියකට දිනක් පැමිණ මෙම සේවාව ලබා දීමට නියමිතය. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමය මඟින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කර ක්‍රියාත්මක කරන ලද අතර මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවිය.


- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

100   කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී 07/11 දින පවත්වන ලදී. ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතා, දිස්ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු සම සභාපති, කොළඹ දිස්ත්‍රික්‌ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ප්‍රදීප්‌ උඳුගොඩ මහතා සහ දිස්ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු සම සභාපති, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
 
මෙහිදී දිස්ත්‍රික්කය තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව, පසුගිය සංවර්ධන කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ගැනුණු යෝජනා සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
 
කොළඹ දිස්ත්‍රික්කයේ පාසැල් වල ඩෙස් හා පුටු අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය, ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම, දිස්ත්‍රික්කය තුල ඩෙංගු රෝග ව්‍යාප්තිය හා එහි වර්තමාන තත්වය, කොළඹ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක සමෘද්ධි වැඩසටහන් ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශය මඟින් වැඩසටහන සම්බන්ධීකරණය කල අතර කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා වැඩසටහන මෙහෙයවනු ලැබිය. දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවිය.
 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
101   103   104  105
 
106  107   108  110

WhatsApp Image 2023 07 13 at 10.45.00 AM 4 වී වගාවට නුසුදුසු B ශ්‍රේණියේ පුරන් කුඹුරු වෙනත් වගුරු බිම් ඵලදායී ලෙස කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට ව්‍යවසායකයන් දිරි ගැන්වීම, ප්‍රජාව කෘෂිකර්මාන්තය කෙරෙහි නැඹුරු කිරීම තුලින් ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ඵලදායි ලෙස ආර්ථික සංවර්ධනයට යොදා ගැනීම හා වස විසෙන් තොර සෞඛ්‍යාරක්ෂිත එළවළු, පලතුරු හා සත්ත්ව ආහාර පරිභෝජනයට පුද්ගලයින්ට අවස්ථාව සළසා දීම යන අරමුණු ඇතිව කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය විසින් ක්‍රියාත්මක කල සෝජාන් ක්‍රමයට එළවළු සහ පලතුරු වගා කිරීමේ ව්‍යාපෘති හතරක් නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා ඊයේ (12) සහභාගී විය.

එහිදී කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා මෙසේ පැවසිය;

"තරුණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩ පිළිවෙල යටතේ මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ කෘෂි තාක්ෂණය එම ගොවීන්ට ලබා දුන්නා.

කිසිවක් වගා කළ නොහැකිව තිබූ වගුරු බිම් සෝජාන් ක්‍රමය යටතේ රටටම අවශ්‍යඑලවළු හා පලතුරු ලබා දිය හැකි වගා බිම් බවට පත් කිරීමට එම තරුණ කෘෂි ව්‍යවසායකයින්ට හැකි වී තිබුනා. මෙම සෝජාන් වගා බිම් අනෙකුත් ගොවීන්ටත් දැනුම ලබා ගත හැකි වගා ආදර්ශණ බව මගේ හැඟීමයි.

මේ දවස්වල එලවළු මිල වැඩියි කියලා සමහරු කෑ ගහනවා මාධ්‍ය තුළ අපි දකිනවා. ඊට හොඳම විකල්පය කෑ ගැසීම හෝ ආන්ඩුවට බැනීම නොව තමන්ට අවශ්‍ය දේ ටිකක් හෝ තමන්ම වගා කිරීමයි. අපි වවළයි අපි කන්නේ වගා සංකල්පය මම හැදුවේ ඒ නිසයි. අපිට අවශ්‍ය එලවළු පලතුරු ටික අපිටම හදාගන්න පුලුවන් කියන එක මේ තරුණ ගොවියෝ ඔප්පු කර තිබෙනවා. නිවාඩුවක් ඇති වෙලාවකට ඔබත් ගිහින් මේ සෝජාන් වගා බිම් බලන්න. ඔබට කෘෂිකර්මාන්තයේ ඇති අපූර්වත්වය විඳගන්න පුලුවන් වේවි."

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජි. විජේසිරි, දිස්ත්‍රික් කෘෂිකාර්මික අධ්‍යක්ෂ එස්.එම් නාගහවත්ත මහතා, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් ඒ. සුගත් සිසිර කුමාර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්විය.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

WhatsApp Image 2023 07 13 at 10.45.11 AM 9   WhatsApp Image 2023 07 13 at 10.45.11 AM 8

 

 

WhatsApp Image 2023 07 13 at 10.45.11 AM 6   WhatsApp Image 2023 07 13 at 10.45.11 AM 3

WhatsApp Image 2023 07 12 at 7.03.09 PM 1  
 

කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රතිපාදන යටතේ කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය විසින් ක්‍රියාත්මක කරන ලද අපනයනය කේන්ද්‍රකරගත් දේශීය අල වගා ප්‍රවර්ධන ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභීන් වෙත අල බීජ බෙදා දීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) මීපේ, මාවතගම ප්‍රදේශයේදී ක්‍රියාත්මක විය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -
"මොහොතකට හැරී බැලුවොත් අද කඩා වැටී සිටි තත්ත්වයෙන් රට ගොඩගෙන තිබෙනවා. ඊට ප්‍රධානතම බලවේගය වුණේ ගම්බද ගොවි ජනතාව යි. අපට තිබෙන ඉඩම් වල කොපමණ ප්‍රමාණයක් වගා කරලා නැද්ද කියලා හොයාගන්න. වතු සමාගම් වලට දුන්නට වඩා අපිට දුන්න නං ඉවරයි කියලා ගොවීන්ගෙන් පැමිණිලි තිබෙනවා. ඒ සඳහා භූමිය නිදහස් කිරීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා.

අපිට තිබුණු මූලික අර්බුද වලින් රට දුවන තත්ත්වයට ගෙනාවා. මෙතනින් එහාට ආර්ථික වශයෙන් අපේ රට ගොඩ නැගීමේ විශේෂ ඉලක්ක සපුරා දීමට සිදුවෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට සහයෝගයක් දීමේ ඊළඟ අභියෝගයට අප ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නිෂ්පාදන වැඩි කරගැනීමට පොදුවේ තිබෙන වෙළඳපලට ලබා දීමට පුළුවන් සහනයක් ඇති කර දීම අත්‍යවශ්‍යයි. රජය හැටියට විශ්වාසවන්ත මූල්‍ය තත්වයකට රට ගෙන ඒමට ආරම්භක පියවර ඇති කරලා තහනම ඉවත් කරගෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතන සියල්ල සමඟ ගනුදෙනු කරන්නට පුළුවන් රටක් බවට අද පත්වුණා. ගොවි ජනතාව අමතක කර රටේ ආර්ථික සංවර්ධනය සහ බලාපොරොත්තු වන ආර්ථික ස්වයංපෝෂිත තාවය ඇති කරන්නට බැහැ. අපේ ගම්වල ආහාර ස්වයංපෝෂිත කර ගත හැකි ආකාරයට රට ගෙනියන්න පුළුවන්."

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි, සීතාවක හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම්වරු, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජි. විජේසිරි, දිස්ත්‍රික් කෘෂිකාර්මික අධ්‍යක්ෂ එස්.එම් නාගහවත්ත මහතා සහ ගොවී ජනතාව සහභාගි වූහ.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

 
WhatsApp Image 2023 07 12 at 7.03.10 PM   WhatsApp Image 2023 07 12 at 7.03.09 PM 1   WhatsApp Image 2023 07 12 at 7.03.09 PM   WhatsApp Image 2023 07 12 at 7.03.08 PM
 
 
WhatsApp Image 2023 07 12 at 7.03.07 PM 1   WhatsApp Image 2023 07 12 at 7.03.07 PM   WhatsApp Image 2023 07 12 at 7.03.06 PM   WhatsApp Image 2023 07 12 at 7.03.05 PM
 
 
WhatsApp Image 2023 07 12 at 7.03.02 PM   WhatsApp Image 2023 07 12 at 7.03.01 PM   WhatsApp Image 2023 07 12 at 7.03.00 PM  WhatsApp Image 2023 07 12 at 7.02.59 PM
 

WhatsApp Image 2023 07 06 at 13.02.18 බහුකාර්ය සංවර්ධන සහායකයින් කාර්යාල සේවයට බඳවා ගැනීම සඳහා වූ පත්වීම් ලිපි ප්‍රදානය සහ එක්දින පුහුණු සැසිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (06/30) දින රාජ්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදු කෙරිණී.


බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන පෙරපුහුණු අභ්‍යාසලාභී කාල පරිච්ඡේදය සම්පූර්ණ කළ 49 දෙනෙකු මෙලෙස පත්වීම් ලබාගත් අතර ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල13 සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථිර සේවයට එක්වෙයි.


මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ යන මහත්වරුන්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් සහ පත්වීම්ලාභීන් සහභාගි වූහ.


- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

WhatsApp Image 2023 07 06 at 13.02.06  WhatsApp Image 2023 07 06 at 13.02.07  WhatsApp Image 2023 07 06 at 13.02.08  WhatsApp Image 2023 07 06 at 13.02.09

 

WhatsApp Image 2023 07 06 at 13.02.10  WhatsApp Image 2023 07 06 at 13.02.12  WhatsApp Image 2023 07 06 at 13.02.14  WhatsApp Image 2023 07 06 at 13.02.08

 

WhatsApp Image 2023 07 06 at 13.02.16  WhatsApp Image 2023 07 06 at 13.02.16 1  WhatsApp Image 2023 07 06 at 13.02.17  WhatsApp Image 2023 07 06 at 13.02.18

 

  IMG 20230619 WA0014 අවුරුදු 30ක් තිස්සේ අඛණ්ඩව පවත්වන, දකුණු කොළඹ එකම පෙරහැර වන, අතිශය ජනප්‍රිය කිරුළපන පුෂ්පාරාම විහාරස්ථාන පෙරහැර මංගල්‍යයේ, පුෂ්පාරාමාධිපති, පූජ්‍ය ඇල්කඩුවේ නාගිත හිමිපාණන් ඇතුළු සංඝරත්නයේ ආශිර්වාදයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව මිහිඳු පෙරහර පසුගියදා (17) රාත්‍රිය පුරා වීථි සංචාරය කරන ලදී.
පූජ්‍ය ඇල්කඩුවේ නාගිත හිමි, අතිපූජ්‍ය වාලුකාරාමාධිපති, කෝට්ටේ රාජමහා විහාරාධිපති, විමලාරාමාධිපති, සාමවිහාරාධිපති, කෝට්ටේ නාග විහාරාධිකාරී, බෝධි බෞද්ධ මධ්‍යස්ථානධිපති ප්‍රමුඛ පූජනීය නායක මහා සංඝරත්නයද ප්‍රදේශයේ කතෝලික මුස්ලිම් හින්දු පූජක ප්‍රසාදීන් සියලු දෙනාම ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මූලිකත්වයෙන් පැවැති පෙරහැර මංගල්‍යය කමිටුව විසින් සාර්ථකව සංවිධානය කරන ලද මෙවර පෙරහැරට අලිඇතුන් 11දෙනෙක් පෙරහැර අංග 68ක් එක්කරගෙන තිබිණි.
අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අනුග්‍රහය ලබන පෙරහැරක් ලෙස ගැසට් කිරීමෙන් පසු පළමුවරට, මෙවර පෙරහැර පැවැත්වුන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සමන්මලී  සකලසූරිය ගුණවර්ධන, කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති ටයිටස් පෙරේරා, කොළඹ දිසාපති කේ ජී විජේසිරි,  කිරුළපන වෙළඳ සමූහය, දායක කාරකාදීහු ඇතුළු ප්‍රදේශවාසී සියලු දෙනා මෙම අවස්ථාවට එක්වූහ.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
IMG 20230619 WA0035     IMG 20230619 WA0051   IMG 20230619 WA0046
 
 
passport online   මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ඊයේ (15) පස්වරුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනි.
විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හරහා අයදුම් කිරීමට මේ සමඟ අවස්ථාව සැලසේ.
එසේ මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන්හට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දීම සිදුකල හැකිය. නව වැඩපිලිවෙල ආරම්භ කිරීමෙන් පසුව කිසිවකුට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතත් පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇත.
මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබාදෙනු ලබයි.
මෙම වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයට ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි, ආගමන විගමන  පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය,  හෝමාගම ප්‍රාදේශීය ලේකම් ඩී.ඒ.ඩී. චින්තක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
IMG 20230619 WA0010    IMG 20230619 WA0009   IMG 20230619 WA0008  IMG 20230619 WA0006

WhatsApp Image 2023 05 15 at 12.11.15 PM  නවගමුව, රණාල සුදවිල බෝධිය අසල කැලණි ගං ඉවුර විශාල ලෙස නාය යෑම නිසා ඒ අසල ගං ඉවුරේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිංහ මහතා මාර්ග සංවර්ධන අධිකාරියට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ඊයේ (12) නියෝග කළේය.

එම ස්ථානයේ කැලණි ගං ඉවුරෙහි විශාල කොටසක් පෙරේදා (11) සවස නාය ගොස් ඇති බැවින් එම තත්ත්වය පිළිබඳව සොයා බැලීමට දිස්ත්‍රික් ලේකම්වරයා පැමිණි අවස්ථාවේදී මේ නියෝගය නිකුත් කරන ලදි.

අදාළ ස්ථානයේ මීටර් තුන්සියයක පමණ දෙපසට ස්ථාවර අනවසර වෙළෙඳසල් හතක් පමණ ඉදිකර ඇති බවත්, යම් හෙයකින් අදාළ ස්ථානය යළි නාය ගියොත් විශාල විනාශයක් සිදු විය හැකි බවත්, මේ වෙළෙඳසල් වහාම ඉවත් කර කැලණි ගං ඉවුරට සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ වහාම සිදු කරන ලෙසත් මෙහිදී දිස්ත්‍රික් ලේකම් විජේසිංහ මහතා බලධාරීන්ට දැනුම් දීමට කටයුතු කළේය.

මේ අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, නවගමුව පොලිස් ස්ථානාධිපති ලයනල් සේනානායක මහත්වරු ද සහභාගී වූහ.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

උපුටාගැනීම - දිනමිණ පුවත් ජාතික පත - 13.05.2023 - පිටුව 03

WhatsApp Image 2023 05 10 at 2.10.43 PMකොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුභසාධක සංගමය විසින් සංවිධානය කරන තෙදින දන්ත සායනය මැයි මස 04,05,06 කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.

WhatsApp Image 2023 05 10 at 2.10.44 PM 1    WhatsApp Image 2023 05 10 at 2.10.44 PM 2    WhatsApp Image 2023 05 10 at 2.10.44 PM 3

 

WhatsApp Image 2023 05 10 at 2.10.44 PM 4     WhatsApp Image 2023 05 10 at 2.10.44 PM 5

WhatsApp Image 2023 04 25 at 11.39.08 AM 1  කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුභ සාධක සංගමය මඟින් සංවිධානය කල " 2023 " සිංහල හා දෙමළ අලුත් අවුරුදු උළෙල අප්‍රේල් (22) දා උත්කර්ෂවත් අන්දමින් පවත්වයි...

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුභ සාධක සංගමය මඟින් සංවිධානය කල " 2023 " සිංහල හා දෙමළ අලුත් අවුරුදු උළෙල කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 05 ඩඩ්ලි සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් අප්‍රේල් (22) දා  පැවැත්විණි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මැතිතුමන්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මැතිතුමන් සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය අතිරේක ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, ගරු අග්‍රාමාත්‍යතුමාගේ පුද්ගලික සහකාර උපදේශක සිසිර වික්‍රමාරච්චි මහතා ඇතුළු කලා ක්ෂේත්‍රය නියෝජනය කරමින් උදේනි අල්විස්, කුසුම් පිරිස්, මෙලනි අශෝකා යන මහත්ම මහත්මීන් විශේෂ ආරාධිතයින් ලෙස මෙම අවස්ථාවට එක්වුහ. 

ජන ක්‍රීඩා රැසකින් හා ජන ගායනා වලින් මෙම අවුරුදු උළෙල වර්ණවත් විය. ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රධානය කිරීම ද එම ආරාධිත පිරිස විසින් සිදුකරන ලදී. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු අංශ නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් හා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර එදින දවස පුරා සුන්දර බක්මහ උළෙලක අසිරිය විඳගැනීමට හැකියාව ලැබිණි.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
WhatsApp Image 2023 04 25 at 11.39.08 AM   WhatsApp Image 2023 04 25 at 11.39.09 AM   WhatsApp Image 2023 04 25 at 11.39.20 AM 1   WhatsApp Image 2023 04 25 at 11.39.29 AM
 
WhatsApp Image 2023 04 25 at 11.39.37 AM 2   WhatsApp Image 2023 04 25 at 11.39.38 AM   WhatsApp Image 2023 04 25 at 11.39.43 AM   WhatsApp Image 2023 04 25 at 11.39.44 AM 1
 
WhatsApp Image 2023 04 25 at 11.39.25 AM 1    WhatsApp Image 2023 04 25 at 11.39.27 AM

WhatsApp Image 2023 04 21 at 10.22.27 AM    “ නැකතට පැළයක් - ඵලයක් දෙන පැළයක් සිටුවමු ” තේමාව යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙවර නැකතට පැළ සිටුවීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවතේ පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් නිල නිවසේදී ඊයේ (20) සිදුකෙරිණි.

2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර අතර අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත ඊයේ දිනට යෙදී තිබුණු අතර එම නැකතේදී බහුවාර්ෂික බෝග පැළ රෝපණය කිරීම එයට සමගාමිව සිදු කරන ලදී. රටේ ආහාර නිෂ්පාදනය හා පරිසර හිතකාමීත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් "ඵලයක් දෙන පැළයක් සිටුවමු" යන තේමාව යටතේ මෙම රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් කෘෂිකාර්මික අධ්‍යක්ෂ එස්.එම් නාගහවත්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, ප්‍රධාන ගණකාධිකාරී ජි. ජයවීර, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.පී.එස්. අශෝක කුමර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවිය.

 

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

WhatsApp Image 2023 04 21 at 10.22.28 AM   WhatsApp Image 2023 04 21 at 10.22.28 AM 1  WhatsApp Image 2023 04 21 at 10.22.30 AM   WhatsApp Image 2023 04 21 at 10.23.58 AM

 

WhatsApp Image 2023 04 21 at 10.24.01 AM    WhatsApp Image 2023 04 21 at 10.24.02 AM    WhatsApp Image 2023 04 21 at 10.24.06 AM   WhatsApp Image 2023 04 21 at 10.24.07 AM

WhatsApp Image 2023 03 27 at 10.23.47 AMඅතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක 2022/2023 මහ කන්නයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ රජයේ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ සහල් බෙදාදීමේ, කොළඹ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන් අද(26) දින දෙමටගොඩ, නාරාහේන්පිට හා වැල්ලවත්ත යන ප්‍රදේශවලදී පැවැත්විණි.
ඒ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්.එම්.පී. රත්නායක, කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලභී පවුල් 112,433 ක් සඳහා, මාසකට කිලෝ 10 බැගින් මාස දෙකක් පුර නොමිලේ සහල් බෙදා දෙනු ලැබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය පුර විහිදී සිටින අඩු ආදායම්ලභී පවුල් වෙත ඉදිරි දින කිහිපය තුල මෙම සහල් බෙදා අවසන් කිරීමට නියමිත අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිෂ්පාදිත සහල් මෙලෙස බෙදාදීමට සැලසුම් කර ඇත. 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
WhatsApp Image 2023 03 27 at 10.23.28 AM.    WhatsApp Image 2023 03 27 at 10.23.45 AM.     WhatsApp Image 2023 03 27 at 10.23.48 AM.  WhatsApp Image 2023 03 27 at 10.24.13 AM
WhatsApp Image 2023 03 27 at 10.09.17 AM 1බේරේ වැව ආශ්‍රිත සංචාරක කාලපයක් ස්ථාපිත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානය අසල බේරේ දූපතේදී ලෝක ජල දිනය ලෙස යෙදී තිබෙන මාර්තු 22 එනම් ඊයේ දිනයේදී පැවැත්විණි.
 
බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය සංචාරක කාලපයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා වන වැඩසටහනට සමගාමිව එහි පවතින තත්වය නිරීක්ෂණය කිරීම සඳහා  දිසාපතිතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එහි නිරීක්ෂණ චාරිකාවක පසුගිය පෙබරවාරි 09 දා යෙදී තිබිණි. එහිදී බේරේ දුපත අවට පරිසරය පිරිසිදු කර සංවර්ධනය කිරීම සඳහා තීරණය කෙරුණු අතර එහි මුලික වැඩකටයුතු පසුගියදා ආරම්භ කරන ලදී. බේරේ දූපතට පිවිසීමට ඇති පාලම අලුත්වැඩියා කිරීම ඇතුළු එම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
 
මෙම සාකච්ඡාව සඳහා ගරු අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් වී.එම්.පෙරේරා මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා, කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මිය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව, DIMO Lanka, යන ආයතන නියෝජනය කරන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවිය.
 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
WhatsApp Image 2023 03 27 at 10.09.19 AM    WhatsApp Image 2023 03 27 at 10.09.19 AM 2    WhatsApp_Image_2023-03-27_at_10.09.17_AM_1.jpg.  
WhatsApp Image 2023 03 27 at 10.09.18 AM.     WhatsApp Image 2023 03 27 at 10.09.15 AM   WhatsApp Image 2023 03 27 at 10.09.17 AM

WhatsApp Image 2023 02 17 at 1.41.42 PMබේරේ වැවේ ස්වාභාවික සෞන්දර්ය රැකෙන පරිදි සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, බස්නාහිර පළාත් සංචාරක අමාත්‍යාංශය, කොළඹ මහා නගර සභාව යන ආයතන එක්ව සාකච්ඡා ආරම්භ කර ඇත.

ඒ අනුව බේරේ වැව සංචාරක කලාපයක් බවට පත්කිරීමට ඇති හැකියාව පිළිබඳව හොයා බැලීමට කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජි. විජේසිරි මහතා අද(09) දින නිරීක්ෂණ චාරිකාවක යෙදුනි. එහිදී සංචාරක කලාපයක් බවට පත්කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, වැව් ඉවුර සංරක්ෂණය කිරීම වැනි කරුණු පිළිබඳව අවධානය යොමුවිය.

මෙම නිරීක්ෂණ චාරිකාවට කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, කොළඹ අතිරේක දිස්ත්‍රික් කාංචනා ගුණවර්ධන, බස්නාහිර පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ සභාපති සුගත් හේවා පතිරණ, කොළඹ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සේනක පී සිල්වා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්විය.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

 

WhatsApp Image 2023 02 17 at 1.41.33 PM   WhatsApp Image 2023 02 17 at 1.41.33 PM 1   WhatsApp Image 2023 02 17 at 1.41.34 PM  WhatsApp Image 2023 02 17 at 1.41.35 PM

 

 WhatsApp Image 2023 02 17 at 1.41.36 PM   WhatsApp Image 2023 02 17 at 1.41.36 PM 1    WhatsApp Image 2023 02 17 at 1.41.37 PM   WhatsApp Image 2023 02 17 at 1.41.39 PM 1

vote පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 ක් වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 182 ක් ඇප තැන්පත් කර ඇති අතර එම ඇප තැන්පත් කල පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 165 ක් නාම යෝජනා පත්‍ර ලබා දී ඇත. ඒ අතරින් නාමයෝජනා 15 ක් ප්‍රතික්ෂේප වී ඇති අතර නාමයෝජනා පත්‍ර 150 ක් පිළිගෙන ඇත.


කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොරටුව, කඩුවෙල යන මහනගර සභා 05 ක් සහ කොලොන්නාව, සීතාවකපුර, මහරගම, කැස්බෑව, බොරලැස්ගමුව යන නගරසභා 05 ක් සහ කොටිකාවත්ත මුල්ලේරියාව, සීතාවක හා හෝමාගම යන ප්‍රාදේශීය සභා 03 ක් සඳහා අපේක්ෂකයින් 7297 ක් තරග වදින අතර එම අපේක්ෂකයින් අතරින් පළාත් පාලන නියෝජිතයින් 582 ක් තෝරාගැනීමට නියමිතයි. එම නියෝජිතයින් අතරින් කාන්තාවන් 131 දෙනකු අනිවාර්යෙන් තෝරාගත යුතුව ඇත.


කොළඹ මහනගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 16 ක් සහ ස්වාධීන කණ්ඩායම් 5 ක් ලෙස නාමයෝජනා 21 ක් ඉදිරිපත් කර ඇති අතර එයින් නාමයෝජනා 16 ක් පිළිගෙන නාමයෝජනා 05 ක් ප්‍රතික්ෂේප වී ඇත. ප්‍රතික්ෂේප වූ නාමයෝජනා 05 අතර අභිනව නිවහල් පෙරමුණ, නව ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ 02 සහ ස්වාධින කණ්ඩායම් 03 ක් ඉදිරිපත් කල නාමයෝජනා පත්‍ර වේ.


දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සඳහා නාමයෝජනා පත්‍ර 09 ක් පිළිගත් දේශපාලන පක්ෂ 09 ක් විසින් ඉදිරිපත් වී ඇති අතර ඒ සියලු නාමයෝජනා පත්‍ර පිළිගනු ලැබිය.


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 11 ක් සහ ස්වාධීන කණ්ඩායම් 03 ක් ලෙස නාමයෝජනා පත්‍ර 14 ක් ඉදිරිපත් වී ඇති අතර ඒ අතරින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ස්වාධින කණ්ඩායමත් ඉදිරිපත් කල නාමයෝජනා පත්‍ර 02 ක් ප්‍රතික්ෂේප වී නාමයෝජනා පත්‍ර 12 ක් පිළිගෙන තිබේ.


මොරටුව මහනගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් සහ ස්වාධීන කණ්ඩායම් 02 ක් ලෙස නාමයෝජනා පත්‍ර 12 ක් ඉදිරිපත් වී ඇති අතර ඒ අතරින් නව ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කල නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී නාමයෝජනා පත්‍ර 11 ක් මොරටුව මහනගර සභාව සඳහා පිළිගෙන ඇත.


කඩුවෙල මහනගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14 ක් සහ ස්වාධීන කණ්ඩායම් 01 ක් ලෙස නාමයෝජනා පත්‍ර 15 ක් ඉදිරිපත්ව එම නාමයෝජනා පත්‍ර 15 ම පිළිගෙන ඇත.


කොලොන්නාව නගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් සහ ස්වාධීන කණ්ඩායම් 01 ක් ලෙස නාමයෝජනා පත්‍ර 11 ක් ඉදිරිපත්ව එම නාමයෝජනා පත්‍ර 11 ම පිළිගෙන ඇත.
සීතාවකපුර නගරසභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 07 ක් සහ ස්වාධීන කණ්ඩායම් 03 ක් ලෙස ඉදිරිපත් කල නාමයෝජනා 10 අතරින් එක් ස්වාධින කණ්ඩායමක් ඉදිරිපත් කල නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති අතර නාමයෝජනා පත්‍ර 09 පිළිගෙන ඇත.

මහරගම නගරසභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් හා ස්වාධින කණ්ඩායම් 05 ක් ලෙස නාමයෝජනා පත්‍ර 18 ක් ඉදිරිපත්කර ඇති අතර එම නාමයෝජනා පත්‍ර 18 ම පළාත් පාලන ඡන්ද විමසීම සඳහා පිළිගෙන ඇත.

කැස්බෑව නගරසභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 09 ක් හා ස්වාධින කණ්ඩායම් 02 ක් ලෙස නාමයෝජනා පත්‍ර 11 ක් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව එම නාමයෝජනා පත්‍ර 11 ම පිළිගෙන තිබේ.

බොරලැස්ගමුව නගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 07 ක් සහ ස්වාධින කණ්ඩායම් 01 ක් ලෙස නාමයෝජනා පත්‍ර 08 ක් ඉදිරිපත් කර ඇති අතර එම නාමයෝජනා සියල්ල පිළිගෙන ඇත.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 11 ක් හා ස්වාධින කණ්ඩායම් 01 ක් ලෙස ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 12 ක් අතරින් නිදහස් ජනතා පෙරමුණ, ලංකා ජනතා පක්ෂය හා ජාතික කොංග්‍රසය ඉදිරිපත් කල නාමයෝජනා පත්‍ර 03 ක් ප්‍රතික්ෂේපව නාමයෝජනා පත්‍ර 09 ක් පිළිගෙන ඇත.

සීතාවක ප්‍රාදේශීය සභාව පිළිගත් දේශපාලන පක්ෂ 07 ක් සහ ස්වාධින කණ්ඩායම් 02 ක් ලෙස නාමයෝජනා පත්‍ර 09 ක් ඉදිරිපත්කර ඇති අතර එම නාමයෝජනා පත්‍ර සියල්ල පිළිගෙන ඇත.

හෝමාගම ප්‍රාදේශීය සභාව පිළිගත් දේශපාලන පක්ෂ 09 ක් සහ ස්වාධින කණ්ඩායම් 03 ක් ලෙස නාමයෝජනා පත්‍ර 12 ක් ඉදිරිපත්කර ඇති අතර එම නාමයෝජනා පත්‍ර සියල්ල පිළිගෙන ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වූ නාමයෝජනා 165 අතරින් නාමයෝජනා පත්‍ර 150 ක් පිළිගෙන නාමයෝජනා පත්‍ර 15 ක් ප්‍රතික්ෂේප වී ඇත. ප්‍රතික්ෂේප වූ නාමයෝජනා අතර ප්‍රමාද වී නාමයෝජනා පත්‍ර භාරදීම මත පක්ෂ හා ස්වාධින කණ්ඩායම් 03 ක නාමයෝජනා පත්‍ර සහ ඉදිරිපත්වන සභාවක නමක් සඳහන් කර නොමැති වීම මත දේශපාලන පක්ෂ 01 ක් සහ ස්වාධින කණ්ඩායම් 01 ක නාමයෝජනා පත්‍ර ඇතුලත් වී ඇත. එමෙන්ම තොරතුරු කිසිවක් නොමැතිව ඉදිරිපත්ව තිබූ නාමයෝජනා පත්‍රයක් ද ප්‍රතික්ෂේප වූ නාමයෝජනා අතර පැවතිණි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 1749899 ක් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 1204 කදී පළාත් පාලන නියෝජිතයන් 582 ක් තෝරාගැනීමට 2023 මාර්තු 09 දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

FB IMG 1672907400166  නිලමැදුර කාර්යාල සංකීර්ණයේ රාජ්‍ය නිලධාරින් නව වසර සඳහා වැඩ ආරම්භ කිරීම සහ ප්‍රතිඥා ලබාදීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද(02) නිලමැදුර පරිශ්‍රයේදී පැවැත්විණි.
 
අභියෝගාත්මක 2023 වසර ජය ගැනීමට සියලු රාජ්‍ය සේවකයින් එක්ව කටයුතු කළ යුතු බවත් රට සංවර්ධනය කිරීමේ  අභියෝගය ජය ගැනීමට දේශපාලඥයින්, රාජ්‍ය සේවකයින් මෙන්ම ජනතාවද  එක්විය යුතු බවත් රාජ්‍ය නිලධාරින්  අමතමින්   රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 
 
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ආනන්ද වන්නිනායක, කේ .ජී ධර්මතිලක, වරුණ ශ්‍රී ධනපාල, ධම්මික මුතුගල,කොළඹ දිස්ත්‍රික් අතිරේක ලේකම් කාංචනා ගුණවර්ධන,  තිඹිරිගස්යාය  ප්‍රාදේශිය ලේකම් ප්‍රියන්තා දිසානායක, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, ප්‍රධාන ගණකාධිකාරී ජි. ජයවීර, ගණකාධිකාරී රුවිනි ඩී. ජයසේන, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.පී.එස්. අශෝක කුමාර ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියේය. 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
FB IMG 1672907388378   FB IMG 1672907392702   FB IMG 1672907405755   FB IMG 1672907430929 
 FB IMG 1672907438783    FB IMG 1672907448910   FB IMG 1672907527934  FB IMG 1672907520150
 
FB IMG 1672907514061   FB IMG 1672907480537   FB IMG 1672907453279
 
 
 
FB IMG 1672907768903  විධිමත් කාර්යය සාධන වාර්තාවක් සකස්කිරීම පිළිබඳව කාර්යාල නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමක් කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේ දී ඊයේ (04) පැවැත්විණි.
 
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවිද අංශ නියෝජනය කරන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් පිරිසක් සහභාගිවිය.
 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
FB IMG 1672907764438   FB IMG 1672907781188   FB IMG 1672907788152   FB IMG 1672907792783
 
FB IMG 1672907797294     FB IMG 1672907801639
FB IMG 1672907640707 2022 සිව්වන කාර්තුවට අදාළ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේ දී අද (27) පැවැත්විණි.
 
එහිදී පසුගිය වාර්තාවන් වල වර්තමාන ප්‍රගතිය, රාජ්‍ය සේවකයින් ලබාගෙන ඇති ණය ආපසු අයකරගැනීම සම්බන්දව, ණය අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, ප්‍රාදේශීය විගණන හා කළමනාකරණ කමිටු වලින් පැන නැඟුණු ගැටළු ඇතුළු කරුණු රැසක් පිළිබඳ දීර්ඝ ලෙස සකච්ඡා කෙරිණි.
 
මෙම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, ප්‍රධාන ගණකාධිකාරී ජි. ජයවීර, ගණකාධිකාරී රුවිනි ඩී. ජයසේන, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩබ්.එෆ්.ඩි.පී. ප්‍රනාන්දු, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රධාන අභ්‍යන්තර විගණක කේ.ඒ.ඩි. වසන්ත කුමාර, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.පී.එස්. අශෝක කුමාර, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
 FB IMG 1672907701283   FB IMG 1672907648906    FB IMG 1672907654541   FB IMG 1672907666612
  
FB IMG 1672907672462   FB IMG 1672907683166    FB IMG 1672907687150    FB IMG 1672907695605
මාධ්‍ය නිවේදනයයි.
2022.12.19
ප්‍රවෘත්ති කර්තෘ / ප්‍රවෘත්ති සංස්කාරක, 
 
"ලබන වසර තුළ පවුල් 14200 ක් දුප්පත්කමින්  මුදවා ගැනීමේ සැලැස්මක්"
රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියයි  
සෑම ග්‍රාම සේවා වසකම සිටින දුගී දුප්පත් පවුල තෝරා එම පවුල ඉන් මුදවා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ලබන වසරේ ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනෙහි  ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රගති  සමාලෝචන රැස්වීමට පසුගියදා එක්වෙමිනි. 
 
ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව පවුල් 14200 දුප්පත්කමින් මුදවා ගැනීම මෙහි අරමුණයි. දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට රාජ්‍ය  අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා උපදෙස් ලබා දුන්නේ ලබන ජනවාරි වනවිට තම බල ප්‍රදේශයේ දුප්පත් පවුල් තෝරාගෙන තමාට  වාර්තාවක් ලබාදෙන ලෙසයි. එම තෝරාගත් පවුල් ලබන වසර අවසන් වන විට දුප්පත් කමින් මුදවා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට නියමිතයි.
 
එම තෝරාගත් පවුල්  දුප්පත්කමින් මුදවා ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරු අමාත්‍යාංශ ලේකම් සමග ගිවිසුමකටද එළඹීමට නියමිතයි.
 
මීට අමතරව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාල  කොට්ඨාශයකින් නව ව්‍යවසායකයින් දසදෙනෙකු තෝරාගෙන ඔවුන් නගා සිටුවීමට වැඩපිළිවෙළක් සකසන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී උපදෙස් දෙන ලදී. මෙම  වැඩපිළිවෙළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට  ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් එම තනතුරු වලින් ඉවත් වීමට කිසිදු බාධාවක් නොමැති බව මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. 
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය

FB IMG 1670997768192

 
කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කල “2022 දිසාපති කුසලාන ක්‍රීඩා තරඟාවලිය” අවසානය සනිටුහන් කරමින් ජයග්‍රාහකයින් හට වර්ණ හා ජය සංකේත ප්‍රධානය කල "වර්ණ රාත්‍රිය" ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා යොවුන් රඟහලේ දී දෙසැම්බර් (02) දා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
 
ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, ගරු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන මැතිතුමන් ඇතුළු අරවින්ද සිල්වා, නුවන් සොයිසා, චමින්ද වාස්, කාලික වසන්තප්‍රිය ඇතුළු විවිධ ක්‍රීඩාවන් නියෝජනය කර ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙනගිය ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් හා රෝහණ බෝගොඩ මහතා, රෝහණ සිරිවර්ධන මහතා, නිරංජලා සරෝජිනී මහත්මිය ඇතුළු කලා කරුවන් පිරිසක් ද මේ සඳහා සහභාගිවිය.
 
කොළඹ දිස්ත්‍රික් වංශකතාවේ ප්‍රාදේශීය පරිපාලනයේ අලුත් සටහනක් එකතු කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1480 කගේ පමණ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ  ක්‍රීඩා තරගාවලියේ අරමුණ ක්‍රීඩාව තුලින් සාමුහික කණ්ඩායම් හැඟීම් වර්ධනය, සුහදතාවය වර්ධනය, නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්වය වර්ධනය හා ඒ තුලින් මහජනතාවට හිතැති කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වාගැනීම බවත් ඒ සඳහා රාජ්‍ය මුදල් භාවිතා නොකර මෙම වැඩසටහන සංවිධානය කල බවත් දිසාපතිතුමන් විසින් මෙහිදී ප්‍රකාශ කළේය.
 
තරගාවලිය අවසානයේ ජයග්‍රාහකයන් 286ක් සහ වර්ණ ලාභීන් 200ක් සුදුසුකම් ලබා සිටි අතර ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ඇතුළු දේශපාලන නියෝජිතයින්, කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාණ්ඩලික නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙනගිය ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා කලාකරුවන්ගේ සුරතින් එම වර්ණ හා ජය සංකේත පිරිනැමීම එදින සිදුකෙරිණි.
 
කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේම සංකල්පයක් මත ක්‍රියාත්මක කල " Voice of Colombo " තරඟයේ ජයග්‍රාහකයින්ගේ ගීත වලින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු නිලධාරින්ගේ නර්ථනයන්ගෙන් වැඩසටහන විචිත්‍රවත් විය. මනෝජ් පිරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්ධය සංගීතය සපයනු ලැබිණි.
 
කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ දැඩි කැපවීම හා නායකත්වය මත, කොළඹ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගයෙන් පුරා මාස ගණනක් පැවැත්වූ විශිෂ්ඨ ක්‍රීඩා තරගාවලියක නිමාව එදින වර්ණ රාත්‍රියේ දී අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් වර්ණවත් ලෙස සනිටුහන් කෙරිණි.
 
🏆🏅 🏆🎖️ 🏆🏅 🏆🎖️ 🏆🏅 🏆🎖️
 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
FB IMG 1670997763860   FB IMG 1670997745019   FB IMG 1670997678737   FB IMG 1670997681621
 
 
FB IMG 1670997685228   FB IMG 1670997691494   FB IMG 1670997707953   FB IMG 1670997714782
 
 
FB IMG 1670997717414   FB IMG 1670997720815    FB IMG 1670997728862   FB IMG 1670997733072
 
 
FB IMG 1670997736395    FB IMG 1670997741454    FB IMG 1670997763860
IMG 20221115 WA0006කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක “දිසාපති කුසලාන” කොළඹ දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්‍රීඩා තරඟාවලියේ අවසන් ඉසව්  ලෙස ජවන හා පිටිය ක්‍රීඩා තරග  කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් අයුරින් ඊයේ (13) දින පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මලල ක්‍රීඩා උළෙල ජවන හා පිටිය තරග රැසකින් වර්ණවත් විය. මලල ක්‍රීඩා තරඟාවලියේ උණුසුම් තරඟ රැසක ජය හිමිකරගනිමින් එම තරඟාවලියේ ශූරතාවය තමන් සතුකරගැනීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වෙද්දී අනුශුරතාවය පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හිමිකරගත්හ.

පුරා දින ගණනක් දිසාපතිතුමන්ගේ දැවැන්ත ශක්තිය හා මගපෙන්වීම යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පුර්ණ සහයෝගයෙන් යුතුව ක්‍රියාත්මක වූ දිසාපති කුසලාන ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශුරතාවය අභිමානවත් ලෙස තමන්ගේ නම ඉදිරියේ සනිටුහන් කරගැනීමට  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ සමත් විය. සමස්ත ක්‍රීඩා උළෙලේ අනු ශුරතාවය හිමිකරගත්තේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනි.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය  -
 
IMG 20221115 WA0016   IMG 20221115 WA0024    IMG 20221115 WA0025
 

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලන්වත්ත වීරසිංහ මාවතේ ස්ථාපිත කර ඇති “සොබාදම් පියස” ආදර්ශ කෘෂිකාර්මික ව්‍යාපෘතිය නිරීක්ෂණය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතා පසුගියදා එක්විය.

මෙම අවස්ථාවට කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ.පී. ප්‍රේමදාස මහතා පිළියන්දල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු පිරිසක් ද සහභාගී විය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය  -
 
IMG 20221114 WA0034   IMG 20221114 WA0049   IMG 20221114 WA0028
         
IMG 20221114 WA0027   IMG 20221114 WA0035   IMG 20221114 WA0025
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින්, ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදය කළමනාකරණය කර ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් “කොළොම්තොට වගා සංග්‍රාමය” ක්‍රියාත්මක කර ඇත.

“කොළොම්තොට වගා සංග්‍රාමය” වගා වැඩසටහන ආරම්භයේදීම ඒ පිළිබඳව ආදර්ශයක් සපයමින් කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතා විසින් කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි තම නිල නිවසේ අක්කරයක භූමි භාගයක එළවළු වර්ග 15 කට ආසන්න ප්‍රමාණයක් වගා කෙරිණි.

මෙම සාර්ථක ගෙවතු වගාව නිරීක්ෂණය කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන මහතා ඊයේ (10) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් නිල නිවසට පැමිණියේය. මෙම අවස්ථාවට ගරු අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතාද එක් විය. ඉතාමත් නාගරික ප්‍රදේශයක, සැමට ආදර්ශයක් සපයමින් සාර්ථකව සිදුකරගෙන යන මෙම ගෙවතු වගාව අග්‍රාමාත්‍යවරයාගේ දැඩි ප්‍රශංසාවට ලක් විය.

එහිදී කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතා විසින් එම භූමියෙන් වගා කරන ලද අස්වැන්නෙන් නෙළාගත්  කාබනික එළවළු  අග්‍රාමාත්‍යවරයාට සහ  එම අවස්ථාවට සහභාගී වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට පිළිගැන්වීම සිදුවිය.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
IMG 20221114 WA0002   IMG 20221114 WA0020 IMG 20221114 WA0021   IMG 20221114 WA0022
             
IMG 20221114 WA0008   IMG 20221114 WA0010   IMG 20221114 WA0011   IMG 20221114 WA0012
             
IMG 20221114 WA0013   IMG 20221114 WA0016   IMG 20221114 WA0017   IMG 20221114 WA0018
             
IMG 20221114 WA0019   IMG 20221114 WA0014   IMG 20221114 WA0004   IMG 20221114 WA0006
             
  IMG 20221114 WA0022   IMG 20221114 WA0024    
             


IMG 20221122 WA0025කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් , 2022.10.04 වන දින කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මේ සඳහා වැඩිහිටි සංවිධාන නියෝජනය කරමින් ජේෂ්ඨ පුරවැසියන්, ළමා සමාජ ළමුන්, පාසල් ළමුන්, විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සහ පෙර පාසල් දරු දැරියන් සහභාගි විය.

දරු දැරියන්ගේ සහ ළමුන්ගේ මෙන්ම, ජේෂ්ඨ පුරවැසියන්ගේ රංගන කුසලතා මෙහිදී ඉදිරිපත් කල අතර, පෙර පාසල් දරුදැරියන් විසින් තමන්ගේ නිදහස් සිතුවිලි චිත්‍රයට නැගීමද මෙහිදී සිදු විය. වැඩසටහනෙහි ආරාධිත දේශනය රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයේ මහාචාර්ය දුමින්ද ගුරුගේ මැතිතුමා විසින් සිදුකරන ලදී.

මේ සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ,අතිරේක දිස්ත්‍රික් ලේකම් කාන්චනා ගුණවර්ධන,කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, වැඩසටහන සඳහා අනුග්‍රහය දැක් වූ රාජ්‍ය නොවන සංවිධාන ආයතන නියෝජිතයින්ද මේ සඳහා සහභාගි විය.

IMG 20221122 WA0008    IMG 20221122 WA0014    IMG 20221122 WA0035   IMG 20221122 WA0038

 

FB IMG 1667541488721කොළඹ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතාගේ හා කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය නොවැම්බර් 01 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
"රටේ කිසිඳු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොසිටිය යුතුයි" යන්න අරමුණු කරගනිමින් රජය විසින් ක්‍රියාත්මක කල ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන පිළිබඳව, එය ක්‍රියාත්මක කලයුතු ආකාරය, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නව ව්‍යපෘති යන කරුණු පිළිබඳව ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා මෙහිදී දීර්ඝ විස්තරයක් කළේය. මෙම වැඩසටහනට අදාල සියලුම අංශ ආදර්ශමත්ව කල හැකි ප්‍රධානතම දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය බව බටගොඩ මහතා විසින් සඳහන් කළේය. වෘත්තීය සුදුසුකම් වලින් හෙබි අනාගත පරපුරක් බිහිකිරීමෙහිලා නිලධාරීන් කැපවිය යුතු බවත් ආර්ථික සංවර්ධනයට එය මහඟු පිටුවහලක් වන බවත් මෙහිදී විස්තර කෙරිණි. 
පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි (ආචාර්ය) සරත් වීරසේකර මහතා මෙම රැස්වීම සඳහා සහභාගී වූ අතර කොළඹ දිස්ත්‍රික්කය තුල පවතින විවිධ ගැටළු මොනවාද, ඒවාට ගතයුතු ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳ ඔවුන්ගේ අවධානයට යොමුවිය.
දිස්ත්‍රික්කයේ දරුවන්, ගැබිණි කාන්තාවන් හා කිරිදෙන මව්වරුන්ගේ පෝෂණ තත්වයන් පිළිබඳව මෙහි අවධානය යොමු කල අතර කොළඹ දිස්ත්‍රික්කයේ පොහොර බෙදාදීම සම්බන්ධව, යල කන්නයේ වී වගාවේ ප්‍රගතිය සම්බන්ධව හා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට ලැබී ඇති ලිපි හා ඒවායේ ගැටළු වලට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්දව ඒ ඒ නිලධාරීන් සමඟ සාකච්ඡා කර සුදුසු තීරණ ගැනීමට උපදෙස් ලබාදීම මෙහිදී සිදුකරන ලදී.
කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා විසින් වැඩසටහන සම්බන්ධීකරණය හා මෙහෙයවීම සිදුකල අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගිවුහ.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
FB IMG 1667541486524   FB IMG 1667541488721   FB IMG 1667541490820
         
FB IMG 1667541492723   FB IMG 1667541495868   FB IMG 1667541498250
         
FB IMG 1667541501001   FB IMG 1667541503464   FB IMG 1667541506096
         
FB IMG 1667541508294   FB IMG 1667541510680    
කොළඹ දිස්ත්‍රික්කයේ ආබාධ සහිත වූවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නංවමින් ඔවුන් ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින් සෑම වසරකම සංවිධාන කරනු ලබන “ආබාධ සහිත වූවන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය -2022” අද(27) දින කඩුවෙල ජි.එච්. බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ මෙහෙයවිම යටතේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහය ඇතිව මෙම ක්‍රිඩා උළෙල පවත්වන ලදි.
   මෙවර ක්‍රීඩා උළෙල කොළඹ දිස්ත්‍රික්කයේ ජිවත්වන විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට හා ආබාධිත පුද්ගලයින්ට සමාන හා උපරිම අවස්ථා ලබා දීම, ඔවුන්            මානසිකව හා ආධ්‍යාත්මිකව සවිබල ගැන්වීම සහ ඔවුන් ඒකාබද්ධ කිරීමේ අරමුණ ඇතිවය ක්‍රියාත්මක විය.
අබාධිත සහිතවූවන්ගේ දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙලේ තරග වැදී ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රිඩක, ක්‍රිඩාකාවන් ජාතික මළල ක්‍රිඩා උත්සවයට ඉදිරිපත් කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 13 ආවරණ වන පරිදි ආබාධ සහිත බාලක, බාලිකාවන් 300 කට ආසන්න පිරිසක් මෙම ක්‍රිඩා උළෙලේ තරග ඉසව් සදහා සහභාගිවිය.
මෙම ක්‍රීඩා උළෙල සදහා කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න, බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ සෙව්වන්දි හෙට්ටිආරච්චි, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී ඇතුලු රාජ්‍ය නිලධාරින් හා රාජ්‍ය නොවන ආයතන නිලධාරින් පිරිසක් සහභාගී විය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
FB IMG 1666914750944   FB IMG 1666914754001    FB IMG 1666914757299 
 
 
 
   FB IMG 1666914760293     FB IMG 1666914763081    FB IMG 1666914766159    
 
FB IMG 1666914779961    FB IMG 1666914803784   
 
 
 FB IMG 1666914808421   FB IMG 1666914800815
 
 FB IMG 1666914815029     FB IMG 1666914811744    FB IMG 1666914786454

IMG 20221012 WA0001 
මෝදර කජීමාවත්ත නිවාස ආශ්‍රීත නිරන්තර ගිනිගැනිම් සිදුවීමට හේතුව සොයා බැලීමට පත්කළ අග්‍රාමාත්‍ය කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ(10) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට භාර දුන්නේය.

කමිටුවේ සම සභාපතිවරුන් වන කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මහතා මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෝදර කජිමාවත්ත වතු නිවාස ආශ්‍රිතව  අවුරුදු එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ ගිනි ගැනීම් තුනක් සිදුවූ අතර පවුල් විශාල ප්‍රමාණයක් අවතැන් විය.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ අග්‍රාමාත්‍යවරයා  එම නිවාස ආශ්‍රිත ගිනි ගැනීම් වලට හේතුව  සහ  එහි පදිංචිකරුවන් පිළිබඳව සොයා බැලීම සඳහා  මෙම කමිටුව පත්කළේය.

එම කමිටුවේ සභාපතිවරු ලෙස කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සම සභාපති මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා හා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මහතා කටයුතු කළ අතර  කොළඹ නාගරික කොමසාරිස්වරිය, රජයේ රස පරීක්ෂකවරයා,  පොලිස් ස්ථානාධිපතිවරුන්, කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා, ග්‍රාම නිලධාරීවරයා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය , නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන නිලධාරීන් හා අදාල සියලු පාර්ශ්වයන් එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත්කර තිබිණි.

ඉකුත් සතියේ රැස්වූ කමිටුව නිවාස පේලේ අයිතිය, පරිහරණය, පදිංචිකරුවන් එහි පැමිණි ආකාරය, මේ සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ පහුගිය කාලයේ ගිනිගැනීම්වලට හේතු  සම්බන්ධයෙන්  විමර්ශනය කෙරුණු අතර ඒ අනුව සකස් කෙරුණු  නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව මෙලෙස අග්‍රාමාත්‍යවරයාට භාරදුන්නේය.

WhatsApp Image 2022 10 11 at 9.09.27 AM    WhatsApp Image 2022 10 11 at 9.09.34 AM   WhatsApp Image 2022 10 11 at 9.09.33 AM 


කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව “කොළොම්තොට වගා සංග්‍රාමය” වගා වැඩසටහන පසුගිය කාලය පුරා කොළඹ දිස්ත්‍රික්කයේ අතිසාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.

ආරම්භයේදීම ඒ පිළිබඳව ආදර්ශයක් සපයමින් කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි තම නිල නිවසේ අක්කරය භූමි භාගයක වගා බිමක් ආරම්භ කිරීමට
දිසාපතිතුමන් විසින් කටයුතු කළේය.

අද ( 10 ) එම වගාවේ මුල්ම අස්වැන්නෙන් කොටසක් නෙලා දිසාපතිතුමන්ට පිළිගැන්වීම සිදු කරන ලදී.


- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

    WhatsApp Image 2022 10 11 at 9.09.35 AM

කසාන් අන්තර්ජාතික මුස්ලිම් චිත්‍රපට උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය හා ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේදී හොදම අධ්‍යක්ෂණය වෙනුවෙන් හිමි සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිකරගත්  “ද නිවුස් පේපර්” සිනමාපටය ප්‍රථම වරට දේශීය වශයෙන් ඇගයීම පසුගිය සැප්තැම්බර් 30 වනදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදුවිය.

IMG 20221003 WA0008 IMG 20221003 WA0002 IMG 20221003 WA0005 IMG 20221003 WA0010

කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ මගපෙන්වීම යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා කොළඹ දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් පැවැත්වුණු සම්මාන පිදීමේ උත්සවය “කොළොම්තොට හරසර ප්‍රණාම” උළෙල ලෙස සංස්කෘතික අංගවලින් විචිත්‍රවත්ව පැවැත්වුණි.

මෙම උළලේදී “ද නිවුස් පේපර්” චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් මෙන්ම ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වූ කුමාර තිරිමාදුර මහතා සහ සරත් කොතලාවල මහතා ඇගයීමට ලක්විය.

එමෙන්ම එම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් වන ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, සරසවි පොත් ප්‍රකාශක ආයතනයේ අධිපති එච් ඩී ප්‍රේමසිරි සහ ප්‍රවීන සංස්කරණ ශිල්පී රවින්ද්‍ර ගුරුගේ යන මහත්වරුන්ද විශේෂ සම්මානයට පාත්‍ර විය.

මීට අමතරව එම සිනමාපටයේ රංගනයෙන් දායක වූ සියලුම රංගන ශිල්පීන්ට මෙන්ම අනෙකුත් සහය දැක්වූ ශිල්පීන්ටද සහතික පත්‍ර පිරිනැමීය. මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වූ ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් පැවසුවේ ජාත්‍යන්තර සම්මාන දිනාගත් මෙම සිනමා නිර්මාණය සඳහා නිෂ්පාදනයෙන් දායක වීමට ලැබීම සතුටට කරුණක් බවය.

“ද නිවුස් පේපර්” සිනමාපටය ජාත්‍යන්තර වශයෙන් ඇගයීම් ලැබුවත් වසර 3කට පසුව හෝ දේශීය වශයෙන් ලද, ප්‍රථම ඇගයීම වන “කොළොම්තොට හරසර ප්‍රණාම”  සම්මානය තමන්ට ඉතා වැදගත් බව සරත් කොතලාවල මහතා සම්මාන ලබාගැනීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් පැවසිය.

මෙරට ක්‍රීඩාවට හිමි ස්ථානය සිනාමාවටත් හිමිවන්නේ නම් මෙවැනි ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්වන නිර්මාණ නිරන්තරයෙන් බිහිවන බව පැවසු කුමාර තිරිමාදුර මහතා, “කොළොම්තොට හරසර ප්‍රණාම” සම්මාන උළෙල සංවිධානය කිරීම පිළිබඳව සංවිධායක මණ්ඩලයට තම ස්තුතිය පළකළේය.

-කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

facebook_1663983742438_6979253666844203586.jpg
 
2022 සැප්තැම්බර් මාසය සඳහා වන කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල කුඩා ශ්‍රවණාගාරයේ දී අද (23) පැවැත්විණි.
 
රටේ වත්මන් ආර්ථික අර්බුධය හමුවේ පිඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කල "අහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය" වැඩසටහන යටතේ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටු පිහිටුවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
 
රජයේ ඉඩම් සදහා ප්‍රකාශන ඔප්පු ලියාපදිංචි කිරීම වැළැක්වීම, සමෘද්ධි වැඩසටහන යටතේ බොල් ණය හා කල් පසුවූ ණය අයකර ගැනීම, කොළොන්තොට වගා සංග්‍රාමයට සමගාමිව පැවැත්වීමට නියමිත ගෙවතු වගා තරඟය, 75 වන නිදහස් සැමරුම් උළෙල, ලෝක ළමා දිනය වෙනුවෙන් ළමා හා කාන්තා ඒකකය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ලෝක ළමා දින සැමරුම් උත්සවය, දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය, දිසාපති ක්‍රීඩා කුසලාන තරඟාවලියේ පැවැත්වීමට නියමිත ඉදිරි තරඟ යන වැඩසටහන් පිලිබඳ සාකච්ඡා කල අතර පසුගිය වාර්තාවෙන් පැනනගින ගැටළු පිලිබඳව ද සාකච්ඡා කළේය.
 
යල කන්නයේ වී වගාවේ ප්‍රතිය, මහ කන්නයේ වගාවට අවශ්‍ය පොහොර සැපයීමේ ක්‍රමවේදය පිළිබඳ දිසාපතිතුමන් විසින් මෙහිදී සොයා බලන ලදී.
 
ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් නිවාස කමිටුව පැවැත්විණි.
 
"ඔබට ගෙයක් රටට හෙටක්" නිවාස ආධාර වැඩසටහනෙහි ප්‍රගතිය හා නිවාස ණය අයකරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, ප්‍රධාන ගණකාධිකාරී ජි. ජයවීර, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ඉංජිනේරු ලලිතා ගමගේ මහත්මිය, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.
 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
facebook_1663983742438_6979253666844203586.jpg
 
IMG 20220924 WA0005  කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල කුඩා ශ්‍රවනාගාරයේ දී අද(20) පැවැත්විණි.
 
යල කන්නයේ වී වගාවේ ප්‍රගතිය, මහ කන්නයේ වී වගාවේ ඉලක්ක හා පොහොර ලබාදීම පිලිබඳ මෙහිදී සොයා බැලිණි. කොළඹ දිස්ත්‍රික්කය තුළ දේශීය වැල් අල බෝග වගාව, බිම්මල් වගාව, මී මැසි පාලනය, එළවලු බීජ නිෂ්පාදන වැඩසටහන්, සත්ව පාලනය, අහාර සංරක්ෂණ වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
 
 
වී වගා කල නොහැකි "බී" ශ්‍රේණියේ කුඹුරු ඵලදායි ලෙස කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගතහැකි ක්‍රමයක් වන සෝජාන් ක්‍රමය යටතේ වගාවන් කලහැකි ස්ථාන පිළිබඳව මෙහිදී අවදානය යොමුවිය. දිසාපතිතුමන්ගේ සංකල්පයකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කල කොලොන්තොට වගා සංග්‍රාමයේ ප්‍රගතිය හා ඊට සමගාමිව පැවැත්වීමට නියමිත ගෙවතු වගා තරඟාවලිය පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
 
මිරිදිය මත්ස්‍ය වගාවට සමගාමිව මත්ස්‍ය පැටවුන් තැම්පත්කල වැඩසටහන්, ඉස්සන් වගාව හා විසිතුරු මත්ස්‍ය වගාවන් පිළිබඳව දිස්ත්‍රික් ජලජීවී ව්‍යාපෘති නිලධාරී විසින් විස්තර කල අතර මිල අධික විසිතුරු මසුන් අභිජණනය කර අපනයනය කිරීම මඟින් ඉහල අදායමක් ඉපයිය හැකි බව ද පැහැදිලි කළේය.
 
මෙම අවස්ථාවට කෘෂිකාර්මික අධ්‍යක්ෂ එස්.එම් නාගහවත්ත, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු,  අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්, දිස්ත්‍රික් ජලජීවී ව්‍යාපෘති නිලධාරී, කොළඹ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.
 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
IMG 20220924 WA0001  IMG 20220924 WA0002  IMG 20220924 WA0004  IMG 20220924 WA0005  IMG 20220924 WA0007  
 
 

WhatsApp Image 2022 09 20 at 10.20.02 AM 2කොළඹ දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය පිලිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මැතිතුමාගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේ දී අද (16) පැවැත්විණි.

"රටේ කිසිඳු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුයි" යන්න අරමුණු කරගනිමින් රජය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ප්‍රාදේශීය ඒකාබද්ධ යාන්ත්‍රන කමිටු හා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර පිහිටුවා ගනිමින් සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තිකයන්, ආගමික නායකයින්, දේශපාල​නඥයින් යන සියලුම අංශයන්හි සහභාගිත්වයෙන් පුළුල් වැඩසටහනක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.


ජීවන උපාය අහිමි වූ ව්‍යාපාරිකයින්, ස්වයං රැකියා අහිමි වුවන්, කොවිඩ් 19 නිසා රැකියා අහිමිවුවන්, පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතාවයන්, යන ගැටළු පිලිබඳව මෙහිදී සාකච්ඡා කල අතර ආහාර අර්බුදයට මුහුණදීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ කලින් ක්‍රියාත්මක කල කොලොන්තොට වගා සංග්‍රාමයේ සාර්ථකත්වය පිලිබදවත් පැහැදිලි කළේය.


සත්ව පාලනය, මිරිදිය මසුන් වගාව, ධීවර කර්මාන්තය යන අංශ නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

රටේ වත්මන් ආර්ථික පසුබෑම හමුවේ ඉහළ ජනගහනයක් සිටින කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වඩාත් අසරණව සිටින බවත් එම ජනතාවට සරණක් වීම සඳහා මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සියලුම නිලධාරීන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් දිසාපතිතුමන් සදහන් කළේය.

මෙය එක් ක්ෂේත්‍රයක් මත පමණක් නොව කෘෂි කාර්මික ක්ෂේත්‍රය මුලික කරගනිමින් ආර්ථික, සමාජ, සංස්කෘතික යන සියලු පැතිකඩයන් ඔස්සේ පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම වැදගත් බවද එහිදී අවධාරණය කෙරිණි.


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, කෘෂිකාර්මික අධ්‍යක්ෂ එස්.එම් නාගහවත්ත, මහාචාර්‍ය සිරිමෙවන් වෛද්‍යසේකර මහතා, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියන්, වාරිමාර්ග අධ්‍යක්ෂක, කොළඹ ප්‍රාදේශීය ලේකම් වරුන්, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

WhatsApp Image 2022 09 20 at 10.20.02 AM 6   WhatsApp Image 2022 09 20 at 10.20.02 AM   WhatsApp Image 2022 09 20 at 10.20.02 AM 5
         
WhatsApp Image 2022 09 20 at 10.20.02 AM 1   WhatsApp Image 2022 09 20 at 10.20.02 AM 3   WhatsApp Image 2022 09 20 at 10.20.02 AM 2

 

WhatsApp Image 2022 09 13 at 2.44.50 PMකොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අදහසකට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක 2022 දිසාපති කුසලාන ක්‍රීඩා තරගාවලියේ නෙට්බෝල් තරගාවලිය රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සත්කාරකත්වයෙන්, දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්
රත්මලාන සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී අගෝස්තු 11 දින පැවැත්වුණි.

කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම සමඟ කණ්ඩායම් 14ක් ඒ සඳහා සහභාගිවිය.

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නෙට්බෝල් කණ්ඩායම තරගාවලියේ අනු ශුරතාවය දිනාගත් අතර අතිවිශිෂ්ඨ තරඟකාරි අවසානයක් සනිටුහන් කරමින් ශූරතා කිරුළ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නෙට්බෝල් කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.

ශූරතාවය දිනාගත් කඩුවෙල නෙට්බෝල් කණ්ඩායමටත්, අනුශූරතාවය දිනා ගත් කැස්බෑව නෙට්බෝල් කණ්ඩායමටත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා කොළඹ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උණුසුම් සුභපැතුම්,,,

🏆 🥇🏆 🥇🏆 🥇🏆 🥇🏆 🥇🎉🎉🎉🎉🎉🎉🎉🎉

 

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

WhatsApp Image 2022 09 13 at 2.44.50 PM 1   WhatsApp Image 2022 09 13 at 2.44.50 PM 3   WhatsApp Image 2022 09 13 at 2.44.51 PM   WhatsApp Image 2022 09 13 at 2.47.05 PM   
               
WhatsApp Image 2022 09 13 at 2.44.50 PM   WhatsApp Image 2022 09 13 at 2.44.51 PM 2   WhatsApp Image 2022 09 13 at 2.44.52 PM    WhatsApp Image 2022 09 13 at 2.44.50 PM 2  

 

WhatsApp Image 2022 09 13 at 12.36.39 PM 1

කොළඹ දිස්ත්‍රික්කය සතු සම්පත් කාර්යක්ෂමව යොදාගෙන ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමේ සිට සියලු පාර්ශ්ව සම්බන්ධ කරගනිමින්, ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩකටයුතු ඉටුකිරීමට එක්වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා කොළඹ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කලේ “ග්‍රාම නිලධාරී වසම්, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ ජාතික වැඩ සටහන" ආරම්භ කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාණ්ඩලික නිලධාරීන් ඇතුළු දිස්ත්‍රික්කය නියෝජනය අනෙකුත් නිලධාරීන් දැනුවත් කිරීමේ මාර්ගගත(Google Meet) සමාරම්භක සාකච්ඡාවට අද(08) දින එක්වෙමිනි.

ගුගල් මීට් (Google Meet) යෙදවුම මගින් මාර්ගගතව සිදුකල මෙම සාකච්ඡාවේදී ඉදිරි දෙසතිය තුල කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික පුනර්ජීවන කමිටු සියල්ලම පිහිටුවා අවසන් කිරීමට තීරණය කෙරිණි. ලබන ඔක්තෝම්බර් මාසයට පෙර කොළඹ දිස්ත්‍රික් ආර්ථික පුනර්ජීවන කමිටුව පිහිටුවා අවසන් කිරීමටත් නියමිතය.

පිහිටුවීමට නියමිත ආර්ථික ආර්ථික පුනර්ජීවන කමිටුවකට සංවර්ධන සැලැස්මක් හා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඒ අනුව කටයුතු කිරීමටත් තීරණය ගැනිණි.

WhatsApp Image 2022 09 13 at 12.36.39 PM   WhatsApp Image 2022 09 13 at 12.36.40 PM   WhatsApp Image 2022 09 13 at 12.36.40 PM 1

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

 

6  

කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක "දිසාපති කුසලාන කාන්තා වොලිබෝල් තරගාවලිය පාදුක්ක හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සත්කාරකත්වයෙන් පසුගිය 27 වනදා පාදුක්ක සිරි පියරතන විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි.

කාර්යාලීය නිලධාරීන්ගේ සුහදතාවය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම හා ක්‍රීඩා කුසලතා හදුනා ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වූ තරඟාවලිය සඳහා දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්,සහකාර දිස්ත්‍රික් ලේකම්, ප්‍රධාන ගණකාධිකාරි, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම් වරුන්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ) නිලධාරීන්,
ගණකාධිකාරිවරුන් ඇතුළු කාර්‍ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගි විය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායම් තම දක්ෂතා දැක්වූ අතර තරඟාවලියේ ශූරතාවය කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කණ්ඩායම විසින් දිනාගත් අතර අනු ශූරතාවය සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

 

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

2   1  3

  

  5 4   7  

කළමනාකරණ සේවා නිලධාරි සේවයේ I පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්‍යක්ෂමතා කඩයිම නිදහස් කිරීමේ පාඨමාලාව - VII කණ්ඩායම - 2022.09.05 සිට 2022.09.16 දක්වා (දින 10) සම්බන්ධව පහත සබැදියට පිවිස ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගත හැක.  

පාඨමාලා කාලසටහන -
Click Here

නම් ලැයිස්තුව - Click Here

 

HonChamalR1විවිධ දෝෂ හේතුවෙන් පරිහරණය නොකොට අපහරණය සඳහා වෙන්කර තිබූ වාහන 06 ක් අළුත්වැඩියා කර නැවත ධාවන තත්ත්වයට පත්කර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් වෙත භාරදීම ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

VOC1කොවිඩ් වසංගත තත්ත්වය තුළ අඛණ්ඩ රාජ්‍ය පරිපාලනය යුතුකමක් නොව ඉටුකමක් කරගත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලදරුවන්ගේ ගායන කෞෂල්‍යය ඉදිරියට ගෙන ඒම සඳහා VOICE OF COLOMBO ගායන රියැලිටි වැඩසටහන ආරම්භ කෙරුණා.

Arthika 1කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදිප් යසරත්න මහතා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

samurdhi1       සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ප්‍රතිලාභියෙකු සඳහා ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා...

Prale meeting1

2021 ජූලි මාසය සඳහා වන කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව අද (2021 ජූලි 29) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරියන්ගේ සහභාගීත්වයෙන්.

Nilawaranaya1

2021 - 2023 කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල නිලවරණය "නිල මැදුර" පරිශ්‍රයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ඊ⁣යේ ( 2021 ජූලි 27 ) පැවැත්වුණා.

ඒ දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩල ගරු සභාපති ස්වාමීන්වහන්සේලා සහ ගරු ලේඛකාධිකාරි ස්වාමින්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති සහ අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධාන ගිහි සහභාගීත්වයෙන්.

 

Covid Injection1

කොවිඩ් 19 මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට දිවයින පුරා කඩිනමින් සිදු වෙමින් පවතිනවා. එහි දී කොරෝනා වෛරසයේ වැඩිම ව්‍යාප්තියක් සහිත බස්නාහිර පළාත තුළ එන්නත්කරණය සෞඛ්‍ය අංශවල සහයෝගයෙන් සිදු කෙරමින් පවතින අතර, ඒ අනුව විට විශාල පිරිසකට එන්නත් ලබා දී තිබෙනවා.

SauBhagya Homagama1

සමෘද්ධි , ගෘහ ආර්ථික , ක්ෂුද්‍ර මූල්‍ය , ⁣ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇති "සෞභාග්‍යා - සමෘද්ධි " සතියට සමගාමී ව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන" වැඩසටහන යටතේ විසිතුරු මල් හා විසිතුරු පත්‍රික ශාක නිෂ්පාදන හා අපනයන ප්‍රවර්ධන ගම්මාන වැඩසටහනේ සමාරම්භක උත්සවය 2021 ජූලි මස 03 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා.

SauBhagya moratuwa1

"සෞභාග්‍යා - සමෘද්ධි" සතියට සමගාමී ව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ "සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන" වැඩසටහන 2021යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය "සඳදිය" උත්සව ශාලාවේ දී පැවැත්වුණා.

kalakaruwnta adara1

කොවිඩ් 19 වෛරස වසංගත තත්ත්වය හේතුවෙන් සිය කටයුතු හා වෘත්තීන් කර ගැනීමට අපහසු වී තිබෙන කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි කලාකරුවන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු මලු 75 ක් ලබාදීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරුණා.

poson udanaya kotte1

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පොසොන් පොහොයට සමගාමි ව ක්‍රියාත්මක කල 2021 පොසොන් උදානය වැඩසටහන යටතේ අත්කම් නිර්මාණ තරගාවලියට යොමු කල නිර්මාණවල ජයග්‍රාහකයින් තෝරා ගැනීම පසුගිය දා සිදු කරනු ලැබුවා.

Homagama new building1

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ඉදිවෙමින් පවතින නව සිව් මහල් ගොඩනැගිල්ලෙහි ඉදි කිරීම් කටයුතු නිරීක්ෂණය , එහි ප්‍රගතිය සොයා බැලීම හා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද  (2021ජූනි 30 ) කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රදනත්වයෙන් පැවත්වුණා.

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිවිට ග්‍රාම නිලධාරි වසමේ ගංවතුරින් ආපදාවට පත් ස්ථාන පරීක්ෂා කිරිම හා ADRA රාජ්‍ය නොවන සංවිධානය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දුන් සහනාධාර බෙදාදීම පසුගිය දා කොළඹ දිස්ත්‍රික්ක ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

sahanamalu bedeema maratuwa 4

 

සංචරණ සීමා හේතුවෙන් අදායම් මාර්ග අහිමි වී පීඩාවට පත් ව සිටින මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උයන දකුණ ග්‍රාම නිලධාරී වසමේ "සමුද්‍ර ශක්ති" මහල් නිවාසයේ සහ වෙරළ තීරයේ පදිංචි අඩු අදායම්ලාභී පවුල් 300ක් සඳහා එක් පවුලකට රු.2500 පමණ වටිනා අත්‍යාවශ්‍ය ආහාර මලු ලබාදීමේ වැඩසටහනක් ඊයේ (2021 ජූනි 23 ) සිදු කෙරුණා.

මැදින් පුන් පොහෝ දිනය නිමිති කරගෙන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධායකත්වයෙන්, අත්තරගම පංඥාලංකාර ස්වාමීන් වහන්සේගේ (කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ) ධර්ම දේශනයක් (2021-03-24) නිල මැදුර කාර්‍යාල පරිශ්‍රයේ පැවැත්විණි....

 WEB NEWS

මහරගම අපේක්ෂා රෝහලට ලේ පරිත්‍යාග කිරීමේ අරමුණින් ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (202 මාර්තු 15) කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුණා.

කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් හා සම්බන්ධිකරණයෙන් පැවැත්වු ලේ දන්දීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා විසින් අධීක්ෂණය කරනු ලැබුවා...

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩල නිලවරණය කෝට්ටේ ප්‍රදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් සහ මගෙපන්වීම මත උඩහමුල්ල ජිනරතනාරාම විහාරස්ථානයේ දි පැවැත්වුණා. ඒ සදහා සංස්කෘතික නිලධාරින්, තරුණ සේවා නිලධාරි,සමාජ සේවා නිලධාරි ,සංවර්ධන නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් විසින් සහයෝගය ලබා දුන්නා. උඩහමුල්ල සිරි ජිනරතනාරාම විහාරස්ථානයේ පූජ්‍ය දලුක්කැටියේ බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේ එම නිලවරණයේ දී ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේ ලෙස තේරී පත් වුණා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 526 ඒ ගංගොඩවිල දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජනතාව සඳහා කොවිඩ් 19 මර්දන එන්නත ලබාදීම දෙවන දිනයටත් පැගිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේ දී සිදු කරනු ලැබුවා .
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා හා දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා විසින් එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණය කෙරුණා.
කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතාගේ උපදෙස් අනුව වසමේ නිලධාරීන් විසින් සම්බන්ධීකරණ කල මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විසින්.

ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රි ලංකාවේ අධ්‍යක්ෂ සහ දිස්ත්‍රික් ලේකම් අතර සාකච්ජාවක් 2022.08.18 දින පැවැත්විණි. ලෝක ආහාර වැඩසටහන යටතේ ලබාදුන් ප්‍රතිලාභ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභීන් සඳහා බෙදාදීමේ වැඩසටහනට දිස්ත්‍රික් ලේකම් සහභාගි විය.

Quarter 1               Quarter 2              Quarter 3             Quarter 4

10.02.2021            12.05.2021            11.08.2021           11.11.2021

අනු-ප්‍රවර්ගයන්