vote පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 ක් වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 182 ක් ඇප තැන්පත් කර ඇති අතර එම ඇප තැන්පත් කල පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 165 ක් නාම යෝජනා පත්‍ර ලබා දී ඇත. ඒ අතරින් නාමයෝජනා 15 ක් ප්‍රතික්ෂේප වී ඇති අතර නාමයෝජනා පත්‍ර 150 ක් පිළිගෙන ඇත.


කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොරටුව, කඩුවෙල යන මහනගර සභා 05 ක් සහ කොලොන්නාව, සීතාවකපුර, මහරගම, කැස්බෑව, බොරලැස්ගමුව යන නගරසභා 05 ක් සහ කොටිකාවත්ත මුල්ලේරියාව, සීතාවක හා හෝමාගම යන ප්‍රාදේශීය සභා 03 ක් සඳහා අපේක්ෂකයින් 7297 ක් තරග වදින අතර එම අපේක්ෂකයින් අතරින් පළාත් පාලන නියෝජිතයින් 582 ක් තෝරාගැනීමට නියමිතයි. එම නියෝජිතයින් අතරින් කාන්තාවන් 131 දෙනකු අනිවාර්යෙන් තෝරාගත යුතුව ඇත.


කොළඹ මහනගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 16 ක් සහ ස්වාධීන කණ්ඩායම් 5 ක් ලෙස නාමයෝජනා 21 ක් ඉදිරිපත් කර ඇති අතර එයින් නාමයෝජනා 16 ක් පිළිගෙන නාමයෝජනා 05 ක් ප්‍රතික්ෂේප වී ඇත. ප්‍රතික්ෂේප වූ නාමයෝජනා 05 අතර අභිනව නිවහල් පෙරමුණ, නව ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ 02 සහ ස්වාධින කණ්ඩායම් 03 ක් ඉදිරිපත් කල නාමයෝජනා පත්‍ර වේ.


දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සඳහා නාමයෝජනා පත්‍ර 09 ක් පිළිගත් දේශපාලන පක්ෂ 09 ක් විසින් ඉදිරිපත් වී ඇති අතර ඒ සියලු නාමයෝජනා පත්‍ර පිළිගනු ලැබිය.


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 11 ක් සහ ස්වාධීන කණ්ඩායම් 03 ක් ලෙස නාමයෝජනා පත්‍ර 14 ක් ඉදිරිපත් වී ඇති අතර ඒ අතරින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ස්වාධින කණ්ඩායමත් ඉදිරිපත් කල නාමයෝජනා පත්‍ර 02 ක් ප්‍රතික්ෂේප වී නාමයෝජනා පත්‍ර 12 ක් පිළිගෙන තිබේ.


මොරටුව මහනගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් සහ ස්වාධීන කණ්ඩායම් 02 ක් ලෙස නාමයෝජනා පත්‍ර 12 ක් ඉදිරිපත් වී ඇති අතර ඒ අතරින් නව ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කල නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී නාමයෝජනා පත්‍ර 11 ක් මොරටුව මහනගර සභාව සඳහා පිළිගෙන ඇත.


කඩුවෙල මහනගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14 ක් සහ ස්වාධීන කණ්ඩායම් 01 ක් ලෙස නාමයෝජනා පත්‍ර 15 ක් ඉදිරිපත්ව එම නාමයෝජනා පත්‍ර 15 ම පිළිගෙන ඇත.


කොලොන්නාව නගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් සහ ස්වාධීන කණ්ඩායම් 01 ක් ලෙස නාමයෝජනා පත්‍ර 11 ක් ඉදිරිපත්ව එම නාමයෝජනා පත්‍ර 11 ම පිළිගෙන ඇත.
සීතාවකපුර නගරසභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 07 ක් සහ ස්වාධීන කණ්ඩායම් 03 ක් ලෙස ඉදිරිපත් කල නාමයෝජනා 10 අතරින් එක් ස්වාධින කණ්ඩායමක් ඉදිරිපත් කල නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති අතර නාමයෝජනා පත්‍ර 09 පිළිගෙන ඇත.

මහරගම නගරසභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් හා ස්වාධින කණ්ඩායම් 05 ක් ලෙස නාමයෝජනා පත්‍ර 18 ක් ඉදිරිපත්කර ඇති අතර එම නාමයෝජනා පත්‍ර 18 ම පළාත් පාලන ඡන්ද විමසීම සඳහා පිළිගෙන ඇත.

කැස්බෑව නගරසභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 09 ක් හා ස්වාධින කණ්ඩායම් 02 ක් ලෙස නාමයෝජනා පත්‍ර 11 ක් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව එම නාමයෝජනා පත්‍ර 11 ම පිළිගෙන තිබේ.

බොරලැස්ගමුව නගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 07 ක් සහ ස්වාධින කණ්ඩායම් 01 ක් ලෙස නාමයෝජනා පත්‍ර 08 ක් ඉදිරිපත් කර ඇති අතර එම නාමයෝජනා සියල්ල පිළිගෙන ඇත.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 11 ක් හා ස්වාධින කණ්ඩායම් 01 ක් ලෙස ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 12 ක් අතරින් නිදහස් ජනතා පෙරමුණ, ලංකා ජනතා පක්ෂය හා ජාතික කොංග්‍රසය ඉදිරිපත් කල නාමයෝජනා පත්‍ර 03 ක් ප්‍රතික්ෂේපව නාමයෝජනා පත්‍ර 09 ක් පිළිගෙන ඇත.

සීතාවක ප්‍රාදේශීය සභාව පිළිගත් දේශපාලන පක්ෂ 07 ක් සහ ස්වාධින කණ්ඩායම් 02 ක් ලෙස නාමයෝජනා පත්‍ර 09 ක් ඉදිරිපත්කර ඇති අතර එම නාමයෝජනා පත්‍ර සියල්ල පිළිගෙන ඇත.

හෝමාගම ප්‍රාදේශීය සභාව පිළිගත් දේශපාලන පක්ෂ 09 ක් සහ ස්වාධින කණ්ඩායම් 03 ක් ලෙස නාමයෝජනා පත්‍ර 12 ක් ඉදිරිපත්කර ඇති අතර එම නාමයෝජනා පත්‍ර සියල්ල පිළිගෙන ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වූ නාමයෝජනා 165 අතරින් නාමයෝජනා පත්‍ර 150 ක් පිළිගෙන නාමයෝජනා පත්‍ර 15 ක් ප්‍රතික්ෂේප වී ඇත. ප්‍රතික්ෂේප වූ නාමයෝජනා අතර ප්‍රමාද වී නාමයෝජනා පත්‍ර භාරදීම මත පක්ෂ හා ස්වාධින කණ්ඩායම් 03 ක නාමයෝජනා පත්‍ර සහ ඉදිරිපත්වන සභාවක නමක් සඳහන් කර නොමැති වීම මත දේශපාලන පක්ෂ 01 ක් සහ ස්වාධින කණ්ඩායම් 01 ක නාමයෝජනා පත්‍ර ඇතුලත් වී ඇත. එමෙන්ම තොරතුරු කිසිවක් නොමැතිව ඉදිරිපත්ව තිබූ නාමයෝජනා පත්‍රයක් ද ප්‍රතික්ෂේප වූ නාමයෝජනා අතර පැවතිණි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 1749899 ක් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 1204 කදී පළාත් පාලන නියෝජිතයන් 582 ක් තෝරාගැනීමට 2023 මාර්තු 09 දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -