“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්රයේදී වෙරළ තීරය පවිත්රකිරීම අද දින (08) පැවැත්විණි.

වැඩසටහන ප්රජා සංවර්ධන සභා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන්, යුධ හමුදා සාමාජිකයන්ගේ සහ ප්රදේශවාසී ජනතාවගේ සහභාගිත්වයෙන් වෙරළ උද්යාන කලමණාකරන සමිතිය හා කොළඹ ප්රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා කාකදූපත ශ්රී බෝධිරාජාරාමය විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්ය දිවුල්වැවේ අරියදේව ස්වාමීන්වහන්සේ, පාර්ලිමේන්තුවේ නියෝජ්ය කථානායක රිස්වි සාලි මහතා, පාර්ලිමේන්තු කටයුතු හා මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා, පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නජිත් ඉන්දික මහතා, කොළඹ දිස්ත්රික් ලේකම් ගිනිගේ ප්රසන්න ජනක කුමාර මහතා, යුද හමුදාවේ ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර ආඥාපති මේජර් ජනරාල් ලලිත් පෙරේරා මහතා, කොළඹ මහ නගර සභාවේ නියෝජ්ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා, කොළඹ ප්රාදේශීය ලේකම් සඳරුවන් අනුරුද්ධ මහතා ඇතුලු රාජ්ය නිලධාරීන් හා දේශපාලන නියෝජිතයින් මෙන්ම ප්රජාව ද කාකදුපත වෙරළ උද්යාන කලමණාකරන සමිතියේ නිලධාරින් හා සාමාජිකයින් සහභාගී විය.
මෙම ප්රධාන වැඩසටහනට අමතරව කොළඹ කොටුව, මරදාන දුම්රිය ස්ථාන ආශ්රිතවද, බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ, ගුණසිංහපුර බස් නැවතුම්පොළ, බේරේ වැව අසල පාවෙන වෙළෙඳසැල් ආශ්රිත පෙදෙස, ඉඟුරුකඩේ හංදිය අසල සිට වරාය පිවිසුම තෙක් කොටස, ඇපල්වත්ත ඇළ ආදී ප්රදේශ පිරිසිදු කිරීමේ වැඩසටහන් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන් සංවිධානය කිරීමේදි ශ්රී ලංකා යුධ හමුදාව, කොළඹ මහ නගර සභාව,ශ්රී ලංකා පොලිසිය, ග්රාම නිලධාරීන්, ප්රජාසවිබලගැන්වීමේ නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ප්රජාශක්ති සභාපතිවරු හා ප්රදේශවාසීන්ගෙන් විශාල සහයෝගයක් ලැබීණි.
 
Left Image Right Image
 
 
Left Image Right Image
 
 
Left Image Right Image
 
 
Left Image Right Image
 
 
Left Image Right Image
 
 
Left Image Right Image
 
 
Left Image Right Image
 
 
Left Image Right Image
 

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි
- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -

"ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන් ලබාදීමේ ජාතික වැඩපිළිවෙල ශක්තිමත් කරමින්, රාජ්‍ය ආයතන වෙත බැංකු කාඩ්පත් මගින් (POS යන්ත්‍ර හරහා) මුදල් ගෙවීමේ නව පහසුකම හඳුන්වාදීමේ සමාරම්භක උත්සවය අද (ජූලි 02) තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි රෙජිස්ට්‍රාර් අංශයේ සහ 4 වන මහලේ පිහිටි වාහන ආදායම් බලපත්‍ර අංශයේ POS යන්ත්‍ර විවෘත කර සංකේතාත්මකව උප්පැන්න සහතික සහ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් සිදුවිය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ලංකා බැංකුවේ (BOC) මූල්‍ය හා තාක්ෂණික අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ක් ආවරණය වන පරිදි මහජනතාවගෙන් ගාස්තු අයකරන අවස්ථාවන්හිදී ක්‍රෙඩිට් (Credit) සහ ඩෙබිට් (Debit) කාඩ්පත් භාවිතයෙන් ආරක්ෂිතව ගෙවීම් සිදුකිරීමට මෙමගින් අවස්ථාව සැලසේ.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, වර්තමාන ලෝකයේ වේගයෙන් සිදුවන ඩිජිටල්කරණයට අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය නවීකරණය කිරීම රජයේ ප්‍රධාන අරමුණයි. මෙම ක්‍රමවේදය හරහා සේවාලාභීන්ට මුදල් රැගෙන පැමිණීමේ අවදානම මඟහැරෙනවා, ඉතා කෙටි කාලයකින් තමන්ට අවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව ලබාගැනීමට හැකියාවත් මේ මගින් ලැබෙන බවද පැවසුවාය.

අද සිට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ පවතින තිඹිරිගස්යාය, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කොලොන්නාව, කඩුවෙල, හෝමාගම, මහරගම, සිතාවක, පාදුක්ක, කැස්බෑව, රත්මලාන, දෙහිවල, මොරටුව යන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන් 13හි ඇරඹෙන නව POS ගෙවීම් ක්‍රමවේදය හරහා ජනතාවට මුදල් නෝට්ටු ළඟ තබාගෙන යාමකින් තොරව බැංකු කාඩ්පත් මගින් සෘජුවම ගෙවීම් සිදුකිරීමේ හැකියාව,ගනුදෙනු ඉතා ඉක්මනින් නිමකළ හැකි බැවින්, ජනතාවට සේවාවන් ලබාගැනීමට ගතවන කාලය අවම වීම, විශාල මුදල් ප්‍රමාණයක් අත තබා ගැනීමට අවශ්‍ය නොවන බැවින් මූල්‍ය වංචා හා මුදල් අස්ථානගත වීමේ අවදානම අවම වීම, නවීන තාක්ෂණය භාවිතයෙන් ගෙවීම් සිදුකිරීම හරහා රටේ සමස්ත ඩිජිටල් ආර්ථික සංවර්ධනයට දායක වීම, සියලුම ගනුදෙනු විගණනයට ලක්කිරීම පහසු වන අතර, රජයේ ආදායම් නිවැරදිව වාර්තාගත වීම යන ප්‍රතිලාභ හිමි වේ.

අද දින සිටම කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මෙම බැංකු කාඩ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේ සේවාව මහජනතාව සඳහා විවෘතවන අතර මෙමඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ මූල්‍ය පාලනය වඩාත් විනිවිද පෙනෙන සුළු සහ ජනතා හිතකාමී පරිසරයක් කරා පරිවර්තනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති ලක්ෂ්මන් නිපුණආරච්චි මැතිතුමා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.පී. ප්‍රදීප් පුෂ්පකුමාර මහතා, දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, රෙජිස්ට්‍රාර් ජනරාල් සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරි ඇතුළු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරින් සහ ලංකා බැංකු ප්‍රධානින් ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී විය.

Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left ImageRight ImageLeft Image
 

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයතනය සහ රාජ්‍ය නිලධාරින් අතර හමුවක් දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.06.25 දින කාර්යාලිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඒ යටතේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 මඟින් සේවාලාභීන්ට සපයන සේවාවන් සඳහා ගාස්තු අයකරන අවස්ථාවන්හිදී බැංකු කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් යන්ත්‍ර හඳුන්වාදීම මෙම වැඩසටහන යටතේ සිදුකිරිමට නියමිතය. ඒ අනුව කාඩ්පත් මගින් ගෙවීම හා QR කේතය මගින් ගෙවීම් පහසුකම් ආයතනයට හඳුන්වා දීමේ ප්‍රගතිය, ගිණුම් තැබීම හා ප්‍රතිපාදන සලසා ගැනීම සහ මේ සම්බන්ධයෙන් පැනනැගුණු ගැටළු සාකච්ජා කිරිම මෙහිදී සිදුවිය.

ඒ පිළිබඳව කටයුතු කරන ලංකා බැංකුවේ ඩිජිටල් නිෂ්පාදන ආර්ථික අංශයේ සහකාර කළමණාකාර එස්.කේ. වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ලංකා බැංකු කළමනාකරුවන් ඇතුළු නියෝජිතයන්, ස්වදේශ කටයුතු අංශයේ ප්‍රධාන මුල්‍ය නිළධාරි අමානි ජයසිංහ මහත්මිය, දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරි ජී.ජයවීර මහතා, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරි, සියලුම ප්‍රාදේශිය ලේකම්කාර්යාලන්හි ගණකාධිකාරවරුන් සහ තිඹිරිගස්යාය අතිරේක දිස්ත්‍රික් ‌ රෙජිස්ට්‍රාර්වරුන් මේ සඳහා සහභාගි විය.

Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය.

මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, වැලැක්වීමේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම, බැනර් ප්‍රදර්ශනය කිරීම, දිරාපත් වන සහ නොවන කසළ වර් ගීකරණය කර කළමනාකරණය කිරීම,ජලය රැඳෙන භාජන ඒකරාශි කිරීම හා ඉවත් කිරීම,ශ්‍රමදාන පැවැත්වීම ඇතුළුව සියලුම වැඩසටහන් 2026 ජූනි 15,16,17,18,19,20, 21 යන දින වලදී පැවැත්විණි.

පාදුක්ක නගරය පවිත්‍ර කිරීම,පාදුක්ක නගරයේ සිට මාර්ගවල කාණු පවිත්‍ර කිරීම සහ නිවාස සහ ආයතන පරීක්ෂාව, පාදුක්ක නගරයේ සිට පාදුක්ක හොරණ මාර්ගය, පාදුක්ක නගරයේ සිට ඉංගිරිය මාර්ගය, පාදුක්ක නගරයේ සිට හංවැල්ල මාර්ගය, පාදුක්ක නගරයේ සිට කොළඹ මාර්ගය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොදු ස්ථාන සහ සුසාන භූමි පරීක්ෂාව, පාසල් සහ සියලු අධ්‍යාපන ආයතන පරීක්ෂාව, පාසල් සහ සියලු අධ්‍යාපන ආයතන පරීක්ෂාව, රාජ්‍ය ආයතන පරීක්ෂාව , කොට්ඨාසයේ 462 පෝරෙ ගෙදර සහ 461 බී උඩුමුල්ල නිවාස පරීක්ෂාව සිදුකරන ලදී.

මේ සඳහා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් එච් අශානි නිරංගා පියසුමන මහත්මිය ප්‍රධාන සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.කේ.පී.ශිරෝමි රත්නායක යන මහත්මින්, ක්ෂෙත්‍ර නිලධාරින් ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්,සමෘද්ධි සංවර්ධන නිලධාරීන්,කාර්යාලගත කාර්ය මණ්ඩල නිලධාරීන්, ශ්‍රි ලංකා යුධ හමුදාව, ශ්‍රි ලංකා පොලීසිය, පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, සීතාවක ප්‍රාදේශීය සභාව ,මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි නිලධාරීන් ඇතුළු ප්‍රජාව මේ සඳහා සහභාගී විය.

Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටුව හා කොලොන්නාව ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2026.06.19 දින කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ දී පැවැත්වුණි.

මේ සම්බන්ධයෙන් පළමු සාකච්ඡාව 2026.06.16 දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. ඉන් අනතුරුව 2026.06.17 දින සිට එම සතිය පුරාඩෙංගු පරීක්ෂාවන් සිදු කරන ලදි.

Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම, ප්‍රචාරක කටයුතු සිදු කිරීම, දිරාපත් නොවන ද්‍රව්‍යය එකතු කිරීම හා ශ්‍රමදාන වැඩසටහන් 2026.06.17, 18, 19, 20 හා 21 දිනයන් හීදී කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි පැවැත්විණි.

මේ සඳහා වසම්හි සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරි, පෙර පාසල් ගුරුවරුන්, ප්‍රජා ශක්ති කමිටුවේ සාමාජිකයින්, ස්වේච්චා සමිති සාමාජිකයින්, ආරක්ෂක කමිටු සාමාජිකයින්, මහජන සෞඛ්‍ය අංශයේ නිලධාරින්, සියලුම රාජ්‍ය නිලධාරීන් හා මහජන නියෝජිතයින් සහභාගි විය.

ප්‍රදේශයේ ඩෙංගු අවධානම අවම කිරීම සඳහා අවට ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ විය.වැඩසටහන සංවිධානය ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි වසමේ රාජ්‍ය නිලධාරීන් විසිනි.

Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 

2026 ජූනි 16 දින සිට ජූනි 20 දින දක්වා ජාතික ඩෙංගු සතියට සමගාමීව රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය එක්ව සංවිධානය කරන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන 2026 ජුනි 19 වන දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති සමන්මලී ගුණසිංහ මැතිනිය, දෙහිවල ගල්කිස්ස නගරාධිපති පැරකුම් ශාන්ත මහතා, රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය සහ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සචිත් දහනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 

නිරිත දිග මෝසම් සුළං සක්‍රීය වීම හේතුවෙන් සීග්‍රයෙන් ඩෙංගු හා චිකන් ගුන්‍යා රෝග පැතිරයාමේ දැඩි අවදානමක් පවතින බවට හඳුනාගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම අවදානම් ප්‍රදේශය බවට මාලබේ ප්‍රදේශය හඳුනාගෙන ඇත

එබැවින් පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් තේමාව යටතේ 2026.06.15 සිට 20 දක්වා යෙදී ඇති ඩෙංගු මර්දන ජාතික වැඩසටහනට සමගාමීව 2026.06.17වන දින කඩුවෙල ප්‍රාදේශිය කාර්යාල පරිශ්‍රය තුළ ශ්‍රමදානයක් පැවැත්වීණි.

එහි දී සියලුම කාර්‍යාල නිලධාරීන් එක්ව මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන පිරිසිදු කළ අතර ඩෙංගු මදුරුවන් බෝ නොවන පරිසරයක් ඇති කිරීමට කටයුතු කෙරිණි.

Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image
 

Jury

 

 2026.02.05 වන දින පෙ.ව. 06.00 සිට 2026.02.11 දින පෙ.ව.06.00 දක්වා පැය 24 පුරා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී
........................................................................................................................................

උතුම් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් අද (04) පස්වරුවේ දී මෙරටට වැඩම කරවන ලදී. මෙරටට වැඩම වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ කටුනායක ගුවන්තොටුපොළ තුළදී පාවඩ එළා, රතු පලස මතින් නිල වශයෙන් උතුම් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීමෙන් අනතුරුව රථ පෙරහරක් මඟින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට වැඩම කරවනු ලැබීය.
ඉන් අනතුරුව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මහජන වන්දනාමානය සඳහා විවෘත කිරිම සිදුකෙරිණ. එසේම ධාතූන් වහන්සේ ලංකාවේ වැඩ සිටින කාල සීමාව තුළදී වගකීම දැරීම සම්බන්ධව සහ නැවතත් එරටට භාරදීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණ.
අතිපූජ්‍ය මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ සිදූකෙරුණු මෙම පුණ්‍යකටයුත්ත සඳහා ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාරතුමා සහ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යතුමා ඇතුළු ඉන්දීය රජයේ විශේෂ ධූත කණ්ඩායම සමගින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ජනාධිපති ලේකම්තුමා, අග්‍රාමාත්‍ය ලේකම්තුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා, පොලිස්පතිතුමා, ත්‍රිවිධ හමුදා ප්‍රධානින්, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි සුවාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානින්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින්, ගංගාරාම විහාරස්ථානයේ දායක සභාව ඇතුළු පිරිසක් සහභාගි විය.
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ අනුග්‍රහයෙන් දෙරට සංස්කෘතික හා අධ්‍යාත්මික සබඳතාව වර්ධනය කරමින් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද උතුම් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැකබලා වන්දනාමාන කිරීමේ දුර්ලභ අවස්ථාව පෙබරවාරි 05 වන දින උදෑසන 06.00 සිට 11 දින උදෑසන උදෑසන 06.00 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේදී පැය 24 පුරාම මහජන වන්දනාවට අවස්ථාව සලස්වා ඇත.

Jury  Jury

Jury  Jury

Jury  Jury

Jury  Jury

Jury

 

 දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව

Jury

 2026.02.05 වන දින පෙ.ව. 06.00 සිට 2026.02.11 දින පෙ.ව.06.00 දක්වා
පැය 24 පුරා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී
........................................................................................................................................

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ අනුග්‍රහයෙන් දෙරට සංස්කෘතික හා අධ්‍යාත්මික සබඳතාව වර්ධනය කරමින් ශ්‍රී ලංකාවට වැඩම කරවන උතුම් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැකබලා වන්දනාමාන කිරීමේ දුර්ලභ අවස්ථාව පෙබරවාරි 05 වන දින උදෑසන 06.00 සිට 11 දින උදෑසන උදෑසන 06.00 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේදී පැය 24 පුරාම මහජන වන්දනාවට අවස්ථාව සලස්වා ඇත.

බෞද්ධ විහාරස්ථාන වලින් පිරි ප්‍රදේශයක් ලෙස ඉන්දියාවේ දෙව්නි මෝරී ඓතිහාසික සිද්ධස්ථාන සංකීර්ණය හැඳින්විය හැකිය. පස්වැනි සියවසේදී ඉතා සමෘද්ධිමත් පන්සල් සංකීර්ණයක් සහිතව මේ ප්‍රදේශය තිබී ඇත. එහි සිදු කරන ලද කැණීම්වලදී මුද්‍රා තබන ලද මංජුසාවක් හමු වී ඇති අතර, එය විවෘත කිරීමේදී ඇතුළත තිබී තවත් තඹ කුඩා මංජුසාවක් හමු විය. ඒ මංජුසාව තුළ තිබූ රනින් කරන ලද මංජුසාවේ සිල්ක් රෙදි කඩකින් එතූ යමක් හමුව තිබේ. එම ස්ථානයෙන් හමු වූ සෙල්ලිපිය මඟින් මෙම ධාතූන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේම ධාතූන් වහන්සේ බවට සාක්ෂි දරයි. මෙම සර්වඥ ධාතූන් වහන්සේ ඉන්දියාවේ සිට පළමු වරට විදේශ රටකට වැඩම කිරීම සිදු වන්නේ මේ අවස්ථාවේදීය.

ඒ අනුව, පෙබරවාරි මස 04 වැනිදා ප.ව. 01.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළ තුළ පාවඩ එළා, රතු පලස මතින් නිල වශයෙන් සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීමේ කටයුතු සිදු කෙරේ. පසුව රථ පෙරහරක් මඟින් ගංගාරාම විහාරස්ථානයට වැඩම කරවීමෙන් අනතුරුව නැවතත් එදිනම (4) පස්වරුවේ ධාතූන් වහන්සේලා උදෙසා විශේෂ පූජාවක් සිදු කිරීමට කටයුතු යොදා තිබේ. එසේම ධාතූන් වහන්සේ ලංකාවේ වැඩ සිටින කාල සීමාව තුළදී වගකීම දැරීම සම්බන්ධව සහ නැවතත් එරටට භාරදීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කෙරේ. පසුදින (5) පෙරවරුවේ සිට ධාතූන් වහන්සේලා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරිමට පැමිණෙන බැතිමතුන් විහාරස්ථානය ඉදිරිපිට තිබෙන භූමියේ පෙළගැසිය යුතුය. මෙම භූමියට මුත්තයියා මාවත ඔස්සේ ඇතුළු වීමට හැකිය. මුත්තයියා මාවත ඔස්සේ විහාරස්ථානය ඉදිරිපිට මළුවට අවතීර්ණ වීමෙන් පසුව මළුවෙන් පෙළට විහාරස්ථානය වෙත ඇතුළු විය යුතුය. එසේම මුත්තයියා මාවත, බ්‍රේබෘක් පෙදෙස, පාර්ක් වීදිය, ලේක් රෙසන් පාර, හුනුපිටිය මාවත, ජිනරතන මාවත, හුනුපිටිය හරස් මාවත, පෙරහැර මාවත, අල්විස් පෙදෙස, උත්තරානන්ද මාවත, නවම් මාවත, ජේම්ස් පීරිස් මාවත, හුනුපිටිය වැව පාර, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවත, බාලදක්ෂ මාවත,එම්.ඕ.ඩී. උද්‍යානය ආදී මාවත් ඔස්සේද විහාරස්ථානයට පැමිණිය හැකිය. කොළඹ කොටුව වෙත පැමිණෙන පිරිස් සඳහා කොටුව සහ වරාය නගරය අසල විශේෂ බස් රථ සේවාවක්ද යෙදවීමට කටයුතු යොදා තිබේ. දවසේ පැය 24 පුරාම ප්‍රදර්ශනය විවෘතව තැබෙන අතර, විදේශීය සංචාරකයන්, ගැබිණි මව්වරුන් සහ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ ප්‍රමුඛතා පෝලිම් ක්‍රමයක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුමිරිය ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අවිස්සාවේල්ල, ගාල්ල සහ රඹුක්කන සිට කොම්පඤ්ඤවීදිය දක්වා දිනපතා උදෑසන සහ අළුයම දුම්රිය ධාවනය කිරිමට කටයුතු කරනු ලබයි. අවිස්සාවේල්ල සිට කොම්පඤ්ඤවීදිය දක්වා (කැළණිවැලි දුම්රිය මාර්ගය) සහ අලුත්ගම සිට කොම්පඤ්ඤවීදිය දක්වා (මුහුදුබඩ දුම්රිය මාර්ගය) දුම්රිය පෙ.ව. 07.15ට පිටත්වන අතර කොම්පඤ්ඤවීදියෙන් අළුයම 2.00ට නැවත ගාල්ල සහ අවිස්සාවේල්ල දක්වා ගමන් කරයි. රඹුක්කන සිට කොම්පඤ්ඤවීදිය දක්වා ප්‍රධාන දුම්රිය පෙ.ව. 06.30ට පිටත් වී අලුයම 01.00ට කොම්පඤ්ඤවීදියෙන් නැවත රඹුක්කන බලා ධාවනය කරනු ලබයි. ඊට අමතරව ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ සේවා එක්ව විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් දියත් කරනු ඇත.

සියළුම සනීපාරක්ෂක පහසුකම් සහ දන්සැල් සහ සංග්‍රහ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට රජය විසින් සැලසුම් සකස් කර තිබේ. දන්සැල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන සැදැහැවතුන් ඒ සඳහා කඩල, නුඩ්ල්ස්, බනිස්, බිස්කට් සහ කිරි පැකට් වැනි ද්‍රව්‍ය පමණක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ ළගම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට ලබාදීමට කටයුතු කරන ලෙස සංවිධායක මණ්ඩලය පරිත්‍යාගශීලි දායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන පිරිස් ඒ සඳහා සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම වැදගත් වේ. ඒ වගේම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන් සියළු දෙනා අනවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන ඒමෙන්ද වැළකී අත්‍යාවශ්‍ය සැහැල්ලු බඩුභාහිරාදිය පමණක් රැගෙන ආ යුතු අතර කසළ විධිමත්ව බැහැර කිරිමට කටයුතු කළ යුතුය.

මාර්ග ආරක්‍ෂාව සහ රථවාහන පාලනය යන කරුණු පිළිබඳව රථ වාහන පොලීසිය මැදිහත්ව විශේෂ වැඩපිළිවෙළක්ද මේ වෙනුවෙන් සකස් කර ඇත. පෞද්ගලික වාහනවල පැමිණෙන බැතිමතුන්ට තම වාහන ගාල් කිරීම සඳහාද ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රය අවට විශේෂ ස්ථාන වෙන් කර ඇත. සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන කාලය අතරතුර එම කටයුත්තට බාධා වන ආකාරයෙන් විහාරස්ථාන පරිශ්‍රය තුළ ජංගම දුරකතන ආදිය භාවිත නොකළ යුතුය.

රටට සහ ජනතාවට ආශීර්වාදයක් එක් කිරීමේ පරමාර්ථයෙන් “දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය” ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යාංශය, හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ගංගාරාම දායක සභාව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් රාජ්‍ය ආයතන ආදි පාර්ශව කිහිපයක් එකතු වී රාජ්‍ය අනුග්‍රහය ඇතිව මේ කටයුත්ත සංවිධාන කරනු ලබයි.

දෙව්නි මෝරි උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් 2026.02.05 දින සිට 11වන දින දක්වා පහත සඳහන් පරිදි විශේෂ දුම්රිය සේවාවක් සහ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කරනු ලබයි.

Jury     Jury

කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ නවීකරණය කරන ලද නව පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දින විවෘත කරන ලදී.

දිස්ත්‍රික් සම්පත් පැතිකඩ ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඊට අනුබද්ධ අනෙකුත් ආයතන විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන්, ව්‍යාපෘති ආදියෙහි ප්‍රගතිය සහ තොරතුරු ඊ සේවාව මගින් ලබා ගැනීමේ තොරතුරු මධ්‍යස්ථානයක් ලෙසද මෙය නම්කෙරිණ.

කාර්යාලීය සාමාජිකයන් අතර කියවීම ප්‍රවර්ධනය කිරීම,දැනුම බෙදා හදා ගැනීම සහ වෘත්තීමය කාර්ය සාධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම පුස්තකාලය තුළ පොත් 4000ට ආසන්න සංඛ්‍යාවක් තිබෙන අතර ඊට අමතරව දෛනික පුවත්පත් සහ සඟරා ද මෙහි ඇතුළත්ය.

වැඩිදියුණු කරන ලද නව පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව වන මහළේ ස්ථාපිත කර ඇත.

Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම (සැප්තැම්බර් මාසය) සහ මාර්ග පද්ධති විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීම, අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තිය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් නිරෝෂන් රත්නායක මහතාගේ සහභාගිත්වයෙන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා සහ දිස්ත්‍රික් මාර්ග පද්ධති විශේෂ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාගේ සභාපතීත්වයෙන් සැප්තැම්බර් මස 16 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා විසින් පිළිගැනීම සහ අරමුණු පැහැදිලි කිරිමෙන් අනතුරුව 2025 සංවර්ධන වැඩසටහන් යටතේ විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ යෝජිත ව්‍යාපෘති, හඳුනාගත් ක්‍රීඩා පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරිම, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන, බස්නාහිර පළාත් දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) විසින් ප්‍රගතිය ඉදිරිපත් කළ අතර බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම පිළිබඳව ප්‍රගතිය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) විසින් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව, විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ රුපියල් මිලියන 207ක මුදලක් ව්‍යාපෘති 109ක් සඳහා අනුමත කර තිබෙන අතර මේ වනවිට එම මුදල් සියල්ලම ව්‍යාපෘති සඳහා ලබාදී අවසන්ය. ප්‍රාදේශිය ලේකම් කාර්යාල 13 ම ආවරණය වන පරිදි ව්‍යාපෘති 37ක මේ වනවිට වැඩ අවසන් කර තිබෙන අතර ව්‍යාපෘති 35ක වැඩ ආරම්භ කර තිබෙි. ඊට අමතරව ඇස්තමේන්තු සකස් කිරීමේ අදියරේ ව්‍යාපෘති 07ක්ද ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ව්‍යාපෘති 08 ක්ද ගිවිසුම් අත්සන් කළ අදියරේ ව්‍යාපෘති 23ක්ද වෙි.

ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන සඳහා ව්‍යාපෘති 16 ක් ක්‍රියාත්මක වන අතර ඒම ව්‍යාපෘති මේ මාස 30 වන විට අවසන් කිරිමට නියමිතය. මේ සඳහා වියදම් වන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 67.69කි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් කොළඹ දිස්ත්‍රික්කය තුළ යෝජිත ව්‍යාපෘති යටතේ වතු ප්‍රදේශවල ආපදා නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා අයර්වත්ත ලබුගම වත්ත කොටසේ වතු නිවාස සඳහා ආපදා වැලැක්වීමේ ව්‍යාපෘතිය පිළිබඳව මේ වනවිට පැනනැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ. බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම යටතේ රුපියල් මිලියන 500කට අදාළව ව්‍යාපෘති 288ක් ක්‍රියාත්මක කරනු ලබන අතර ඊට අදාළ සියලුම සංශෝධන මේ වනවිට සිදුකර අවසන් බවත් දැනුම් දෙන ලදී.

ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදීම ද මෙහිදි සිදුවිය. ඒ අනුව, පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන යටතේ දිස්ත්‍රික්කය තුළ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව වැඩසටහනක් ලෙස මෙම සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අද දින ඒ පිළිබඳව මූලික දැනුවත් කිරීම සිදුකෙරිණ. තෝරා ගත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි නිෂ්පාදන හා සේවා ධාරිතාව පුළුල් කිරීම, නිෂ්පාදන හා සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, රැකියා උත්පාදන අවස්ථා ඇති කිරිම, ව්‍යවසාය පුළුල් කිරීම තුළින් රාජ්‍ය බදු ආදායම වැඩි කිරීම සදහා දායකත්වය දැක්වීම යන අමුණින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කමිටුව ඉදිරිපත් කරන ලද ලිපි යටතේ, පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍යයින් සඳහා මාසික වාර ප්‍රවේශපත්‍ර ලබා ගැනීම විද්‍යායතන පිරිවෙන්වල හා බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ගිහි ගැහැණු සිසුන්ට මාසික වාර ප්‍රවේශපත්‍ර ලබා දීම සම්බන්ධ ගැටළුව, අතුරුගිරිය ජයන්ති පාරේ පිහිටි හෝම් ලෑන්ඩ් ආයතනයට අයත් නිවාස ව්‍යාපෘතියේ ගැටළු නිසි විමර්ශණයක් සිදු නොකර කොන්දේසි වලින් තොරව නිවාස ව්‍යාපෘතියේ සැලසුම් අනුමත කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

ඉන් අනතුරුව දිස්ත්‍රික් මාර්ග සම්බන්ධීකරණ කමිටු රැස්වීම ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

කොළඹ දිස්ත්‍රික් මාර්ග පද්ධති විශේෂ සම්බන්ධීකරණ කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 දින ආරම්භ කළ අතර අද දින ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට අදාළව මාර්ග පහසුකම්, දුම්රිය සේවා, බස්රථ පහසුකම් වැඩිදියුණු කිරිම සහ ඒ ආශ්‍රිතව පැන නැගී තිබෙන ගැටළු පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව, දුම්රිය සේවා හා මහාමාර්ග අලුත් වැඩියා කිරීම, බස් රථ සේවා පහසුකම් වැඩිදියුණුව අරමුණු කරගෙන පසුගිය වසර දෙක (02) තුළ බස් රථ ධාවනය සිදු නොකළ මාර්ග සම්බන්ධ, ලාභ නොලැබීම හේතුවෙන් බස් රජ ධාවනය සිදු නොකෙරෙන ගම්වලට යන බස් මාර්ග සම්බන්ධව අන්තර් පළාත් ක්‍රියාත්මක විය යුතු නව බස් මාර්ග තිබේද, ගමනාගමන අපහසුතා පවතින සංවර්ධනය විය යුතු මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග, අත්‍යාවශයෙන්ම සංවර්ධනය විය යුතු පාළම් පිළිබඳ තොරුතුරු සනාථ කිරීම ද සමඟ (With justification), මාර්ග සංඥා (traffic light) අත්‍යවශ්‍ය ස්ථාන තොරතුරු, දුම්රිය කාලසටහනට අලුතින් එකතු විය යුතු දුම්රිය වාර තිබේද යන්න සනාථ කිරීම ද සමඟ, අනාරක්ෂිත (Rail gate) දුම්රිය ගේට්ටු සම්බන්ධ තොරතුරු, දුම්රිය ස්ථානයට අදාළව සංවර්ධනය විය යුතු වෙනත් යෝජිත සේවා අවශ්‍යතා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළ සේවාවල නව සේවා අවශ්‍යතා හඳුනා ගෙන, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට අදාළව හඳුනාගෙන ඇති නව සේවා අවශ්‍ය වරාය, ගුවන්තොටුපළ සම්බන්ධ සේවාවලට අදාළව පවතින ගැටළු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණ. හයිලෙවල් දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල දක්වාවු මාර්ගය පුළුල් කරමින් තවදුරටත් වැඩිදියුණු කිරීමට තීරණය කිරීම, කොළඹ වරාය හරහා ඉදිවන අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු ඉදිරි මාස 06 ඇතුළත අවසන් කිරීමට නියමිත බව, කරදියාන කසළ අරුඅක්කාළු ප්‍රදේශයට ගෙනයාම සම්බන්ධ ව්‍යාපෘතියේ සැලසුම වාර්තාව කඩිනමින් සකස් කිරීම සහ කොළඹ කොටුව, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කොම්පඤ්ඤ වීදිය,මහලේකම් කාර්‍යාලය යන දුම්රිය ස්ථාන 07 හි නවීකරණ කටයුතු ආරම්භ කිරීම යන කාරණා පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර එක් එක් දුම්රිය ස්ථානයන්හි ගැටළු පිළිබඳව නිසියාකාරව සොයාබලා ඒ පිළිබඳව නිසි සැලැස්මක් සකස් කර ඉදිරියේදී මෙම කමිටුවට ඉදිරිපත් කරන ලෙස එහිදී අමාත්‍යතුමා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

දුම්රිය සේවාව වැඩිදියුණු කිරීම යටතේ ආබාධිත පුද්ගලයින් හා වයස්ගත පුද්ගලයන් දුම්රිය ස්ථානයන්ට හා දුම්රියට පහසු ප්‍රවේශයක් සැලසීම පිළිබඳ සදහා පහසු වන පරිදි සෑම දුම්රිය ස්ථානයක්ම ප්‍රවේශ මාර්ග බෑවුමක් (RAMP) සහිතව නවීකරණය කිරීම, සියළුම උප දුම්රිය ස්ථානවල වේදිකාව උසින් අඩුවීම සහ දිගින් අඩුවීම විශාල ගැටළුවක්ව පවතී, වැසිකිළි නවීකරණය කිරීම, වේදිකා නවීකරණය කිරීම, වේදිකා වහල අළුත්වැඩියා කිරීම, අබලන්ව ඇති රේල් බස් අළුත්වැඩියා කිරීම සහ දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුවිය. කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග පද්ධති සංවර්ධන සඳහා අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 150 ක මුදලක් ලබාදීමට තීරණය කල බවත් ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘති දෙසැම්බර් 31වනවිට අවසන් කරන ලෙසත් අමාත්‍යතුමා කමිටුවට දැනුම් දුන්නේය. දිස්ත්‍රික් මාර්ග පද්ධති සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව මේ වනවිට පැනනැගී තිබෙන ගැටළු සම්බන්ධයෙන් ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර එය කමිටුව ට ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් ලබාදුන්නේය.

කොළඹ දිස්ත්‍රික්කය තුළ පුරප්පාඩුවක් ව පවතින කොන්දොස්තර සහ බස් රථ රියැදුරන් ඔක්තෝබර් මාසය වනවිට 750 ක් බඳවා ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් උඩහමුල්ල සහ තලංගම ඩිපෝව නවීකරණය කිරීමට ත් නියමිත බවත් අමාත්‍යතුමා මෙහිදී සඳහන් කළේය. ඒ වගේම බස් රථ අලුත් වැඩියා කිරිමට නියමිත බස් රථ පිළිබඳව නිශ්චිත තොරතුරු කමිටුවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිට උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා, පාසල් බස් සේවාවන් වැඩිදියුණු කිරීම, ආබාධ ප්‍රජාව වෙනුවෙන් නව බස් සේවාවන් හදුන්වා දීම, නව මෙට්ට්‍රෝ බස් රථ සේවාවක් හදුන්වා දීම ඇතුළුව දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව අවධාරණය කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය නිසි කළමනාකරණයක් සහිතව පවත්වාගෙන යාම සඳහා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඍජු අධීක්ෂණයක් අවශ්‍ය බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුණ පනාගොඩ මහතා, චන්දන සූරියආරියච්චි මහතා, අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා, නජිත් ඉන්දික මහතා සහ කොළඹ දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා උපසභාපතිවරුන්, බස්නාහිර පළාත් සභා ප්‍රධාන ලේකම් කේ.ජී.පී.පුෂ්පකුමාර මහතා, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා,ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමියන් දෙදෙනා ඇතුළු නිලධාරින්, සංවර්ධන අධිකාරියේ ප්‍රධානින්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, ක්‍රම දස්පාදන අධ්‍යක්ෂ සුජිත් බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ නාලනි සුබසිංහ මහත්මිය, සහකාර අධ්‍යක්ෂ ගයාත්‍රී බෝපිටිය මහත්මිය ඇතුළු කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින්, සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන් හා දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන රාජ්‍ය ආයතන ප්‍රධානින් මෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සාමාජිකයන් සම්බන්ධ වූහ.

Left Image Right Image
Left Image Right Image
Left Image Right Image
Left Image Right Image
Left Image Right Image
Left Image Right Image

The inauguration of the new multipurpose building at the Rajagiriya Victoria Housing Complex and the distribution of equipment including wheelchairs for treatment recipients was held on 6 September 2025 under the patronage of the Prime Minister, Minister of Education, Higher Education and Vocational Education, Dr. Harini Amarasuriya.

This building has been constructed with modern facilities and has allocated space for community care, social services, and community development activities. This opportunity was created for community care by bringing together state and local government institutions, social service sectors, and private cooperation. This building is considered a service center that can directly benefit Victoria Housing in particular.

The ceremony was attended by the Governor of the Western Province, Mr. Hanif Yusuf, Deputy Minister of Industries and Entrepreneurship Development, Mr. Chathuranga Abeysinghe, Chairman of the Sri Jayewardenepura Kotte Regional Coordination Committee, Mr. Lakshman Nipunaarachchi, Member of Parliament, Chairman of the Colombo District Coordination Committee, Mr. Chandana Suriyarachchi, Chairman of the Seethawaka/Padukka Regional Coordination Committee, Mr. Arosha Atapattu, Mayor of Sri Jayewardenepura Kotte, Mrs. Krishanthi Wijeyabandara, Deputy Mayor of Sri Jayewardenepura Kotte, Senior Additional Secretary to the President, G.G.S.C. Roshan, Colombo District Secretary/Government Agent, Chairman of Victoria Home Ginige Prasanna Janaka Kumara, former Ministry Secretary Mahinda Madihahewa, Colombo Additional District Secretary Kanchana Gunawardena, Sri Jayewardenepura Kotte Divisional Secretary Kasun Epa Seneviratne, Sri Jayewardenepura Municipal Council Municipal Commissioner Shalika Ranaweera, Muslim Hand Organization Representative - M.K. Inmudeen and representatives of special institutions participated.

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

The first special program of the Law Clinic, a project to provide legal advice to solve the duties of Divisional Secretaries, was held on 29.08.2025 under the patronage of the Minister of Public Administration, Provincial Councils and Local Government, Dr. A.H.M. H. Abayaratne at the Narahenpita Nila Medura Auditorium.

This Law Clinic special program, which was attended by 25 Divisional Secretaries and officers from across the island, was held on the 29th and 30th, and discussions were held on the latest laws related to land management, information technology law, social service affairs, retirement affairs, business name registration, licensing, and compensation payments.

In addition, discussions were held on the legal background related to the Information Act and solutions to the problems presented, and this Law Clinic program is scheduled to call Divisional Secretaries from across the island and inform them in the future.

The Divisional Secretariats selected for the digitalization pilot projects were officially recognized and the Grama Niladharis who won the National Level Evaluation Competition for the Management and Inspection of Grama Niladhari Offices in 2020 and 2021 were also awarded by the Minister of Public Administration, Provincial Councils and Local Government, Dr. A. H.M.H. Abayaratne.

The occasion was graced by the Secretary to the Ministry of Public Administration, Provincial Councils and Local Government, S. Aloka Bandara, Advisor to the Ministry, Ashoka Peiris, Colombo District Secretary Ginige Prasanna Janaka Kumara, Additional Secretaries of the Home Affairs Division, A.G. Nishantha, Dr. Roshini Dissanayake, Dhammika Muthugala, Omali Wimalaratne, former Commissioner General of Lands Keerthi Gamage, Professor Prathibha Mahanamahewa, Additional Solicitor General of the Attorney General's Department President's Counsel Sumathi Dharmawardena, Deputy Solicitor General Chaya Sri Nammuni, Deputy Solicitor General Ganga Vakishthaarachchi, Senior Government Counsel Ishan Ratnapala and many staff officers of the Ministry participated. This program was organized by the Home Affairs Division.

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

In conjunction with the Colombo District Coordination Committee meeting, the Special Subcommittee meeting on Waste Management in the Colombo District was held today (06) at the Seventh Floor Auditorium of the Colombo District Secretariat under the co-chairmanship of the Governor of the Western Province, Mr. Hanif Yusuf and the Chairman of the District Coordination Committee, Mr. Lakshman Nipunarachchi, and with the participation of the Colombo District Secretary / Government Agent, Mr. Ginige Prasanna Janaka Kumara.

The first discussion of the Special Subcommittee meeting on Waste Management was held on the 23rd of last month with the aim of obtaining a specific and permanent solution to the disposal of waste in the Colombo District and coordination between the relevant institutions, and at that time it was decided to implement a joint program for waste management by involving the Solid Waste Management Authority and local government institutions in the district. The progress and issues related to waste management along the Bolgoda River, the identification of lands in the Kolonnawa Divisional Secretariat Division and the issue related to the apartment complex to be constructed for low-income earners for flood control, and the issue related to the relocation of garment traders (businessmen engaged in morning trade) from Maharagama to another location were discussed here.

The meeting was attended by Deputy Minister of Youth Affairs Eranga Gunasekara, Member of Parliament Samanmalee Gunasinghe, Mayor of Colombo Metropolitan Council Vrai Kelley Balthazar, Mayor of Kotte Arosha Atapattu, Mayor of Maharagama, Boralesgamuwa Divisional Chairman, Mayor of Dehiwala, local government public representatives, Ministry of Environment, Ministry of Urban Development, Construction and Housing, Western Provincial Council, Local Government Commissionerate, Central Environmental Authority, Urban Development Authority, Sri Lanka Department of Land Development, Marine Environmental Protection Authority, Sri Lanka Water Supply and Drainage Board, Irrigation Department, Solid Waste Management Authority, Environmental Protection Division, Assistant Commissioner of Local Government, Western Power Corporation, and all heads of institutions. Divisional Secretaries, Additional District Secretary (Administration) of the District Secretariat, Ms. Kanchana Gunawardena, District Planning Director, Mr. Sujith Bandara, Deputy Director, Ms. Nalani Subasinghe, and Assistant Director, Ms. Gayathri Bopitiya participated.

ga

ga

ga

ga

ga

ga

ga

A field inspection of the expansion of the space and facilities required to provide services at the Sri Jayewardenepura Kotte Divisional Secretariat Office to be more efficient and effective was carried out on the 4th under the patronage of the Secretary to the Ministry of Public Administration, Provincial Councils and Local Government, Mr. S. Aloka Bandara, and with the participation of the Colombo District Secretary/Government Agent, Mr. Ginige Prasanna Janaka Kumara.

An inspection of the updated computer system related to office duties using modern technology for the convenience of service recipients was also carried out.

The Additional Secretary of the Ministry of Home Affairs, the Director General (Engineering) of the Ministry of Home Affairs, the Architect of the Ministry of Home Affairs, the Director (Engineering) of the Ministry of Home Affairs, the Colombo District Engineer Mrs. Menike, the Sri Jayewardenepura Kotte Divisional Secretary Kasun Epa Seneviratne and others participated in this event.

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

A field inspection was conducted today (04) under the patronage of the Secretary to the Ministry of Public Administration, Provincial Councils and Local Government, Mr. S. Aloka Bandara, with the participation of the Colombo District Secretary/Government Agent, Mr. Ginige Prasanna Janaka Kumara, regarding the expansion of the space and facilities required to provide services at the Kolonnawa Divisional Secretariat in a more efficient and effective manner.

Kolonnawa Divisional Secretary, Mr. Priyanath Perera, along with officials of the Kolonnawa Divisional Secretariat, and the Head of the Engineering Division of the Ministry of Public Administration, and the District Engineer participated in this.

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

Under the Divisional Secretariat Inspection Program, the Homagama Divisional Secretariat was inspected today (04) by the Secretary to the Ministry of Public Administration, Provincial Councils and Local Government, Mr. S. Aloka Bandara, with the participation of the Colombo District Secretary/Government Agent, Mr. Ginige Prasanna Janaka Kumara.

The Secretary to the Ministry of Public Administration, Provincial Councils and Local Government, Mr. S. Aloka Bandara and the Colombo District Secretary/Government Agent, Mr. Ginige Prasanna Janaka Kumara inspected all the divisions of the Divisional Secretariat and the staff officers inspected the functions of each division separately.

Accordingly, the Office's Institutions Division is headed by Mrs. M.A.S. Kanchana Gunawardena (Additional District Secretary Administration) and Mrs. Asanka Kottage (Administrative Officer), Lands Division is headed by Mr. Sampath Idamgodage (Divisional Secretary Kaduwela), Accounts Division is headed by Mr. Sanjeewa Weeratunga (Accountant Moratuwa Divisional Secretary's Office) and Mrs. Madhusanka Fernando (Accountant Ratmalana Divisional Secretary's Office), Samurdhi Division is headed by Mr. Ashoka Kumara (District Samurdhi Director), Planning Division is headed by Mr. Sujith Bandara (Director Planning) and Mrs. Gayathri Bopitiya (Assistant Director Planning), Social Services Division is headed by Mrs. Madusha R. Weerakkody (Divisional Secretary Sitawaka), Field Officer Division and Identity Card Division is headed by Mrs. Dilrukshi Walpola (Divisional Secretary Ratmalana, Pension Division Mr. D. M. Gunasena (Chief Internal Auditor), Computer System Inspection and Registrar Division Mrs. Madhusha R. Weerakkody (Divisional Secretary Seethawaka), Mr. Amila Suresh Parakrama (Assistant District Secretary) and Miss Amani Wickramanayake (Information Technology Officer), Vehicle License Division Mrs. Isanka Udawatte (Divisional Secretary Kesbewa) conducted inspections of the files and premises of each division.

Here, the Secretary to the Ministry of Public Administration, Provincial Councils and Local Government Mr. S. Aloka Bandara and the Colombo District Secretary/Government Agent Mr. Ginige Prasanna Janaka Kumara conducted inspections of all divisions of the Divisional Secretariat Office and addressed the officers of the office and gave them the necessary instructions and guidance to carry out their duties. Additional District Secretary Kanchana Gunawardena discussed with the Heads of Divisions of the Office including the Homagama Divisional Secretary B.A.D. Chinthaka on how to improve the efficiency of each division based on the observations made by the officers.

The event was attended by the Head of the Engineering Division of the Ministry of Public Administration, Provincial Councils and Local Government, Assistant Divisional Secretary Chamil D. Thenuwara, Deputy Director (Planning) Nilanka S. Sampath, Accountant Pubudu R. Kuruppuachchige and all the officers of the office.

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දැනුවත් කිරීම පරිදි කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි ප්‍රජා මුල සංවිධාන නායකයින් සඳහා Sheraphiel glow pvt Ltd ආයතනයේ දැනුවත් කිරීමේ වැඩසටහන දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස් අශෝක කුමාර මහතා ප්‍රධානත්වයෙන් අද (14) දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මේ සඳහා සමෘද්ධි ප්‍රජා මුල සංවිධාන නායකයින් සහභාගි විය.

ga

ga

ga

ga

ga

ga

ga

“දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතිශයෙන්ම වැදගත් රැස්වීමක් බැවින් ඒ පිළිබඳව මනා අවබෝධයකින් සූදානම්ව නිලධාරින් රැස්වීමට සහභාගි වියයුතුයි” - අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තිය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය

“කිසිම නිලධාරියෙක් තොරතුරු නැතුව එන්න එපා. මේක අවසාන දැනුම්දීම ” - දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා

“දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතිශයෙන්ම වැදගත් රැස්වීමක් බැවින් ඒ පිළිබඳව මනා අවබෝධයකින් සූදානම්ව නිලධාරින් රැස්වීමට සහභාගි වියයුතු බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තිය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අවධාරණය කරයි

ඉදිරියේදී මීට වඩා කාර්යක්ෂමව මෙම රැස්වීම පැවැත්වීමට කටයුතු කරමු. ඒ වගේම මෙම රැස්වීමේ වැදගත්කම අවබෝධ කරගෙන ඒ සඳහා සූදානම් වෙලා එන්න. ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් විදිහට සූදානම් වෙලා එන්න. කමිටුව තුළ කාවවත් අපහසුතාවට පත් නොවන විදිහට කටයුතු කරන්න නම් නිළධාරින් සියලුම දෙනා මේ කමිටුවට පැමිණිය යුතුයි.

දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රශ්න වලට විසදුම් ලබාදෙන්නේ සංවර්ධන ව්‍යාපෘති බලාත්මක වෙන්නේ මේ රැස්වීමෙන් නිසා කරුණාකරලා මෙහි වැදගත්කම තේරුන් ගන්න” යනුවෙන් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කළාය. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, අග්‍රාමාත්‍යතුමියගේ සහභාගිත්වයෙන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර හනීෆ් යුසුෆ් මහතාගේ සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාගේ සම සභාපතීත්වයෙන් අද(12) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා විසින් පිළිගැනීම සහ අරමුණු පැහැදිලි කිරිමෙන් අනතුරුව 2025 සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය ඉදිරිපත් කිරීම අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) සහ බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) විසින් ඉදිරිපත් කරන ලදී.

එහිදී බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක සීතාවක නගර සභාවේ හා ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ කොළඹ මහ නගර සභාවේ නිසි බලධාරීන් රැස්වීමට සහභාගී නොවීම පිළිබඳව අගාමාත්‍යතුමියගේත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාගේත් බලවත් අප්‍රසාදය පළවිය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා, “මට නිකන් දැනෙනවා මෙතනට එන නිළධාරින් නිකන් ආවට ගියාට මොනවාහරි කියවනවා වගේ දෙයක්.හරියට තොරතුරු නැතුව සූදානම් වෙලා නැතුව ප්‍රශ්නයක් ආවොත් මොනාහරි දෙයක් කියන්නම් කියන තැන ඉන්නවා කියලා මට දැනෙනවා. එහෙම දෙයකට නම් මෙතනට එන්න එපා. මේ ආකාරයටම මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදිත් වුනා. කිසිම නිලධාරියෙක් මෙතන රැස්වීමකට කැදවලා තියෙනවා ඒ නිසා මෙතනට ඇව්ල්ලා යන්න ඕන කියලා හිතාගෙන නම් එන්න එපා. එනවානම් තමන් සූදානම් වෙලා එන්න.සවුත්තු වෙලා යන්න බලාගෙන එන්න එපා.තමන්ටත් ආත්ම ගරුත්වයක් තියෙනවානේ.එක නැති කරගන්න එපා. කිසිම නිලධාරියෙක් තොරතුරු නැතුව එන්න එපා. තමන් දැනගන්න ඕන මොන ව්‍යාපෘති ද තියෙන්නේ කියලා .ඒක දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී කතා කරනවා කියලා.ඒ නිසා ඒ එන කෙනා අදාළ තොරතුරු අරන් එන්න ඕන .ආවට ගියාට මොනාහරි කියවලා යන්න මෙතනට එන්න එපා.මේක අවසාන දැනුම්දීම.සම්පූර්ණ විස්තර ටික අරන් එන්න.එහෙම එන්න බැරි නම් තමන් ලග තොරතුරු නැත්නම් එන්න එපා.අදාළ බළධාරියාට කියන්න මේකට තොරතුරු නෑ ඒ නිසා යන්න බෑ කියලා . විශේෂයෙන්ම පළාත්පාලන ලේකම්වරුන් නාගරික කොමසාරිස් වරුන්ට විශේෂ වගකීමක් තියෙනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම. මේකෙන් තමයි මුළු දිස්ත්‍රික්කයම සම්බන්ධීකරණය වෙන්නේ. අවුරුද්දටම තියෙන්නේ රැස්වීම් 12යි. මාසයකට එක රැස්වීමයි. මේක ආරම්භ කල කාලෙමයි ඒ ඒ මාසවල දින වෙන්කරගත්තේ. එතකොට පුහුණු වැඩමුළු දාලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ඊට පසුවයි. එතකොට ඕන කෙනෙක්ට කියන්න පුළුවන් වෙන්න ඕන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම තියෙන නිසා පුහුණුව වෙන දවසක දාගන්න කියලා කියන්න.දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම හරියට වෙන්න ඕන. මෙතනින් තමයි කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය පිළිබඳව සියලුම දේ සම්බන්ධීකරණය වෙන්නේ. සංවර්ධන වැඩ ඔක්කොම වෙන්නේ මේ තුලින්. ඒ නිසා අද ඉදන් මේක කරන්න එපා හරියට සූදානම් වෙලා එන්න” යනුවෙන් සිය අදහස් පළකරනු ලැබීය.

2025 වර්ෂය තුළ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්හි ප්‍රගතිය ඉදිරිපත් කිරිම යටතේ විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ යෝජිත ව්‍යාපෘති, ආපදා අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, හඳුනාගත් ක්‍රීඩා පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීම, බස්නාහිර පළාත් දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම පිළිබඳව සාකච්ජා කරන ලදී.

ඒ අනුව, විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ රුපියල් මිලියන 207ක මුදලක් ව්‍යාපෘති 110ක් සඳහා අනුමත කර තිබෙන අතර මේ වනවිට එම මුදල් සියල්ලම ව්‍යාපෘති සඳහා ලබාදී අවසන්ය. ප්‍රාදේශිය ලේකම් කාර්යාල 13 ම ආවරණය වන පරිදි ව්‍යාපෘති 13ක මේ වනවිට වැඩ අවසන් කර තිබෙන අතර 27ක වැඩ ආරම්භ කර තිබෙි. ඊට අමතරව ඇස්තමේන්තු සකස් කිරීමේ අදියරේ ව්‍යාපෘති 09ක්ද ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ව්‍යාපෘති 16ක්ද ගිවිසුම් අත්සන් කළ අදියරේ ව්‍යාපෘති 45ක්ද වෙි. ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන සඳහා ව්‍යාපෘති 15ක් ක්‍රියාත්මක වන අතර ඒම ව්‍යාපෘති මේ මාස 30 වන විට අවසන් කිරිමට නියමිතය.

මේ සඳහා වියදම් වන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 68.86කි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ යෝජිත ව්‍යාපෘති යටතේ වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන සහ වතු ප්‍රදේශවල ආපදා නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය පාදුක්ක වත්ත අංක 05 ලයින් කාමර දෙසට නානා ළිද අසල සිට ඉදිරියට මිටර් 200ක් සංවර්ධනය කිරීම, පාදුක්ක වතු නිවාස අංක 05 ලයින් කාමර සදහා පානීය ජල පහසුකම් ලබා දීම ,පෙන්රිත්වත්ත ලෝගන් කොටස පවුල් 10 ක් වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම් ලබා දීම, එල්ස්ටන් වත්ත ඉහළ කොටස පවුල් 05ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් ලබා දීම සිදුකෙරේ. වතු ප්‍රදේශවල ආපදා නිවාස වැඩසටහන යටතේ පාදුක්කපෙන්රිත් වත්ත ජල පවිත්‍රාගාරයේ ක්ලෝරීන් වායුව කාන්දුවෙන් බලපෑමට ලක් වූ පවුල් සඳහා නිවාස ලබා දීම ව්‍යාපෘතිය සහ සීතාවක අයර්වත්ත ලබුගම වත්ත කොටසේ වතු නිවාස සඳහා ආපදා වැලැක්වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ඒ වගේම 2025 වර්ෂය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 09 ක් තුළ ආපදා අවම කිරිමේ ව්‍යාපෘති 38ක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා රුපියල් මිලියන 98ක මුදලක් ප්‍රතිපාදනලබාදී තිබේ.

ව්‍යාපාති 38න් මේ වනවිට ව්‍යාපාති 13ක වැඩ අවසන් කර ඇත. 2025 කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රීඩා පහසුකම් සංවර්ධන ව්‍යාපෘති යටතේ ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම (පාසැල් හා මහජන ක්‍රීඩාංගන) වැඩසටහන - 2025 දිස්ත්‍රික්කය සඳහා වෙන් වී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රු.මි. 10 ක මුදලක් වෙන්කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් පාසැල් හා මහජන ක්‍රීඩාංගන නිර්මාණය කරනවාට වඩා හොඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍යතුමිය උපදෙස් දෙන ලදී. බස්නාහිර පළාත් දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම යටතේ ව්‍යාපෘති 297ක් සඳහා අනුමැතියි ලබාදි තිබෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන්කර ඇත.

බස්නාහිර පළාත් දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම යටතේ ව්‍යාපෘති 1520ක් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා රුපියල් මිලියන4,555.48ක මුදලක් අනුමත කර ඇත. එම ව්‍යාපාති අතුරින් ව්‍යාපාති 66ක වැඩ අවසන් අතර වැඩ හා මුදල් ගෙවා අවසන් ව්‍යාපෘති 37ක්ද ප්‍රසම්පාදන හා ක්‍රියාත්මක මට්ටමේ ව්‍යාපෘති 560ක්ද ඇස්තමේන්තු මට්ටමේ ව්‍යාපෘති 691ක්ද වැඩ ආරම්භ නොකළ ව්‍යාපෘති 166ක්ද වශයෙනි. මෙම ව්‍යාපෘති වල ගැටළු තිබේනම් ඒවා කඩිනමින් නිශ්චය කරගන්නා ලෙසත් දැනට ලබාදී තිබෙන සංශෝධිත ව්‍යාපෘති දිනය අගෝස්තු 15 වන දින ලෙස සලකා කටයුතු කිරිමටත් කමිටුව තීරණය කෙරිණ. කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය, චිකුන්ගුන්යා රෝගය, කොවිඩ් රෝගය සහ ප්‍රජා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා සහ කොළඹ දිස්ත්‍රික්කයයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් කරුණූ ඉදිරිපත් කළ අතර එහිදී දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය අඩුවීමක් දක්නට ලැබෙන බව දැනුම් දුන්නේය. ඩෙංගු රෝගීන් වාර්තා වීම පිළිබඳව දත්ත රැස්කරන ආකාරයටම , චිකුන්ගුන්යා රෝගය පිළිබඳව ද දත්ත රැස්කිරිමට අවධානය යොමුකළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය විශේෂයෙන් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන වලින්ද නිවරදි තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරගැනීම වැදගත් බව අවධාරණය කළාය. එහිදී පාසල් සහ පෙර පාසල් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් වැඩිදුරටත් සඳහන් කළාය. එසේම ඩෙංගු රෝගය, චිකුන්ගුන්යා රෝගය, කොවිඩ් රෝගය සහ ප්‍රජා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාසිකව දත්ත ලබාගැනීම වඩා වැදගත් බවද මෙහිදී සාකච්ජා විය. 2025.07.29 දින පැවති විශේෂ ඉඩම් අනු කමිටු රැස්වීම්වල තීරණ දැනුම් දීම,අනුමැතියට ඉදිරිපත් කර ඇති ලිපි සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ලැබි ඇති ලිපි ඉදිරිපත් කිරිම ද මෙහිදී සිදුවිය. කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව බල ප්‍රදේශයේ අපද්‍රව්‍ය කළමනාකරණයේ දී මුහුණ දෙන ගැටළුව, කොළොන්නාව බල ප්‍රදේශයේ එකතු වන නොදිරන කසල Western power බලාගාරයට භාරදීම, කඩුවෙල මහජන සෞඛ්‍ය බල ප්‍රදේශය කඩුවෙල සහ අතුරුගිරිය ලෙස දෙකකට වෙන් කිරීම හා පහසුකම් සැලසීම, කඩුවෙල පොලිස් ස්ථානය කඩුවෙල තැපැල් කාර්යාලය පිහිටි භූමිය තුළ ස්ථාපනය කිරීම, කඩුවෙල පොලිස් ස්ථානය කඩුවෙල තැපැල් කාර්යාලය පිහිටි භූමිය තුළ ස්ථාපනය කිරීම, Utility Shifting වෙනුවෙන් RDA ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම, කොළඹ දිස්ත්‍රික්කයේ හා තදාසන්න ප්‍රදේශවල සියලුම ඇළ මාර්ග ඉහළ ප්‍රමිතියකින් නඩත්තු කිරීම තහවුරු කිරීම පිණිස පිහිටවනු ලබන විශේෂ කාර්ය සාධන බලකාය, ගිහාන් බීච් රිසෝට් ආයතනය දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට ලබා ගෙන ඇති අඩිපාරට ඉහළින් ඉඳිකර ඇති ගුවන් පාලම, පිටිපන කණිෂ්ඨ විදුහලේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කර නව ගොඩනැගිල්ලක් ඉඳිකිරීමේ දී ඇති වී තිබෙන අක්‍රමිකතා,වාර්ෂික දේපල තක්සේරු දැන්වීම් බෙදීම වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව සංශෝධනය කිරීම සඳහා ඉල්ලීම, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඇති ඇවිදින මං තීරුව සම්බන්ධ ගැටළුව පිළිබඳව මෙහිදී අවධානය යොමුකළ අතර එම ගැටළු විසදා ගැනීමේ අරමුණින් කෘෂිකර්ම හා කර්මාන්ත, ප්‍රවාහන හා මහාමාර්ග, කාන්තා හා ළමා කටයුතු, අධ්‍යාපන හා සෞඛ්‍ය, සංචාරක හා පරිසර,විදේශ කටයුතු හා විදේශ රැකියා යටතේ අනුකමිටු පැවැත්විමටත් තීරණය විය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර හනීෆ් යුසුෆ් මහතා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, ලක්මාලි හේමචන්ද්‍ර, අරුණ පනාගොඩ, චන්දන සූරියආරියච්චි, දේවානන්ද සුරවීර යන මහත්ම මහත්මීන් ද කොළඹ දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් හා උපසභාපතිවරුන්, නගරාධිපතිවරුන් ඇතුළුව කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, බස්නාහිර පළාත් සභා ප්‍රධාන ලේකම් කේ.ජී.පී.පුෂ්පකුමාර මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) කේ.එන්.කෞශල්‍යා කුමාරි මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කාංචනා ගුණවර්ධන මහත්මිය, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එස්.කේ. බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එස්.එම්.එන්. සුබසිංහ මහත්මිය ඇතුළු කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩල ප්‍රධානින්, සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන් හා දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන රාජ්‍ය ආයතන ප්‍රධානින් මෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සාමාජිකයන් සම්බන්ධ වූහ.

ga

A pre-retirement program under the theme “Pre-Retirement Preparation And Successful Life” was held at the Colombo District Secretariat today (07) chaired by the Assistant District Secretary of Colombo, Mr. Amila S. Parakrama.

The first lecture under the theme of a planned elderly life was delivered by Ms. Deepthi Niroshika, Training Officer. Lecture under the theme of the physical and mental well-being of elderly people was delivered by Mr. Kulanu Jayathilaka, Community Health Officer of the Colombo Divisional Secretariat Division. The lecture on preparing a personal file was delivered by Ms. Harshi Pushpamala, Pension Officer.

This program, jointly conducted by the National Elders Secretariat and the Colombo District Secretariat, was organized by the District Elders Promotion Officer, Mrs. Chithrani Rankoth, with the participation of 84 government officials who are about to retire from the government service.

ga

ga

ga

ga

ga

ga

කොළඹ දිස්ත්‍රික්කයේ අස්වැසුම දීමනා දුක්ගැනවිලි විසඳුම් කළමනාකරණය (GRM) සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණින් සමාජ සුබසාධන මණ්ඩලයේ විශේෂ වැඩසටහනක් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කාංචනා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී පැවැත්විණ.

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී මුහුණ දීමට සිදුවන ගැටළු හා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් පැවති මෙම වැඩසටහන මෙහෙයවීම සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සමාජ ආරක්ෂණ විශේෂඥ උපුල් බ්‍රාහ්මණගේ මහතා, සහකාර කොමසාරිස් අශාන් දර්ශක මහතා, සම්බන්ධීකරණ නිලධාරි එස්.පී.දිසානායක මහතා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරි W. P. ගුණපාල මහතා, තොරතුරු තාක්ෂණ ප්‍රධානි විශ්නි සුන්දරරාජ් මහත්මිය යන නිළධාරින් සහභාගි වූ අතර මේ සඳහා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල නියෝජනය කරමින් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, අස්වැසුම හා වැඩිහිටි සුබසාධන වැඩසටහන සම්බන්ධයෙන් කටයුතු සිදුකරන නිළධාරින් හා දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ නිලධාරින් සහභාගි විය..

ga

ga

ga

ga

ga

ga

ජාත්‍යන්තර දුම්වැටි - මත්විරෝධි දින සැමරුම් කොළඹ දිස්ත්‍රික් වැඩසටහනේ සමාරම්භය දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්/ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) දින දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී සිදුකෙරිණ.

මැයි මස (31) දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර දුම්වැටි - මත්විරෝධි දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව කොඩි අළෙවි වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. මෙවර එහි තේමාව වන්නේ " සවි බලයෙන් රට දිනන්න, මත් රැහැනින් ඔබ මිදෙන්න" යන්නයි. අද (31) දිනෙන් ආරම්භ වන මෙම කොඩි අළෙවි කිරිමේ වැඩසටහන ජූනි මස 17 වන දින දක්වා සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය විසින් ක්‍රියාත්මක කරන අතර එම එකතු කරගනු ලබන මුදලින් 90% ක ප්‍රතිශතයක්ජ නතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිතා කිරීමට අපේක්ෂා කරයි.

දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වෙත කොඩි පැළදවීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ මාණ්ඩලික නිළධාරින් වෙතද කොඩි අළෙවි කිරීම මෙදින සිදුවිය. මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක අශෝක කුමාර මහතාගේ හා තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් සුගත් සිසිර කුමාර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය ත්‍රීෂා ජේසුදාසන් මහත්මිය, තිඹිරිගස්යාය මුලස්ථාන කලමණාකරු නිශා ප්‍රියනාත් මහත්මිය, සංවර්ධන නිළධාරී තුසිතා ජයන්ති මහත්මිය, දිස්ත්‍රික් සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර බුද්ධික වීරසේකර මහතා,තිඹිරිගස්යාය සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර ලක්මි දිනුෂා මහත්මිය, ප්‍රජා මුල සමෘද්ධි සංවර්ධන නිලධාරී සී.පී.රාජකරුණා මහතා කිරුල වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී වසන්ත සංජය මහතා මෙන්ම එම වසමේ ප්‍රජා මුල සංවිධානයේ සභාපති මහත්මිය හා භාණ්ඩාගාරිකතුමියගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

දිස්ත්‍රික් සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී බුද්ධික වීරසේකර හා තිඹිරිගස්යාය සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී ලක්මි දිනුෂා යන නිළධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ga

ga

ga

ga

ga

ga

පළාත් මට්ටමින් රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර විගණන අංශ නිළධාරි පුහුණු වැඩසටහන අද (03) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික් ආවරණය වන පරිදි බස්නාහිර පළාතේ පළමු වැඩසටහන වශයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී. මේ සඳහා සම්පත් දායකත්වය හිටපු නියෝජ්‍ය විගණකාධිපති සරත් සුමනසේන මහතා විසින් ලබාදුන් අතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාාංචනා ගුණවර්ධන මහත්මිය, දිස්ත්‍රික් ප්‍රධාන අභ්‍යන්තර විගණක පී.කේ.ඩී.එම්.ගුණරත්න මහතා සහ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ සිසිර ජයකොඩි මහතා ඇතුළුව බස්නාහිර පළාත නියෝජනය කරමින් විගණන නිළධාරින් සහභාගි විය.

ga

ga

ga

ga

ga

කළමනාකරණ සේවා නිළධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2023 බඳවාගත්, 2025 වර්ෂයේ පත්වීම් ලද නිළධාරින් සඳහා සේවාරම්භක පුහුණු වැඩසටහන කළමනාකරණ සේවා නිළධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2023 සඳහා බඳවාගත්, 2025 වර්ෂයේ පත්වීම් ලද නිළධාරින් සඳහා සේවාරම්භක පුහුණු වැඩසටහන අද (02) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාල ශ්‍රවණාගාරයේදී ආරම්භ කෙරිණ.

මෙම පත්වීම් ලද නිළධාරින් අතුරින් කොළඹ දිස්ත්‍රික්කයට අයත් සියළුම ආයතනයන්හි සේවයේ නියුතු නවක නිළධාරින් 400ක් වේ. එක් අදියරයකට නිළධාරින් 200 බැගින් අදියර දෙකක් ඹස්සේ මෙම සේවාරම්භක පුහුණු වැඩසටහන පැවැත්වීමට නියමිතය. ඒ අනුව, මෙම පුහුණු වැඩසටහනේ පළමු අදියර වශයෙන් අද (02) සිට දින 05ක කාලයක් තුළ මෙම පුහුණු වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහළ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන අංශය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ, අතිරේක ලේකම් ( මානව සම්පත් සංවර්ධන අංශය) එස්. ජලදීපන් මහත්මිය, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එන්.යූ. නිශාන් මහතා, ආයතන අධ්‍යක්ෂ කේ.එම්.කේ.කේ. කුලතුංග මහත්මිය, සහකාර ලේකම් (මානව සම්පත් සංවර්ධන අංශය) තමරා රණතුංග මහත්මිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් (පාලන) එම්.ඒ.එස් කාාංචනා ගුණවර්ධන මහත්මිය, අතිරේක ලේකම්( ඉඩම්) කේ.එන්. කෞෂල්‍යා කුමාරි මහත්මිය, පරිපාලන නිළධාරි අසංකා කෝට්ටගේ මහත්මිය ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගි විය.

ga

ga

ga

ga

ga

ga

ga

ga

2025 වසරේ පළමුවන රාජ්‍ය නොවන සංවිධාන කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සමුළුව කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කුඩා ශ්‍රවණාගාරයේදී අද (07) දින පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් මත අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ මහත්මියගේ මගපෙන්වීම යටතේ පැවැති මෙම ප්‍රගති සමාලෝචන වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධාන 50ට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින් නිළධාරි මහත්ම මහත්මීන් පැමිණ සිටියහ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය නොවන සංවිධාන 300 ට ආසන්න සංඛ්‍යාවක් රජයේ ලියාපදිංචි සංවිධාන වශයෙන් කටයුතු කරන අතර එම සංවිධාන වල 2025 වසර සඳහා වන ඉදිරි සැලසුම් සහ පසුගිය වසරේ ප්‍රගතිය පිළිබඳව සාකච්ජා කිරිමේ අරමුණින් පැවැත්විණි. රාජ්‍ය නොවන සංවිධාන සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් අතර මනා සම්බන්ධතාවයකින් ගොඩනගාගෙන රජයේ ප්‍රතිපත්ති වලට අනුගතව ව්‍යාපෘති සංවිධානය කළ යුතු බවට මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණ.

රාජ්‍ය නොවන සංවිධාන විසින් 2025 වසර සඳහා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කරන ව්‍යාපාති මේ වනවිට රජය විසින් ක්‍රියාත්මක Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කිරිමට විශේෂ අවධානයක් යොමුකරන ලෙස උපදෙස් දුන් දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, එම වැඩසටහන් හැකිතාක් විනිවිදභාවයකින් සහ පාරදෘශ්‍යභාවයකින් යුක්තව ක්‍රියාත්මක කිරිමේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූ අතර හඳුනාගත් නිශ්චිත අරමුණකට අනුව එම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
රජයට කළ නොහැකි මගහැරෙන කාර්යභාරය රාජ්‍ය නොවන සංවිධාන මගින් සිදුවිය යුතු බැවින් රාජ්‍ය නොවන සංවිධාන මගින් සමාජයේ කිසිම කණ්ඩායමක් අත්හැරෙන්නට නොදී සිටීමේ වගකීමට බැදී සිටින බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න මහතා සඳහන් කළේය. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කය තුළ දරුවන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා තවදුරටත් ගුණාත්මක වැඩවටහන් ක්‍රියාත්මක කරන්නැයිද හෙහෙම සඳහන් කළේය.

ga

ga

ga

ga

ga

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම එක්ව සංවිධානය කරන ලද "බුද්ධිමය දේපළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන " අද (07) දින පස්වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය 1 වන මහල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

පේටන්ට් බලපත්‍ර, ප්‍රකාශන හිමිකම්, වෙළඳ ලකුණු සහ කාර්මික සැලසුම් ඇතුළු බුද්ධිමය දේපළවල විවිධ අංශ පිළිබඳව බස්නාහිර පළාත් ව්‍යවසායකයින් සහ බස්නාහිර පළාත් NEDA නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් පැවැති මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ජනාධිපති ලේකම් කාර්‍යාලයේ NIRDC ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත සෙනරත් යාපා මහතා විසින් ලබාදෙන ලදී.

ඒ අනුව බුද්ධිමය දේපළ හැඳින්වීම යන තේමාව යටතේ පේටන්ට් බලපත්‍ර, ප්‍රකාශන හිමිකම්, වෙළඳ ලකුණු සහ කාර්මික සැලසුම් අවබෝධ කර ගැනීම පිළිබඳව පිරිස දැනුවත් කළ අතර ව්‍යවසායකයින් සඳහා IP හි වැදගත්කම යටතේ IP ආරක්ෂාව ව්‍යාපාර වර්ධනය සහ තරඟකාරිත්වය වැඩි දියුණු කරන ආකාරය පිළිබඳව කරුණු සාකච්ඡා කළේය

ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පිළිබඳ නීතිමය අංශ පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඒ යටතේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලීන් සහ බලාත්මක කිරීම පිළිබඳ දළ විශ්ලේෂණක් සිදුකළේය. ඒ වගේම IP දැනුවත් කිරීම සහ සහාය සඳහා NEDA හි කාර්යභාරය පිළිබඳව ද සාකච්ඡා කළ අතර NEDA නිලධාරීන්ට ඔවුන්ගේ නවෝත්පාදන ආරක්ෂා කර ගැනීම සඳහා ව්‍යවසායකයින්ට සහාය විය හැකි ආකාරය යන පිළිබඳව වැඩිදුරටත් කරුණු සාකච්ඡා කෙරිණ.

ඉන් අනතුරුව අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්නෝත්තර සහ ජාලකරණ සැසිය යටතේ කර්මාන්ත විශේෂඥයින් සහ සම්පත් කාර්ය මණ්ඩලය සමඟ විවෘත සාකච්ඡාවක්ද පවත්වන ලදී.

අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.ඒ.එස්.කාංචනා ගුණවර්ධන මහත්මියගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්.මොහොමඩ් නමාමි මහතා,ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය විරංජ කරුණාරත්න මහතා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානින්, බස්නාහිර පළාත් ව්‍යවසායකයින් හා බස්නාහිර පළාත් NEDA නිලධාරීන් සහභාගි විය.

ga

ga

ga

ga

ga

ga

පෙබරවාරි මාසයට අදාළව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (13) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහළ ශ්‍රවණාගාරයේදී අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් සහ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්ව් සාලි මහතා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේතු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය, එරංග ගුණසේකර මහතා, අසිත නිරෝෂන එගොඩවිතාන මහතා, චන්දන සූරිය ආරච්චි මහතා, සමන්මලී ගුණසිංහ මහත්මිය, ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය, නජිත් ඉන්දික මහතා, බස්නාහිර පළාත් සභා ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ. විජයසිංහ මහත්මිය, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එස්.එම්.එන්. සුබසිංහ මහත්මිය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩල ප්‍රධානින්, සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන් හා කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

මෙහිදී, 2024 වර්ෂයට අදාළ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සහ 2025 සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කරන ලදී. ඒ අනුව 2025 වර්ෂයේ විමධ්‍යගත අයවැය වැඩසටහන සඳහා රුපියල් මිලියන 207 ක මුදලක්ද බස්නාහිර පළාත් සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් ද වෙන්කර තිබේ. මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදී 2025.01.01 සිට නව රීති හඳුන්වා දී තිබෙන අතර ව්‍යාපෘති සම්බන්ධයෙන් සියළුම සම්බන්ධීකරණ වගකීම දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා සිදුකිරීටමත් ව්‍යාපෘති ප්‍රගතිය මාස 03ට වරක් ලබා ගැනීමටත් තීරණය විය.

දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගයේ වර්තමාන තත්ත්වය පිළිබඳව කොළඹ නගර සභාව සහ කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අංශ විසින් තොරතුරු ඉදිරිපත් කළ අතර බොරැල්ල, කුරුදුවත්ත, හැව්ලෙක්සිටි යන ප්‍රදේශවල ඩෙංගු රෝගය බහුලව ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බවට එහිදී තොරතුරු ඉදිරිපත් විය. මෙම ප්‍රදේශවල රාජ්‍ය ආයතනවල අපහරණ ද්‍රව්‍ය(අබලි ද්‍රව්‍ය) විශාල වශයෙන් එකතුවී තිබීම සහ විවිධ ඉදිකිරිම් ආශ්‍රිතව මෙම තත්ත්වය දක්නට ලැබෙන බව හඳුනාගෙන තිබෙන බව කමිටුවට දැනුම් දුන්නේය. ඒ අනුව, එම තත්වයන් පාලනය කර ගැනීමට පරිපාලනමය වශයෙන් යම් විසදුමක් ලබාගැනීම සඳහා කඩිනමින් අවධානය යොමු කරන්නැයි දිස්ත්‍රික් ලේකම්තුමා වෙත අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදුන්නාය.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කය තුළ2024 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද කෘෂිකර්ම ව්‍යාපෘති සහ එහි ප්‍රගතිය පිළිබඳව සාකච්ජා කිරීම, පළාත් පාලන ආයතන අයවැය අනුව 2025 වර්ෂයට අදාළ සැලසුම් ඉදිරිපත් කිරිම සහ පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ලැබී ඇති ලිපි සහ ඊට අදාළ තීරණ දැනුම් දෙන ලදී.

Clean Sri Lanka ජාතික වැඩසටහන පසුගිය 09 වන දින නිළ වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරිමට හැකියාව ලැබුනු බව පැවසූ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඒ සඳා සහයෝගය ලබාදුන් සියළුම ආයතනයන් වෙත ස්තූතිය පළ කරන ලදී. එම වැඩසටහන ඉදිරියටත් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය මැදිහත්වීම අඛණ්ඩව සිදුකරගෙන යන ලෙස වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

ga

ga

ga

ga

“Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙරළ පිරිසිදු කිරීමේ සමාරම්භක වැඩසටහන අද (09) දින වැල්ලවත්ත දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සහ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ අතිරේක ලේකම් (ඉඩම්) සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මියගේ ගේ ප්‍රධානත්ව‍යෙන් පැවැත්විණ.

මෙම වැඩසටහන සඳහා ශ්‍රම දායකත්වය වැල්ලවත්ත දුමිරිය ස්ථානය, වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, මැනිං පෙදෙස සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, යුද්ධ හමුදා කදවුර - මරදාන 14 විජයබා පාබල රෙජිමේන්තුව ඇතුළු යුද්ධ හමුදා සාමාඡිකයින්, වැල්ලවත්ත පොලිස් ස්ථානය, ප්‍රජා පොලිස් ඒකකය, පරිසර පොලිස් ඒකකය, කොළඹ මහ නගර සභාව,වෙරළ ආරක්ෂක බලකාය, තිඹිරිගස්‍ යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතනවල නිලධාරීන් ඇතුළු ස්වේච්ඡා සංවිධානවල සහයෝගයෙන් ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම ප්‍රදේශ වාසීන්ගේ ද විශාල සහයෝගයකින් ඉතා සාර්ථකව අවසන් විය.

ga

ga

ga

ga

ga

ga

“සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” තේමාව යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ Clean Sri Lanka වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය වෙරළ උද්‍යානයේදී අද (09) දින නිළ වශයෙන් ආරම්භ විය.

මෙම සමාරම්භක වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කය තුළ රත්මලාන, මොරටුව, තිඹිරිගස්‍ යාය, දෙහිවල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් විසින් වෙරළ පවිත්‍රතා වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, වැල්ලවත්ත දුම්රියපොළ අසළ, දෙහිවල දුම්රිය ස්ථානය ආශ්‍රිත වෙරළ තීරය,ගල්කිස්ස වෙරළ තීරය සහ මොරටු වැල්ල වෙරළ තීරය යන ස්ථානවල ප්‍රාදේශිය කොට්ඨාශ නියෝජනය වන පරිදි දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සහ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගයෙන් පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක විය.

මීට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල විසින් අද දින Clean Sri Lanka වැඩසටහනේ සමාරම්භය වශයෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබිණ. සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියේ Clean Sri Lanka වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බවයි.

මේ සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණාරච්චි, කොළඹ නගරසභා අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් ඇතුළුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර යන මහත්ම මහත්මීන්, ශ්‍රී ලංකා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිළධාරින්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, සෞඛ්‍ය ආයතන, විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ga

ga

ga

ga

ga

ga

ga

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන Clean Sri Lanka වැඩසටහන වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරිමේ විශේෂ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින(05) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන ඇතුළු අනෙකුත් ආයතන මේ සඳහා Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය. කොළඹ දිස්ත්‍රික්කය තුළ Clean Sri Lanka වැඩසටහන නිළ වශයෙන් ආරම්භ කිරිම මේ මස 09 වන දින සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නියෝජනය වන පරිදි දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයනගේද සහභාගීත්වයෙන් පළාත් පාලන ආයතන, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය ආයතන, විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගයෙන් සිදුකිරිමට නියමිතය.

ඒ අනුව එළැඹෙන 09 වන දින කොළඹ, රත්මලාන, මොරටුව, තිඹිරිගස්‍ යාය, දෙහිවල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළ තීරයන් පිරිසිදු කිරිමටත් අනෙකුත් ප්‍රා.ලේ.කාර්යාල මගින් ප්‍රධාන වැඩසටහන් වශයෙන් විවිධ ශ්‍රමදාන වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමටත් නියමිතය.

Clean Sri Lanka වැඩසටහනට අමතරව මෙහිදී පළාත් සභා සංවර්ධන වැඩසටහන හා විමධ්‍යගත සංවර්ධන වැඩසටහන යටතේ 2025 වර්ෂය යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිත ව්‍යාපෘති යෝජනා පිළිබඳව සහ අස්වැසුම වැඩසටහනේ ප්‍රගතිය සහ ගැටළු සම්බන්ධයෙන්ද ප්‍රාදේශිය ලේකම්වරුන් සමඟ සාකච්ජා කරන ලදී.

මේ සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියන් දෙපළ, ක්‍රම සම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය සහ හේමන්ත වීරකෝන්, වායි බල්තසාර්, එස්. සියුෂාන් යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර අනෙකුත් ආයතන නිළධාරින් ZOOM තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.

ga

ga

ga

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජල ගැලීම් වැළැක්වීම සඳහා නිර්දේශ ලබාදීම හා නගරය ප්‍රතිසංවිධාන සැලැස්මක් සකස් කිරිමේ ප්‍රගති සමාලෝචන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සහ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් දින (04) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහිදී කොලොන්නාව ප්‍රාදේශීය කොට්ඨෘශය තුළ සිදුවන අනවසර ගොඩකිරීම් සහ නිතිවිරෝධි වැලි සේදීම සම්බන්ධයෙන් වන කරුණු ඇතුළත් කමිටු වාර්තාවේ නිර්දේශයන් කඩිනමින් ක්‍රියාත්මක කර එහි ප්‍රගතිය ඊළග කමිටු රැස්වීමේදී ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිළධාරින්ට උපදෙස් ලබා දුන්නාය.

ඒ වගේම කොලොන්නාව නගරය ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමේදී ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරමින් එම වැඩපිළිවෙළ පිළිබඳව ඔවුන්ගේද සහාය ඇතිව සිදුකිරීම වැදගත් බව පෙන්වාදුන් අග්‍රාමාත්‍යතුමිය ඒ සඳහා ජනතා සංවාදයක් ඇතිකිරිමට විශේෂ අවධානයක් යොමු කළයුතු බව වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

මේ වනවිට ක්‍රියාත්මක වන ආපදා කමිටු මූලික කරගනිමින් තවදුරටත් එම කමිටු වල ව්‍යූහයන් වැඩිදියුණු කරගනිමින් විධිමත් ආපදා කමිටු ප්‍රමාණයක් සැලසුම් කරගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

මේ සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියන් දෙපළ, ක්‍රම සම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්තුමා , නුගේගොඩ කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරිතුමා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය,කොලොන්නාව නගර සභාව, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ආපදා සහන සේවා මධ්‍යයස්ථානය, විදුලි බල අමාත්‍යාංශය, ලංකා විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් නිළධාරින් සහභාගි විය.

ga

ga

ga

ga

ga

ga

ga

“පුරවර සුවසෙත” තිඹිරිගස්යාය කොධ්ටාශයේ රාජ්‍ය ආයතන වල නිලධාරින් සඳහා වු ශරිර සුවතා හා බෝනොවන රෝග පිලිබද සංගීතාත්මක වැඩසටහන පසුගිය දින (29) සවස 09 වන මහල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා අංශයේ විසින් ක්‍රීඩා නිලධාරි සුමිත් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.ඒ.එස්.කාංචනා ගුණවර්ධන මහත්මිය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිළධාරින් පිරිසක් සහභාගි විය.

ga

ga

ga

ga

පසුගිය වසර ගණනාව තුළදී සමාජ පරිවර්තනයක් අවශ්‍ය බවට ජනතාව තුළ විශාල සංවාදයක් ඇතිව තිබුනා. ඒ සමාජ පරිවර්තනය සඳහා ජනතාව විසින් මේ රජය පත්කරගෙන තිබෙනවා. ඒ අනුව ජනතාව විසින් වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වුනු සමාජ පරිවර්තනය, සමාජ වෙනස ඇතිකිරීම සඳහා පුරවැසියන් පෙළඹවීමේ අරමුණින් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් එම පරිවර්තනය සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මේ බව සඳහන් කළේ 2025 වසරේ පළමුවන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආමන්ත්‍රණය කරමිනි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (29) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහළ ශ්‍රවණාගාරයේදී කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්ව් සාලි මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රමුඛ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය, සමන්මලී ගුණසිංහ මහත්මිය, නීතිඥ සුසන්ත දොඩවත්ත මහතා, චන්දන සූරිය ආරච්චි මහතා, දේවානන්ද සුරවීර මහතා, අරුණ පනාගොඩ මහතා, අසිත නිරෝෂන එගොඩවිතාන මහතා සහ බස්නාහිර පළාත් සභා ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ. විජයසිංහ මහත්මිය, ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යමයණ්ඩල ප්‍රධානින්, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.එම්.එන්. සුබසිංහ මහත්මිය, සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන් හා කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

අද දින පැවැති මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දි මුලිකව අවධානය යොමු කරනු ලැබුනේ Clean Sri Lanka වැඩසටහන පිළිබඳවයි. එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා විසින් මෙම වැඩසටහන පිළිබඳව පැමිණ සිටි නිළධාරින් සියලු දෙනා දැනුවත් කරන ලදී. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය විසින් Clean Sri Lanka වැඩසටහනේ මුඛ්‍ය අරමුණ පිළිබඳව අදහස් දැක්වීම සිදුකළ අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සූදානම පිළිබඳව දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා විසින් අදහස් දැක්වීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන වෙන් වෙන් වශයෙන් තම ආයතන තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරිම සිදුකරන ලදී.

මෙහිදී කාලය කළමනාකරණ කරගැනීමේ අවශ්‍යතාවය මත ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11 ක් සහ පළාත් පාලන ආයතනවල ඉදිරිපත් කිරිම් ලබන 05 වන දින ප.ව.02.00ට Zoom තාක්ෂණ හරහා දැනුවත් කරන ලෙස සභාපතිතුමා විසින් උපදෙස් ලබාදුන්නේය.

කොළඹ දිස්ත්‍රික්කයට පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් සඳහා අවශ්‍ය භූමියක් වෙන්කරවා ගැනීමට සම්බන්ධ කාරණය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ අතර එම කරුණට අදාළ සියලුම ආයතන ඇතුළත් අනු කමිටුවක් මගින් නැවත සාකච්ඡා කිරීමට තීරණය කෙරිණ. ඊට අමතරව කමිටුවට ලැබී ඇති ලිපි සහ ඊට අදාළ ගැටළු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය වැඩිදුරටත් මෙසේ ද අදහස් දැක්වීය. "පසුගිය වසරවල ජනතාව ඉල්ලපු දෙයක් තමයි සමාජ වෙනසක්. පුරවැසියන් ලෙස අපි සියලු දෙනා ජීවත් වුනේ යමිකිසි අසහහනයකින්. සමාජය ගැන අපිට තිබුනා විවේචනයක්. ඒ විවේචනය, සමාජ වෙනසක් වෙනුවෙන් තමයි ජනතාව අපට ජන්දය ලබාදුන්නේ. අපට වගකීමක් තියෙනවා ඒ බැරෑරුම් සමාජ වෙනස කරන්න. ඒක අපේ වගකීමක්.

ඕනෑම සමාජයක් පවතින්න සමාජ ආයතන අවශ්‍යයයි. මේ සමාජ ආයතනවල ක්‍රියාකාරිත්වය තුළින් තමයි සමාජය පවතින්නේ. පසුගිය කාලවල මේ සියලුම ආයතනවල අර්බුද ඇතිවුනා. එම ආයතනවල සේවාවන් පිළිබඳව සෑහිමකට පත්වෙන්න බැහැ. සෑම ආයතනයකම කඩාවැටීමක් අත්වින්දා. ඒ නිසා එම කඩාවැටුනු සමාජ ආයතන නැවත ගොඩනැගීම සදහා සමාජ පරිවර්තනයක් අවශ්‍යයයි.

මේ පරිවර්තනය භෞතික වෙනසකට එහා ගිය ආකල්පමය වෙනසක් සහ මානුෂිය සම්බන්ධයක් සහිත ගුණාත්මක සබදතාවලින් යුක්ත ශිෂ්ටසම්පන්න රටක් සමාජයක් ගොඩනැගීමට අවශ්‍යයි. ඒ සදහා ජනතාව පෙළඹවීමේ, සමාජය ප්‍රතිසංවිධානය කිරිමේ අරමුණින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ අනුව මේ පරිවර්තනය සඳහා ජනතාවගේ සහභාගිත්වය, ජනතාව දැනුවත්වීම,ජනතාව සමග සංවාදයක් ඇතිකිරිම කළයුතුයි.

Clean Sri Lanka වැඩසටහන චක්‍රලේක වලට යටත්ව හෝ ආයතන වලට යටත්ව කළයුතු නැහැ. මෙය පුරවැසියන් ඉල්ලන ලද වෙනස කරන්නේ කොහොමද යන්න පිළිබඳව සාකච්ඡා කරන වැඩසටහනක්. ඒ නිසා චක්‍රලේක වලට යටතේ නොවී මේ සමාජ පරිවර්තනය අප විසින්ම සිදුකළයුතුයි. මේක සංකීර්ණයි නමුත් ඒ සඳහා ජනතාව පෙළඹවීම ආරම්භ කරමු”.

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

2025 වසරේ පළමු වන කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම, කඩුවෙල උතුර ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති නවගමුව සුගතබිම්බාරාම රජමහා විහාරාධිපති කළ්‍යානි සාමාග්‍රීය මහා සංඝ සභාවේ මහා නායක පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර මහා ස්වාමීන්වහන්සේ, කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ හා කඩුවෙල ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ප්‍රධාන ලේඛකාධිකාරී කොරතොට රජමහාවිහාරාධිකාරි පූජ්‍ය හබරක සුමනසාර ස්වාමීන්වහන්සේ සහ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්විය.

පසුගිය වසරේ වාර්තාව ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් අනතුරුව දිස්ත්‍රික් වාර්ෂික සැලැස්ම පිළිබඳව සාකච්ජා කරන ලදී. එහිදී එක් ප්‍රාදේශීය බලමණ්ඩලවල ලේඛකාධිකාරි ස්වාමීන්වහන්සේලා විසින් තම ප්‍රදේශයේ ඉදිරිපත් කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳ විස්තර ඉදිරිපත් කළහ. එවගේම දිස්ත්‍රික්කයට පොදුවේ බලපාන ගැටළු කිහිපයක් කෙරේද අවධානය යොමු කෙරිණ.

මේ සඳහා දිස්ත්‍රික්කයේ සියළුම මහානායකවරුන්, අනුනායක හිමිවරුන්, නායක ස්වාමින් වහන්සේලා සහ ලේඛකාධිකාරි ස්වාමීන්වහන්සේලා ඇතුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩල ප්‍රධානින්, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු නිළධාරින් සහභාගි විය.

ga

ga

ga

ga

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි පවතින තොරතුරු තාක්ෂණ පද්ධති පිළිබඳව දැනුම හුවමාරු කරගැනීමේ අරමුණින් දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සාකච්ඡාවක් පැවැත්විණ.

මෙම වැඩසටහන සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන), ප්‍රධාන ගණකාධිකාරී හා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, තොරතුරු තාක්ෂණ නිළධාරින් සහභාගි විය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පර්යේෂණ හා සන්නිවේදන අංශය මඟින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී, මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හි රාජකාරි කටයුතු පහසු කරගැනීම සඳහා භාවිතා කරනු ලබන තොරතුරු තාක්ෂණ පද්ධති පිළිබඳව දැනුම හුවමාරු කරගනු ලැබූ අතර, ඉදිරියේදී එම පද්ධතීන් තවදුරටත් වැඩි දියුණු කරමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල රාජකාරි කටයුතු පහසු කරගැනීම සඳහා භාවිතයට ගැනීමට කටයුතු සිදුකරන මෙන් දිසාපති තුමා උපදෙස් ලබා දුනි.

ga

ga

නව වසරේ රාජකාරි කටයුතු ආතතියෙන් තොරව සතුටින් කරගෙන යාමේ අරමුණින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින්ගේ “ආතති කළමනාකරණය සහ ආවේග කළමනාකරණය පිළිබඳව මනෝ උපදේශනාත්මක වැඩසටහනක්” දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදේශකත්වයෙන් අද (10) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දි පැවැත්විණ.

මනෝවිද්‍යාඥ ආචාර්ය කුමුදු ඒකනායක මහත්මිය විසින් සිදුකරන ලද මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්තුමියන් ඇතුළුව සියලු මාණ්ඩලික නිළධාරින් සහ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සැලසුම් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, සියලු ගණකාධිකාරිවරුන්, පරිපාලන ග්‍රාම නිළධාරින්, පරිපාලන නිළධාරින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලය සහභාගි විය.

ga

ga

ga

නව වසරේ ප්‍රථම ප්‍රාදේශීය ලේකම් සමුළුව සහ පරිපාලන ග්‍රාම නිළධාරි හමුව දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේ දි පැවැත්විණ.

සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමුකළ දිස්ත්‍රික් ලේකම්තුමා වසම්වල සංගණන කටයුතු මේ මාසය ඇතුළත අවසන් කිරීමට ප්‍රමුඛතාවය ලබාදීය යුතු බවත් එම කාර්යය සඳහා කාර්යාලවල සියලු සේවකයන් යොදා ගන්නා ලෙසත් උපදෙස් ලබාදෙන ලදී.

එවගේම එක් එක් කාර්යාලවල කාර්යභාරයන් එකිනෙකට වෙනස් බැවින් එය හදුනා ගෙන කාර්යක්ෂමව සහ කඩිනම් සේවාවක් ලබාදීමට අවධානය යොමු කරන ලෙස නිළධාරින්ට උපදෙස් දුන් දිස්ත්‍රික් ලේකම්තුමා මේ මාස තුන ඇතුළුත සියළුම කාර්යාලයන්වල කාර්යයන් ඩිජිටල්කරණ පද්ධතියට අනුව සිදුකිරීමට පියවර ගන්නා ලෙස වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

ඒවගේම ග්‍රාම නිළධාරි කාර්යාලවල පහසුකම්, සේවක පුරප්පාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ අතර පසුගිය වසරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පැන නගින ලද ගැටළු, අස්වැසුම සුබසාධන ප්‍රතිලාභින් තෝරා ගැනීම සඳහා කමිටු පත් කිරිම, විමධ්‍යගත අයවැය වැඩසටහන, පළාත් සංවර්ධන වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යන වැඩසටහන්වල ප්‍රගතිය සහ එක් එක් අංශයන්හි කටයුතුවල ප්‍රගතිය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණ.

මේ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්තුමියන් ඇතුළුව සියලු මාණ්ඩලික නිළධාරින් සහ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සැලසුම් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, සියලු ගණකාධිකාරිවරුන්, පරිපාලන ග්‍රාම නිළධාරින්, පරිපාලන නිළධාරින් සහභාගි විය.

ga

ga

ga

ga

ga

Clean Sri Lanka වැඩපිළිවෙළ පිළිබඳව කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.

Clean Sri Lanka සංකල්පය හඳුනා ගැනිමේ අරමුණින් පැවැති මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජානකී රණතුංග මහත්මිය සහ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සමන්ති විජේසිංහ මහත්මිය විසින් සිදු කරන ලදී.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන නව රජයේ ප්‍රතිපත්තියට ළගා වීමේ ක්‍රමෝපායක් වශයෙන් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක වේ. ප්‍රායෝගිකව රාජ්‍ය යාන්ත්‍රණය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

මේ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්තුමියන් ඇතුළුව සියලු මාණ්ඩලික නිළධාරින් සහ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සැලසුම් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, සියලුම ගණකාධිකාරිවරුන්, පරිපාලන ග්‍රාම නිළධාරින්, පරිපාලන නිළධාරින් සහභාගි විය.

ga

ga

ga

ga

ga

කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන වල ගුණාත්මකභාවය හා නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීමේ අරමුණින්, කර්මාන්ත අමාත්‍යාංශයේ විදාතා අංශය මගින්, 2024 වර්ෂයේ ක්‍රියාත්මක කළ වැඩසටහන යටතේ ,තත්ව පරීක්ෂණ වාර්තා සහ තත්ත්ව සහතික ලබා දීම සඳහා ,කොළඹ දිස්ත්‍රික්කයේ විදාතා සම්පත් මධ්‍යස්ථාන හරහා ප්‍රතිලාභීන් පිරිසක් තෝරා ගන්නා ලදී.

ඒ අනුව GMP සහතික 03 ක් හා තත්ත්ව පරික්ෂණ වාර්තා 23 ක් සඳහා වැය වන මුදල රු.100000/= උපරිමයකට යටත්ව කර්මාන්තකරුවන් වෙත ප්‍රතිපූර්ණය කරන ලදී.

මේ සඳහා තෝරාගන්නා ලද ප්‍රතිලාභීන් පිරිසක් වෙනුවෙන් ,චෙක්පත් ප්‍රදානය අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධන මහත්මිය අතින් පසුගිය (03) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදි.

ga

ga

ga

ga

නව වසර වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මාණ්ඩලික නිළධාරි රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) දින පැවැත්විණ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ පවතින ආයතන, ක්‍රම සම්පාදන, ඉංජිනේරු , සමෘද්ධි, අභ්‍යන්තර විගණන, කෘෂිකර්ම, පොහොර, සමාජ හා ළමා ආරක්ෂක, ඉඩම් පිරිහරණ හා ප්‍රතිපත්ති සැලසුම්, කුඩා ව්‍යාපාර සංවර්ධන, පුපුරණ ද්‍රව්‍ය, කිරුම් මිණුම් යන අංශයන්හි පසුගිය වසරේ ප්‍රගතිය සහ නව වසරේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ජා කෙරිණ.

සිය කාර්යයන් ඉටුකිරිමේදි වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායිව ඉටුකරන ලෙසත් එහිදී තම අංශයන්හි නිළධාරින්ට සහ සේවා දායකයින්ට කිසිදු පීඩනයක් ඇතිනොවන ආකාරයට කටයුතු කරන්නැයි දිස්ත්‍රික් ලේකම්තුමා විසින් අංශ ප්‍රධානින්ට උපදෙස් ලබා දුන්නේය. එක් එක් කාර්යාලයන්හි කාර්යභාරයන් එකිනෙකට වෙනස් බැවින් එම කාර්යන්හි ප්‍රමුඛතාවය හඳුනාගෙන කටයුතු කරන ලෙසත් ඉදිරි මාස තුන ඇතුළත සියළු ව්‍යාපෘති සඳහා කළමණාකරන දත්ත පද්ධතියක් සකස් කිරීමට විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් හෙතෙම වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව, නව වසරේ රාජකාරි කටයුතු සිදුකිරීමේදි ඩිජිටල්කරණය සඳහා සුවිශේෂි අවධානයක් යොමු කිරීමට සහ මාණ්ඩලික නිළධාරි රැස්වීම සෑම මසකම පළමු සතියේ සඳුදා දින පැවැත්වීමටත් තීරණය කෙරිණ.

මේ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිළධාරින් සහභාගි වීය.

ga

ga

ga

“ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහනට සමගාමීව 2025 නව වසර රාජකාරි කටයුතු ආරම්භ කිරිම කොළඹ දිස්ත්‍රික් ලේකම් ලේකම්/දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) දින සිදුකෙරිණ.

මෙහිදී 2025 වර්ෂයට සෙත් පැතීම සහ පසුගිය මාසයේ හදිසියේ අප අතරින් වෙන්ව ගිය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර වෙදගේ මහතාට පිං අනුමෝදනා සිදුකිරීම යන අරමුණින් තුන්වරු පිරිත් දේශනාවක් සහ ස්වාමීන්වහන්සේලා 15 නමක් සහ ගර්භණි මාතාවන් දහදෙනෙක් උදෙසා දහවල් දානය පිරි නැමීමද සිදුවිය.

පිරිත් දේශනාව සහ දහවල් දානය සඳහා කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හා තිඹිරිගස්යාය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති කොළම විශ්ව විද්‍යාලයේ කුලපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින වහන්සේ, ගිහි පිරිස පංච ශීලයේ පිහිටුවීම හෝමාගම හේවාගම්කෝරළේ ශාසනාරක්ෂක මන්ඩලයේ ගරු සභාපති අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධයාපන අධ්‍යක්ෂක කළ්‍යාණී සාමාග්‍රීය මහා සංඝ සභාවේ හේවාගම්කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මාදෝවිට වජිර බුද්ධි නායක ස්වාමීන් වහන්සේ, කොළඹ 05 කාලිංග මාවතේ රතන අරම මහා විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර ම්‍රම්මවංශාභිධජ සිරි සද්ධම්ම යුක්තික පාර්ශවයේ අනු නායක ශ්‍රාස්ත්‍රපති අධයාපන පූජ්‍ය නරවැල්පිට රතනපාල අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහනසේලා විසින් සිදුකරන ලදී.

මේ සඳහා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම කාර්යමණ්ඩලය, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ කාර්යමණ්ඩලය, තිඹිරිගස්යාය ප්‍රා.ලේකම් කාර්ය මණ්ඩලය, ජාතික මැතිවරණ සේවා කොම්ෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රමුඛ සාමාජිකයන් සහ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යමණ්ඩලයේ නිළධාරී මහත්ම මහත්මීන් සහභාගි විය.

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ජාතික සුරක්ෂිතතා දිනයට සමගාමීව සුනාමිය ඇතුළු විවිධ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් සැමරුම් උළෙල කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ජාතික ධජය ඇතුළු සෙසු ධජයන් එසවීමෙන් පසුව ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව පෙ.ව. 09.29 ට සුනාමි ව්‍යසනයෙන් ජීවිත අහිමි වූ සහ අතුරුදහන් වූ සියලු දෙනා සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණ.

ඉන් අනතුරුව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය ගොඩපිටියේ ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ, ජාතික අන්තර් ආගමික පූජක එකමුතුවේ සභාපතිධූරන්දර පූජ්‍ය නාරාහේන්පිට කිරුළපාර සිරි ගන්බෝධි විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත ආචාර්ය ගලගම ධම්මරන්සි ස්වාමීන් වහන්සේ, ජාතික අන්තර් ආගමික පූජක එකමුතුවේ ලේකම් නිශාන් කුරේ පියතුමා, කොළඹ අන්තර් ආගමික පූජක එකමුතුවේ භාණ්ඩාගාරික ෂිව ශ්‍රී ආර් කුමාර් කුරුක්කල් පූජක තුමා, කොළඹ අන්තර් ආගමික පූජක එකමුතුවේ සම්බන්ධීකාරක මොහොමඩ් අසාර් මව්ලවිතුමා යන ආගමික නායකතුමන්ලා විසින් සර්ව ආගමික වතාවන් සිදු කරන ලදී.

කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව සැමරුම් උළලේ ප්‍රධාන වැඩකටයුතු නිමාවූ අතර තරුණ සේවා සභා සිසුන්ගේ සහභාගීත්වයෙන් හදිසි ආපදා තත්වයන්ට මුහුණ දීමේ පුහුණු වැඩසටහනක්ද මෙදින සංවිධානය කර තිබිණ.

ජාතික සුරක්ෂිතතා දිනයට සමගාමීව සුනාමිය ඇතුළු විවිධ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් සැමරීම සහ නැවැත අනාගතයේදී මෙවැනි ආපාදා තත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සුරක්ෂිත වීමේ අරමුණින් යුතුව කොළඹ දිස්ත්‍රික් ආපදා කළනාකරණ සම්බන්ධිකරණ ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියළුම මාණ්ඩලික නිළධාරින්, දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්, ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකයේ නිළධාරින්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක අංශ නිළධාරින්, තරුණ සේවා සභාව නියෝජනය කරමින් පැමිණි සිසුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්‍රියාත්මක ප්‍රාදේශීය ළමා සභාවන්හී නිලධාරින්ගෙන් සැදුම්ලත් කොළඹ දිස්ත්‍රික් ළමා සභා රැස්වීම පසුගිය දින (19) අතිරෙික දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස්.කාංචනා ගුණවර්ධන මහත්මිය ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 9 වන මහළ ශ්‍රවණාගාරයේදී පැවැත්වීණ.

ඊට සමගාමීව දරුවන් සඳහා ආපදා පෙර සුදානම ප්‍රතිචාරය සහ යළි යථා තත්ත්වයට පත්වීම තුළින් ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ කුසලතා වැඩි දියුණු කිරීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදී. ඒ සඳහා සම්පත් දායකත්වය සැපයීම සර්වෝදය මුලස්ථානයේ විමර්ශන නිලධාරී ගීත්මි වනිගසුරිය මිය හා කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය කළමනාකාර හිරුන පසන්ප්‍රිය මහතා විසින් සිදු කළ අතර වැඩසටහන සඳහා දරුවන් ළමා සමාජ පහසුකරුවන් හා කොළඹ දිස්ත්‍රික්කයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් 66 දෙනෙකු සහභාගී වුහ.

ga

ga

ga

ga

කොළඹ දිස්ත්‍රික් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම - සිව්වන කාර්තුව සඳහා වන ප්‍රගති සමාලෝචන රැස්වීම අද (19) දින කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හත්වන මහළ කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහිදී, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන කටයුතු පසු විපරම් කිරිම, විගණකාධිපති විගණන විමසුම් පසුවිපරම් කිරිම, 2025 වර්ෂයට අදාළ අභ්‍යන්තර විගණන සැලැස්ම ඉදිරිපත් කිරිම සහ අනුමැතිය ලබා ගැනීම යන කරුණු පිළිබඳව සාකච්ජා කෙරිණ.

මේ සඳහා කළමනාකරන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණනක, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිළධාරින් සහභාගි විය.

ga

ga

ga

විවාහ අපේක්ෂිතයින් සඳහා පූර්ව විවාහ උපදේශන ලබාදීම සඳහා විවාහ රෙජිස්ට්‍රාවරුන් හා උපදේශන නිළධාරින් බල ගැන්වීමේ පුහුණු වැඩමුළුව දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) එම්.ඒ.එස්.කාංචනා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහළ ශ්‍රවණාගාරයේදී අද (17) දින දවස පුරා පැවැත්විණි.

විවාහය සම්බන්ධව ප්‍රජනන සෞඛ්‍ය හා සෞඛ්‍ය සේවා වෙත යොමු වීමේ වැදගත්කම පිළිබඳව ගම්පහ වික්‍රමරාච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලයේ භාහිර කථිකාචාර්ය සයෝරා හෙල්ත් කෙයා පුදගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය සචිනි අත්තනායක මිය විසින් සිදුකල අතර විවාහය සම්බන්ධ මානසික සෞඛ්‍ය හා පූර්ව විවාහ උපදේශනයේ වැදගත්කම පිළිබඳව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ දිස්ත්‍රික් උපදේශක නිළධාරි නිමල්සිරි රණසිංහ මහතා විසින් පවත්වන ලදී. ගෘහස්ථ හිංසනය හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව කාන්තා පිහිට ආයතනයේ නීතිඥ ශානිකා විජේසිංහ මිය විසින් පවත්වනු ලැබීය.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුවේ ප්‍රතිපාදන මත සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා විවාහ රෙජිස්ට්‍රාවරුන්, දිස්ත්‍රික් අතිරේක විවාහ රෙජිස්ට්‍රාවරුන් හා උපදේශන නිළධාරින් 150 කට ආසන්න පිරිසක් සහභාගි විය.

ga

ga

ga

ga

ga

ga

ga

රාජ්‍ය ආයතන සඳහා තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය හඳුන්වාදීමේ අරමුණින් Sri Lanka CERT ආයතනය මගින් සංවිධානය කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන Sri Lanka CERT ආයතනයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරි - නිරෝෂ ආනන්ද මහතා, ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු - චාරුක දමුණුපොල මහතා සහ සයිබර් ආරක්ෂණ ධාරිතාව ගොඩනැගීම, පර්යේෂණ, ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති කළමනාකරු - තිළිණ දිසානායක මහතා විසින් සම්පත් දායකත්වයෙන් 2024.12.12 (අද) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.

මේ සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) තුමා, අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියළුම අංශ හා කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණ විෂයයට සම්බන්ධ නිලධාරීන් 75ක් පමණ සහභාගී විය.

එහිදී, දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවලට මුහුණ පෑමට සිදුවන සයිබර් ප්‍රහාර හා ඒ සම්බන්ධයෙන් රැගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලද අතර, තවදුරටත් රාජ්‍ය ආයතන විසින් සයිබර් ප්‍රහාරයකදී කටයුතු කළයුතු ආකාරය මෙන්ම සයිබර් ප්‍රහාරයන්ගෙන් ආරාක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීමද සිදුකරන ලදී.

ga

ga

ga

ga

ga

කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් හා සම්පත් දායකත්වය ඇතුව සර්වෝදය හා Save the Children රාජ්‍ය නොවන සංවිධාන වල මූල්‍ය ප්‍රතිපාදන මත කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිරන්තර ජලගැලීම් ආපදා තත්ත්වයට ලක්වන හංවැල්ල නගරය ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජාව වෙනුවෙන් හදිසි ගංවතුර ආපදා අවස්ථාවකදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් ලබාදෙන පුර්ව අනතුරු දැනුම් දීමකදී ආරක්ෂිතව සුරක්ෂිත මධ්‍යස්ථානයක් කරා ඉවත් වීමේ පෙරහුරුව සරඹයක් 2024.11.30 වන දින ඉතා සාර්ථකව පැවැත්වීය.

එහිදී ප්‍රජාව වෙත පූර්ව අනතුරු දැනුම් දීමක් ලද විගස ක්‍රියාත්මක විය යුතු ආකාරය, ඉතා කෙටි වේලාවක් තුළ ආරක්ෂිත ගමන් මාර්ග ඔස්සේ සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත ගමන් කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගික පෙරහුරුවක් ලබා දෙන ලදී.

මේ සඳහා සීතාවක ප්‍රාදේශීය ලේකම්තුමිය, ආපදා සහන සේවා නිලධාරී, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වය සහ සහයෝගය ලබා දෙන ලදී.

ga

ga

ga

ga

ga

සුබසාධන ප්‍රතිලාභ අයදුම්කරුවන්ගේ ක්ෂේත්‍ර තොරතුරු ලබා ගැනීමට අදාළ සංගණන පුහුණු වැඩමුළුවේ 2වන අදියර යටතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති සංඛ්‍යාලේඛන ක්ෂේත්‍ර නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ ප්‍රජීව හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.12.29 දින දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේදී පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික් පුහුණුකරුවන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැති මෙම පුහුණු වැඩමුළුව සඳහා දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 නියෝජනය කරමින් සංඛ්‍යාලේඛන නිළධාරින්, දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේ මූලස්ථාන සංඛ්‍යාලේඛන නිලධාරින් ඇතුළු කාර්යාල නිළධාරින් සහභාගි විය.

ga

ga

ga

ga

දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (28) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුවන හෝම් ස්කූලින් සංකල්පය යටතේ ළමුන් පාසල් නොයවා නිවසේ සිට ඉගැන්වීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම, අඩු වයස් ළමුන් ගැබ් ගැනීම් පිළිබඳව දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරිම, කලාප මට්ටමේ අනිවාර්යය අධ්‍යාපන කමිටු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරීම, මාසිකව පැවැත්වෙන කලාප විදුහල්පති රැස්වීමට ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරින්ට සහභාගී වීමේ යාන්ත්‍රණය විධීමත් කිරීම, අධ්‍යාපන ක්ෂත්‍රයේ කලාප මට්ටමේ පවතින ගැටළු හඳුනා ගැනීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණ.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (නොවිධිමත්), පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ, නුගේගොඩ, මරදාන, කොළඹ උතුර පොලිස් හා කාන්තා කාර්යාංශවල පොලිස් ස්ථානාධිපතිවරුන්, දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධනය නිළධාරි, ස්ථානභාර පරිපාලන නිළධාරි (බත්තරමුල්ල), කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරින්, ළමා ආරක්ෂක නිළධාරින්, මුල් ළමාවිය සංවර්ධන සහකාරවරුන්, පරිවාස නිළධාරින්, කම්කරු නිළධාරින් සහභාගි විය.

ga

ga

ga

ස්ව ශක්ති බල මණ්ඩල හා සමාජසේවා නිළධාරින්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (26) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව දිස්ත්‍රික් ස්ව ශක්ති බල මණ්ඩල රැස්වීමේදී, ස්ව ශක්ති සංවිධානයේ අරමුදල තර කර ගැනීම, ස්ව ශක්ති අභිමානී තරගාවලියේදී දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබාගත් ගත් ස්ව ශක්ති සංවිධාන වලට සහතිකපත් ලබාදීම, මැයි මාසයේදී භක්ති ගීත වැඩසටහනක් සංවිධානය කිරීම, සැප්තැම්බර් පළමු වන දිනට ආබාධ සහිත පුද්ගලයන්ගේ දක්ෂෂතා එළිදැක්වීමේ වැසටහනක් පැවැත්වීම පිිබඳව සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ කරන ලදී.

ඊට අමතරව සමාජසේවා නිළධාරින්ගේ මෙම වර්ෂයට අදාළ ප්‍රගති සමාලෝචනයද සිදුකෙරිණ.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් සමාජ සේවා නිළධාරින් සහ ස්ව ශක්ති බලමණ්ඩල සංවිධානයන්හි නිළධාරින් සහභාගී විය.

ga

ga

ga

ga

2024 නොවැම්බර් මාසය සදහා වන ප්‍රාදේශීය ලේකම් සමුළු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කුඩා ශ්‍රවණාගාරයේදී නොවැම්බර් මස 19 වන දින පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කේ.එන්.කෞශල්‍යා කුමාරි, ප්‍රධාන ගණකාධිකාරී ජී. ජයවීර යන මහත්ම මහත්මීන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ga

ga

ga

ga

පාර්ලිමේන්තු මහ මැතිවරණය 2024 සඳහා මෙවර කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පිළිගත් දේශපාලන පක්ෂ 27 ක් සහ ස්වාධීන කණ්ඩායම් 19 කින් යුත් අපේක්ෂකයින් 996 ක් මන්ත්‍රී ආසන 18 ක් සඳහා ඉදිරිපත් විය.

කොළඹ රාජකීය විදුහලේ සහ ඩී.එස්. විදුහලේ සිට ජන්ද ගණන් කිරීම සිදුකෙරුණු අතර කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමා විසින් රාජකීය විදුහලේ සිට සමස්ත ජන්ද ප්‍රතිඵලය සජීවීව මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ අවස්ථාව.

මෙම අවස්ථාවට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්.එස්.කේ.මාපා බණ්ඩාර මහතා සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා, ප්‍රතිඵල භාර සහකාර තේරීම්භාර නිළධාරි ඒ.සේනානායක මහතා , නාලක කලුවැව මහතා ප්‍රමුඛ අනෙකුත් ප්‍රතිඵල නිකුත් කිරිමේ සහකාර තේරීම්හාර නිළධාරින් සහභාගි විය.

මෙතැනින් නරඹන්න

ga

පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ජන්ද මධ්‍යයස්ථාන වෙත ජන්ද පෙට්ටි බෙදාහැරීම (13) දින කොළඹ රාජකීය විදුහලේ සහ ඩී.එස්.විදුහලේ උදෑසන හතට ආරම්භ කෙරිණ. ඒ පිළිබඳව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමා විසින් රාජකීය විදුහලේ සිට මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාව

මෙතැනින් නරඹන්න

ga

පාර්ලිමේන්තු මහමැතිවරණයේ ප්‍රථිපල සකස් කිරිමේ නිළධාරි පුහුණු වැඩමුළුව ඊයේ (11) දින දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මේ සඳහා සම්පත් දායකත්වය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වන එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර සහ හිටපු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සේනානායක යන මහත්වරුන් විසින් සිදුකල අතර මේ සඳහා මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවණ කාර්යාලයේ ඉහළ නිලධාරින් පිරිසක් ද පැමිණ සිටියහ.

මෙම වැඩමුළුව සඳහා ප්‍රධාන ගණන් කිරිමේ නිළධාරින් තුන්සියයකට ආසන්න පිරිසක් සහභාගි විය.

ga

ga

ga

ga

ga

ga

ga

මැතිවරණ දින ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සහ මැතිවරණ කාලසීමාව තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ආරක්ෂක විිවිධාන සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පසුගිය 11 වන දින දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

කොළඹ දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා, කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිතුමා සහ මැතිවරණ විෂයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින් ඇතුළු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් වන එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර සහ රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ , ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, ලලිත් ගමගේ යන මහත්වරුන් සහ ලේකම් කාර්යාලයේ අනෙකුත් ප්‍රධානින් සහභාගී වූහ.

ga

ga

ga

ga

ga

පාර්ලිමේන්තු මහ මැතිවරණය 2024 සඳහා ස්ථාපිත කර ඇති කමිටු වල ප්‍රගතිය පිළිබඳව අවසන් අදියරේ සාකච්ඡාව පසුගියදා ( 08) වන දින කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මැතිවරණ ආරවුල් කමිටුව, කාර්යමණ්ඩල පත් කිරිම් කමිටුව, තැපැල් ජන්ද කමිටුව, ගබඩා කමිටුව, සුබ සාධක කමිටුව, ප්‍රවාහන කමිටුව, ශාලා පහසුකම් හා අත්‍යාවශ්‍ය සේවා කමිටුව, නියෝජිත අවසරපත් සහ නවාතැන් කමිටුව, පක්ෂ කාර්යාල කමිටුව යන කමිටු වල ප්‍රගතිය සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

මේ සඳහා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් වන එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර මහතා සහ රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා, ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, ධීවර හා ඛනිජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ.කහවත්ත, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් චම්පික කලුආරච්චි, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ උපදේශක විමුක්ති ජනාදර, හිටපු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සේනානායක යන මහත්වරුන් සහ සියලු කමිටු ප්‍රධානින් සහභාගී වූහ.

ga

ga

ga

ga

පාර්ලිමේන්තු මහමැතිවරණය 2024 කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සූදානම පිළිබඳව ප්‍රධාන තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමා විසින් අද (12) දින මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාව

පහතින් නරඹන්න

වීඩියෝව 1

වීඩියෝව 2

ga

පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා ජන්ද මධ්‍යස්ථාන වල ප්‍රධාන ගණන්කිරීමේ, භාර ගැනීමේ, නිකුත් කිරිමේ නිලධාරින් සහ සහකාර තේරීම්භාර නිළධාරින් වෙනුවෙන් පුහුණු වැඩමුළුවක් කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මේ සඳහා සම්පත් දායකත්වය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර මහතා සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරි හා විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඒ.සේනානායක මහතා විසින් ලබාදුන් අතර මේ සඳහා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ මනෝජ් අමරසිංහ, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ යන මහත්වරුන් ද එක්ව සිටියහ.

ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරි සිට සහකාර තේරීම්භාර නිළධාරින් දක්වා හාරසියයකට ආසන්න නිළධාරින් පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

ga

ga

ga

ga

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ජන්දය සඳහා පුද්ගලයින් තිස් හත්දහස් හැට නවයක් (37069) ක් ලියාපදිංචි වී තිබේ.

ඒ අනුව, ඔක්තෝබර් මාසයේ 30 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මැතිවරණය කාර්යාලය සහ පොලිස් නිළධාරින් විසින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 07 වන මහළේ පැවැති තැපැල් ජන්ද මධ්‍යස්ථාන දෙකකදී ජන්දය භාවිතා කළ අතර එදින නොහැකි වූ නිළධාරින් වෙත මේ මස 04 වන දින කොළඹ නාගරික මැතිවරණ කාර්යාලයේදි සිය තැපැල් ජන්දය භාවිතා කිරීමට අවස්ථාව හිමිවිය.

රාජ්‍ය සේවයේ නිරත අනෙකුත් තැපැල් ජන්ද ඉල්ලුම්කරුවන් සඳහා මේ මස 01 සහ 04 දිනයන් වෙන්කර තිබුණි.

එම දිනයන්හි තැපැල් ජන්දය භාවිතා නොකළ රාජ්‍ය සේවයේ නිළධාරින්ට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නවවන මහළ සහ දෙවන මහළ කුඩා ශ්‍රවණාගාර වලදි හෙට (07) සහ අනිද්දා (08) යන දිනයන්හි සිය තැපැල් ජන්දය භාවිතා කිරීමට අවස්ථාව සලසා ඇත.

ga

ga

ga

ga

ga

ga

මැතිවරණ ආරවුල් නිරාකරණය සම්බන්ධ සහකාර තේරීම්භාර නිලධාරින් හා පොලිස් නිළධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ( 29) දවස පුරා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 19 වන මහළ කුඩා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.

අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හා විමර්ශන) චින්තක කුලරත්න මහතා, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්. එස්. කේ. මාපා බණ්ඩාර මහතා, නීතිඥ අසංග කරවිට මහතා (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති/ ප්‍රජා පොලිස් සංචාරක/ ආයෝජන සහ මැතිවරණ), නීතිඥ රුවන් ගුණසේකර මහතා ( නියෝජ්‍ය පොලිස්පති/ නීති දිශාව), අශෝක ධර්මරත්න මහතා ( අධ්‍යක්ෂ, තොරතුරු හා තාක්ෂණ සහ වැ.බ. අධ්‍යක්ෂ මැතිවරණ), නීතිඥ පී. කේ. ආර්. එම්.වසන්ත කුමාර මහතා (පොලිස් පරීක්ෂක) යන නිලධාරීන් ඇතුළු සහකාර තේරීම්භාර නිලධාරින් හා පොලිස් නිළධාරින් සහභාගී විය.

ga

ga

ga

ga

ga

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද අධීක්ෂණ කාර්යයේ නියුතු සහකාර තේරීම්භාර නිළධාරි පුහුණු වැඩමුළුවක් අද (29) දින සවස් වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 09 වන මහළ කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා විසින් ලබාදුන් අතර මේ සඳහා නිළධාරින් සියයකට ආසන්න පිරිසක් සහභාගි වූහ.

ga

ga

ga

ප්‍රධාන ගණන්කිරීමේ නිළධාරි රාජකාරි හා නියෝජ්‍ය ගණන් කිරීමේ නිළධාරි රාජකාරි පුහුණු වැඩමුළු 02ක් අද (29) දින උදෑසන සහ සවස් වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ප්‍රධාන ගණන්කිරීමේ නිළධාරි රාජකාරි හා නියෝජ්‍ය ගණන් කිරීමේ නිළධාරි රාජකාරි පුහුණු වැඩමුළු 02ක් අද (29) දින උදෑසන සහ සවස් වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර මහතා විසින් ලබාදුන් අතර මේ සඳහා නිළධාරින් හයසියයකට ආසන්න පිරිසක් සහභාගි වූහ.

ga

ga

ga

ga

පාර්ලිමේන්තු මහ මැතිවරණය 2024 සඳහා ස්ථාපිත කර ඇති කමිටු වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අද ( 28) වන දින කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ඒ අනුව, මැතිවරණය කාර්යයන් සිදුකිරීම සඳහා වන මැතිවරණ ආරවුල් කමිටුව, කාර්යමණ්ඩල පත් කිරිම් කමිටුව, තැපැල් ජන්ද කමිටුව, ගබඩා කමිටුව, සුබ සාධක කමිටුව, ප්‍රවාහන කමිටුව, ශාලා පහසුකම් හා අත්‍යාවශ්‍ය සේවා කමිටුව, නියෝජිත අවසරපත් සහ නවාතැන් කමිටුව, පක්ෂ කාර්යල කමිටුව යන කමිටු වල ප්‍රගතිය සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

මේ සඳහා එම කමිටු නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිළධාරින් සහභාගි වූහ.

ga

ga

ga

ජන්ද ගණන්කිරීමේ මධ්‍යයස්ථානවල සහකාර තේරීම් භාර නිලධාරින් සඳහා පුහුණු වැඩමුළු 03ක් අද (28) දින උදෑසන සහ සවස් වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ සහ නව වන මහළ කුඩා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර මහතා සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඒ.සේනානායක මහතා විසින් ලබාදුන් අතර මේ සඳහා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ මනෝජ් අමරසිංහ මහතාද එක්ව සිටියේය.

මෙම වැඩසටහන සඳහා සහකාර තේරීම්හාර නිළධාරින් අටසියයකට ආසන්න පිරිසක් සහභාගි වූහ.

ga

ga

ga

ga

ga

ga

ga

ජ්‍යෙෂ්ඨ ජන්ද ස්ථානාධිපතිවරුන් සඳහා මැතිවරණ රාජකාරි පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවේ තෙවැනි අදියර අද (2024.10.25) දින උදෑසන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය.

කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය මැතිවරණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඒ.සේනානායක මහතා විසින් ලබාදුන් අතර ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ මනෝජ් අමරසිංහ මහතාද එක්ව සිටියේය.

මේ සඳහා ජ්‍යෙෂ්ඨ ජන්ද ස්ථානාධිපතිවරුන් දෙසියයකට ආසන්න පිරිසක් සහභාගි වූහ.

ga

ga

ga

ga

ga

පාර්ලිමේන්තු මහමැතිවරණය 2024 සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද පත්‍රිකා බෙදාහැරීම අද (25) දින උදෑසන සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ විය.

කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය සහිතව මෙම ජන්ද පත්‍රිකා බෙදාහැරීම සිදුකරන අතර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් වන එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර මහතා, රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා සහ කොළඹ තැපැල් අධිකාරි චම්පික පෙරේරා මහතා ඇතුළු සියලුම සහකාර තේරීම්භාර නිළධාරින් සහ කාර්යමණ්ඩලය විසින් ජන්ද පත්‍රිකා නිකුත් කිරීම සිදුකරයි.

දිස්ත්‍රික් තේරීම්හාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා විසින් මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාව.

මෙතැනින් නරඹන්න

ga

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 46 ක් ඉදිරිපත්ව සිටී.

මැතිවරණ කටයුතු සම්බන්ධ කලාප භාර සහකාර තේරීම්භාර නිළධාරි පුහුණු වැඩසටහනක් අද (24) පස්වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මැතිවරණ කටයුතු සම්බන්ධ කලාප භාර සහකාර තේරීම්භාර නිළධාරි පුහුණු වැඩසටහනක් අද (24) පස්වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා කලාප භාර සහකාර තේරීම්භාර නිළධාරින් දෙසිය පනහකට ආසන්න පිරිසක් සහභාගි වූහ.

මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය මැතිවරණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඒ.සේනානායක මහතා විසින් ලබාදුන් අතර මේ සඳහා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ මනෝජ් අමරසිංහ මහතාද එක්ව සිටියේය.

ga

ga

ga

ga

ga

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි කොළඹ දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථානයන්හි ජන්ද පෙට්ටි, ජන්ද පත්‍රිකා සහ ඊට අදාළ ලිපි ද්‍රව්‍ය නිකුත් කිරිම් භාරගැනීමේ සහකාර තේරිම්භාර නිලධාරින් සඳහා වන උපදෙස් වැඩමුළුවක් අද (24) උදෑසන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය මැතිවරණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඒ.සේනානායක මහතා විසින් ලබාදුන් අතර මෙයට ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ මනෝජ් අමරසිංහ මහතාද එක්ව සිටියේය.

මෙම වැඩසටහන සඳහා නිකුත් කිරීම් භාර ගැනීමේ සහකාර තේරීම්හාර නිළධාරින් හාරසියයකට ආසන්න පිරිසක් සහභාගි වූහ.

ga

ga

ga

ga

ga

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පොළීරහිත සිසු ණය යෝජනා ක්‍රමය සිසුන් අතර ප්‍රචලිත කිරිමේ අරමුණින් වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී 2024.10.19 වන දින දවසපුරා පැවත්විණ.

ජාතික විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමේ z- score පටිපාටිය යටතේ සුදුසුකම් නොලබන සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමේ ප්‍රමුඛතම අරමුණින් රජය විසින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි. උසස්පෙළට පෙනී සිටින විෂයන් තුනම සමත් සහ සාමාන්‍ය ඉංග්‍රීසි විෂය සමත්ව පොදු පරීක්ෂණය සඳහා ලකුණු 30 ක් ලබාගත් සිසුන් මේ සඳහා සුදුසුකම් ලබන අතර මෙම ණය ක්‍රමය වර්තමානයේ දී ලංකා බැංකුව සහ මහජන බැංකුව යටතේ ක්‍රියාත්මක වේ.

ඒ අනුව, 2020/ 2021/2022 හා 2023 යන වසරවල අ.පො.ස.උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 350 ට ආසන්න පිරිසක් මෙදින වැඩසටහන සඳහා සහභාගි වූ අතර උසස් අධ්‍යාපන ආයතන (පෞද්ගලික) 14ක් සහ නිපුණතා සංවර්ධන ආයතන 06ක් සම්පත් දායකත්වය ලබාදුන්නේය.

කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ මඟපෙන්වීම හා උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් කේ.එම්.කෞෂල්‍යයා කුමාරි, තිඹිරිගස් යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංඅමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශයේ අතිරේක ලේකම් චන්දිමා ජානකී මහත්මිය ඇතුළුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් පිරිසක් සහභාගි වූහ.

මේ පිළිබඳව වැඩිවිස්තර www.studentloans.mohe.gov.lk මගින් ලබා ගැනීමට පුළුවන.

ga

ga

ga

ga

ga

ga

ga

පාර්ලිමේන්තු මහ මැතිවරණය 2024 සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කමිටු රැස්වීම අද (16) වන දින කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මැතිවරණය කාර්යයන් සිදුකිරීම සඳහා මැතිවරණ ආරවුල් කමිටුව, කාර්යමණ්ඩල පත්කිරිම් කමිටුව, තැපැල් ජන්ද කමිටුව, ගබඩා කමිටුව, සුබ සාධක කමිටුව, ප්‍රවාහන කමිටුව, ශාලා පහසුකම් හා අත්‍යාවශ්‍ය සේවා කමිටුව, නියෝජිත අවසරපත් සහ නවාතැන් කමිටුව, පක්ෂ කාර්යාල කමිටුව නමින් කමිටු දහයක් පත් කර තිබෙන අතර එම කමිටු සඳහා අවශ්‍ය උපදෙස් හා ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

මේ සඳහා එම කමිටු දහය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිළධාරින් සහභාගි වූහ.

ga

ga

ga

ජ්‍යෙෂ්ඨ ජන්ද ස්ථානාධිපතිවරුන් සඳහා මැතිවරණ රාජකාරි පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර අද (2024.10.16) දින කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරය හා නවවන මහළ කුඩා ශ්‍රවණාගාරයේ දී උදෑසන සහ සවස් වරුවේ වැඩමුළු තුනක් පැවැත්වීය.

මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය සහකාර තේරිම්භාර නිලධාරි (මූලික මෙහෙයුම්) ඒ්. සේනානායක මහතා සහ ලේකම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර යන මහතා විසින් ලබාදුන් අතර මේ සඳහා ජ්‍යෙෂ්ඨ ජන්ද ස්ථානාධිපතිවරුන් දාහකට ආසන්න පිරිසක් සහභාගි වූහ.

ga

ga

ga

ga

ga

ආපදා කළමනාකරණ අධ්‍යක්ෂතුමා හා කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂතුමා විසින් 2024.10.12 වන දින කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගං වතුරෙන් යටවුණු තැන් හා අවතැන් වූ පුද්ගලයන් පිළිබඳව සොයාබැලීමට පැමිණි අවස්ථාව.

ga

ga

ga

2014.10.11 දින උදෑසන සිට ඇතිවූ වර්ෂාවන් කැලණි ගගේ ජල මට්ටම වැඩීමත් සමග කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොහිලවත්ත කනත්ත අසළ ස්ථාන කිහිපයකින් ජලය මාර්ගයට හා නිවාස යටවීම වැළැක්වීම සඳහා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්තුමා, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂකතුමාගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ආපදා කළමනාකරන සම්බන්ධීකරණ ඒකකයේ රාජකාරී කණ්ඩායම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කැලණි මුල්ල යුධ හමුදා කඳවුරේ එක් නිලධාරීවරියකු හා සෙසු නිලයන් දස දෙනෙකුගේ සහාය ඇතිව ස්ථාන තුනක වැලි කොට්ට ගැසීමේ කාර්යය සිදු කළ ආකාරය.

ga

ga

ga

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැලණිමුල්ල ග්‍රාම නිලධාරී වසමේ මෙගොඩ කැලණිය මාර්ගයේ රා කඩේ හංදියට කැලණි ගඟේ ජලය පිටාර දැමීම වැළැක්වීම සඳහා යුධ හමුදාවේ සහාය ලබාගෙන වැලි කොට්ට ගැසීමේ කටයුතු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් මේ වන විට සිදු කරමින් පවතී.

ga

කොළඹ දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ඒ්කකයේ සමිබන්ධීකරණයෙන් 2024.10.12 වන දින කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ බෝමිරිය ග්‍රාමිණිධාරී වසමේ බෝවිල පාරේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව මුදා ගැනීමේ කටයුතු සිදු කළ ආකාරය.

ga

ga

ga

ga

2024. 10. 15 වන දින වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා තත්ත්වය පිළිබඳව කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා විසින් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරනු ලැබිය

මෙතැනින් නරඹන්න

ga

පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024 සඳහා මේ වනවිට ‌ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සූදානම පිළිබඳව කොළඹ දිස්ත්‍රික් මැතිවරණ තේරිම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම් / දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා විසින් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරනු ලැබිය

මෙතැනින් නරඹන්න

ga

2024 පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ නාමයෝජනා පිළිගැනීමෙන් පසු අද (2024. 10. 11 ) දින තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමා සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් වන එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර හා රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ යන මහත්වරුන් විසින් කරන ලද නිළ ප්‍රකාශය.

මෙතැනින් නරඹන්න

2024 ඔක්තෝබර් මාසය සදහා වන ප්‍රාදේශීය ලේකම් සමුළු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කුඩා ශ්‍රවණාගාරයේදී ඔක්තෝබර් මස 04 වන දින පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කේ.එන්.කෞශල්‍යා කුමාරි, ප්‍රධාන ගණකාධිකාරී ජී .ජයවීර යන මහත්ම මහත්මීන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

උසස් පෙළ විෂයය සමත් වූවද රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් සපුරාලනු නොලැබූ දරුවන් වෙත පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රවේශයට හඳුන්වා දී ඇති ශිෂ්‍ය ණය ක්‍රමය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ නිලූකා ජයසේන මහත්මිය ද මෙම සමුළුව සඳහා සහභාගී විය.

    

2024 ජාත්‍යන්තර ජන හා නිවාස සංගණනය 2024 ලැයිස්තුගත කිරීමේ අදියරෙන් පසු සැලසුම් කර ඇති ගණන් ගැනීමේ අදියරේ ටැබ් තාක්ෂණ නිලධාරීන් පුුහුණු කිරීමේ වැඩසටහනක් 2024.09.02 හා 03 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදි.

මේ සඳහා හෝමාගම, සීතාවක, පාදුක්ක, කඩුවෙල සහ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ටැබ් තාක්ෂණික නිලධාරීන් සහ ප්‍රාදේශීය සංගණන නිලධාරීන් (සංඛ්‍යාලේඛන නිලධාරීන්) හා දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයෙ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්, දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේ තොරතුරු තාක්ෂණ සහ සංඛ්‍යාලේඛන නිලධාරීන්ගේ සම්පත්දායකත්වය ලබාදෙමින් පවත්වන ලදි.

එහි දී ගණන් ගැනීමේ අදියර සඳහා ටැබ් තාක්ෂණ නිළධාරින් විසින් ඉටුකලයුතු කාර්යයන් පිළිබඳව න්‍යාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදි

WhatsApp Image 2024 03 21 at 22.22.22 WhatsApp Image 2024 03 21 at 22.22.33 1 WhatsApp Image 2024 03 21 at 22.22.32 WhatsApp Image 2024 03 21 at 22.22.20 WhatsApp Image 2024 03 21 at 22.22.42 1 WhatsApp Image 2024 03 21 at 22.22.50 1 WhatsApp Image 2024 03 21 at 22.22.51 1 WhatsApp Image 2024 03 21 at 22.22.49 WhatsApp Image 2024 03 21 at 22.22.16

 

2024 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී කොලොම්පුර ලිය අබිමන් 2024 කොළඹ දිස්ත්‍රික් කාන්තා දින සැමරුම් උත්සවය ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශාවණාගාරයේ  දිස්ත්‍රික් ලේකම් /මහ දිසාපති කේ .ජී.විජේසිරි මහතාගේ උපදේශකත්වයෙන් හා මෙහෙයවීමෙන් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

 

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය මේජර් ප්‍රදීප් උදුගොඩ මැතිතුමා, කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනී ගුණවර්ධන මැතිතුමා, දෙහිවල ,රත්මලාන, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මැතිතුමා, පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මැතිතුමා , රාජ්‍ය නිලධාරීන් රැසක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කාන්තා කාර්ය සංවිධාන බලමණ්ඩල නියෝජනය කරමින් කාන්තාවන් රැසක් සහභාගී විය.

WhatsApp Image 2024 03 21 at 22.22.22 WhatsApp Image 2024 03 21 at 22.22.33 1 WhatsApp Image 2024 03 21 at 22.22.32 WhatsApp Image 2024 03 21 at 22.22.20 WhatsApp Image 2024 03 21 at 22.22.42 1 WhatsApp Image 2024 03 21 at 22.22.50 1 WhatsApp Image 2024 03 21 at 22.22.51 1 WhatsApp Image 2024 03 21 at 22.22.49 WhatsApp Image 2024 03 21 at 22.22.16

 
 
 
 
 
+40
 
See insights
Boost a post
 
 
All reactions:
18
 

කොළඹ දිස්ත්‍රික්කය තුල අඩු ආදායම්ලාභී දරුවන් හට ලබා දීම සඳහා Muslim Hands ආයතනය විසින් දිස්ත්‍රික් ලේකම්තුමන් වෙත පොත් කට්ටල ඇතුළු පාසල් උපකරණ පරිත්‍යාග කිරීම 2024.03.20 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශයේ දී සිදු කරන ලදී.

433708498 726326826348143 8685155524353981392 n 434130835 726326999681459 2714473904711683815 n

දිස්ත්රික් පොහොර කමිටුව 2024.02.15
කොළඹ දිස්ත්රික් ලේකම් (දිස්ත්රික් පොහොර මෙහෙයුම් කමිටුවේ සභාපති) තුමාගේ ප්රධානත්වයෙන් 7 වන මහල කුඩා ශ්රවණාගාරයේදී දිස්ත්රික් පොහොර කමිටුව පවත්වන ලදී.
මේ සඳහා අතිරේක දිස්ත්රික් ලේකම්(පාලන) කෞෂල්යා කුමාරි මහත්මිය, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කාංචනා ගුණවර්ධන මහත්මිය, කොළඹ දිස්ත්රික් පොහොර අධ්යක්ෂ තුමා, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් තුමිය, ගොවිජන සංවර්ධන ප්රාදේශීය නිලධාරීන්, කෘෂිකර්ම උපදේශකවරුන් මේ සඳහා සහභාගී විය.
1 2 3 4

මානසික ආතතිය, පීඩනය අවම කර ගැනීමේ මානසික සංයම අභ්යාස පිළිබඳ වැඩසටහන දිස්ත්රික් ලේකම් තුමාගේ ප්රධානත්වයෙන් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ 1 මහල ශ්රවණාගාරයේදී පවත්වන ලදී. ඒ් සඳහා කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් සහභාගී වූ අතර දේශන මෙහෙයවීම ප්රවීන මනෝ විද්යා උපදේශක දයා රෝහණ අතුකෝරල මහතා සහ සංජය අමරසේකර මහතා විසින් සිදුකරන ලදී. මෙම වැඩසටහන සඳහා අනුග්රාහක දායකත්වය ආර්ය චර්යා පදනම සහ අපේ සිරිපොද වැස්ස උපදේශන සේවාව මගින් ලබා දුනි.

1 2 4 1

කොළඹ දිස්ත්රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්රික්‌ සම්බන්ධීකරණ කමිටු සම සභාපති, කොළඹ දිස්ත්රික්‌ ගරු පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය ප්රදීප්‌ උඳුගොඩ මහතා, දිස්ත්රික්‌ සම්බන්ධීකරණ කමිටු සම සභාපති, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා හා කොළඹ දිස්ත්රික් ලේකම් / දිසාපති කේ. ජි. විජේසිරි මහතා යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පෙබරවාරී 13 දින කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් රැසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය නියෝජනය කරන නිලධාරීන්, කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
1 2 4 6 7 5
*කොළඹ දිස්ත්රික් රාජ්ය සේවකයින් තෛයිපොන්ගල් උළෙල සමරති.*
කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය සංවිධානය කරන තෛයිපොන්ගල් සංස්කෘතික උත්සවය ස්වදේශ කටයුතු රාජ්ය අමාත්ය අශෝක ප්රියන්ත මහතාගේ ප්රධානත්වයෙන් සහ කොළඹ දිස්ත්රික් ලේකම් කේ. ජී. විජේසිරි මහතාගේ සහභාගීත්වයෙන් 2024.01.16 දින නාරාහේන්පිට නිල මැදුර ගොඩනැගිල්ලෙහි දී පැවැත්විණි.
නව වසරෙහි උදාවත් සමඟ සිය පළමු අස්වැන්න හිරු දෙවියන් උදෙසා පූජා කිරීමේ ලෙස පැවැත්වෙන තෛයිපොන්ගල් උත්සවය ආගමික කටයුතු හා සංස්කෘතික අංගයන්ට මුල් තැන දෙමින් පැවැත්විණි.
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු රාජ්ය අමාත්යාංශයේ, කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සහ තිඹිරිගස්සාය ප්රාදේශීය ලේකම් කාර්යාලීයේ ජ්යෙෂ්ඨ රාජ්ය නිලධාරීන් සහ රාජ්ය සේවකයන් රැසක් එක්ව සිටියහ.
1 2 3 4 5 6 8 10 11
කොළඹ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ප්‍රදීප් උඳුගොඩ මහතා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා හා කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ. ජි. විජේසිරි මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි 10 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශාවණාගාරයේ දී පැවැත්විණි.
පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර යන මහත්වරුන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
මෙහි දී මෙම වර්ෂය තුළ විමධ්‍යගත අයවැය වැඩසටහන දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය හා වැඩසටහනට අදාළ රාජ්‍ය නිලධාරීන් ද දැනුවත් කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරන නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 419640874 689551326692360 41192127688422606 n 419714548 689550876692405 3862839232323471986 n 419712426 689550810025745 7284445838140627608 n
419715340 689551063359053 8361605527390521465 n 419754649 689550926692400 314709119957669834 n 419757027 689551036692389 2594171017168059810 n 419800208 689551100025716 4833485798947709499 n 419865213 689551600025666 2720259889576379087 n 419958799 689550903359069 5800968721354053717 n
2024 වර්ෂ ආරම්භක මාසික රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2024.01.09 දින සංඛ්‍යාලේඛන අංශයේදි සිදුකෙරිණි.
 
මේ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යලයෙන් අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්. ඒ. එස්. කාංචනා ගුණවර්ධන, ප්‍රධාන ගණකාධීකාරී ජී.ජයවීර, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාධන) කේ.ජී.එච්. සේනක පී සිල්වා, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක මැතිනිය මෙන්ම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාමලී කොඩිකාර, ක්ෂේත්‍ර කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ එස්.එච් මන්සූර් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
WhatsApp Image 2024 01 09 at 14.23.47 WhatsApp Image 2024 01 09 at 14.23.48 WhatsApp Image 2024 01 09 at 14.23.48 1 WhatsApp Image 2024 01 09 at 14.23.49 WhatsApp Image 2024 01 09 at 14.23.50 WhatsApp Image 2024 01 09 at 14.23.54 1 WhatsApp Image 2024 01 09 at 14.23.59 WhatsApp Image 2024 01 09 at 14.23.55 1

ජන හා නිවාස සංගණනය 2024 කොළඹ දිස්ත්‍රික් සංගණන වැඩසටහනට සමගාමිව කොලොන්නාව කොට්ඨාසයේ ක්ෂේත්‍ර චාරිකාවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් 2024/01/07 දින සිදුකෙරිණි.
 
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, කොළඹ දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ ප්‍රජීව හෙට්ටියානි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
417694746 685785450402281 7762828094592732415 n 417694982 685786283735531 9135717600060534670 n 417728484 685784437069049 9166504924633051496 n 417778221 685783480402478 3677077894540638772 n 417784250 685785553735604 1290499448104722263 n 417794817 685784853735674 3150565679818407216 n
කොළඹ දිස්ත්රික් ලේකම්/දිසාපති කේ. ජී විජේසිරි මහතාගේ සංකල්පයක් අනුව කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලීය නිල දරුවන්ගේ ගායන දක්ෂතා, නර්තන දක්ෂතා සහ රංගන දක්ෂතා එළිදක්වමින් 2024 නව අවුරුද්ද කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිල දරුවන් විසින් 2024.01 01 දින ප්රීතියෙන් සහ උත්කර්ෂවත් ලෙස පිළිගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්රික් ලේකම්/දිසාපති කේ. ජී විජේසිරි මහතා, අතිරේක දිස්ත්රික් ලේකම්වරුන් වන කේ.එන්. කෞශල්යා කුමාරි, එම්. ඒ. එස්. කාංචනා ගුණවර්ධන, තිඹිරිගස්යාය ප්රාදේශීය ලේකම් ප්රියන්තා දිසානායක, කඩුවෙල ප්රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ යන මහත්ම මහත්මීන් සහ කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
415292135 682446370736189 2993042607211608472 n 415295293 682446404069519 6518917082750112937 n 415299670 682446280736198 3787683598962133263 n 415316454 682446357402857 8948851408336757294 n 415964320 682446340736192 3250719017061033942 n 415975191 682446380736188 5886754898147562481 n 416204933 682446264069533 9204680364550258630 n 416221286 682446984069461 4504635877417986688 n 416017211 682446614069498 4400712223747734316 n 415963380 682446930736133 568999116178680115 n 415971934 682446624069497 1473917782291036459 n
 ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්
 
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්   2024 වසරේ  රාජ්‍ය සේවයේ රාජකාරී කටයුතු ඇරඹීම   ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නිල උත්සවය  2024.01 01 (අද) දින රාජ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි. 
 
 ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය සේවකයන්, කොළඹ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් මෙම අවස්ථාවට  එක් වූ අතර එහිදී වසර ආරම්භයේදී රාජ්‍ය සේවකයන් ලබා දෙන ප්‍රතිඥාව ද  ලබා දෙන ලදී.
 
 
මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී  විජේසිරි  , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන චන්දන රණවීර ආරච්චි,  ආනන්ද වන්නිනායක, වරුණ ශ්‍රී ධනපාල, එච්. එම් නන්දසේන,  ධම්මික මුතුගල,  තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක යන මහත්ම මහත්මීන් සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්  ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ. 
  
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය
 
WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 20  WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 5  WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 7 
 WhatsApp Image 2024 01 01 at 8.47.25 PM  WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 6  WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 8
 
WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 12  WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 17  WhatsApp Image 2024 01 01 at 8.47.25 PM 19

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් ජාතික සුරක්ෂිත දිනයට සමගාමිව සිදුකරනු ලබන 19 වන ජාතික සුරක්ෂිත දින වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ .ජී. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ඊයේ (26) පවත්වනු ලැබිණි.

සුනාමියෙන් සහ වෙනත් ආපදා වලින් මියගිය පුද්ගලයන් සිහිකර පවත්වනු ලබන මෙම වැඩසටහන මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ගේ අනුශාෂකත්වය යටතේ පැවැත්විණි.

දිස්ත්‍රික්කය මුහුණදෙන ආපදා තත්ත්වයන් වලදී එයට ගොදුරුවන ජනතාව එයින් මුදවාගෙන ඔවුන්ට සහන සැලසීමේදී ආපදා කළමනාකරණ ඒකකය සමග එක්ව සහයෝගය දක්වන ෆාම්ස් ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ක්ලැරන්ස් මහතා, ගැලවීමේ හමුදාවේ මේජර් ජයන්ත කුමාර පියතුමන්, Save the Children ආයතනයේ කළමනාකාරතුමන්, සර්වෝදය ආයතනය, ඉඩම් හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නියෝජනය කරන නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඒ සදහා එක්ව සිටියහ.

අඩු අදායම්ලාභී පවුල් වල අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමක් ද මෙහිදී සිදු කරනු ලැබූ අතර ඒ සඳහා ෆාම්ස් ලංකා ආයතනය අනුග්‍රහය දක්වන ලදී.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.එන්.කෞශල්‍යා කුමාරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ, සහකාර දිස්ත්‍රික් ලේකම් එස්.ඒ. නදීෂා දර්ශනී, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වරුන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිවිය.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

01ts  03ts  04ts  08ts

නත්තල් දිනට සමගාමිව සංවිධානය කල නත්තල් දින සැමරුම් උත්සවයක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ .ජී. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දකුණු කොළඹ කලාපීය නාහිමිපාණන් සහ වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් දෙව්මැදුරේ මීසම් සේවක පුජ්‍ය නිහාල් අයිවන් පෙරේරා පියතුමන් වහන්සේගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අද(22) පැවැත්වුණි.

නත්තල් අසිරිය නංවමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් විසින් කැරෝල් ගී ගායනා රැසක් මෙහිදී ඉදිරිපත් කළේය. පාසැල් දරුවන් සදහා පොත් බෙදා දීමක් ද එයට සමගාමිව සිදුකෙරිණි.

මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.එන්.කෞශල්‍යා කුමාරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ, සහකාර දිස්ත්‍රික් ලේකම් එස්.ඒ. නදීෂා දර්ශනී, අධ්‍යක්ෂ (සැලසුම්) කේ.ජී.එච්. සේනක පී සිල්වා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවිය.

වැඩසටහන සංවිධානය කලේ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශය මගිනි.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

WhatsApp Image 2023 12 27 at 12.11.17 AM  WhatsApp Image 2023 12 27 at 12.14.23 AM  WhatsApp Image 2023 12 27 at 12.14.24 AM 1

 

 

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහනට සමගාමිව කොළඹ දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම උදෙසා "Chrysalis" ආයතනයේ අනුග්‍රහයෙන් පෝෂණ මලු බෙදා දීමේ වැඩසටහනේ පළමු අදියර වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ .ජී. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(19) දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඩි. චින්තක මහතාගේ මගපෙන්වීම යටතේ වැඩසටහන ක්‍රියාත්මක වූ අතර Chrysalis  ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු සුදන් බාස්කරන්  මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් බිනූප සසංක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඒම අවස්ථාව සදහා සහභාගිවිය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා කාර්ය සංවිධාන හරහා තෝරා ගන්නා ලද ප්‍රතිලාභීන් 300 දෙනකු සඳහා පෝෂණ මලු බෙදාදීම මෙහිදී සිදුකෙරිණි.

මෙම වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී අනුරාධා මායාදුන්න මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී අවන්ති තනුජා මහත්මියගේ  සංවිධානයෙන් පවත්වන ලදී.


- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

IMG 20231219 WA0030  IMG 20231219 WA0032  IMG 20231219 WA0034

 

IMG 20231219 WA0039  IMG 20231219 WA0043  IMG 20231219 WA0044

 

IMG 20231219 WA0080  IMG 20231219 WA0096  IMG 20231219 WA0097

 

IMG 20231219 WA0147  IMG 20231219 WA0190

ජන හා නිවාස සංගණනය 2024 කොළඹ දිස්ත්‍රික් සංගණන වැඩසටහනට සමගාමිව තිඹිරිගසාය කොට්ඨාසයේ ක්ෂේත්‍ර චාරිකාවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක මහත්මිය, කොළඹ දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ ප්‍රජීව හෙට්ටියානි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

WhatsApp Image 2023 12 19 at 12.43.51 PM 4  WhatsApp Image 2023 12 19 at 12.43.51 PM 5  WhatsApp Image 2023 12 19 at 12.43.53 PM 2  WhatsApp Image 2023 12 19 at 12.43.53 PM 3

 

WhatsApp Image 2023 12 19 at 12.43.53 PM 5  WhatsApp Image 2023 12 19 at 12.43.53 PM 6  WhatsApp Image 2023 12 19 at 12.43.53 PM 8  WhatsApp Image 2023 12 19 at 12.43.53 PM 9

    කොළොම්තොට අභිනන්දන "2023" කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ටවර් හෝල් රඟහලේ දී 2023.12.15 දින පැවැත්විණි.

මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 14 දෙනෙක් සඳහා කොළොන්තොට අභිනන්දන සම්මා ප්‍රධානය කිරීම ද සිදු විය.

ඒ අනුව ප්‍රවීණ ගායන ශිල්පී ටී. එම් ජයරත්න, ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ, මහාචාර්ය කමල් වලේබොඩ , ප්‍රවීණ නර්තනාචාර්ය උපුලි පණිභාරත, කලාකාරිණී එම්. එස්. ශ්‍යාමලී ලීවේරා, කලාකරුවන් වන ඩග්ලස් සිරිවර්ධන, දයාන් විතාරණ , චින්තක පතිරණ, විමලරත්න අදිකාරී , එම්. සෝමසිරි, සුමිත් මුදන්නායක, බන්දුල ලක්ෂ්මන් ජයසිංහ, පත්මකුමාර වික්‍රමරත්න සිරිවර්ධන, සහ ප්‍රවීණ මහාචාර්ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ කරුණාරත්න බණ්ඩාර යන මහත්ම මහත්මීන් 2023 කොළොන්තොට අභිනන්දන සම්මානයෙන් අද දින පිදුම් ලැබිණි .

සාහිත්‍ය උත්සවය විවිධ සංස්කෘතික අංග වලින් විචිත්‍රවත්ව වු අතර ප්‍රාදේශීය මට්ටමින් විවිධ සාහිත්‍ය තරගාවලි අතරින් විශිෂ්ට ජයග්‍රහණ ලැබූ ජයග්‍රාහීන් සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම ද මෙහිදී සිදුවිය .

මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, මධුර විතාන, යදාමිණි ගුණවර්ධන, ප්‍රේමනාත් සී.දොලවත්ත , රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක,

කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි යන මහත්ම මහත්මීන්, කලාකරුවන්, ඇතුළු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

 WhatsApp Image 2023 12 18 at 10.31.10 AM  WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 1  WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 4  WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 9

 

WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 6   WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 13  WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 11   WhatsApp Image 2023 12 18 at 10.24.28 AM

 

WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 14   WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 16  WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 20  WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 57

 

WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 21   WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 31  WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 25  WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 27

 

WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 58  WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 47  WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 39  WhatsApp Image 2023 12 16 at 7.36.07 AM 59

 

 

කොළොම්තොට අභිනන්දන "2023" කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය සංවිධානය සම්බන්ධයෙන් පැවති රැස්වීමක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කුඩා ශ්‍රවණාගාරයේදී අද (12) පැවැත්විණි.
ඒ අතිරේක දිස්ත්‍රික් ලේකම් කෞෂල්‍යා කුමාරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගිත්වයෙනි.
මෙම සාහිත්‍ය කලා මහෝත්සවය 2023/12/15 දින මරදාන ටවර් රඟහලේදී එළිදැක්වීමට නියමිතය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
colom1   colom2  colom3
මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ පුහුණු වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 12/02 දින පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරන මාණ්ඩලික නිලධාරීන් පිරිසක් මේ සදහා සහභාගීවිය.
 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
trnn1  trnn2  trnn4  trnn7
 
trnn10  trnn9   trnn8
රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කුඩා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි
 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
ngo nov1  ngo nov2  ngo nov3

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගිය නොවැම්බර් 28 දින පැවැත්විණි.

ඒ දිස්ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු සම සභාපති, කොළඹ දිස්ත්‍රික්‌ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ප්‍රදීප්‌ උඳුගොඩ මහතා, දිස්ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු සම සභාපති, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර යන මහත්වරුන් ද මෙම අවස්ථාව සඳහා සහභාගීවිය.

දිස්ත්‍රික්කයේ පවතින සෞඛ්‍ය ගැටළු, දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යපෘති, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩ සටහන් සහ එහි ප්‍රගතිය, දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහනේ ප්‍රගතිය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරන නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වසිටියහ.

- කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -

WhatsApp Image 2023 12 07 at 3.17.51 PM  dcc nov3  WhatsApp Image 2023 12 07 at 3.17.51 PM 9 dcc nov

කොළඹ දිස්ත්‍රික් ඩෙංගු කමිටුව කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කුඩා ශ්‍රවණාගාරයේදී නොවැම්බර් 30 දින රැස්විය.

ඒ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ගජනායක මහතාගේ සහ කොළඹ මහනගර සභාව ප්‍රධාන වෛද්‍යතුමන්ගේ සහභාගිත්වයෙනි.

පවතින වර්ෂාවත් සමග ඩෙංගු රෝගය පැතිරීමේ අවධානම ඉහල යාම සහ එය පාලනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

මදුරුවන් බෝවන ස්ථාන සදහා මදුරු නාශක දියර වර්ග හා පෙති වර්ග භාවිතා කිරීම, ඒ සම්බන්දයෙන් ජනතාව දැනුවත් කිරීම, ප්‍රාදේශීය කමිටු මගින් පැනනැගුනු ගැටළු හදුනා ගනිමින් ඒවාට විසදුම් ලබාදීම, ග්‍රාමීය කමිටු ශක්තිමත් කිරීම හා ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්දයෙන් මෙහිදී නිලධාරීන් දැනුවත් කළේය.

ඩෙංගු මර්දනය සදහා රසායනික ද්‍රව්‍ය වලට ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන ලෙසත්, රාජ්‍ය ආයතන,පාසල්,පොලිස් ස්ථාන, බස් ඩිපෝ වැනි ස්ථාන කෙරෙහි වැඩි අවදානයක් ලබාදී ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් දිසාපතිතුමන් විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.

අතිරේක දිස්ත්‍රික් ලේකම් කෞෂල්‍යා කුමාරි, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

DeN1  DeN2  DeN3  DeN4

Subcategories