කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල කුඩා ශ්‍රවනාගාරයේ දී අද(20) පැවැත්විණි.යල කන්නයේ වී වගාවේ ප්‍රගතිය, මහ කන්නයේ වී වගාවේ ඉලක්ක හා පොහොර ලබාදීම පිලිබඳ මෙහිදී සොයා බැලිණි. කොළඹ දිස්ත්‍රික්කය තුළ දේශීය වැල් අල බෝග වගාව, බිම්මල් වගාව, මී මැසි පාලනය, එළවලු බීජ නිෂ්පාදන වැඩසටහන්, සත්ව පාලනය, අහාර සංරක්ෂණ වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
වී වගා කල නොහැකි "බී" ශ්‍රේණියේ කුඹුරු ඵලදායි ලෙස කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගතහැකි ක්‍රමයක් වන සෝජාන් ක්‍රමය යටතේ වගාවන් කලහැකි ස්ථාන පිළිබඳව මෙහිදී අවදානය යොමුවිය. දිසාපතිතුමන්ගේ සංකල්පයකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කල කොලොන්තොට වගා සංග්‍රාමයේ ප්‍රගතිය හා ඊට සමගාමිව පැවැත්වීමට නියමිත ගෙවතු වගා තරඟාවලිය පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
මිරිදිය මත්ස්‍ය වගාවට සමගාමිව මත්ස්‍ය පැටවුන් තැම්පත්කල වැඩසටහන්, ඉස්සන් වගාව හා විසිතුරු මත්ස්‍ය වගාවන් පිළිබඳව දිස්ත්‍රික් ජලජීවී ව්‍යාපෘති නිලධාරී විසින් විස්තර කල අතර මිල අධික විසිතුරු මසුන් අභිජණනය කර අපනයනය කිරීම මඟින් ඉහල අදායමක් ඉපයිය හැකි බව ද පැහැදිලි කළේය.
මෙම අවස්ථාවට කෘෂිකාර්මික අධ්යක්ෂ එස්.එම් නාගහවත්ත, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්යක්ෂ සේනක සිල්වා, ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්, දිස්ත්‍රික් ජලජීවී ව්‍යාපෘති නිලධාරී, කොළඹ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -





