පරිසර අමාත්‍යාංශය පිලිබඳ හැඳින්විම.

1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 සහ 2000 අංක 53 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත් යටතේ පුළුල් කරන ලදී.

දැක්ම

විශිෂ්ට සේවාවක් තුලින් පිවිතුරු හරිත පරිසරයක්

මෙහෙවර

මනා සම්බන්ධිකරණය, ප්‍රවර්ධනය, මහජන සහභාගීත්වය, නීති ක්‍රියාත්මක කිරිම,නිසි තාක්ෂණික මැදිහත්විම් සහ පරිසර අධ්‍යාපනය හා දැනුවත්කිරීම් මගින් පරිසරයේ ගුණාත්මක බව සුරකින සහ හසුරුවන ජාතියේ පෙර ගමන්කරු

අරමුණු

  • පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ සංවර්ධනය කිරීම
  • පාරිසරික තත්ත්වය පවත්වාගැනීම සහ පාලනය කිරීම සම්බන්ධ රෙගුලාසි පැනවීම
  • පරිසර දූෂණය වැළැක්වීම, අවම කිරීම සහ පාලනය කිරිම

රාජකාරි කටයුතු සටහන

  • පරිසර අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සම්බන්ධව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධීකරණ කටයුතු කිරිම හා ඒම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය කටයුතු කිරිම.
  • දිස්ත්‍රික්කයේ ඇතිවන පාරිසරික ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබාදිමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිරිම.
    • පරිසර සංරක්ෂණ කටයුතු වලදී හා පරිසර ගැටලු විසඳීමේ දී පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වන මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශය අවශ්‍ය අවස්ථාවලදී ප්‍රාදේශීය මට්ටමින්  සම්බන්ධීකරණය කිරිමට අවශ්‍ය කටයුතු සිදු කිරීම හා ජාතික පාරිසරික පනත හා පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතට අදාල විධි විධාන ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය කටයුතු සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ හා භූ විද්‍යා හා පතල් කාර්යංශයේ අදාල නිලධාරීන් වෙත යොමු කිරීම.
  • දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් පරිසර කමිටුව පරිසර අධිකාරියේ නිලධාරින් සමඟ ඒකාබද්ධ වෙමින් සම්බන්ධීකරණ කටයුතු කිරිම එහි දී ගනු ලබන තිරණ ක්‍රියාවට නැංවිමට අදාල ආයතන දැනුවත් කිරිම.
  • පරිසර සංරක්ෂණ කටයුතු සඳහා අදාල රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සම්බන්ධිකරණ හා ක්‍රියාකාරී දායකත්වය ලබා දිම.
  • රාජ්‍ය ආයතන පරිශ්‍රයන් තුල පරිසර වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට සහාය විම.
  • පරිසර අමාත්‍යාංශයේ ලේකම් විසින් පවරනු ලබන පරිසර විෂයට අදාල වෙනත් රාජකාරි ඉටුකිරිම.