ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන් තවදුරටත් වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ලබා දීමට අවශ්‍ය ඉඩ පහසුකම් පුළුල් කිරීම පිළිබඳ ක්ෂ්‍රේත්‍ර පරීක්ෂාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය (04) දින සිදුකෙරිණ.
සේවා ලාභීන්ගේ පහසුව උදෙසා නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් කාර්යාලීය රාජකාරි කටයුතුවලට අදාළ යාවත්කාලීන පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීම ද මෙහිදී සිදු විය.
මේ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමා, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් (ඉංජිනේරු), ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ වාස්තු විද්‍යාඥ, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (ඉංජිනේරු), කොළඹ දිස්ත්‍රික් ඉංජිනේරු මැණිකේ මිය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිස සහභාගි විය.














