කොළඹ දිස්ත්‍රික්කයේ අස්වැසුම දීමනා දුක්ගැනවිලි විසඳුම් කළමනාකරණය (GRM) සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණින් සමාජ සුබසාධන මණ්ඩලයේ විශේෂ වැඩසටහනක් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කාංචනා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී පැවැත්විණ.

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී මුහුණ දීමට සිදුවන ගැටළු හා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් පැවති මෙම වැඩසටහන මෙහෙයවීම සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සමාජ ආරක්ෂණ විශේෂඥ උපුල් බ්‍රාහ්මණගේ මහතා, සහකාර කොමසාරිස් අශාන් දර්ශක මහතා, සම්බන්ධීකරණ නිලධාරි එස්.පී.දිසානායක මහතා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරි W. P. ගුණපාල මහතා, තොරතුරු තාක්ෂණ ප්‍රධානි විශ්නි සුන්දරරාජ් මහත්මිය යන නිළධාරින් සහභාගි වූ අතර මේ සඳහා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල නියෝජනය කරමින් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, අස්වැසුම හා වැඩිහිටි සුබසාධන වැඩසටහන සම්බන්ධයෙන් කටයුතු සිදුකරන නිළධාරින් හා දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ නිලධාරින් සහභාගි විය..

ga

ga

ga

ga

ga

ga