Clean Sri Lanka වැඩපිළිවෙළ පිළිබඳව කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.

Clean Sri Lanka සංකල්පය හඳුනා ගැනිමේ අරමුණින් පැවැති මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජානකී රණතුංග මහත්මිය සහ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සමන්ති විජේසිංහ මහත්මිය විසින් සිදු කරන ලදී.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන නව රජයේ ප්‍රතිපත්තියට ළගා වීමේ ක්‍රමෝපායක් වශයෙන් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක වේ. ප්‍රායෝගිකව රාජ්‍ය යාන්ත්‍රණය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

මේ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්තුමියන් ඇතුළුව සියලු මාණ්ඩලික නිළධාරින් සහ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සැලසුම් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, සියලුම ගණකාධිකාරිවරුන්, පරිපාලන ග්‍රාම නිළධාරින්, පරිපාලන නිළධාරින් සහභාගි විය.

ga

ga

ga

ga

ga