පාර්ලිමේන්තු මහ මැතිවරණය 2024 සඳහා ස්ථාපිත කර ඇති කමිටු වල ප්‍රගතිය පිළිබඳව අවසන් අදියරේ සාකච්ඡාව පසුගියදා ( 08) වන දින කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මැතිවරණ ආරවුල් කමිටුව, කාර්යමණ්ඩල පත් කිරිම් කමිටුව, තැපැල් ජන්ද කමිටුව, ගබඩා කමිටුව, සුබ සාධක කමිටුව, ප්‍රවාහන කමිටුව, ශාලා පහසුකම් හා අත්‍යාවශ්‍ය සේවා කමිටුව, නියෝජිත අවසරපත් සහ නවාතැන් කමිටුව, පක්ෂ කාර්යාල කමිටුව යන කමිටු වල ප්‍රගතිය සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

මේ සඳහා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් වන එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර මහතා සහ රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා, ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, ධීවර හා ඛනිජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ.කහවත්ත, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් චම්පික කලුආරච්චි, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ උපදේශක විමුක්ති ජනාදර, හිටපු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සේනානායක යන මහත්වරුන් සහ සියලු කමිටු ප්‍රධානින් සහභාගී වූහ.

ga

ga

ga

ga