ජ්‍යෙෂ්ඨ ජන්ද ස්ථානාධිපතිවරුන් සඳහා මැතිවරණ රාජකාරි පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර අද (2024.10.16) දින කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරය හා නවවන මහළ කුඩා ශ්‍රවණාගාරයේ දී උදෑසන සහ සවස් වරුවේ වැඩමුළු තුනක් පැවැත්වීය.
මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය සහකාර තේරිම්භාර නිලධාරි (මූලික මෙහෙයුම්) ඒ්. සේනානායක මහතා සහ ලේකම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර යන මහතා විසින් ලබාදුන් අතර මේ සඳහා ජ්‍යෙෂ්ඨ ජන්ද ස්ථානාධිපතිවරුන් දාහකට ආසන්න පිරිසක් සහභාගි වූහ.










