කොළඹ දිස්ත්‍රික් සංගණන ක්ෂේත්‍ර වැඩසටහන...
ශ්‍රී ලංකාවේ වර්ෂ 10කට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනයේ, ගොඩනැගිලි ලැයිස්තුගත කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී 2023 වර්ෂයේ නොවැම්බර් මස 01 දින නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මෙහිදී සටහන් වූ පලමු වෙනි ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත විය. මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම්, මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල නියෝජනය කරමින් එහි නිලධාරින් හා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී විය.
මෙයට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ සංගණන ක්ෂේත්‍ර වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් 11/18 දින සිදු කරන ලදී. අනෙකුත් දිස්ත්‍රික්ක වල ද ලැයිස්තුගත කිරීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
සම්ප්‍රදායික මුද්‍රණ ලේඛන වෙනුවට නව තාක්ෂණය අනුව යමින් ටැබ්ලට් පරිගණක භාවිතයෙන් තොරතුරු රැස් කිරීමට මෙවර සංගණනයේ දී කටයුතු කිරීම සුවිශේෂී වේ. මෙම ලැයිස්තුගත කිරීමේ කටයුතු සදහා විධිමත් ලෙස පුහුණුව ලබා ඇති ග්‍රාම නිලධාරීවරුන් ඇතුලු රජයේ නිලධාරින් යෙදවෙනු ඇත.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -








