අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක 2022/2023 මහ කන්නයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ රජයේ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ සහල් බෙදාදීමේ, කොළඹ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන් අද(26) දින දෙමටගොඩ, නාරාහේන්පිට හා වැල්ලවත්ත යන ප්‍රදේශවලදී පැවැත්විණි.ඒ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්.එම්.පී. රත්නායක, කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලභී පවුල් 112,433 ක් සඳහා, මාසකට කිලෝ 10 බැගින් මාස දෙකක් පුර නොමිලේ සහල් බෙදා දෙනු ලැබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය පුර විහිදී සිටින අඩු ආදායම්ලභී පවුල් වෙත ඉදිරි දින කිහිපය තුල මෙම සහල් බෙදා අවසන් කිරීමට නියමිත අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිෂ්පාදිත සහල් මෙලෙස බෙදාදීමට සැලසුම් කර ඇත.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
.
.
. 





