
කොවිඩ් 19 වෛරස වසංගත තත්ත්වය හේතුවෙන් සිය කටයුතු හා වෘත්තීන් කර ගැනීමට අපහසු වී තිබෙන කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි කලාකරුවන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු මලු 75 ක් ලබාදීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරුණා.
Word and Deed රාජ්‍ය නොවන සංවිධාන මගින් එම ආහාර ද්‍රව්‍ය සඳහා අනුග්‍රහය ලබාදුන් අතර, කලාකරුවන් සඳහා එම ද්‍රව්‍ය ලබාදීමේ අවස්ථාවට කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ප්‍රතිලාභී කලාකරුවන් පිරිසක් එක් ව සිටියා.











