ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ රාජකාරි ගැටලු විසඳීම සඳහා නෛතික උපදෙස් ලබා දීමේ ව්‍යාපෘතිය law Clinic පළමු විශේෂ වැඩසටහන රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය ඒ.එච්.එම්. එච් අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.08.29 දින නාරාහේන්පිට නිල මැදුර ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම්වරු 25 දෙනෙක් සහ නිලධාරීන් සහභාගි වූ මෙම Law Clinic විශේෂ වැඩසටහන 29 සහ 30 යන දෙදින තුළ පැවැත්වූ අතර එහිදී ඉඩම් කළමනාකරණය අදාළ යාවත්කාලීන නීති පිළිබඳව , තොරතුරු තාක්ෂණය නීතිය පිළිබඳ , සමාජ සේවා කටයුතු , විශ්‍රාම කටයුතු, ව්‍යාපාර නාම ලියාපදිංචි සම්බන්ධව, බලපත්‍ර ලබාදීම, වන්දි ගෙවීම් සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ඉදිරිපත් වූ ගැටලු සඳහා විසඳූ මෙහිදී සාකච්ඡා කෙරිණ.

මීට අමතරව තොරතුරු පනතට අදාළ නීතිමය පසුබිම හා ඉදිරිපත් වූ ගැටලු සම්බන්ධයෙන් විසඳුම් සඳහා සාකච්ඡා වු අතර මෙම Law Clinic වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා සිටින ප්‍රාදේශීය ලේකම්වරුන් කැඳවා ඔවුන් දැනුවත් කිරීමට නියමිතයි.

මෙහිදී ඩිජිටල්කරණය නියමු ව්‍යාපෘති සඳහා තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිල වශයෙන් හඳුනාදීම සහ 2020 සහ 2021 වසර වල ග්‍රාම නිලධාරි කාර්යාල කළමනාකරණ හා රාජකාරී පරීක්ෂා කිරීම ජාතික මට්ටමේ ඇගයීමේ තරගාවලියේ ජයග්‍රහණය කළ ග්‍රාම නිධාරීන් සඳහා සම්මාන ලබාදීමද රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය ඒ. එච්.එම්.එච් අබයරත්න මහතාගේ සුරතින් ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර , අමාත්‍යාංශයේ උපදේශක අශෝක පීරිස් , කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර , ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම්වරුවන ඒ.ජි. නිශාන්ත, ආචාර්ය රෝෂිණී දිසානායක, ධම්මික මුතුගල , ඔමාලි විමලරත්න , හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ , මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් චායා ශ්‍රී නම්මුණි , නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ගංගා වාකිෂ්ඨආරච්චි, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉෂාන් රත්නපාල යන මහත්ම මහත්මීන් සහ අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් රැසක් එක්ව සිටියහ. ස්වදේශ කටයුතු අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය රන ලදී.

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga

ga