“සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” තේමාව යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ Clean Sri Lanka වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය වෙරළ උද්‍යානයේදී අද (09) දින නිළ වශයෙන් ආරම්භ විය.
මෙම සමාරම්භක වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කය තුළ රත්මලාන, මොරටුව, තිඹිරිගස් යාය, දෙහිවල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් විසින් වෙරළ පවිත්‍රතා වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, වැල්ලවත්ත දුම්රියපොළ අසළ, දෙහිවල දුම්රිය ස්ථානය ආශ්රිත වෙරළ තීරය,ගල්කිස්ස වෙරළ තීරය සහ මොරටු වැල්ල වෙරළ තීරය යන ස්ථානවල ප්‍රාදේශිය කොට්ඨාශ නියෝජනය වන පරිදි දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සහ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගයෙන් පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක විය.
මීට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල විසින් අද දින Clean Sri Lanka වැඩසටහනේ සමාරම්භය වශයෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබිණ. සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියේ Clean Sri Lanka වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බවයි.
මේ සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණාරච්චි, කොළඹ නගරසභා අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් ඇතුළුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර යන මහත්ම මහත්මීන්, ශ්‍රී ලංකා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිළධාරින්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, සෞඛ්‍ය ආයතන, විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.












