ප්රාදේශීය ලේකම් කාර්යාලයන්හි පවතින තොරතුරු තාක්ෂණ පද්ධති පිළිබඳව දැනුම හුවමාරු කරගැනීමේ අරමුණින් දිස්ත්රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්රසන්න ජනක කුමාර මහතාගේ ප්රධානත්වයෙන් අද (16) දින දිස්ත්රික් ලේකම් කාර්යාලයේදි සාකච්ඡාවක් පැවැත්විණ.
මෙම වැඩසටහන සඳහා කොළඹ දිස්ත්රික් ලේකම්, අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන), ප්රධාන ගණකාධිකාරී හා කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්රාදේශීය ලේකම්වරුන්, තොරතුරු තාක්ෂණ නිළධාරින් සහභාගි විය.
කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පර්යේෂණ හා සන්නිවේදන අංශය මඟින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී, මේ වන විට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හා ප්රාදේශීය ලේකම් කාර්යාලයන් හි රාජකාරි කටයුතු පහසු කරගැනීම සඳහා භාවිතා කරනු ලබන තොරතුරු තාක්ෂණ පද්ධති පිළිබඳව දැනුම හුවමාරු කරගනු ලැබූ අතර, ඉදිරියේදී එම පද්ධතීන් තවදුරටත් වැඩි දියුණු කරමින් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හා සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාල වල රාජකාරි කටයුතු පහසු කරගැනීම සඳහා භාවිතයට ගැනීමට කටයුතු සිදුකරන මෙන් දිසාපති තුමා උපදෙස් ලබා දුනි.







