Ah2 ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබද කොළඹ දිස්ත්‍රික් රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී 08/16 දින පැවැත්විණි.

මතුවිය හැකි ඕනෑම අවස්ථාවක වුවද ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් තහවුරු කිරීම, කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබීම සහ කිසිදු දරුවෙක් මන්ද පෝෂණ තත්වයට ගොදුරු නොවිය යුතුය යන්න මෙම යාන්ත්‍රණය පිහිටුවිමේ මුලික අරමුණ විය. ඒ අනුව මෙමගින් කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කල වැඩසටහන් වල ප්‍රගතිය පිළිබඳවත් ඉදිරි වැඩසටහන් සැලසුම් කලයුතු ආකාරය පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.

දිස්ත්‍රික් ආහාර නිෂ්පාදනයේ ප්‍රගතිය, දිස්ත්‍රික්කයේ පශු සම්පත් හා ධීවර නිෂ්පාදන ප්‍රගතිය, දිස්ත්‍රික්කයේ පාසැල් ළමුන්ගේ පෝෂණ තත්වය, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය හා පෝෂණය උදෙසා ආයුර්වේදය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සම්බන්ධව ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ඇතුළු විවිධ කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡා කළේය.

මෙම වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශය මගින් සිදු කරනු ලබන අතර කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා වැඩසටහන මෙහෙයවනු ලැබිය.

දිස්ත්‍රික් කෘෂි කර්ම අංශය නියෝජනය කරන නිලධාරීන්, බස්නාහිර පළාත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුව, සහකාර ගොවිජන සේවා කොමසාරිස්, දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ධීවර සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යපෘති නිලධාරී, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, (කොළඹ,කෝට්ටේ,හෝමාගම,පිළියන්දල), ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, පළාත් අයුර්වේද කොමසාරිස්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

Ah1   Ah2   Ah0   Ah3

 

Ah4   Ah8   Ah5