මාධ්‍ය නිවේදනයයි.
2022.12.19
ප්රවෘත්ති කර්තෘ / ප්රවෘත්ති සංස්කාරක,
"ලබන වසර තුළ පවුල් 14200 ක් දුප්පත්කමින් මුදවා ගැනීමේ සැලැස්මක්"
රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියයි
සෑම ග්‍රාම සේවා වසකම සිටින දුගී දුප්පත් පවුල තෝරා එම පවුල ඉන් මුදවා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ලබන වසරේ ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනෙහි ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට පසුගියදා එක්වෙමිනි.
ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව පවුල් 14200 දුප්පත්කමින් මුදවා ගැනීම මෙහි අරමුණයි. දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා උපදෙස් ලබා දුන්නේ ලබන ජනවාරි වනවිට තම බල ප්‍රදේශයේ දුප්පත් පවුල් තෝරාගෙන තමාට වාර්තාවක් ලබාදෙන ලෙසයි. එම තෝරාගත් පවුල් ලබන වසර අවසන් වන විට දුප්පත් කමින් මුදවා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට නියමිතයි.
එම තෝරාගත් පවුල් දුප්පත්කමින් මුදවා ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරු අමාත්‍යාංශ ලේකම් සමග ගිවිසුමකටද එළඹීමට නියමිතයි.
මීට අමතරව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොට්ඨාශයකින් නව ව්‍යවසායකයින් දසදෙනෙකු තෝරාගෙන ඔවුන් නගා සිටුවීමට වැඩපිළිවෙළක් සකසන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී උපදෙස් දෙන ලදී. මෙම වැඩපිළිවෙළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් එම තනතුරු වලින් ඉවත් වීමට කිසිදු බාධාවක් නොමැති බව මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය





