අධ්‍යාපන අමාත්‍යාංශය

(නිපුණතා සංවර්ධන, වෘත්තීය හා කාර්මික අධ්‍යාපන   අංශය)

            
දිස්ත්‍රික් නිලධාරී - අනුෂා කුමාරි මුම්මුල්ලගේ

071-7009340

 කාර්මික හා තාක්ෂණික නිපුණතාවය වර්ධනය කිරීම තුලින් දේශීය හා ගෝලීය අවශ්‍යතාවලට මුහුණ දිය හැකි නිපුණතා හා හැකියාවන්ගෙන්  පිරිපුන් ශ්‍රම බලකායක් බිහි කිරීම  අපගේ මූලික පරමාර්ථයි.

  • දේශිය හා ජාත්‍යන්තර රැකියා වෙළඳ පොළ ඉලක්ක කර ගනිමින් පුහුණු පාඨමාලා රාශියක් පවත්වනු ලබන ආයතන ජාලයකින් සමන්විත වේ.
  • ජාතික වෘත්තීය සුදුසුකම් ( NVQ ) අනුව ප්‍රමිතිගත කර ඇති පාඨමාලා සඳහා දෙස් විදෙස් රැකියා වෙළඳ පොළ තුළ රැකියා අවස්ථා රාශියක් ඇත.

අපගේ සේවාවන්,

  • වෘත්තීය මාර්ගෝපදේශනය.
  • ආධුනිකයන් සුදුසු පුහුණු ආයතන සහ පාඨමාලා සඳහා යොමු කිරීම.
  • රැතියාගත පුහුණුව සඳහා යොමු කිරීම.
  • RPL මගින් NVQ සඳහා යොමු කිරීම.
  • රජයේ හා පෞද්ගලික පුහුණු ආයතන TVEC ලියාපදිංචිය සඳහා අයදුම් කර ඇති අවස්ථාවන්හිදී ආයතන පරීක්ෂා කොට අවශ්‍ය නිර්දේශ ලබාදීම.
  • වෘත්තීය පුහුණුව අවසන් කර ව්‍යවසායකයකු වීමට අපේක්ෂා කරන ආධුනිකයන්ට SEPI ණය පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම.

ඔබ,

  • සා.පෙළ විභාගයට පෙර පාසල හැර ගිය අයෙක් ද?
  • සා.පෙළ අසමත්ද?
  • සා.පෙළ සමත්ව උ.පෙළ අසමත්ද?
  • උ.පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට සුදුසුකම් ප්‍රමාණවත් නොවී ද?
  • කිසියම් වෘත්තීය ක්ෂේත්‍රයක නිපුණතාවයක් සහිතව විදෙස් රැකියාවක් සඳහා යොමු වීමට අපේක්ෂාවෙන් සිටීද?
  • වෘත්තීය ක්ෂේත්‍රයක පළපුරුද්ද ඇතත් ඒ සඳහා පිළිගත් සහතිකයක් ලබා ගැනීමට අවශ්‍ය ද?

ඔබේ හැකියාවන්ට දක්ෂතාවයන්ට ගැලපෙන වෘත්තීය පුහුණු  පාඨමාලා පහත සඳහන් ආයතන තුලින් හැදෑරීමට ඉඩ ප්‍රස්ථා විවරව ඇත.

  • ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය ( COT)- මරදාන ,011-2423653
  • කාර්මික විද්‍යාලය (Technical collage) - රත්මලාන 011-23334479
  • කාර්මික විද්‍යාලය (Technical collage -හෝමාගම,011-2857133
  • ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (NVTA) - නාරාහේන්පිට ,011-2952233
  • ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (NVTA) - රත්මලාන, 011-2638850
  • වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන (VTA Centers) - රාජගිරිය/‌ෙගාතටුව/වැල්ලවත්ත/කඵබෝවිල/පන්නිපිටිය/ මහරගම/හෝමාගම/හොන්නන්තර/ සීතාවක/ පාදුක්ක
  • ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA) - රාජගිරිය/ හැව්ලොක් පෙදෙස -011-28887882-85
  • ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (CGTTI)-ගල්කිස්ස .011-2605625
  • කර්මාන්ත ඉංජිනේරු තාක්ෂණ ආයතනය,- මොරටුව 011-2888782
  • කොරියානු වෘත්තීය පුහුණු ආයතනය (K- Tech) - ඔරුගොඩවත්ත.011-22072850
  • ‌මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය ( Japan Tec)- ඔරුගොඩවත්ත .011-2572977
  • සමුද්‍ර විශ්ව විද්‍යාලය (Ocean University)- මට්ටක්කුලිය011-4246990
  • ජාතික ව්‍යාපාර කළමණාකරන ආයතනය (NIBM)-කොළඹ 07,011-5321000
  • ජාතික ව්‍යාපාර කළමණාකරන විද්‍යායතනය (NSBM) -හෝමාගම, 011-5445000
  • විශ්වවිද්‍යාල විද්‍යායතනය ( University Collage) - රත්මලාන,011-2626297
  • වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ( UNIVO Tec) - රත්මලාන. 011-2630706

NVQ සහතිකයක්  ලබා ගත් පසු අදාල ක්ෂේත්‍රයේ ඉදිරි පියවර සම්පූර්ණ කර වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය මගින් තාක්ෂණවේදී උපාධිය ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත.