ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

 

සමාජ ආරක්ෂණ අංශය

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ

 අප ගැන........

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව මගින් වර්ෂ 1996 අංක 17 දරණ පනත මගින් ස්ථාපිත කරන ලදුව, වර්ෂ 1999 අංක 33 දරණ පනත මගින් එම මුල් පනත සං‍ශෝධනය කර ඇත. මෙම  පනත මගින් ස්වයං රැකියාවල නියුතවූවන්, අවිධිමත් අංශයන්හි නියුතු අය, සහ අනෙකුත් අංශවල සේ‍වයේ නියුතු රාජ්‍ය විශ්‍රාම වැටුපක හිමිකම් නොමැති අය සඳහා විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දීම සඳහා ස්ථාපනය කර ඇත.

දැක්ම

සමාජ ආරක්ෂණයෙන් සුරක්ෂිත වූ අභිමානවත් ජාතියක්

මෙහෙවර

අභිමානවත් ජාතියක් ගොඩනැගිම උදෙසා සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තීන්  සම්පාදනය,ක්‍රියාත්මක කිරීම හා නියාමනය තුලින් යහ පාලන ප්‍රතිපත්ති වලට අනුගත වෙමින් ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික සුරක්ෂිතභාවය වෙනුවෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමග උපය මාර්ගික සම්බන්ධතා ගොඩ නගමින් තිරසාර සංවර්ධනයක් කරා…

අරමුණු

    • ස්වයංරැකියාවල නියුතු තැනැත්තන්ට ඔවුන් වයෝවෘධ කාලයේදි හෝ ඔවුන් යම් බෙලහීනතාවයට පත්වු විට,එම කාලයේදි ඔවුන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සැලසීම.
    • ස්වයං රැකියාවල නියුතු තැනැත්තන් මියගිය විට, ඔවුන්ගේ යැපෙන්නන්ට සහන සැලසීම
    • ස්වයං රැකියාවල  නියුතු තැනැත්තන්ට ඔවුන්ගේ අදාළ වෘත්තීයවල යෙදෙන ලෙස දිරිමත් කිරීම හා ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතා වැඩිදියුණු කිරීම
    • ස්වයං රැකියාවල යෙදෙන ලෙස තරුණයන් දිරිමත් කිරීම හා ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතා වැඩිදියුණු කිරීම
    • සකසුරුවම් වීම හා සම්පත් කළමනාකරණයේ ප්‍රතිලාභ පිළිබඳව ස්වයං රැකියාවල නියුතු තැනැත්තන් දැනුවත් කිරීම 
    • සාමාන්‍යයෙන් ස්වයං රැකියාවල නියුතු ජීවන තත්වය වැඩිදියුණු කිරීම

 

විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ........

යෝජනා ක්‍රමය

සාමාජිකත්වය ලබාගත හැකි වයස් සීමාව

ප්‍රතිලාභ

ආරස්සාව 

අවු. 0 - 17

    5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් අවම දිස්ත්‍රික් ලකුණු මට්ටම සම්පූර්ණ කර විභාග සමත් වීමේදී ගිවිසගත් මාසික විශ්‍රාම වැටුප් වටිනාකමින් 50% ක මුදලක්, අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් පළමුවර විෂයන් 05කට විශිෂ්ඨ සාමාර්ථ සහිතව සියලුම විෂයයන් සමත් වීමේදී  ගිවිසගත් මාසික විශ්‍රාම වැටුප් මුදලට සමාන මුදලක්,
  • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය පළමුවර සමත්ව ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලයකට ප්‍රවිෂ්ඨය ලද විට ගිවිසගත් මාසික විශ්‍රාම වැටුප් මුදල මෙන් දෙගුණයක් ප්‍රදානය කරනු ලබයි.
  • වයස අවුරුදු 17 සම්පූර්ණ වන තෙක් පමණක් වාරික ගෙවිය යුතු අතර අවු. 18 වීමෙන් පසු “සුරැකුම” වැඩිහිටි යෝජනා ක්‍රමයට මාරු වේ.
  • “සුරැකුම” යෝජනා ක්‍රමය යටතේ දායකයන්ට මාසිකව විශ්‍රාම වැටුප අවුරුදු 60 සිට ලබාදීමට කටයුතු සිදු කරනු ලබන අතර විශ්‍රාම වැටුප් ලැබීමට පෙර අතිරේක ප්‍රතිලාභ වශයෙන් අර්ධ අබලතා පාරිතෝෂික, පූර්ණ අබලතා පාරිතෝෂික, මරණ පාරිතෝෂික යන ප්‍රතිලාභ ලබාදීමට කටයුතු සලස්වා ඇත.

සුරැකුම 

අවු. 18 - 59

  • වයස අවු.60 සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප 
  • දායකයා විශ්‍රාමිකයකු ලෙස අවු.80 සම්පූර්ණ වීමට පෙර මියගියහොත් 
    • කලත්‍රයා ජීවත්ව සිටීනම්, කලත්‍රයාට මාසික විශ්‍රාම වැටුප 
    • කලත්‍රයෙකු නොමැති නම්, නම් කරනු ලැබූ පුද්ගලයකුට හෝ ඔහුගේ/ ඇයගේ යැපෙන්නෙකුට විශ්‍රාමිකයාට අවුරුදු 80 සම්පූර්ණ වන තෙක් මාසික විශ්‍රාම වැටුප 
  • වයස අවු 60 ට පෙර ස්ථීර අර්ධ අබලතාවයකට පත්වූ විට වයස අනුව ගැලපූ පාරිතෝෂිකයක් සහ නියමිත පරිදි වාරික ගෙවීමෙන් අනතුරුව අවු.60 සිට ජීවිතාන්තය දක්වා ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප
  • වයස අවු 60 ට පෙර ස්ථීර පූර්ණ අබලතාවයකට පත්වූ විට වයස අනුව ගැලපූ පාරිතෝෂිකයක් සහ ශුද්ධ දායක මුදල හෝ පූර්ණ අබලතාවයට පත්වූ දින සිට ජීවිතාන්තය දක්වා ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප 
  • විශ්‍රාම වැටුප ලැබීමට පෙර දායකයා මියගියහොත් ඔවුන්ගේ යැපෙන්නන්ට එකවර ගෙවනු ලබන පාරිතෝෂිකයක් 

කලාකරු 

අවු. 23 - 55

  • වයස අවු :60 සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප 
  • පළමු විශ්‍රාම වැටුප් වාරිකය සමඟ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් ලබා දෙනු ලබන දීමනාව
  • සාමාජිකයා විශ්‍රාමිකයෙකු ලෙස අවුරුදු 80 සම්පූර්ණ වීමට පෙර මියගියහොත් ඔහුට අවුරුදු 80 සම්පූර්න වන තෙක් කලත්‍රයාට මාසික විශ්‍රාම වැටුප 
  • වයස අවු 60 ට පෙර ස්ථීර අර්ධ අබලතාවයකට පත්වූ විට වයස අනුව ගැලපූ පාරිතෝෂිකයක් සහ නියමිත පරිදි වාරික ගෙවීමෙන් අනතුරුව අවු.60 සිට ජීවිතාන්තය දක්වා ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප
  • වයස අවු 60 ට පෙර  ස්ථීර පූර්ණ අබලතාවයකට පත්වූ විට වයස අනුව ගැලපූ පාරිතෝෂිකයක් සහ ශුද්ධ දායක මුදල හෝ පූර්ණ අබලතාවයට පත්වූ දින සිට ජීවිතාන්තය දක්වා ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප 
  • විශ්‍රාම වැටුප ලැබීමට පෙර දායකයා මියගියහොත් ඔවුන්ගේ යැපෙන්නන්ට එකවර ගෙවනු ලබන පාරිතෝෂිකයක්
  • සාමාජිකයා විශ්‍රාම වැටුප් ලබමින් සිටින අතරතුර කලත්‍රයකු හෝ නම් කරනු ලැබූ අකු නොමැතිව මියගියහොත් විශ්‍රාමිකයා නමින් තැන්පත්ව ඇති ශුද්ධ දායක මුදල සහ පෙළිය ඔහුගේ/ඇයගේ උරුමකරුවන්ට ලබා ගත හැක.

 

යෝජනා ක්‍රමයන් සඳහා බඳවා ගැනීම.......

සාමාජිකත්වය ලබා ගත හැකි ස්ථාන

  • ග්‍රාම නිලධාරීන් මගින්
  • සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මගින්
  • ප්‍රාදේ‍ශීය ලේකම් කාර්යාල මගින්
  • ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
  • ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය මගින්

වාරික ගෙවීම් කළ හැකි ස්ථාන

  • ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 
  • තැපැල් කාර්යාල
  • ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල
  • ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය

සේවයේ නියුතු කාර්යයමණ්ඩලය 

 

Social1

ඩී.එම්.එස්.කේ. දසනායක මයා 

ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී 

(බස්නාහිර පලාත හා විශේෂ ව්‍යාපෘති- 3) - 011-2369250

Tel : 071 288 4180 / 076 140 4675

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Social2

එච්.ඒ.අයි.බී. පෙරේරා මෙය 

සම්බන්ධීකරණ නිලධාරී 

Tel : 011-2369250/ 077 5109128

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Social3

එම්.කේ.එස්.පීරිස් මෙය 

සම්බන්ධීකරණ නිලධාරී 

Tel : 011-2369250/ 077 8769265

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Social4

ඩබ්.ආර්. නන්දනී ප්‍රේමලතා මිය 

කළමනාකරණ සහකාර (වැ.බ)

Tel : 011-2369250

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

banner