ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
සමාජ ආරක්ෂණ අංශය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ
අප ගැන........
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව මගින් වර්ෂ 1996 අංක 17 දරණ පනත මගින් ස්ථාපිත කරන ලදුව, වර්ෂ 1999 අංක 33 දරණ පනත මගින් එම මුල් පනත සංශෝධනය කර ඇත. මෙම පනත මගින් ස්වයං රැකියාවල නියුතවූවන්, අවිධිමත් අංශයන්හි නියුතු අය, සහ අනෙකුත් අංශවල සේවයේ නියුතු රාජ්‍ය විශ්‍රාම වැටුපක හිමිකම් නොමැති අය සඳහා විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්රතිලාභ ලබා දීම සඳහා ස්ථාපනය කර ඇත.
දැක්ම
සමාජ ආරක්ෂණයෙන් සුරක්ෂිත වූ අභිමානවත් ජාතියක්
මෙහෙවර
අභිමානවත් ජාතියක් ගොඩනැගිම උදෙසා සමාජ ආරක්ෂණ ප්රතිපත්තීන් සම්පාදනය,ක්‍රියාත්මක කිරීම හා නියාමනය තුලින් යහ පාලන ප්‍රතිපත්ති වලට අනුගත වෙමින් ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික සුරක්ෂිතභාවය වෙනුවෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමග උපය මාර්ගික සම්බන්ධතා ගොඩ නගමින් තිරසාර සංවර්ධනයක් කරා…
අරමුණු
-
- ස්වයංරැකියාවල නියුතු තැනැත්තන්ට ඔවුන් වයෝවෘධ කාලයේදි හෝ ඔවුන් යම් බෙලහීනතාවයට පත්වු විට,එම කාලයේදි ඔවුන්ට සමාජ ආරක්ෂණ ප්රතිලාභ සැලසීම.
- ස්වයං රැකියාවල නියුතු තැනැත්තන් මියගිය විට, ඔවුන්ගේ යැපෙන්නන්ට සහන සැලසීම
- ස්වයං රැකියාවල නියුතු තැනැත්තන්ට ඔවුන්ගේ අදාළ වෘත්තීයවල යෙදෙන ලෙස දිරිමත් කිරීම හා ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතා වැඩිදියුණු කිරීම
- ස්වයං රැකියාවල යෙදෙන ලෙස තරුණයන් දිරිමත් කිරීම හා ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතා වැඩිදියුණු කිරීම
- සකසුරුවම් වීම හා සම්පත් කළමනාකරණයේ ප්රතිලාභ පිළිබඳව ස්වයං රැකියාවල නියුතු තැනැත්තන් දැනුවත් කිරීම
- සාමාන්‍යයෙන් ස්වයං රැකියාවල නියුතු ජීවන තත්වය වැඩිදියුණු කිරීම
විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ........
|
යෝජනා ක්‍රමය |
සාමාජිකත්වය ලබාගත හැකි වයස් සීමාව |
ප්රතිලාභ |
|
ආරස්සාව |
අවු. 0 - 17 |
|
|
සුරැකුම |
අවු. 18 - 59 |
|
|
කලාකරු |
අවු. 23 - 55 |
|
යෝජනා ක්රමයන් සඳහා බඳවා ගැනීම.......
සාමාජිකත්වය ලබා ගත හැකි ස්ථාන
- ග්‍රාම නිලධාරීන් මගින්
- සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මගින්
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්
- ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
- ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය මගින්
වාරික ගෙවීම් කළ හැකි ස්ථාන
- ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- තැපැල් කාර්යාල
- ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල
- ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය
සේවයේ නියුතු කාර්යයමණ්ඩලය
![]() |
ඩී.එම්.එස්.කේ. දසනායක මයා ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී (බස්නාහිර පලාත හා විශේෂ ව්‍යාපෘති- 3) - 011-2369250 Tel : 071 288 4180 / 076 140 4675 E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
![]() |
එච්.ඒ.අයි.බී. පෙරේරා මෙය සම්බන්ධීකරණ නිලධාරී Tel : 011-2369250/ 077 5109128 E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
![]() |
එම්.කේ.එස්.පීරිස් මෙය සම්බන්ධීකරණ නිලධාරී Tel : 011-2369250/ 077 8769265 E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
![]() |
ඩබ්.ආර්. නන්දනී ප්‍රේමලතා මිය කළමනාකරණ සහකාර (වැ.බ) Tel : 011-2369250 E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |










