பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
නත්තල් දිනට සමගාමිව සංවිධානය කල නත්තල් දින සැමරුම් උත්සවයක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ .ජී. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දකුණු කොළඹ කලාපීය නාහිමිපාණන් සහ වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් දෙව්මැදුරේ මීසම් සේවක පුජ්‍ය නිහාල් අයිවන් පෙරේරා පියතුමන් වහන්සේගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අද(22) පැවැත්වුණි.
නත්තල් අසිරිය නංවමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් විසින් කැරෝල් ගී ගායනා රැසක් මෙහිදී ඉදිරිපත් කළේය. පාසැල් දරුවන් සදහා පොත් බෙදා දීමක් ද එයට සමගාමිව සිදුකෙරිණි.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.එන්.කෞශල්‍යා කුමාරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ, සහකාර දිස්ත්‍රික් ලේකම් එස්.ඒ. නදීෂා දර්ශනී, අධ්‍යක්ෂ (සැලසුම්) කේ.ජී.එච්. සේනක පී සිල්වා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවිය.
වැඩසටහන සංවිධානය කලේ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශය මගිනි.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහනට සමගාමිව කොළඹ දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම උදෙසා "Chrysalis" ආයතනයේ අනුග්‍රහයෙන් පෝෂණ මලු බෙදා දීමේ වැඩසටහනේ පළමු අදියර වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ .ජී. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(19) දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඩි. චින්තක මහතාගේ මගපෙන්වීම යටතේ වැඩසටහන ක්‍රියාත්මක වූ අතර Chrysalis ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු සුදන් බාස්කරන් මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් බිනූප සසංක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඒම අවස්ථාව සදහා සහභාගිවිය.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා කාර්ය සංවිධාන හරහා තෝරා ගන්නා ලද ප්‍රතිලාභීන් 300 දෙනකු සඳහා පෝෂණ මලු බෙදාදීම මෙහිදී සිදුකෙරිණි.
මෙම වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී අනුරාධා මායාදුන්න මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී අවන්ති තනුජා මහත්මියගේ සංවිධානයෙන් පවත්වන ලදී.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -




ජන හා නිවාස සංගණනය 2024 කොළඹ දිස්ත්‍රික් සංගණන වැඩසටහනට සමගාමිව තිඹිරිගසාය කොට්ඨාසයේ ක්ෂේත්‍ර චාරිකාවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක මහත්මිය, කොළඹ දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ ප්‍රජීව හෙට්ටියානි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -


කොළොම්තොට අභිනන්දන "2023" කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ටවර් හෝල් රඟහලේ දී 2023.12.15 දින පැවැත්විණි.
මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 14 දෙනෙක් සඳහා කොළොන්තොට අභිනන්දන සම්මා ප්‍රධානය කිරීම ද සිදු විය.
ඒ අනුව ප්‍රවීණ ගායන ශිල්පී ටී. එම් ජයරත්න, ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ, මහාචාර්ය කමල් වලේබොඩ , ප්‍රවීණ නර්තනාචාර්ය උපුලි පණිභාරත, කලාකාරිණී එම්. එස්. ශ්‍යාමලී ලීවේරා, කලාකරුවන් වන ඩග්ලස් සිරිවර්ධන, දයාන් විතාරණ , චින්තක පතිරණ, විමලරත්න අදිකාරී , එම්. සෝමසිරි, සුමිත් මුදන්නායක, බන්දුල ලක්ෂ්මන් ජයසිංහ, පත්මකුමාර වික්‍රමරත්න සිරිවර්ධන, සහ ප්‍රවීණ මහාචාර්ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ කරුණාරත්න බණ්ඩාර යන මහත්ම මහත්මීන් 2023 කොළොන්තොට අභිනන්දන සම්මානයෙන් අද දින පිදුම් ලැබිණි .
සාහිත්‍ය උත්සවය විවිධ සංස්කෘතික අංග වලින් විචිත්‍රවත්ව වු අතර ප්‍රාදේශීය මට්ටමින් විවිධ සාහිත්‍ය තරගාවලි අතරින් විශිෂ්ට ජයග්‍රහණ ලැබූ ජයග්‍රාහීන් සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම ද මෙහිදී සිදුවිය .
මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, මධුර විතාන, යදාමිණි ගුණවර්ධන, ප්‍රේමනාත් සී.දොලවත්ත , රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක,
කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි යන මහත්ම මහත්මීන්, කලාකරුවන්, ඇතුළු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -



























