பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024 සඳහා මේ වනවිට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සූදානම පිළිබඳව කොළඹ දිස්ත්‍රික් මැතිවරණ තේරිම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම් / දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා විසින් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරනු ලැබිය

2024 පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ නාමයෝජනා පිළිගැනීමෙන් පසු අද (2024. 10. 11 ) දින තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමා සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් වන එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර හා රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ යන මහත්වරුන් විසින් කරන ලද නිළ ප්‍රකාශය.

2024 ඔක්තෝබර් මාසය සදහා වන ප්‍රාදේශීය ලේකම් සමුළු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කුඩා ශ්‍රවණාගාරයේදී ඔක්තෝබර් මස 04 වන දින පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කේ.එන්.කෞශල්‍යා කුමාරි, ප්‍රධාන ගණකාධිකාරී ජී .ජයවීර යන මහත්ම මහත්මීන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.
උසස් පෙළ විෂයය සමත් වූවද රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් සපුරාලනු නොලැබූ දරුවන් වෙත පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රවේශයට හඳුන්වා දී ඇති ශිෂ්‍ය ණය ක්‍රමය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ නිලූකා ජයසේන මහත්මිය ද මෙම සමුළුව සඳහා සහභාගී විය.
2024 ජාත්‍යන්තර ජන හා නිවාස සංගණනය 2024 ලැයිස්තුගත කිරීමේ අදියරෙන් පසු සැලසුම් කර ඇති ගණන් ගැනීමේ අදියරේ ටැබ් තාක්ෂණ නිලධාරීන් පුුහුණු කිරීමේ වැඩසටහනක් 2024.09.02 හා 03 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදි.
මේ සඳහා හෝමාගම, සීතාවක, පාදුක්ක, කඩුවෙල සහ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ටැබ් තාක්ෂණික නිලධාරීන් සහ ප්‍රාදේශීය සංගණන නිලධාරීන් (සංඛ්‍යාලේඛන නිලධාරීන්) හා දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයෙ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්, දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේ තොරතුරු තාක්ෂණ සහ සංඛ්‍යාලේඛන නිලධාරීන්ගේ සම්පත්දායකත්වය ලබාදෙමින් පවත්වන ලදි.
එහි දී ගණන් ගැනීමේ අදියර සඳහා ටැබ් තාක්ෂණ නිළධාරින් විසින් ඉටුකලයුතු කාර්යයන් පිළිබඳව න්‍යාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදි






















