பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
මැතිවරණ ආරවුල් නිරාකරණය සම්බන්ධ සහකාර තේරීම්භාර නිලධාරින් හා පොලිස් නිළධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන
මැතිවරණ ආරවුල් නිරාකරණය සම්බන්ධ සහකාර තේරීම්භාර නිලධාරින් හා පොලිස් නිළධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ( 29) දවස පුරා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 19 වන මහළ කුඩා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.
අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හා විමර්ශන) චින්තක කුලරත්න මහතා, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්. එස්. කේ. මාපා බණ්ඩාර මහතා, නීතිඥ අසංග කරවිට මහතා (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති/ ප්‍රජා පොලිස් සංචාරක/ ආයෝජන සහ මැතිවරණ), නීතිඥ රුවන් ගුණසේකර මහතා ( නියෝජ්‍ය පොලිස්පති/ නීති දිශාව), අශෝක ධර්මරත්න මහතා ( අධ්‍යක්ෂ, තොරතුරු හා තාක්ෂණ සහ වැ.බ. අධ්‍යක්ෂ මැතිවරණ), නීතිඥ පී. කේ. ආර්. එම්.වසන්ත කුමාර මහතා (පොලිස් පරීක්ෂක) යන නිලධාරීන් ඇතුළු සහකාර තේරීම්භාර නිලධාරින් හා පොලිස් නිළධාරින් සහභාගී විය.





කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද අධීක්ෂණ කාර්යයේ නියුතු සහකාර තේරීම්භාර නිළධාරි පුහුණු වැඩමුළුවක් අද (29) දින සවස් වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 09 වන මහළ කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා විසින් ලබාදුන් අතර මේ සඳහා නිළධාරින් සියයකට ආසන්න පිරිසක් සහභාගි වූහ.



ප්‍රධාන ගණන්කිරීමේ නිළධාරි රාජකාරි හා නියෝජ්‍ය ගණන් කිරීමේ නිළධාරි රාජකාරි පුහුණු වැඩමුළු 02ක් අද (29) දින උදෑසන සහ සවස් වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ප්‍රධාන ගණන්කිරීමේ නිළධාරි රාජකාරි හා නියෝජ්‍ය ගණන් කිරීමේ නිළධාරි රාජකාරි පුහුණු වැඩමුළු 02ක් අද (29) දින උදෑසන සහ සවස් වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර මහතා විසින් ලබාදුන් අතර මේ සඳහා නිළධාරින් හයසියයකට ආසන්න පිරිසක් සහභාගි වූහ.




පාර්ලිමේන්තු මහ මැතිවරණය 2024 සඳහා ස්ථාපිත කර ඇති කමිටු වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අද ( 28) වන දින කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ඒ අනුව, මැතිවරණය කාර්යයන් සිදුකිරීම සඳහා වන මැතිවරණ ආරවුල් කමිටුව, කාර්යමණ්ඩල පත් කිරිම් කමිටුව, තැපැල් ජන්ද කමිටුව, ගබඩා කමිටුව, සුබ සාධක කමිටුව, ප්‍රවාහන කමිටුව, ශාලා පහසුකම් හා අත්‍යාවශ්‍ය සේවා කමිටුව, නියෝජිත අවසරපත් සහ නවාතැන් කමිටුව, පක්ෂ කාර්යල කමිටුව යන කමිටු වල ප්‍රගතිය සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
මේ සඳහා එම කමිටු නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිළධාරින් සහභාගි වූහ.























