පාර්ලිමේන්තු මහ මැතිවරණය 2024 සඳහා ස්ථාපිත කර ඇති කමිටු වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අද ( 28) වන දින කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ඒ අනුව, මැතිවරණය කාර්යයන් සිදුකිරීම සඳහා වන මැතිවරණ ආරවුල් කමිටුව, කාර්යමණ්ඩල පත් කිරිම් කමිටුව, තැපැල් ජන්ද කමිටුව, ගබඩා කමිටුව, සුබ සාධක කමිටුව, ප්‍රවාහන කමිටුව, ශාලා පහසුකම් හා අත්‍යාවශ්‍ය සේවා කමිටුව, නියෝජිත අවසරපත් සහ නවාතැන් කමිටුව, පක්ෂ කාර්යල කමිටුව යන කමිටු වල ප්‍රගතිය සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
මේ සඳහා එම කමිටු නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිළධාරින් සහභාගි වූහ.
























