பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
පාර්ලිමේන්තු මහ මැතිවරණය 2024 සඳහා මෙවර කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පිළිගත් දේශපාලන පක්ෂ 27 ක් සහ ස්වාධීන කණ්ඩායම් 19 කින් යුත් අපේක්ෂකයින් 996 ක් මන්ත්‍රී ආසන 18 ක් සඳහා ඉදිරිපත් විය.
කොළඹ රාජකීය විදුහලේ සහ ඩී.එස්. විදුහලේ සිට ජන්ද ගණන් කිරීම සිදුකෙරුණු අතර කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමා විසින් රාජකීය විදුහලේ සිට සමස්ත ජන්ද ප්‍රතිඵලය සජීවීව මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ අවස්ථාව.
මෙම අවස්ථාවට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්.එස්.කේ.මාපා බණ්ඩාර මහතා සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා, ප්‍රතිඵල භාර සහකාර තේරීම්භාර නිළධාරි ඒ.සේනානායක මහතා , නාලක කලුවැව මහතා ප්‍රමුඛ අනෙකුත් ප්‍රතිඵල නිකුත් කිරිමේ සහකාර තේරීම්හාර නිළධාරින් සහභාගි විය.

පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ජන්ද මධ්‍යයස්ථාන වෙත ජන්ද පෙට්ටි බෙදාහැරීම (13) දින කොළඹ රාජකීය විදුහලේ සහ ඩී.එස්.විදුහලේ උදෑසන හතට ආරම්භ කෙරිණ. ඒ පිළිබඳව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමා විසින් රාජකීය විදුහලේ සිට මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාව

පාර්ලිමේන්තු මහමැතිවරණයේ ප්‍රථිපල සකස් කිරිමේ නිළධාරි පුහුණු වැඩමුළුව ඊයේ (11) දින දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මේ සඳහා සම්පත් දායකත්වය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වන එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර සහ හිටපු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සේනානායක යන මහත්වරුන් විසින් සිදුකල අතර මේ සඳහා මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවණ කාර්යාලයේ ඉහළ නිලධාරින් පිරිසක් ද පැමිණ සිටියහ.
මෙම වැඩමුළුව සඳහා ප්‍රධාන ගණන් කිරිමේ නිළධාරින් තුන්සියයකට ආසන්න පිරිසක් සහභාගි විය.







මැතිවරණ දින ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සහ මැතිවරණ කාලසීමාව තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ආරක්ෂක විිවිධාන සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පසුගිය 11 වන දින දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
කොළඹ දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා, කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිතුමා සහ මැතිවරණ විෂයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින් ඇතුළු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් වන එම්.එම්.එස්.කේ.මාපා.බණ්ඩාර සහ රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ , ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, ලලිත් ගමගේ යන මහත්වරුන් සහ ලේකම් කාර්යාලයේ අනෙකුත් ප්‍රධානින් සහභාගී වූහ.

























