பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
නව වසරේ රාජකාරි කටයුතු ආතතියෙන් තොරව සතුටින් කරගෙන යාමේ අරමුණින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින්ගේ “ආතති කළමනාකරණය සහ ආවේග කළමනාකරණය පිළිබඳව මනෝ උපදේශනාත්මක වැඩසටහනක්” දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදේශකත්වයෙන් අද (10) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දි පැවැත්විණ.
මනෝවිද්‍යාඥ ආචාර්ය කුමුදු ඒකනායක මහත්මිය විසින් සිදුකරන ලද මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්තුමියන් ඇතුළුව සියලු මාණ්ඩලික නිළධාරින් සහ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සැලසුම් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, සියලු ගණකාධිකාරිවරුන්, පරිපාලන ග්‍රාම නිළධාරින්, පරිපාලන නිළධාරින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලය සහභාගි විය.



නව වසරේ ප්‍රථම ප්‍රාදේශීය ලේකම් සමුළුව සහ පරිපාලන ග්‍රාම නිළධාරි හමුව දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේ දි පැවැත්විණ.
සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමුකළ දිස්ත්‍රික් ලේකම්තුමා වසම්වල සංගණන කටයුතු මේ මාසය ඇතුළත අවසන් කිරීමට ප්‍රමුඛතාවය ලබාදීය යුතු බවත් එම කාර්යය සඳහා කාර්යාලවල සියලු සේවකයන් යොදා ගන්නා ලෙසත් උපදෙස් ලබාදෙන ලදී.
එවගේම එක් එක් කාර්යාලවල කාර්යභාරයන් එකිනෙකට වෙනස් බැවින් එය හදුනා ගෙන කාර්යක්ෂමව සහ කඩිනම් සේවාවක් ලබාදීමට අවධානය යොමු කරන ලෙස නිළධාරින්ට උපදෙස් දුන් දිස්ත්‍රික් ලේකම්තුමා මේ මාස තුන ඇතුළුත සියළුම කාර්යාලයන්වල කාර්යයන් ඩිජිටල්කරණ පද්ධතියට අනුව සිදුකිරීමට පියවර ගන්නා ලෙස වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
ඒවගේම ග්‍රාම නිළධාරි කාර්යාලවල පහසුකම්, සේවක පුරප්පාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ අතර පසුගිය වසරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පැන නගින ලද ගැටළු, අස්වැසුම සුබසාධන ප්‍රතිලාභින් තෝරා ගැනීම සඳහා කමිටු පත් කිරිම, විමධ්‍යගත අයවැය වැඩසටහන, පළාත් සංවර්ධන වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යන වැඩසටහන්වල ප්‍රගතිය සහ එක් එක් අංශයන්හි කටයුතුවල ප්‍රගතිය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණ.
මේ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්තුමියන් ඇතුළුව සියලු මාණ්ඩලික නිළධාරින් සහ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සැලසුම් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, සියලු ගණකාධිකාරිවරුන්, පරිපාලන ග්‍රාම නිළධාරින්, පරිපාලන නිළධාරින් සහභාගි විය.





Clean Sri Lanka වැඩපිළිවෙළ පිළිබඳව කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.
Clean Sri Lanka සංකල්පය හඳුනා ගැනිමේ අරමුණින් පැවැති මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජානකී රණතුංග මහත්මිය සහ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සමන්ති විජේසිංහ මහත්මිය විසින් සිදු කරන ලදී.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන නව රජයේ ප්‍රතිපත්තියට ළගා වීමේ ක්‍රමෝපායක් වශයෙන් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක වේ. ප්‍රායෝගිකව රාජ්‍ය යාන්ත්‍රණය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
මේ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්තුමියන් ඇතුළුව සියලු මාණ්ඩලික නිළධාරින් සහ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සැලසුම් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, සියලුම ගණකාධිකාරිවරුන්, පරිපාලන ග්‍රාම නිළධාරින්, පරිපාලන නිළධාරින් සහභාගි විය.





කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන වල ගුණාත්මකභාවය හා නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීමේ අරමුණින්, කර්මාන්ත අමාත්‍යාංශයේ විදාතා අංශය මගින්, 2024 වර්ෂයේ ක්‍රියාත්මක කළ වැඩසටහන යටතේ ,තත්ව පරීක්ෂණ වාර්තා සහ තත්ත්ව සහතික ලබා දීම සඳහා ,කොළඹ දිස්ත්‍රික්කයේ විදාතා සම්පත් මධ්‍යස්ථාන හරහා ප්‍රතිලාභීන් පිරිසක් තෝරා ගන්නා ලදී.
ඒ අනුව GMP සහතික 03 ක් හා තත්ත්ව පරික්ෂණ වාර්තා 23 ක් සඳහා වැය වන මුදල රු.100000/= උපරිමයකට යටත්ව කර්මාන්තකරුවන් වෙත ප්‍රතිපූර්ණය කරන ලදී.
මේ සඳහා තෝරාගන්නා ලද ප්‍රතිලාභීන් පිරිසක් වෙනුවෙන් ,චෙක්පත් ප්‍රදානය අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධන මහත්මිය අතින් පසුගිය (03) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදි.
























