பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
කළමනාකරණ සේවා නිළධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2023 බඳවාගත්, 2025 වර්ෂයේ පත්වීම් ලද නිළධාරින් සඳහා සේවාරම්භක පුහුණු වැඩසටහන කළමනාකරණ සේවා නිළධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2023 සඳහා බඳවාගත්, 2025 වර්ෂයේ පත්වීම් ලද නිළධාරින් සඳහා සේවාරම්භක පුහුණු වැඩසටහන අද (02) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාල ශ්‍රවණාගාරයේදී ආරම්භ කෙරිණ.
මෙම පත්වීම් ලද නිළධාරින් අතුරින් කොළඹ දිස්ත්‍රික්කයට අයත් සියළුම ආයතනයන්හි සේවයේ නියුතු නවක නිළධාරින් 400ක් වේ. එක් අදියරයකට නිළධාරින් 200 බැගින් අදියර දෙකක් ඹස්සේ මෙම සේවාරම්භක පුහුණු වැඩසටහන පැවැත්වීමට නියමිතය. ඒ අනුව, මෙම පුහුණු වැඩසටහනේ පළමු අදියර වශයෙන් අද (02) සිට දින 05ක කාලයක් තුළ මෙම පුහුණු වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහළ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන අංශය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ, අතිරේක ලේකම් ( මානව සම්පත් සංවර්ධන අංශය) එස්. ජලදීපන් මහත්මිය, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එන්.යූ. නිශාන් මහතා, ආයතන අධ්‍යක්ෂ කේ.එම්.කේ.කේ. කුලතුංග මහත්මිය, සහකාර ලේකම් (මානව සම්පත් සංවර්ධන අංශය) තමරා රණතුංග මහත්මිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් (පාලන) එම්.ඒ.එස් කාාංචනා ගුණවර්ධන මහත්මිය, අතිරේක ලේකම්( ඉඩම්) කේ.එන්. කෞෂල්‍යා කුමාරි මහත්මිය, පරිපාලන නිළධාරි අසංකා කෝට්ටගේ මහත්මිය ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගි විය.








2025 වසරේ පළමුවන රාජ්‍ය නොවන සංවිධාන කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සමුළුව කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කුඩා ශ්‍රවණාගාරයේදී අද (07) දින පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් මත අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ මහත්මියගේ මගපෙන්වීම යටතේ පැවැති මෙම ප්‍රගති සමාලෝචන වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධාන 50ට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින් නිළධාරි මහත්ම මහත්මීන් පැමිණ සිටියහ.
කොළඹ දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය නොවන සංවිධාන 300 ට ආසන්න සංඛ්‍යාවක් රජයේ ලියාපදිංචි සංවිධාන වශයෙන් කටයුතු කරන අතර එම සංවිධාන වල 2025 වසර සඳහා වන ඉදිරි සැලසුම් සහ පසුගිය වසරේ ප්‍රගතිය පිළිබඳව සාකච්ජා කිරිමේ අරමුණින් පැවැත්විණි. රාජ්‍ය නොවන සංවිධාන සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් අතර මනා සම්බන්ධතාවයකින් ගොඩනගාගෙන රජයේ ප්‍රතිපත්ති වලට අනුගතව ව්‍යාපෘති සංවිධානය කළ යුතු බවට මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණ.
රාජ්‍ය නොවන සංවිධාන විසින් 2025 වසර සඳහා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කරන ව්‍යාපාති මේ වනවිට රජය විසින් ක්‍රියාත්මක Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කිරිමට විශේෂ අවධානයක් යොමුකරන ලෙස උපදෙස් දුන් දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, එම වැඩසටහන් හැකිතාක් විනිවිදභාවයකින් සහ පාරදෘශ්‍යභාවයකින් යුක්තව ක්‍රියාත්මක කිරිමේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූ අතර හඳුනාගත් නිශ්චිත අරමුණකට අනුව එම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
රජයට කළ නොහැකි මගහැරෙන කාර්යභාරය රාජ්‍ය නොවන සංවිධාන මගින් සිදුවිය යුතු බැවින් රාජ්‍ය නොවන සංවිධාන මගින් සමාජයේ කිසිම කණ්ඩායමක් අත්හැරෙන්නට නොදී සිටීමේ වගකීමට බැදී සිටින බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න මහතා සඳහන් කළේය. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කය තුළ දරුවන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා තවදුරටත් ගුණාත්මක වැඩවටහන් ක්‍රියාත්මක කරන්නැයිද හෙහෙම සඳහන් කළේය.





කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම එක්ව සංවිධානය කරන ලද "බුද්ධිමය දේපළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන " අද (07) දින පස්වරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය 1 වන මහල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
පේටන්ට් බලපත්‍ර, ප්‍රකාශන හිමිකම්, වෙළඳ ලකුණු සහ කාර්මික සැලසුම් ඇතුළු බුද්ධිමය දේපළවල විවිධ අංශ පිළිබඳව බස්නාහිර පළාත් ව්‍යවසායකයින් සහ බස්නාහිර පළාත් NEDA නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් පැවැති මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ජනාධිපති ලේකම් කාර්‍යාලයේ NIRDC ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත සෙනරත් යාපා මහතා විසින් ලබාදෙන ලදී.
ඒ අනුව බුද්ධිමය දේපළ හැඳින්වීම යන තේමාව යටතේ පේටන්ට් බලපත්‍ර, ප්‍රකාශන හිමිකම්, වෙළඳ ලකුණු සහ කාර්මික සැලසුම් අවබෝධ කර ගැනීම පිළිබඳව පිරිස දැනුවත් කළ අතර ව්‍යවසායකයින් සඳහා IP හි වැදගත්කම යටතේ IP ආරක්ෂාව ව්‍යාපාර වර්ධනය සහ තරඟකාරිත්වය වැඩි දියුණු කරන ආකාරය පිළිබඳව කරුණු සාකච්ඡා කළේය
ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පිළිබඳ නීතිමය අංශ පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඒ යටතේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලීන් සහ බලාත්මක කිරීම පිළිබඳ දළ විශ්ලේෂණක් සිදුකළේය. ඒ වගේම IP දැනුවත් කිරීම සහ සහාය සඳහා NEDA හි කාර්යභාරය පිළිබඳව ද සාකච්ඡා කළ අතර NEDA නිලධාරීන්ට ඔවුන්ගේ නවෝත්පාදන ආරක්ෂා කර ගැනීම සඳහා ව්‍යවසායකයින්ට සහාය විය හැකි ආකාරය යන පිළිබඳව වැඩිදුරටත් කරුණු සාකච්ඡා කෙරිණ.
ඉන් අනතුරුව අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්නෝත්තර සහ ජාලකරණ සැසිය යටතේ කර්මාන්ත විශේෂඥයින් සහ සම්පත් කාර්ය මණ්ඩලය සමඟ විවෘත සාකච්ඡාවක්ද පවත්වන ලදී.
අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.ඒ.එස්.කාංචනා ගුණවර්ධන මහත්මියගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්.මොහොමඩ් නමාමි මහතා,ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය විරංජ කරුණාරත්න මහතා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානින්, බස්නාහිර පළාත් ව්‍යවසායකයින් හා බස්නාහිර පළාත් NEDA නිලධාරීන් සහභාගි විය.






පෙබරවාරි මාසයට අදාළව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (13) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහළ ශ්‍රවණාගාරයේදී අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් සහ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්ව් සාලි මහතා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේතු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය, එරංග ගුණසේකර මහතා, අසිත නිරෝෂන එගොඩවිතාන මහතා, චන්දන සූරිය ආරච්චි මහතා, සමන්මලී ගුණසිංහ මහත්මිය, ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය, නජිත් ඉන්දික මහතා, බස්නාහිර පළාත් සභා ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ. විජයසිංහ මහත්මිය, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එස්.එම්.එන්. සුබසිංහ මහත්මිය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩල ප්‍රධානින්, සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන් හා කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
මෙහිදී, 2024 වර්ෂයට අදාළ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සහ 2025 සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කරන ලදී. ඒ අනුව 2025 වර්ෂයේ විමධ්‍යගත අයවැය වැඩසටහන සඳහා රුපියල් මිලියන 207 ක මුදලක්ද බස්නාහිර පළාත් සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් ද වෙන්කර තිබේ. මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදී 2025.01.01 සිට නව රීති හඳුන්වා දී තිබෙන අතර ව්‍යාපෘති සම්බන්ධයෙන් සියළුම සම්බන්ධීකරණ වගකීම දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා සිදුකිරීටමත් ව්‍යාපෘති ප්‍රගතිය මාස 03ට වරක් ලබා ගැනීමටත් තීරණය විය.
දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගයේ වර්තමාන තත්ත්වය පිළිබඳව කොළඹ නගර සභාව සහ කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අංශ විසින් තොරතුරු ඉදිරිපත් කළ අතර බොරැල්ල, කුරුදුවත්ත, හැව්ලෙක්සිටි යන ප්‍රදේශවල ඩෙංගු රෝගය බහුලව ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බවට එහිදී තොරතුරු ඉදිරිපත් විය. මෙම ප්‍රදේශවල රාජ්‍ය ආයතනවල අපහරණ ද්‍රව්‍ය(අබලි ද්‍රව්‍ය) විශාල වශයෙන් එකතුවී තිබීම සහ විවිධ ඉදිකිරිම් ආශ්‍රිතව මෙම තත්ත්වය දක්නට ලැබෙන බව හඳුනාගෙන තිබෙන බව කමිටුවට දැනුම් දුන්නේය. ඒ අනුව, එම තත්වයන් පාලනය කර ගැනීමට පරිපාලනමය වශයෙන් යම් විසදුමක් ලබාගැනීම සඳහා කඩිනමින් අවධානය යොමු කරන්නැයි දිස්ත්‍රික් ලේකම්තුමා වෙත අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදුන්නාය.
මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කය තුළ2024 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද කෘෂිකර්ම ව්‍යාපෘති සහ එහි ප්‍රගතිය පිළිබඳව සාකච්ජා කිරීම, පළාත් පාලන ආයතන අයවැය අනුව 2025 වර්ෂයට අදාළ සැලසුම් ඉදිරිපත් කිරිම සහ පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ලැබී ඇති ලිපි සහ ඊට අදාළ තීරණ දැනුම් දෙන ලදී.
Clean Sri Lanka ජාතික වැඩසටහන පසුගිය 09 වන දින නිළ වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරිමට හැකියාව ලැබුනු බව පැවසූ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඒ සඳා සහයෝගය ලබාදුන් සියළුම ආයතනයන් වෙත ස්තූතිය පළ කරන ලදී. එම වැඩසටහන ඉදිරියටත් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය මැදිහත්වීම අඛණ්ඩව සිදුකරගෙන යන ලෙස වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

























