மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

Jury

 

 2026.02.05 වන දින පෙ.ව. 06.00 සිට 2026.02.11 දින පෙ.ව.06.00 දක්වා පැය 24 පුරා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී
........................................................................................................................................

උතුම් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් අද (04) පස්වරුවේ දී මෙරටට වැඩම කරවන ලදී. මෙරටට වැඩම වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ කටුනායක ගුවන්තොටුපොළ තුළදී පාවඩ එළා, රතු පලස මතින් නිල වශයෙන් උතුම් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීමෙන් අනතුරුව රථ පෙරහරක් මඟින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට වැඩම කරවනු ලැබීය.
ඉන් අනතුරුව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මහජන වන්දනාමානය සඳහා විවෘත කිරිම සිදුකෙරිණ. එසේම ධාතූන් වහන්සේ ලංකාවේ වැඩ සිටින කාල සීමාව තුළදී වගකීම දැරීම සම්බන්ධව සහ නැවතත් එරටට භාරදීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණ.
අතිපූජ්‍ය මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ සිදූකෙරුණු මෙම පුණ්‍යකටයුත්ත සඳහා ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාරතුමා සහ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යතුමා ඇතුළු ඉන්දීය රජයේ විශේෂ ධූත කණ්ඩායම සමගින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ජනාධිපති ලේකම්තුමා, අග්‍රාමාත්‍ය ලේකම්තුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා, පොලිස්පතිතුමා, ත්‍රිවිධ හමුදා ප්‍රධානින්, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි සුවාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානින්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින්, ගංගාරාම විහාරස්ථානයේ දායක සභාව ඇතුළු පිරිසක් සහභාගි විය.
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ අනුග්‍රහයෙන් දෙරට සංස්කෘතික හා අධ්‍යාත්මික සබඳතාව වර්ධනය කරමින් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද උතුම් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැකබලා වන්දනාමාන කිරීමේ දුර්ලභ අවස්ථාව පෙබරවාරි 05 වන දින උදෑසන 06.00 සිට 11 දින උදෑසන උදෑසන 06.00 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේදී පැය 24 පුරාම මහජන වන්දනාවට අවස්ථාව සලස්වා ඇත.

Jury  Jury

Jury  Jury

Jury  Jury

Jury  Jury

Jury

 

 දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව

Jury

 2026.02.05 වන දින පෙ.ව. 06.00 සිට 2026.02.11 දින පෙ.ව.06.00 දක්වා
පැය 24 පුරා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී
........................................................................................................................................

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ අනුග්‍රහයෙන් දෙරට සංස්කෘතික හා අධ්‍යාත්මික සබඳතාව වර්ධනය කරමින් ශ්‍රී ලංකාවට වැඩම කරවන උතුම් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැකබලා වන්දනාමාන කිරීමේ දුර්ලභ අවස්ථාව පෙබරවාරි 05 වන දින උදෑසන 06.00 සිට 11 දින උදෑසන උදෑසන 06.00 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේදී පැය 24 පුරාම මහජන වන්දනාවට අවස්ථාව සලස්වා ඇත.

බෞද්ධ විහාරස්ථාන වලින් පිරි ප්‍රදේශයක් ලෙස ඉන්දියාවේ දෙව්නි මෝරී ඓතිහාසික සිද්ධස්ථාන සංකීර්ණය හැඳින්විය හැකිය. පස්වැනි සියවසේදී ඉතා සමෘද්ධිමත් පන්සල් සංකීර්ණයක් සහිතව මේ ප්‍රදේශය තිබී ඇත. එහි සිදු කරන ලද කැණීම්වලදී මුද්‍රා තබන ලද මංජුසාවක් හමු වී ඇති අතර, එය විවෘත කිරීමේදී ඇතුළත තිබී තවත් තඹ කුඩා මංජුසාවක් හමු විය. ඒ මංජුසාව තුළ තිබූ රනින් කරන ලද මංජුසාවේ සිල්ක් රෙදි කඩකින් එතූ යමක් හමුව තිබේ. එම ස්ථානයෙන් හමු වූ සෙල්ලිපිය මඟින් මෙම ධාතූන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේම ධාතූන් වහන්සේ බවට සාක්ෂි දරයි. මෙම සර්වඥ ධාතූන් වහන්සේ ඉන්දියාවේ සිට පළමු වරට විදේශ රටකට වැඩම කිරීම සිදු වන්නේ මේ අවස්ථාවේදීය.

ඒ අනුව, පෙබරවාරි මස 04 වැනිදා ප.ව. 01.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළ තුළ පාවඩ එළා, රතු පලස මතින් නිල වශයෙන් සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීමේ කටයුතු සිදු කෙරේ. පසුව රථ පෙරහරක් මඟින් ගංගාරාම විහාරස්ථානයට වැඩම කරවීමෙන් අනතුරුව නැවතත් එදිනම (4) පස්වරුවේ ධාතූන් වහන්සේලා උදෙසා විශේෂ පූජාවක් සිදු කිරීමට කටයුතු යොදා තිබේ. එසේම ධාතූන් වහන්සේ ලංකාවේ වැඩ සිටින කාල සීමාව තුළදී වගකීම දැරීම සම්බන්ධව සහ නැවතත් එරටට භාරදීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කෙරේ. පසුදින (5) පෙරවරුවේ සිට ධාතූන් වහන්සේලා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරිමට පැමිණෙන බැතිමතුන් විහාරස්ථානය ඉදිරිපිට තිබෙන භූමියේ පෙළගැසිය යුතුය. මෙම භූමියට මුත්තයියා මාවත ඔස්සේ ඇතුළු වීමට හැකිය. මුත්තයියා මාවත ඔස්සේ විහාරස්ථානය ඉදිරිපිට මළුවට අවතීර්ණ වීමෙන් පසුව මළුවෙන් පෙළට විහාරස්ථානය වෙත ඇතුළු විය යුතුය. එසේම මුත්තයියා මාවත, බ්‍රේබෘක් පෙදෙස, පාර්ක් වීදිය, ලේක් රෙසන් පාර, හුනුපිටිය මාවත, ජිනරතන මාවත, හුනුපිටිය හරස් මාවත, පෙරහැර මාවත, අල්විස් පෙදෙස, උත්තරානන්ද මාවත, නවම් මාවත, ජේම්ස් පීරිස් මාවත, හුනුපිටිය වැව පාර, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවත, බාලදක්ෂ මාවත,එම්.ඕ.ඩී. උද්‍යානය ආදී මාවත් ඔස්සේද විහාරස්ථානයට පැමිණිය හැකිය. කොළඹ කොටුව වෙත පැමිණෙන පිරිස් සඳහා කොටුව සහ වරාය නගරය අසල විශේෂ බස් රථ සේවාවක්ද යෙදවීමට කටයුතු යොදා තිබේ. දවසේ පැය 24 පුරාම ප්‍රදර්ශනය විවෘතව තැබෙන අතර, විදේශීය සංචාරකයන්, ගැබිණි මව්වරුන් සහ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ ප්‍රමුඛතා පෝලිම් ක්‍රමයක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුමිරිය ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අවිස්සාවේල්ල, ගාල්ල සහ රඹුක්කන සිට කොම්පඤ්ඤවීදිය දක්වා දිනපතා උදෑසන සහ අළුයම දුම්රිය ධාවනය කිරිමට කටයුතු කරනු ලබයි. අවිස්සාවේල්ල සිට කොම්පඤ්ඤවීදිය දක්වා (කැළණිවැලි දුම්රිය මාර්ගය) සහ අලුත්ගම සිට කොම්පඤ්ඤවීදිය දක්වා (මුහුදුබඩ දුම්රිය මාර්ගය) දුම්රිය පෙ.ව. 07.15ට පිටත්වන අතර කොම්පඤ්ඤවීදියෙන් අළුයම 2.00ට නැවත ගාල්ල සහ අවිස්සාවේල්ල දක්වා ගමන් කරයි. රඹුක්කන සිට කොම්පඤ්ඤවීදිය දක්වා ප්‍රධාන දුම්රිය පෙ.ව. 06.30ට පිටත් වී අලුයම 01.00ට කොම්පඤ්ඤවීදියෙන් නැවත රඹුක්කන බලා ධාවනය කරනු ලබයි. ඊට අමතරව ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ සේවා එක්ව විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් දියත් කරනු ඇත.

සියළුම සනීපාරක්ෂක පහසුකම් සහ දන්සැල් සහ සංග්‍රහ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට රජය විසින් සැලසුම් සකස් කර තිබේ. දන්සැල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන සැදැහැවතුන් ඒ සඳහා කඩල, නුඩ්ල්ස්, බනිස්, බිස්කට් සහ කිරි පැකට් වැනි ද්‍රව්‍ය පමණක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ ළගම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට ලබාදීමට කටයුතු කරන ලෙස සංවිධායක මණ්ඩලය පරිත්‍යාගශීලි දායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන පිරිස් ඒ සඳහා සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම වැදගත් වේ. ඒ වගේම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන් සියළු දෙනා අනවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන ඒමෙන්ද වැළකී අත්‍යාවශ්‍ය සැහැල්ලු බඩුභාහිරාදිය පමණක් රැගෙන ආ යුතු අතර කසළ විධිමත්ව බැහැර කිරිමට කටයුතු කළ යුතුය.

මාර්ග ආරක්‍ෂාව සහ රථවාහන පාලනය යන කරුණු පිළිබඳව රථ වාහන පොලීසිය මැදිහත්ව විශේෂ වැඩපිළිවෙළක්ද මේ වෙනුවෙන් සකස් කර ඇත. පෞද්ගලික වාහනවල පැමිණෙන බැතිමතුන්ට තම වාහන ගාල් කිරීම සඳහාද ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රය අවට විශේෂ ස්ථාන වෙන් කර ඇත. සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන කාලය අතරතුර එම කටයුත්තට බාධා වන ආකාරයෙන් විහාරස්ථාන පරිශ්‍රය තුළ ජංගම දුරකතන ආදිය භාවිත නොකළ යුතුය.

රටට සහ ජනතාවට ආශීර්වාදයක් එක් කිරීමේ පරමාර්ථයෙන් “දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය” ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යාංශය, හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ගංගාරාම දායක සභාව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් රාජ්‍ය ආයතන ආදි පාර්ශව කිහිපයක් එකතු වී රාජ්‍ය අනුග්‍රහය ඇතිව මේ කටයුත්ත සංවිධාන කරනු ලබයි.

දෙව්නි මෝරි උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් 2026.02.05 දින සිට 11වන දින දක්වා පහත සඳහන් පරිදි විශේෂ දුම්රිය සේවාවක් සහ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කරනු ලබයි.

Jury     Jury

කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ නවීකරණය කරන ලද නව පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දින විවෘත කරන ලදී.

දිස්ත්‍රික් සම්පත් පැතිකඩ ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඊට අනුබද්ධ අනෙකුත් ආයතන විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන්, ව්‍යාපෘති ආදියෙහි ප්‍රගතිය සහ තොරතුරු ඊ සේවාව මගින් ලබා ගැනීමේ තොරතුරු මධ්‍යස්ථානයක් ලෙසද මෙය නම්කෙරිණ.

කාර්යාලීය සාමාජිකයන් අතර කියවීම ප්‍රවර්ධනය කිරීම,දැනුම බෙදා හදා ගැනීම සහ වෘත්තීමය කාර්ය සාධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම පුස්තකාලය තුළ පොත් 4000ට ආසන්න සංඛ්‍යාවක් තිබෙන අතර ඊට අමතරව දෛනික පුවත්පත් සහ සඟරා ද මෙහි ඇතුළත්ය.

වැඩිදියුණු කරන ලද නව පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව වන මහළේ ස්ථාපිත කර ඇත.

Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම (සැප්තැම්බර් මාසය) සහ මාර්ග පද්ධති විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීම, අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තිය පුහුණු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් නිරෝෂන් රත්නායක මහතාගේ සහභාගිත්වයෙන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා සහ දිස්ත්‍රික් මාර්ග පද්ධති විශේෂ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාගේ සභාපතීත්වයෙන් සැප්තැම්බර් මස 16 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා විසින් පිළිගැනීම සහ අරමුණු පැහැදිලි කිරිමෙන් අනතුරුව 2025 සංවර්ධන වැඩසටහන් යටතේ විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ යෝජිත ව්‍යාපෘති, හඳුනාගත් ක්‍රීඩා පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරිම, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන, බස්නාහිර පළාත් දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) විසින් ප්‍රගතිය ඉදිරිපත් කළ අතර බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම පිළිබඳව ප්‍රගතිය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) විසින් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව, විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ රුපියල් මිලියන 207ක මුදලක් ව්‍යාපෘති 109ක් සඳහා අනුමත කර තිබෙන අතර මේ වනවිට එම මුදල් සියල්ලම ව්‍යාපෘති සඳහා ලබාදී අවසන්ය. ප්‍රාදේශිය ලේකම් කාර්යාල 13 ම ආවරණය වන පරිදි ව්‍යාපෘති 37ක මේ වනවිට වැඩ අවසන් කර තිබෙන අතර ව්‍යාපෘති 35ක වැඩ ආරම්භ කර තිබෙි. ඊට අමතරව ඇස්තමේන්තු සකස් කිරීමේ අදියරේ ව්‍යාපෘති 07ක්ද ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ව්‍යාපෘති 08 ක්ද ගිවිසුම් අත්සන් කළ අදියරේ ව්‍යාපෘති 23ක්ද වෙි.

ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන සඳහා ව්‍යාපෘති 16 ක් ක්‍රියාත්මක වන අතර ඒම ව්‍යාපෘති මේ මාස 30 වන විට අවසන් කිරිමට නියමිතය. මේ සඳහා වියදම් වන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 67.69කි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් කොළඹ දිස්ත්‍රික්කය තුළ යෝජිත ව්‍යාපෘති යටතේ වතු ප්‍රදේශවල ආපදා නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා අයර්වත්ත ලබුගම වත්ත කොටසේ වතු නිවාස සඳහා ආපදා වැලැක්වීමේ ව්‍යාපෘතිය පිළිබඳව මේ වනවිට පැනනැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ. බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම යටතේ රුපියල් මිලියන 500කට අදාළව ව්‍යාපෘති 288ක් ක්‍රියාත්මක කරනු ලබන අතර ඊට අදාළ සියලුම සංශෝධන මේ වනවිට සිදුකර අවසන් බවත් දැනුම් දෙන ලදී.

ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදීම ද මෙහිදි සිදුවිය. ඒ අනුව, පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන යටතේ දිස්ත්‍රික්කය තුළ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව වැඩසටහනක් ලෙස මෙම සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අද දින ඒ පිළිබඳව මූලික දැනුවත් කිරීම සිදුකෙරිණ. තෝරා ගත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි නිෂ්පාදන හා සේවා ධාරිතාව පුළුල් කිරීම, නිෂ්පාදන හා සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, රැකියා උත්පාදන අවස්ථා ඇති කිරිම, ව්‍යවසාය පුළුල් කිරීම තුළින් රාජ්‍ය බදු ආදායම වැඩි කිරීම සදහා දායකත්වය දැක්වීම යන අමුණින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කමිටුව ඉදිරිපත් කරන ලද ලිපි යටතේ, පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍යයින් සඳහා මාසික වාර ප්‍රවේශපත්‍ර ලබා ගැනීම විද්‍යායතන පිරිවෙන්වල හා බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ගිහි ගැහැණු සිසුන්ට මාසික වාර ප්‍රවේශපත්‍ර ලබා දීම සම්බන්ධ ගැටළුව, අතුරුගිරිය ජයන්ති පාරේ පිහිටි හෝම් ලෑන්ඩ් ආයතනයට අයත් නිවාස ව්‍යාපෘතියේ ගැටළු නිසි විමර්ශණයක් සිදු නොකර කොන්දේසි වලින් තොරව නිවාස ව්‍යාපෘතියේ සැලසුම් අනුමත කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

ඉන් අනතුරුව දිස්ත්‍රික් මාර්ග සම්බන්ධීකරණ කමිටු රැස්වීම ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

කොළඹ දිස්ත්‍රික් මාර්ග පද්ධති විශේෂ සම්බන්ධීකරණ කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 දින ආරම්භ කළ අතර අද දින ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට අදාළව මාර්ග පහසුකම්, දුම්රිය සේවා, බස්රථ පහසුකම් වැඩිදියුණු කිරිම සහ ඒ ආශ්‍රිතව පැන නැගී තිබෙන ගැටළු පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව, දුම්රිය සේවා හා මහාමාර්ග අලුත් වැඩියා කිරීම, බස් රථ සේවා පහසුකම් වැඩිදියුණුව අරමුණු කරගෙන පසුගිය වසර දෙක (02) තුළ බස් රථ ධාවනය සිදු නොකළ මාර්ග සම්බන්ධ, ලාභ නොලැබීම හේතුවෙන් බස් රජ ධාවනය සිදු නොකෙරෙන ගම්වලට යන බස් මාර්ග සම්බන්ධව අන්තර් පළාත් ක්‍රියාත්මක විය යුතු නව බස් මාර්ග තිබේද, ගමනාගමන අපහසුතා පවතින සංවර්ධනය විය යුතු මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග, අත්‍යාවශයෙන්ම සංවර්ධනය විය යුතු පාළම් පිළිබඳ තොරුතුරු සනාථ කිරීම ද සමඟ (With justification), මාර්ග සංඥා (traffic light) අත්‍යවශ්‍ය ස්ථාන තොරතුරු, දුම්රිය කාලසටහනට අලුතින් එකතු විය යුතු දුම්රිය වාර තිබේද යන්න සනාථ කිරීම ද සමඟ, අනාරක්ෂිත (Rail gate) දුම්රිය ගේට්ටු සම්බන්ධ තොරතුරු, දුම්රිය ස්ථානයට අදාළව සංවර්ධනය විය යුතු වෙනත් යෝජිත සේවා අවශ්‍යතා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළ සේවාවල නව සේවා අවශ්‍යතා හඳුනා ගෙන, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට අදාළව හඳුනාගෙන ඇති නව සේවා අවශ්‍ය වරාය, ගුවන්තොටුපළ සම්බන්ධ සේවාවලට අදාළව පවතින ගැටළු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණ. හයිලෙවල් දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල දක්වාවු මාර්ගය පුළුල් කරමින් තවදුරටත් වැඩිදියුණු කිරීමට තීරණය කිරීම, කොළඹ වරාය හරහා ඉදිවන අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු ඉදිරි මාස 06 ඇතුළත අවසන් කිරීමට නියමිත බව, කරදියාන කසළ අරුඅක්කාළු ප්‍රදේශයට ගෙනයාම සම්බන්ධ ව්‍යාපෘතියේ සැලසුම වාර්තාව කඩිනමින් සකස් කිරීම සහ කොළඹ කොටුව, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කොම්පඤ්ඤ වීදිය,මහලේකම් කාර්‍යාලය යන දුම්රිය ස්ථාන 07 හි නවීකරණ කටයුතු ආරම්භ කිරීම යන කාරණා පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර එක් එක් දුම්රිය ස්ථානයන්හි ගැටළු පිළිබඳව නිසියාකාරව සොයාබලා ඒ පිළිබඳව නිසි සැලැස්මක් සකස් කර ඉදිරියේදී මෙම කමිටුවට ඉදිරිපත් කරන ලෙස එහිදී අමාත්‍යතුමා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

දුම්රිය සේවාව වැඩිදියුණු කිරීම යටතේ ආබාධිත පුද්ගලයින් හා වයස්ගත පුද්ගලයන් දුම්රිය ස්ථානයන්ට හා දුම්රියට පහසු ප්‍රවේශයක් සැලසීම පිළිබඳ සදහා පහසු වන පරිදි සෑම දුම්රිය ස්ථානයක්ම ප්‍රවේශ මාර්ග බෑවුමක් (RAMP) සහිතව නවීකරණය කිරීම, සියළුම උප දුම්රිය ස්ථානවල වේදිකාව උසින් අඩුවීම සහ දිගින් අඩුවීම විශාල ගැටළුවක්ව පවතී, වැසිකිළි නවීකරණය කිරීම, වේදිකා නවීකරණය කිරීම, වේදිකා වහල අළුත්වැඩියා කිරීම, අබලන්ව ඇති රේල් බස් අළුත්වැඩියා කිරීම සහ දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුවිය. කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග පද්ධති සංවර්ධන සඳහා අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 150 ක මුදලක් ලබාදීමට තීරණය කල බවත් ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘති දෙසැම්බර් 31වනවිට අවසන් කරන ලෙසත් අමාත්‍යතුමා කමිටුවට දැනුම් දුන්නේය. දිස්ත්‍රික් මාර්ග පද්ධති සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව මේ වනවිට පැනනැගී තිබෙන ගැටළු සම්බන්ධයෙන් ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර එය කමිටුව ට ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් ලබාදුන්නේය.

කොළඹ දිස්ත්‍රික්කය තුළ පුරප්පාඩුවක් ව පවතින කොන්දොස්තර සහ බස් රථ රියැදුරන් ඔක්තෝබර් මාසය වනවිට 750 ක් බඳවා ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් උඩහමුල්ල සහ තලංගම ඩිපෝව නවීකරණය කිරීමට ත් නියමිත බවත් අමාත්‍යතුමා මෙහිදී සඳහන් කළේය. ඒ වගේම බස් රථ අලුත් වැඩියා කිරිමට නියමිත බස් රථ පිළිබඳව නිශ්චිත තොරතුරු කමිටුවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිට උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා, පාසල් බස් සේවාවන් වැඩිදියුණු කිරීම, ආබාධ ප්‍රජාව වෙනුවෙන් නව බස් සේවාවන් හදුන්වා දීම, නව මෙට්ට්‍රෝ බස් රථ සේවාවක් හදුන්වා දීම ඇතුළුව දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව අවධාරණය කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය නිසි කළමනාකරණයක් සහිතව පවත්වාගෙන යාම සඳහා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඍජු අධීක්ෂණයක් අවශ්‍ය බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුණ පනාගොඩ මහතා, චන්දන සූරියආරියච්චි මහතා, අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා, නජිත් ඉන්දික මහතා සහ කොළඹ දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා උපසභාපතිවරුන්, බස්නාහිර පළාත් සභා ප්‍රධාන ලේකම් කේ.ජී.පී.පුෂ්පකුමාර මහතා, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා,ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමියන් දෙදෙනා ඇතුළු නිලධාරින්, සංවර්ධන අධිකාරියේ ප්‍රධානින්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, ක්‍රම දස්පාදන අධ්‍යක්ෂ සුජිත් බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ නාලනි සුබසිංහ මහත්මිය, සහකාර අධ්‍යක්ෂ ගයාත්‍රී බෝපිටිය මහත්මිය ඇතුළු කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින්, සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන් හා දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන රාජ්‍ය ආයතන ප්‍රධානින් මෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සාමාජිකයන් සම්බන්ධ වූහ.

Left Image Right Image
Left Image Right Image
Left Image Right Image
Left Image Right Image
Left Image Right Image
Left Image Right Image

உட்பிரிவுகள்