නව වසරේ ප්‍රථම ප්‍රාදේශීය ලේකම් සමුළුව සහ පරිපාලන ග්‍රාම නිළධාරි හමුව දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේ දි පැවැත්විණ.
සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමුකළ දිස්ත්‍රික් ලේකම්තුමා වසම්වල සංගණන කටයුතු මේ මාසය ඇතුළත අවසන් කිරීමට ප්‍රමුඛතාවය ලබාදීය යුතු බවත් එම කාර්යය සඳහා කාර්යාලවල සියලු සේවකයන් යොදා ගන්නා ලෙසත් උපදෙස් ලබාදෙන ලදී.
එවගේම එක් එක් කාර්යාලවල කාර්යභාරයන් එකිනෙකට වෙනස් බැවින් එය හදුනා ගෙන කාර්යක්ෂමව සහ කඩිනම් සේවාවක් ලබාදීමට අවධානය යොමු කරන ලෙස නිළධාරින්ට උපදෙස් දුන් දිස්ත්‍රික් ලේකම්තුමා මේ මාස තුන ඇතුළුත සියළුම කාර්යාලයන්වල කාර්යයන් ඩිජිටල්කරණ පද්ධතියට අනුව සිදුකිරීමට පියවර ගන්නා ලෙස වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
ඒවගේම ග්‍රාම නිළධාරි කාර්යාලවල පහසුකම්, සේවක පුරප්පාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ අතර පසුගිය වසරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පැන නගින ලද ගැටළු, අස්වැසුම සුබසාධන ප්‍රතිලාභින් තෝරා ගැනීම සඳහා කමිටු පත් කිරිම, විමධ්‍යගත අයවැය වැඩසටහන, පළාත් සංවර්ධන වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යන වැඩසටහන්වල ප්‍රගතිය සහ එක් එක් අංශයන්හි කටයුතුවල ප්‍රගතිය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණ.
මේ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්තුමියන් ඇතුළුව සියලු මාණ්ඩලික නිළධාරින් සහ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සැලසුම් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, සියලු ගණකාධිකාරිවරුන්, පරිපාලන ග්‍රාම නිළධාරින්, පරිපාලන නිළධාරින් සහභාගි විය.


























