மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

2023 වර්ෂය සිව්වන කාර්තුව සදහා වන විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා රවණාගාරයේදී ඊයේ (22) පැවැත්විණි.
 
ඒ දිස්ත්රික් ලේකම් කාර්යාලය ප්රධාන ගණකාධිකාරී ජී. ජයවීර, කළ. විග. දෙපාර්තමේන්තුව අතිරේක අධ්යක්ෂ ජනරාල් චම්පිකා පතිරණ, ස්වදේශ කටයුතු අංශය ප්රධාන අභ්යන්තර විගණක එස්.ඒ.එන්.ආර් සුබසිංහ, ජාතික විග. උප කාර්යාලය ජ්යෙෂ්ඨ සහකාර විගණකාධිපති ආර්.පී හෙට්ටිආරච්චි, ජාතික විගණන කාර්යාලය විගණන අධිකාරී ඩබ්.ඒ.පී.එස් ෆොන්සේකා, දිස්ත්රික් ලේකම් කාර්යාලය ප්රධාන අභ්යන්තර විගණක පී.කේ.ඩි.එම් ගුණසේන යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙනි.
 
කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය නියෝජනය කරන නිලධාරීන්, කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් වරුන් ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
- කොළඹ දිස්ත්‍රික් මාධ්ය ඒකකය -
 
aDT3 aDT2 aDT4
 
aDT1 aDT5 aDT6
කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රවනාබාධ සහිත  වැඩිහිටියන් 98  දෙනෙකු සදහා ශ්‍රවණ උපකරණ ලබාදීම 2023.11.24 දින ජාතික  වැඩිහිටි මහ ලේකම් කාර්යාල පරිශ්‍රයේ දි සිදු කරන ලදී.
 
ඒ සදහා දිස්ත්‍රික් වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සහ මොරටූව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ඉයර් මාස්ටර් ස් රයිගම  ආයතනයේ නිලධාරීන් සහභාගී විය.
 
eLD1  eLD2  eLD7
 
eLD8  eLD9
 
 

කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම...

කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී ඊයේ (16) දින පැවැත්විණි.

2023 යල කන්නය වී වගාවේ ප්‍රගතිය, 2023/24 මහ කන්නය වී වගාව, වගා ඉඩම් ප්‍රමාණය, මහ කන්නයේ පොහොර අවශ්‍යතාවය, රසායනික පොහොර බෙදාදීමේ ප්‍රගතිය, දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදනය හා ඒවායේ ගුණාත්මක භාවය යන කරුණු පිළිබඳ දිසාපතිතුමන්ගේ අවදානය මෙහිදී යොමුවිය.

ඊට අමතරව ආරක්‍ෂිත පොලිතින් ගෘහ (polytunnel) තුල සිදුකෙරෙන වගා ව්‍යපෘති, සොජන් වගාව හා ඒ ආශ්‍රිත ගැටළු, දිස්ත්‍රික්කයේ පලතුරු වගාවන්, 2023 මධ්‍යම රජය මඟින් ක්‍රියාත්මක කෘෂි කාර්මික වැඩසටහන්, කුඩා පරිමාණ හා ගෙවතු වගා ප්‍රවර්ධන වැඩ සටහන, ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්, පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ 2023 වර්ෂයේදී අස්වැද්දීමට සැලසුම්කර ඇති පුරන් කුඹුරු ව්‍යාපෘතියේ තොරතුරු, කොළඹ දිස්ත්‍රික්කයේ බිම්මල් වගා ප්‍රවර්ධන වැඩසටහන, කොළඹ දිස්ත්‍රික්කයේ සත්ව නිෂ්පාදන ප්‍රගතිය, අපනයනය කේන්ද්‍ර කර ගත් දේශීය අල බෝග වගාව හා අගය එකතු කල දේශීය අල ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහන ආදී දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වන වැඩසටහන් හා ඒවායේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කළේය.

අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය, දිස්ත්‍රික් පොහොර අංශය, නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව, පශු සම්පත් දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් වගා කිරීමේ මණ්ඩලය, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, කෘෂි රක්ෂණ මණ්ඩලය නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවිය.

- කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -

 

AgriN1   AgriN2  AgriN3   AgriN4

 

AgriN5  AgriN6   AgriN7   AgriN8

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සමගාමීව අනු කමිටු රැස්වීම් කිහිපයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී...
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සමගාමීව පැවැත්වූ විශේෂ අනු කමිටු රැස්වීම් කිහිපයක් දිස්ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු සම සභාපති, කොළඹ දිස්ත්‍රික්‌ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ප්‍රදීප්‌ උඳුගොඩ මහතා සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී 11/08 දින පැවැත්විණි.
- කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -
 
Dcc1  Dcc2  Dcc3  Dcc4
 
Dcc5  Dcc7  Dcc8  Dcc10

உட்பிரிவுகள்