பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී 07/11 දින පවත්වන ලදී. ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ප්‍රදීප් උඳුගොඩ මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.


වී වගාවට නුසුදුසු B ශ්‍රේණියේ පුරන් කුඹුරු වෙනත් වගුරු බිම් ඵලදායී ලෙස කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට ව්‍යවසායකයන් දිරි ගැන්වීම, ප්‍රජාව කෘෂිකර්මාන්තය කෙරෙහි නැඹුරු කිරීම තුලින් ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ඵලදායි ලෙස ආර්ථික සංවර්ධනයට යොදා ගැනීම හා වස විසෙන් තොර සෞඛ්‍යාරක්ෂිත එළවළු, පලතුරු හා සත්ත්ව ආහාර පරිභෝජනයට පුද්ගලයින්ට අවස්ථාව සළසා දීම යන අරමුණු ඇතිව කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය විසින් ක්‍රියාත්මක කල සෝජාන් ක්‍රමයට එළවළු සහ පලතුරු වගා කිරීමේ ව්‍යාපෘති හතරක් නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා ඊයේ (12) සහභාගී විය.
එහිදී කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා මෙසේ පැවසිය;
"තරුණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩ පිළිවෙල යටතේ මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ කෘෂි තාක්ෂණය එම ගොවීන්ට ලබා දුන්නා.
කිසිවක් වගා කළ නොහැකිව තිබූ වගුරු බිම් සෝජාන් ක්‍රමය යටතේ රටටම අවශ්‍යඑලවළු හා පලතුරු ලබා දිය හැකි වගා බිම් බවට පත් කිරීමට එම තරුණ කෘෂි ව්‍යවසායකයින්ට හැකි වී තිබුනා. මෙම සෝජාන් වගා බිම් අනෙකුත් ගොවීන්ටත් දැනුම ලබා ගත හැකි වගා ආදර්ශණ බව මගේ හැඟීමයි.
මේ දවස්වල එලවළු මිල වැඩියි කියලා සමහරු කෑ ගහනවා මාධ්‍ය තුළ අපි දකිනවා. ඊට හොඳම විකල්පය කෑ ගැසීම හෝ ආන්ඩුවට බැනීම නොව තමන්ට අවශ්‍ය දේ ටිකක් හෝ තමන්ම වගා කිරීමයි. අපි වවළයි අපි කන්නේ වගා සංකල්පය මම හැදුවේ ඒ නිසයි. අපිට අවශ්‍ය එලවළු පලතුරු ටික අපිටම හදාගන්න පුලුවන් කියන එක මේ තරුණ ගොවියෝ ඔප්පු කර තිබෙනවා. නිවාඩුවක් ඇති වෙලාවකට ඔබත් ගිහින් මේ සෝජාන් වගා බිම් බලන්න. ඔබට කෘෂිකර්මාන්තයේ ඇති අපූර්වත්වය විඳගන්න පුලුවන් වේවි."
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජි. විජේසිරි, දිස්ත්‍රික් කෘෂිකාර්මික අධ්‍යක්ෂ එස්.එම් නාගහවත්ත මහතා, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් ඒ. සුගත් සිසිර කුමාර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්විය.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -


කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රතිපාදන යටතේ කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය විසින් ක්‍රියාත්මක කරන ලද අපනයනය කේන්ද්‍රකරගත් දේශීය අල වගා ප්‍රවර්ධන ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභීන් වෙත අල බීජ බෙදා දීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) මීපේ, මාවතගම ප්‍රදේශයේදී ක්‍රියාත්මක විය.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -
"මොහොතකට හැරී බැලුවොත් අද කඩා වැටී සිටි තත්ත්වයෙන් රට ගොඩගෙන තිබෙනවා. ඊට ප්‍රධානතම බලවේගය වුණේ ගම්බද ගොවි ජනතාව යි. අපට තිබෙන ඉඩම් වල කොපමණ ප්‍රමාණයක් වගා කරලා නැද්ද කියලා හොයාගන්න. වතු සමාගම් වලට දුන්නට වඩා අපිට දුන්න නං ඉවරයි කියලා ගොවීන්ගෙන් පැමිණිලි තිබෙනවා. ඒ සඳහා භූමිය නිදහස් කිරීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා.
අපිට තිබුණු මූලික අර්බුද වලින් රට දුවන තත්ත්වයට ගෙනාවා. මෙතනින් එහාට ආර්ථික වශයෙන් අපේ රට ගොඩ නැගීමේ විශේෂ ඉලක්ක සපුරා දීමට සිදුවෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට සහයෝගයක් දීමේ ඊළඟ අභියෝගයට අප ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නිෂ්පාදන වැඩි කරගැනීමට පොදුවේ තිබෙන වෙළඳපලට ලබා දීමට පුළුවන් සහනයක් ඇති කර දීම අත්‍යවශ්‍යයි. රජය හැටියට විශ්වාසවන්ත මූල්‍ය තත්වයකට රට ගෙන ඒමට ආරම්භක පියවර ඇති කරලා තහනම ඉවත් කරගෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතන සියල්ල සමඟ ගනුදෙනු කරන්නට පුළුවන් රටක් බවට අද පත්වුණා. ගොවි ජනතාව අමතක කර රටේ ආර්ථික සංවර්ධනය සහ බලාපොරොත්තු වන ආර්ථික ස්වයංපෝෂිත තාවය ඇති කරන්නට බැහැ. අපේ ගම්වල ආහාර ස්වයංපෝෂිත කර ගත හැකි ආකාරයට රට ගෙනියන්න පුළුවන්."
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි, සීතාවක හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම්වරු, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජි. විජේසිරි, දිස්ත්‍රික් කෘෂිකාර්මික අධ්‍යක්ෂ එස්.එම් නාගහවත්ත මහතා සහ ගොවී ජනතාව සහභාගි වූහ.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -



බහුකාර්ය සංවර්ධන සහායකයින් කාර්යාල සේවයට බඳවා ගැනීම සඳහා වූ පත්වීම් ලිපි ප්‍රදානය සහ එක්දින පුහුණු සැසිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (06/30) දින රාජ්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදු කෙරිණී.
බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන පෙරපුහුණු අභ්‍යාසලාභී කාල පරිච්ඡේදය සම්පූර්ණ කළ 49 දෙනෙකු මෙලෙස පත්වීම් ලබාගත් අතර ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල13 සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථිර සේවයට එක්වෙයි.
මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ යන මහත්වරුන්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් සහ පත්වීම්ලාභීන් සහභාගි වූහ.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -























