மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

WhatsApp Image 2023 02 17 at 1.41.42 PMබේරේ වැවේ ස්වාභාවික සෞන්දර්ය රැකෙන පරිදි සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, බස්නාහිර පළාත් සංචාරක අමාත්‍යාංශය, කොළඹ මහා නගර සභාව යන ආයතන එක්ව සාකච්ඡා ආරම්භ කර ඇත.

ඒ අනුව බේරේ වැව සංචාරක කලාපයක් බවට පත්කිරීමට ඇති හැකියාව පිළිබඳව හොයා බැලීමට කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජි. විජේසිරි මහතා අද(09) දින නිරීක්ෂණ චාරිකාවක යෙදුනි. එහිදී සංචාරක කලාපයක් බවට පත්කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, වැව් ඉවුර සංරක්ෂණය කිරීම වැනි කරුණු පිළිබඳව අවධානය යොමුවිය.

මෙම නිරීක්ෂණ චාරිකාවට කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, කොළඹ අතිරේක දිස්ත්‍රික් කාංචනා ගුණවර්ධන, බස්නාහිර පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ සභාපති සුගත් හේවා පතිරණ, කොළඹ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සේනක පී සිල්වා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්විය.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

 

WhatsApp Image 2023 02 17 at 1.41.33 PM   WhatsApp Image 2023 02 17 at 1.41.33 PM 1   WhatsApp Image 2023 02 17 at 1.41.34 PM  WhatsApp Image 2023 02 17 at 1.41.35 PM

 

 WhatsApp Image 2023 02 17 at 1.41.36 PM   WhatsApp Image 2023 02 17 at 1.41.36 PM 1    WhatsApp Image 2023 02 17 at 1.41.37 PM   WhatsApp Image 2023 02 17 at 1.41.39 PM 1

vote පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 ක් වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 182 ක් ඇප තැන්පත් කර ඇති අතර එම ඇප තැන්පත් කල පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 165 ක් නාම යෝජනා පත්‍ර ලබා දී ඇත. ඒ අතරින් නාමයෝජනා 15 ක් ප්‍රතික්ෂේප වී ඇති අතර නාමයෝජනා පත්‍ර 150 ක් පිළිගෙන ඇත.


කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොරටුව, කඩුවෙල යන මහනගර සභා 05 ක් සහ කොලොන්නාව, සීතාවකපුර, මහරගම, කැස්බෑව, බොරලැස්ගමුව යන නගරසභා 05 ක් සහ කොටිකාවත්ත මුල්ලේරියාව, සීතාවක හා හෝමාගම යන ප්‍රාදේශීය සභා 03 ක් සඳහා අපේක්ෂකයින් 7297 ක් තරග වදින අතර එම අපේක්ෂකයින් අතරින් පළාත් පාලන නියෝජිතයින් 582 ක් තෝරාගැනීමට නියමිතයි. එම නියෝජිතයින් අතරින් කාන්තාවන් 131 දෙනකු අනිවාර්යෙන් තෝරාගත යුතුව ඇත.


කොළඹ මහනගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 16 ක් සහ ස්වාධීන කණ්ඩායම් 5 ක් ලෙස නාමයෝජනා 21 ක් ඉදිරිපත් කර ඇති අතර එයින් නාමයෝජනා 16 ක් පිළිගෙන නාමයෝජනා 05 ක් ප්‍රතික්ෂේප වී ඇත. ප්‍රතික්ෂේප වූ නාමයෝජනා 05 අතර අභිනව නිවහල් පෙරමුණ, නව ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ 02 සහ ස්වාධින කණ්ඩායම් 03 ක් ඉදිරිපත් කල නාමයෝජනා පත්‍ර වේ.


දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සඳහා නාමයෝජනා පත්‍ර 09 ක් පිළිගත් දේශපාලන පක්ෂ 09 ක් විසින් ඉදිරිපත් වී ඇති අතර ඒ සියලු නාමයෝජනා පත්‍ර පිළිගනු ලැබිය.


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 11 ක් සහ ස්වාධීන කණ්ඩායම් 03 ක් ලෙස නාමයෝජනා පත්‍ර 14 ක් ඉදිරිපත් වී ඇති අතර ඒ අතරින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ස්වාධින කණ්ඩායමත් ඉදිරිපත් කල නාමයෝජනා පත්‍ර 02 ක් ප්‍රතික්ෂේප වී නාමයෝජනා පත්‍ර 12 ක් පිළිගෙන තිබේ.


මොරටුව මහනගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් සහ ස්වාධීන කණ්ඩායම් 02 ක් ලෙස නාමයෝජනා පත්‍ර 12 ක් ඉදිරිපත් වී ඇති අතර ඒ අතරින් නව ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කල නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී නාමයෝජනා පත්‍ර 11 ක් මොරටුව මහනගර සභාව සඳහා පිළිගෙන ඇත.


කඩුවෙල මහනගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14 ක් සහ ස්වාධීන කණ්ඩායම් 01 ක් ලෙස නාමයෝජනා පත්‍ර 15 ක් ඉදිරිපත්ව එම නාමයෝජනා පත්‍ර 15 ම පිළිගෙන ඇත.


කොලොන්නාව නගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් සහ ස්වාධීන කණ්ඩායම් 01 ක් ලෙස නාමයෝජනා පත්‍ර 11 ක් ඉදිරිපත්ව එම නාමයෝජනා පත්‍ර 11 ම පිළිගෙන ඇත.
සීතාවකපුර නගරසභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 07 ක් සහ ස්වාධීන කණ්ඩායම් 03 ක් ලෙස ඉදිරිපත් කල නාමයෝජනා 10 අතරින් එක් ස්වාධින කණ්ඩායමක් ඉදිරිපත් කල නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති අතර නාමයෝජනා පත්‍ර 09 පිළිගෙන ඇත.

මහරගම නගරසභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් හා ස්වාධින කණ්ඩායම් 05 ක් ලෙස නාමයෝජනා පත්‍ර 18 ක් ඉදිරිපත්කර ඇති අතර එම නාමයෝජනා පත්‍ර 18 ම පළාත් පාලන ඡන්ද විමසීම සඳහා පිළිගෙන ඇත.

කැස්බෑව නගරසභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 09 ක් හා ස්වාධින කණ්ඩායම් 02 ක් ලෙස නාමයෝජනා පත්‍ර 11 ක් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව එම නාමයෝජනා පත්‍ර 11 ම පිළිගෙන තිබේ.

බොරලැස්ගමුව නගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 07 ක් සහ ස්වාධින කණ්ඩායම් 01 ක් ලෙස නාමයෝජනා පත්‍ර 08 ක් ඉදිරිපත් කර ඇති අතර එම නාමයෝජනා සියල්ල පිළිගෙන ඇත.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 11 ක් හා ස්වාධින කණ්ඩායම් 01 ක් ලෙස ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 12 ක් අතරින් නිදහස් ජනතා පෙරමුණ, ලංකා ජනතා පක්ෂය හා ජාතික කොංග්‍රසය ඉදිරිපත් කල නාමයෝජනා පත්‍ර 03 ක් ප්‍රතික්ෂේපව නාමයෝජනා පත්‍ර 09 ක් පිළිගෙන ඇත.

සීතාවක ප්‍රාදේශීය සභාව පිළිගත් දේශපාලන පක්ෂ 07 ක් සහ ස්වාධින කණ්ඩායම් 02 ක් ලෙස නාමයෝජනා පත්‍ර 09 ක් ඉදිරිපත්කර ඇති අතර එම නාමයෝජනා පත්‍ර සියල්ල පිළිගෙන ඇත.

හෝමාගම ප්‍රාදේශීය සභාව පිළිගත් දේශපාලන පක්ෂ 09 ක් සහ ස්වාධින කණ්ඩායම් 03 ක් ලෙස නාමයෝජනා පත්‍ර 12 ක් ඉදිරිපත්කර ඇති අතර එම නාමයෝජනා පත්‍ර සියල්ල පිළිගෙන ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වූ නාමයෝජනා 165 අතරින් නාමයෝජනා පත්‍ර 150 ක් පිළිගෙන නාමයෝජනා පත්‍ර 15 ක් ප්‍රතික්ෂේප වී ඇත. ප්‍රතික්ෂේප වූ නාමයෝජනා අතර ප්‍රමාද වී නාමයෝජනා පත්‍ර භාරදීම මත පක්ෂ හා ස්වාධින කණ්ඩායම් 03 ක නාමයෝජනා පත්‍ර සහ ඉදිරිපත්වන සභාවක නමක් සඳහන් කර නොමැති වීම මත දේශපාලන පක්ෂ 01 ක් සහ ස්වාධින කණ්ඩායම් 01 ක නාමයෝජනා පත්‍ර ඇතුලත් වී ඇත. එමෙන්ම තොරතුරු කිසිවක් නොමැතිව ඉදිරිපත්ව තිබූ නාමයෝජනා පත්‍රයක් ද ප්‍රතික්ෂේප වූ නාමයෝජනා අතර පැවතිණි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 1749899 ක් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 1204 කදී පළාත් පාලන නියෝජිතයන් 582 ක් තෝරාගැනීමට 2023 මාර්තු 09 දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

FB IMG 1672907400166  නිලමැදුර කාර්යාල සංකීර්ණයේ රාජ්‍ය නිලධාරින් නව වසර සඳහා වැඩ ආරම්භ කිරීම සහ ප්‍රතිඥා ලබාදීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද(02) නිලමැදුර පරිශ්‍රයේදී පැවැත්විණි.
 
අභියෝගාත්මක 2023 වසර ජය ගැනීමට සියලු රාජ්‍ය සේවකයින් එක්ව කටයුතු කළ යුතු බවත් රට සංවර්ධනය කිරීමේ  අභියෝගය ජය ගැනීමට දේශපාලඥයින්, රාජ්‍ය සේවකයින් මෙන්ම ජනතාවද  එක්විය යුතු බවත් රාජ්‍ය නිලධාරින්  අමතමින්   රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 
 
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ආනන්ද වන්නිනායක, කේ .ජී ධර්මතිලක, වරුණ ශ්‍රී ධනපාල, ධම්මික මුතුගල,කොළඹ දිස්ත්‍රික් අතිරේක ලේකම් කාංචනා ගුණවර්ධන,  තිඹිරිගස්යාය  ප්‍රාදේශිය ලේකම් ප්‍රියන්තා දිසානායක, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, ප්‍රධාන ගණකාධිකාරී ජි. ජයවීර, ගණකාධිකාරී රුවිනි ඩී. ජයසේන, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.පී.එස්. අශෝක කුමාර ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියේය. 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
FB IMG 1672907388378   FB IMG 1672907392702   FB IMG 1672907405755   FB IMG 1672907430929 
 FB IMG 1672907438783    FB IMG 1672907448910   FB IMG 1672907527934  FB IMG 1672907520150
 
FB IMG 1672907514061   FB IMG 1672907480537   FB IMG 1672907453279
 
 
 
FB IMG 1672907768903  විධිමත් කාර්යය සාධන වාර්තාවක් සකස්කිරීම පිළිබඳව කාර්යාල නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමක් කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේ දී ඊයේ (04) පැවැත්විණි.
 
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවිද අංශ නියෝජනය කරන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් පිරිසක් සහභාගිවිය.
 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
FB IMG 1672907764438   FB IMG 1672907781188   FB IMG 1672907788152   FB IMG 1672907792783
 
FB IMG 1672907797294     FB IMG 1672907801639

உட்பிரிவுகள்