பிரதேச செயலகங்கள்
Call for nominations for the Jury List for the year 2027

Call for nominations for the Jury List for the year 2027
You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer.
Meeting & GA Programme
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்

කොළඹ දිස්ත්‍රික්කය සතු සම්පත් කාර්යක්ෂමව යොදාගෙන ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමේ සිට සියලු පාර්ශ්ව සම්බන්ධ කරගනිමින්, ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩකටයුතු ඉටුකිරීමට එක්වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා කොළඹ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
ඒ මහතා මේ බව සඳහන් කලේ “ග්‍රාම නිලධාරී වසම්, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ ජාතික වැඩ සටහන" ආරම්භ කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාණ්ඩලික නිලධාරීන් ඇතුළු දිස්ත්‍රික්කය නියෝජනය අනෙකුත් නිලධාරීන් දැනුවත් කිරීමේ මාර්ගගත(Google Meet) සමාරම්භක සාකච්ඡාවට අද(08) දින එක්වෙමිනි.
ගුගල් මීට් (Google Meet) යෙදවුම මගින් මාර්ගගතව සිදුකල මෙම සාකච්ඡාවේදී ඉදිරි දෙසතිය තුල කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික පුනර්ජීවන කමිටු සියල්ලම පිහිටුවා අවසන් කිරීමට තීරණය කෙරිණි. ලබන ඔක්තෝම්බර් මාසයට පෙර කොළඹ දිස්ත්‍රික් ආර්ථික පුනර්ජීවන කමිටුව පිහිටුවා අවසන් කිරීමටත් නියමිතය.
පිහිටුවීමට නියමිත ආර්ථික ආර්ථික පුනර්ජීවන කමිටුවකට සංවර්ධන සැලැස්මක් හා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඒ අනුව කටයුතු කිරීමටත් තීරණය ගැනිණි.
![]() |
![]() |
![]() |
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක "දිසාපති කුසලාන කාන්තා වොලිබෝල් තරගාවලිය පාදුක්ක හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සත්කාරකත්වයෙන් පසුගිය 27 වනදා පාදුක්ක සිරි පියරතන විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි.
කාර්යාලීය නිලධාරීන්ගේ සුහදතාවය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම හා ක්‍රීඩා කුසලතා හදුනා ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වූ තරඟාවලිය සඳහා දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්,සහකාර දිස්ත්‍රික් ලේකම්, ප්‍රධාන ගණකාධිකාරි, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම් වරුන්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ) නිලධාරීන්,
ගණකාධිකාරිවරුන් ඇතුළු කාර්‍ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගි විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායම් තම දක්ෂතා දැක්වූ අතර තරඟාවලියේ ශූරතාවය කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කණ්ඩායම විසින් දිනාගත් අතර අනු ශූරතාවය සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

කළමනාකරණ සේවා නිලධාරි සේවයේ I පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්‍යක්ෂමතා කඩයිම නිදහස් කිරීමේ පාඨමාලාව - VII කණ්ඩායම - 2022.09.05 සිට 2022.09.16 දක්වා (දින 10) සම්බන්ධව පහත සබැදියට පිවිස ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගත හැක.
පාඨමාලා කාලසටහන - Click Here
නම් ලැයිස්තුව - Click Here
විවිධ දෝෂ හේතුවෙන් පරිහරණය නොකොට අපහරණය සඳහා වෙන්කර තිබූ වාහන 06 ක් අළුත්වැඩියා කර නැවත ධාවන තත්ත්වයට පත්කර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් වෙත භාරදීම ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.























