Covid Injection1

කොවිඩ් 19 මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට දිවයින පුරා කඩිනමින් සිදු වෙමින් පවතිනවා. එහි දී කොරෝනා වෛරසයේ වැඩිම ව්‍යාප්තියක් සහිත බස්නාහිර පළාත තුළ එන්නත්කරණය සෞඛ්‍ය අංශවල සහයෝගයෙන් සිදු කෙරමින් පවතින අතර, ඒ අනුව විට විශාල පිරිසකට එන්නත් ලබා දී තිබෙනවා.

 

මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් පවත්වාගෙන යනු ලබන "නිලමැදුර" පරිශ්‍රයේ සේවය කරන පිරිස වෙත කොවිඩ් 19 මර්දන එන්නත ලබාදීමේ වැඩසටහනක් අද (2021 ජූලි 14 ) එම පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ දායකත්වයෙන් උදෑසන ආරම්භ වූ එන්නත්කරණ වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා.එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක මහත්මිය සහ සහකාර දිස්ත්‍රික් ලේකම් නිදීෂා දර්ශනී මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක් ව සිටියා.

එන්නත ලබාගැනීම සඳහා "නිලමැදුර"පරිශ්‍රයේ සේවය කරන නිලධාරීන් විශාල පිරිසක් එක් ව සිටියා.

 

covid injection2 1 covid injection2 3
   
   
covid injection2 4 covid injection2 5
   
   
covid injection2 6 covid injection2 7