“Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙරළ පිරිසිදු කිරීමේ සමාරම්භක වැඩසටහන අද (09) දින වැල්ලවත්ත දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සහ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් (ඉඩම්) සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මියගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙම වැඩසටහන සඳහා ශ්‍රම දායකත්වය වැල්ලවත්ත දුමිරිය ස්ථානය, වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, මැනිං පෙදෙස සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, යුද්ධ හමුදා කදවුර - මරදාන 14 විජයබා පාබල රෙජිමේන්තුව ඇතුළු යුද්ධ හමුදා සාමාඡිකයින්, වැල්ලවත්ත පොලිස් ස්ථානය, ප්‍රජා පොලිස් ඒකකය, පරිසර පොලිස් ඒකකය, කොළඹ මහ නගර සභාව,වෙරළ ආරක්ෂක බලකාය, තිඹිරිගස් යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතනවල නිලධාරීන් ඇතුළු ස්වේච්ඡා සංවිධානවල සහයෝගයෙන් ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම ප්‍රදේශ වාසීන්ගේ ද විශාල සහයෝගයකින් ඉතා සාර්ථකව අවසන් විය.











