කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින්, ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදය කළමනාකරණය කර ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් “කොළොම්තොට වගා සංග්‍රාමය” ක්‍රියාත්මක කර ඇත.

“කොළොම්තොට වගා සංග්‍රාමය” වගා වැඩසටහන ආරම්භයේදීම ඒ පිළිබඳව ආදර්ශයක් සපයමින් කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතා විසින් කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි තම නිල නිවසේ අක්කරයක භූමි භාගයක එළවළු වර්ග 15 කට ආසන්න ප්‍රමාණයක් වගා කෙරිණි.

මෙම සාර්ථක ගෙවතු වගාව නිරීක්ෂණය කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන මහතා ඊයේ (10) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් නිල නිවසට පැමිණියේය. මෙම අවස්ථාවට ගරු අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතාද එක් විය. ඉතාමත් නාගරික ප්‍රදේශයක, සැමට ආදර්ශයක් සපයමින් සාර්ථකව සිදුකරගෙන යන මෙම ගෙවතු වගාව අග්‍රාමාත්‍යවරයාගේ දැඩි ප්‍රශංසාවට ලක් විය.

එහිදී කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතා විසින් එම භූමියෙන් වගා කරන ලද අස්වැන්නෙන් නෙළාගත්  කාබනික එළවළු  අග්‍රාමාත්‍යවරයාට සහ  එම අවස්ථාවට සහභාගී වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට පිළිගැන්වීම සිදුවිය.

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
 
IMG 20221114 WA0002   IMG 20221114 WA0020 IMG 20221114 WA0021   IMG 20221114 WA0022
             
IMG 20221114 WA0008   IMG 20221114 WA0010   IMG 20221114 WA0011   IMG 20221114 WA0012
             
IMG 20221114 WA0013   IMG 20221114 WA0016   IMG 20221114 WA0017   IMG 20221114 WA0018
             
IMG 20221114 WA0019   IMG 20221114 WA0014   IMG 20221114 WA0004   IMG 20221114 WA0006
             
  IMG 20221114 WA0022   IMG 20221114 WA0024