විවිධ දෝෂ හේතුවෙන් පරිහරණය නොකොට අපහරණය සඳහා වෙන්කර තිබූ වාහන 06 ක් අළුත්වැඩියා කර නැවත ධාවන තත්ත්වයට පත්කර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් වෙත භාරදීම ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී අමාත්‍යවරයා විසින් එම වාහන භාරදෙනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතයි.
අපහරණයට යොමු කර තිබූ එම වාහන 06 නැවත අළුත්වැඩියා කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් 53,07623ක්.
එම වාහන භාරදීමේ අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක් ව සිටියා..











