2025 වසරේ පළමුවන රාජ්‍ය නොවන සංවිධාන කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සමුළුව කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කුඩා ශ්‍රවණාගාරයේදී අද (07) දින පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් මත අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ මහත්මියගේ මගපෙන්වීම යටතේ පැවැති මෙම ප්‍රගති සමාලෝචන වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධාන 50ට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින් නිළධාරි මහත්ම මහත්මීන් පැමිණ සිටියහ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය නොවන සංවිධාන 300 ට ආසන්න සංඛ්‍යාවක් රජයේ ලියාපදිංචි සංවිධාන වශයෙන් කටයුතු කරන අතර එම සංවිධාන වල 2025 වසර සඳහා වන ඉදිරි සැලසුම් සහ පසුගිය වසරේ ප්‍රගතිය පිළිබඳව සාකච්ජා කිරිමේ අරමුණින් පැවැත්විණි. රාජ්‍ය නොවන සංවිධාන සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් අතර මනා සම්බන්ධතාවයකින් ගොඩනගාගෙන රජයේ ප්‍රතිපත්ති වලට අනුගතව ව්‍යාපෘති සංවිධානය කළ යුතු බවට මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණ.

රාජ්‍ය නොවන සංවිධාන විසින් 2025 වසර සඳහා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කරන ව්‍යාපාති මේ වනවිට රජය විසින් ක්‍රියාත්මක Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කිරිමට විශේෂ අවධානයක් යොමුකරන ලෙස උපදෙස් දුන් දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, එම වැඩසටහන් හැකිතාක් විනිවිදභාවයකින් සහ පාරදෘශ්‍යභාවයකින් යුක්තව ක්‍රියාත්මක කිරිමේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූ අතර හඳුනාගත් නිශ්චිත අරමුණකට අනුව එම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
රජයට කළ නොහැකි මගහැරෙන කාර්යභාරය රාජ්‍ය නොවන සංවිධාන මගින් සිදුවිය යුතු බැවින් රාජ්‍ය නොවන සංවිධාන මගින් සමාජයේ කිසිම කණ්ඩායමක් අත්හැරෙන්නට නොදී සිටීමේ වගකීමට බැදී සිටින බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න මහතා සඳහන් කළේය. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කය තුළ දරුවන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා තවදුරටත් ගුණාත්මක වැඩවටහන් ක්‍රියාත්මක කරන්නැයිද හෙහෙම සඳහන් කළේය.

ga

ga

ga

ga

ga