×

Message

Invalid Page Request

නව වසරේ රාජකාරි කටයුතු ආතතියෙන් තොරව සතුටින් කරගෙන යාමේ අරමුණින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින්ගේ “ආතති කළමනාකරණය සහ ආවේග කළමනාකරණය පිළිබඳව මනෝ උපදේශනාත්මක වැඩසටහනක්” දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදේශකත්වයෙන් අද (10) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දි පැවැත්විණ.

මනෝවිද්‍යාඥ ආචාර්ය කුමුදු ඒකනායක මහත්මිය විසින් සිදුකරන ලද මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්තුමියන් ඇතුළුව සියලු මාණ්ඩලික නිළධාරින් සහ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සැලසුම් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, සියලු ගණකාධිකාරිවරුන්, පරිපාලන ග්‍රාම නිළධාරින්, පරිපාලන නිළධාරින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලය සහභාගි විය.

ga

ga

ga