නව වසර වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මාණ්ඩලික නිළධාරි රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) දින පැවැත්විණ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ පවතින ආයතන, ක්‍රම සම්පාදන, ඉංජිනේරු , සමෘද්ධි, අභ්‍යන්තර විගණන, කෘෂිකර්ම, පොහොර, සමාජ හා ළමා ආරක්ෂක, ඉඩම් පිරිහරණ හා ප්‍රතිපත්ති සැලසුම්, කුඩා ව්‍යාපාර සංවර්ධන, පුපුරණ ද්‍රව්‍ය, කිරුම් මිණුම් යන අංශයන්හි පසුගිය වසරේ ප්‍රගතිය සහ නව වසරේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ජා කෙරිණ.
සිය කාර්යයන් ඉටුකිරිමේදි වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායිව ඉටුකරන ලෙසත් එහිදී තම අංශයන්හි නිළධාරින්ට සහ සේවා දායකයින්ට කිසිදු පීඩනයක් ඇතිනොවන ආකාරයට කටයුතු කරන්නැයි දිස්ත්‍රික් ලේකම්තුමා විසින් අංශ ප්‍රධානින්ට උපදෙස් ලබා දුන්නේය. එක් එක් කාර්යාලයන්හි කාර්යභාරයන් එකිනෙකට වෙනස් බැවින් එම කාර්යන්හි ප්‍රමුඛතාවය හඳුනාගෙන කටයුතු කරන ලෙසත් ඉදිරි මාස තුන ඇතුළත සියළු ව්‍යාපෘති සඳහා කළමණාකරන දත්ත පද්ධතියක් සකස් කිරීමට විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් හෙතෙම වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව, නව වසරේ රාජකාරි කටයුතු සිදුකිරීමේදි ඩිජිටල්කරණය සඳහා සුවිශේෂි අවධානයක් යොමු කිරීමට සහ මාණ්ඩලික නිළධාරි රැස්වීම සෑම මසකම පළමු සතියේ සඳුදා දින පැවැත්වීමටත් තීරණය කෙරිණ.
මේ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිළධාරින් සහභාගි වීය.








