WhatsApp Image 2023 07 06 at 13.02.18 බහුකාර්ය සංවර්ධන සහායකයින් කාර්යාල සේවයට බඳවා ගැනීම සඳහා වූ පත්වීම් ලිපි ප්‍රදානය සහ එක්දින පුහුණු සැසිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (06/30) දින රාජ්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදු කෙරිණී.


බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන පෙරපුහුණු අභ්‍යාසලාභී කාල පරිච්ඡේදය සම්පූර්ණ කළ 49 දෙනෙකු මෙලෙස පත්වීම් ලබාගත් අතර ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල13 සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථිර සේවයට එක්වෙයි.


මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ යන මහත්වරුන්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් සහ පත්වීම්ලාභීන් සහභාගි වූහ.


- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

WhatsApp Image 2023 07 06 at 13.02.06  WhatsApp Image 2023 07 06 at 13.02.07  WhatsApp Image 2023 07 06 at 13.02.08  WhatsApp Image 2023 07 06 at 13.02.09

 

WhatsApp Image 2023 07 06 at 13.02.10  WhatsApp Image 2023 07 06 at 13.02.12  WhatsApp Image 2023 07 06 at 13.02.14  WhatsApp Image 2023 07 06 at 13.02.08

 

WhatsApp Image 2023 07 06 at 13.02.16  WhatsApp Image 2023 07 06 at 13.02.16 1  WhatsApp Image 2023 07 06 at 13.02.17  WhatsApp Image 2023 07 06 at 13.02.18