
කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කල “2022 දිසාපති කුසලාන ක්‍රීඩා තරඟාවලිය” අවසානය සනිටුහන් කරමින් ජයග්‍රාහකයින් හට වර්ණ හා ජය සංකේත ප්‍රධානය කල "වර්ණ රාත්‍රිය" ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා යොවුන් රඟහලේ දී දෙසැම්බර් (02) දා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, ගරු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන මැතිතුමන් ඇතුළු අරවින්ද සිල්වා, නුවන් සොයිසා, චමින්ද වාස්, කාලික වසන්තප්රිය ඇතුළු විවිධ ක්‍රීඩාවන් නියෝජනය කර ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙනගිය ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් හා රෝහණ බෝගොඩ මහතා, රෝහණ සිරිවර්ධන මහතා, නිරංජලා සරෝජිනී මහත්මිය ඇතුළු කලා කරුවන් පිරිසක් ද මේ සඳහා සහභාගිවිය.
කොළඹ දිස්ත්‍රික් වංශකතාවේ ප්‍රාදේශීය පරිපාලනයේ අලුත් සටහනක් එකතු කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1480 කගේ පමණ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ ක්‍රීඩා තරගාවලියේ අරමුණ ක්‍රීඩාව තුලින් සාමුහික කණ්ඩායම් හැඟීම් වර්ධනය, සුහදතාවය වර්ධනය, නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්වය වර්ධනය හා ඒ තුලින් මහජනතාවට හිතැති කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වාගැනීම බවත් ඒ සඳහා රාජ්‍ය මුදල් භාවිතා නොකර මෙම වැඩසටහන සංවිධානය කල බවත් දිසාපතිතුමන් විසින් මෙහිදී ප්‍රකාශ කළේය.
තරගාවලිය අවසානයේ ජයග්‍රාහකයන් 286ක් සහ වර්ණ ලාභීන් 200ක් සුදුසුකම් ලබා සිටි අතර ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ඇතුළු දේශපාලන නියෝජිතයින්, කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාණ්ඩලික නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙනගිය ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා කලාකරුවන්ගේ සුරතින් එම වර්ණ හා ජය සංකේත පිරිනැමීම එදින සිදුකෙරිණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේම සංකල්පයක් මත ක්‍රියාත්මක කල " Voice of Colombo " තරඟයේ ජයග්‍රාහකයින්ගේ ගීත වලින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු නිලධාරින්ගේ නර්ථනයන්ගෙන් වැඩසටහන විචිත්‍රවත් විය. මනෝජ් පිරිස් ප්රමුඛ වාද්‍ය වෘන්ධය සංගීතය සපයනු ලැබිණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ දැඩි කැපවීම හා නායකත්වය මත, කොළඹ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගයෙන් පුරා මාස ගණනක් පැවැත්වූ විශිෂ්ඨ ක්‍රීඩා තරගාවලියක නිමාව එදින වර්ණ රාත්‍රියේ දී අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් වර්ණවත් ලෙස සනිටුහන් කෙරිණි.







- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -









