කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව “කොළොම්තොට වගා සංග්‍රාමය” වගා වැඩසටහන පසුගිය කාලය පුරා කොළඹ දිස්ත්‍රික්කයේ අතිසාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.
ආරම්භයේදීම ඒ පිළිබඳව ආදර්ශයක් සපයමින් කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි තම නිල නිවසේ අක්කරය භූමි භාගයක වගා බිමක් ආරම්භ කිරීමට
දිසාපතිතුමන් විසින් කටයුතු කළේය.
අද ( 10 ) එම වගාවේ මුල්ම අස්වැන්නෙන් කොටසක් නෙලා දිසාපතිතුමන්ට පිළිගැන්වීම සිදු කරන ලදී.
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -






