6  

කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක "දිසාපති කුසලාන කාන්තා වොලිබෝල් තරගාවලිය පාදුක්ක හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සත්කාරකත්වයෙන් පසුගිය 27 වනදා පාදුක්ක සිරි පියරතන විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි.

කාර්යාලීය නිලධාරීන්ගේ සුහදතාවය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම හා ක්‍රීඩා කුසලතා හදුනා ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වූ තරඟාවලිය සඳහා දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්,සහකාර දිස්ත්‍රික් ලේකම්, ප්‍රධාන ගණකාධිකාරි, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම් වරුන්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ) නිලධාරීන්,
ගණකාධිකාරිවරුන් ඇතුළු කාර්‍ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගි විය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායම් තම දක්ෂතා දැක්වූ අතර තරඟාවලියේ ශූරතාවය කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කණ්ඩායම විසින් දිනාගත් අතර අනු ශූරතාවය සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

 

- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

2   1  3

  

  5 4   7