ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටුව හා කොලොන්නාව ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2026.06.19 දින කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ දී පැවැත්වුණි.
මේ සම්බන්ධයෙන් පළමු සාකච්ඡාව 2026.06.16 දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. ඉන් අනතුරුව 2026.06.17 දින සිට එම සතිය පුරාඩෙංගු පරීක්ෂාවන් සිදු කරන ලදි.



























