කළමනාකරණ සේවා නිළධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2023 බඳවාගත්, 2025 වර්ෂයේ පත්වීම් ලද නිළධාරින් සඳහා සේවාරම්භක පුහුණු වැඩසටහන කළමනාකරණ සේවා නිළධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2023 සඳහා බඳවාගත්, 2025 වර්ෂයේ පත්වීම් ලද නිළධාරින් සඳහා සේවාරම්භක පුහුණු වැඩසටහන අද (02) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාල ශ්‍රවණාගාරයේදී ආරම්භ කෙරිණ.
මෙම පත්වීම් ලද නිළධාරින් අතුරින් කොළඹ දිස්ත්‍රික්කයට අයත් සියළුම ආයතනයන්හි සේවයේ නියුතු නවක නිළධාරින් 400ක් වේ. එක් අදියරයකට නිළධාරින් 200 බැගින් අදියර දෙකක් ඹස්සේ මෙම සේවාරම්භක පුහුණු වැඩසටහන පැවැත්වීමට නියමිතය. ඒ අනුව, මෙම පුහුණු වැඩසටහනේ පළමු අදියර වශයෙන් අද (02) සිට දින 05ක කාලයක් තුළ මෙම පුහුණු වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහළ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන අංශය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ, අතිරේක ලේකම් ( මානව සම්පත් සංවර්ධන අංශය) එස්. ජලදීපන් මහත්මිය, ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් එන්.යූ. නිශාන් මහතා, ආයතන අධ්යක්ෂ කේ.එම්.කේ.කේ. කුලතුංග මහත්මිය, සහකාර ලේකම් (මානව සම්පත් සංවර්ධන අංශය) තමරා රණතුංග මහත්මිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් (පාලන) එම්.ඒ.එස් කාාංචනා ගුණවර්ධන මහත්මිය, අතිරේක ලේකම්( ඉඩම්) කේ.එන්. කෞෂල්‍යා කුමාරි මහත්මිය, පරිපාලන නිළධාරි අසංකා කෝට්ටගේ මහත්මිය ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගි විය.













