SauBhagya kesbewa1

රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව "සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන" ඇති කිරීමේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහන යටතේ නිෂ්පාදන ගම්මාන වැඩසටහනේ සමාරම්භය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් මුල් කර ගෙන ආරම්භ කෙරුණා.

ඒ සමෘද්ධි, ගෘහ ආරථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය මගින් ජූලි මස 01 දින සිට 07 වන දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති "සෞභාග්‍යා - සමෘද්ධි" සතියට සමගාමීව.

 

ඒ අනුව කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැල්තර නැගෙනහිර,දැල්තර බටහිර හා මාම්පේ ග්‍රාම නිලධාරී වසම්වල දැව ආශ්‍රිත නිර්මාණ පොකුරු ගම්මාන පිහිටුවීමේ වැඩසටහන ඊයේ ( 2021 ජූලි 03 ) ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරුණා.

එම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය,ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.පී.එම්.රත්නායක මහතා, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සේනක පී.සිල්වා මහතා, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ.පී.පේමදාස මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් පූර්ණිමා වික්‍රමරත්න මහත්මිය, කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශයේ වඩු කර්මාන්තයේ නියැළෙන වඩු කාර්මික ශිල්පීන් පිරිසක් සහභාගී වුණා.

එම වැඩසටහනේ දී වඩු කාර්මිකයින් සඳහා ප්‍රතිලාභ ප්‍රදානය ද සිදු කෙරුණු අතර, එම ග්‍රාම නිලධාරී වසම් නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ සංවර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ජාවට ලක් කෙරුණා.

SauBhagya kesbewa2

SauBhagya kesbewa3

SauBhagya kesbewa4

SauBhagya kesbewa5

SauBhagya kesbewa6